IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සඳතැන්නේ අසිරිය විඳින්න එන්න

20160318Sandathanna320160318Sandathanna4හෝර්ටන් තැන්න දෙස් විදෙස් කාගේත් ආකර්ෂණය ලද ඉතා සුන්දර භූමියකි. ජෛව විවිධත්වයෙන් හා පුරාවිද්‍යාත්මක වටිනාකම අතින්ද විශේෂිත, අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයක් මෙය මුලින්ම හඳුන්වා ඇත්තේ %මහ එළිය^ නමින් බව සඳහන් වෙයි.

මුහුදු මට්ටමේ සිට මීටර් 1200 – 3000 පමණ උසින් මධ්‍යම කඳුකරයේ පිහිටි උසම තැනිතලා භූමියද වන ලොව මවිත කළ හෝර්ටන් තැන්න වසර මුළුල්ලේම සංචාරකයන්ගෙන් පිරී පවතියි.

නුවරඑළියට සංචාරය කරන ඔබ නොවරදවාම යන හෝර්ටන් තැන්නට නොදෙවෙනි, අසිරිමත්, ඉතා මනස්කාන්ත වූ ස්ථානයක් දැක බලාගැනීමට අපට පසුගියදා වාසනාව ලැබිණි. මෙතෙක් නුවරඑළියෙහි නොදුටු ආකර්ෂණීයම ස්ථානයක් ලෙස මෙය හැඳින්වීම නිවැරදියැයි හැඟෙයි.

නුවරඑළියේ නගරයේ සිට කිලෝමීටර් 05 ක් වැනි ඉතා ආසන්නයේ දුරකින් මෙම ස්ථානය පිහිටා ඇත. සොබාදහමේ අපූරු නිර්මාණයක වන මෙය  සඳතැන්නයි (Moon Plain). නුවරඑළිය, සීතාඑළිය බීජ අර්තාපල් ගොවිපොළ අතරින් තවත් කිලෝමීටර් 03 ක ගමනාන්තයෙන් අනතුරුව මේ අසිරිමත් ස්ථානය හමුවෙයි. එම ගමන අතරතුරකිලෝමීටර් 03 පුරාම ජෛව විවිධත්වයේ අපූර්වත්වය නරඹමින්, ඉමක් කොනක් නොදකින සොබාදහමේ විශ්මිත නිර්මාණය දැක බලාගනිමින් සංචාරය කළ හැකිය.

20160318Sandathanna1 20160318Sandathanna2සඳතැන්න සංචාරකයන්ට විවෘත කර ඇත්තේ මීට වසරකට පමණ පෙර සිටය. සීතා එළිය, බීජ අර්තාපල් කෘෂි ගොවිපොළ හා නුවරඑළිය මග නගර සභාව එක්ව මෙය සංචාරකයන්ට විවෘත කර තිබේ. මෙහිලා විශේෂයෙන්ම නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පෙගමගේ මහතා විශාල කාර්යභාරයක් කර තිබීම සිහිපත් කළ යුතුය. වසර 20 ක පමණ කාලයක් පුරා දැරූ වෙහෙසක ප්‍රතිඵලයක් ලෙස සංචාරකයන්ට සඳතැන්න දැක බලාගැනීමේ වාසනාව උදාවී ඇත්තේය.

සඳතැන්න මුහුදු මට්ටමේ සිට අඩි 6200 ක උසකින් යුක්ත වූ තැනිතලා භූමියකි. මෙහි යන ඔබට අවට ප්‍රදේශය 3600 ක් දර්ශනය වෙයි. අවට නෙත ගැටෙන කඳු අතර උසම කඳුදහයෙන්නවයක්ම දර්ශනය වීම මෙහි ඇති සුවිශේෂී බවයි. එම කඳු 09 අතර පිදුරංගල (අඩි 8281), සිංගල් ට්‍රී (අඩි 6890), කිකිලියාමාන (අඩි 7339), ග්‍රේට් වෙස්ටර්න් (අඩි 7257), කොනිකල් හිල් (අඩි 7339), කිරිගල්පොත්ත (අඩි 7835) තොටුපල කන්ද (අඩි 7737) හග්ගල (7110), නමුණුකුල (අඩි 667) වෙයි.

20160318Sandathanna12එසේම හග්ගල, පිදුරංගල හා හෝර්ටන් තැන්න මැදිකරගත් සඳතැන්න ජෛව විවිධත්වයෙන් හා පාරිසරික වටිනාකමින් යුක්ත වූ මනස්කාන්ත ස්ථානයක් ලෙසින් සැලකිය හැකිය. මෙහි සංචාරය කරන ඔබට ශ්‍රී පාදය මෙන්ම ඉර සේවය හොඳින්ම දර්ශනය වන තැනක්ද  වෙයි. අගක් මුලක් නැති, ඉමක් කොනක් නොපෙනෙන සඳතැන්න ඔබ පුදුම කරවනු නොඅනුමානය.

සදතැන්න යන ඔබට උදය හා සවස් කාලයේදී ගෝනුන් සිය ගණන් නැරඹීමට වාසනාව උදාවෙයි. එසේම, මුවන්, හාවුන්, කුළු හරකුන්, දිවියන්ද දැක බලාගත හැකි වෙයි. එපමණක් නොව නුවරඑළියට නුහුරු නුපුරුදු මොණරුන්ද සඳතැන්නේදී දැකගැනීමට හැකිවීම තවත් විශේෂත්වයකි. ඌව පළාත මෙහි  එක් කොනකට සම්බන්ධ වීම නිසා මොණරුන් මෙහි සංක්‍රමණය වී ඇති බව සංචාරක මඟපෙන්වන්නෝ සඳහන් කරති.

සඳතැන්න කුරුලු විශේෂ බොහෝමයකින් යුක්තය. එම ප්‍ර‘දේශයටම ආවේණික කුරුළු විශේෂ සිටින අතර, පැළෑටි, මල් වර්ගද එලෙසමය. බැලු බැලූ අත සුන්දර දසුන් නෙත ගැටෙන සඳතැන්න රැකගැනීම අප සතු වගකීමක්ද වෙයි. හෝර්ටන් තැන්නට නොදෙවෙනි වූ සඳතැන්න නුවරඑළියේ සංචාරය කරන ඔබට නැවුම් අත්දැකීමක් ලබාදෙනු ඇත.

මෙහි සංචාරය කිරීමට යන ඔබට බීජ අර්තාපල් ගොවිපොළ අසළ සිට ජීප් රථවලින් සංචාරය කිරීමට සිදුවෙයි. එසේම මෙම ජීප් රථ ක්ලෝරීන්වලින් සෝදා ගොවිපළේභූමියට ඇතුළු කරන අතර, ජීප් රථවලින් ඉවත්වන දූවිලි තුළින් පරිසරයට කිසිදු හානියක් නොවීමට මෙම ක්‍රියාවලිය කරන බව අපට එහිදී දැකගත හැකි විය.

රට සතු මහඟු සම්පතක් වන සඳතැන්න රැකගැනීමට නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතා මෙන්ම බීජ අර්තාපල් ගොවිපොළෙහි නිලධාරීන් දරන උත්සාහයද විශේෂයෙන්ම මෙහිදී පැසැසීමට ලක්කළ යුතුමය.

විමසීම් - 0523057042

නගරාධිපති - මහින්ද දොඩම්පෙගමගේ

ඡායාරූප / සටහන - ශාන් බන්දු

20160318Sandathanna8 20160318Sandathanna9 20160318Sandathanna10 20160318Sandathanna11 20160318Sandathanna1320160318Sandathanna15 20160318Sandathanna16 20160318Sandathanna17 20160318Sandathanna19 20160318Sandathanna20 20160318Sandathanna21 20160318Sandathanna22



අදහස් (0)

සඳතැන්නේ අසිරිය විඳින්න එන්න

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1433 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 912 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1390 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 985 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 559 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1019 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37954 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site