(යොහාන් භාසුර)
‘කොවිඩ්’ වසංගතයෙන් ජීවිත ආරක්‍ෂා කරගැනීමට සඳුදා සිට ස්වයං සංචරණ සීමා පාලනයක් ඇතිකරගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම සති අන්තයේ වගකීමෙන් හැසිරී නිවෙස්වල අවශ්‍ය බඩු බාහිරාදිය රැස් කරගෙන ලබන සඳුදා (16 වැනිදා) සිට සියලු දෙනා ස්වයං සංචරණ සීමා පාලනයකට යොමු වී රටේ ඇති වී ඇති තත්වය හමුවේ ජීවිත ආරක්‍ෂා කරගමු යැයි ද වැටී සිටින දුකෙන් ගොඩඑන්න ස්වෙච්ඡාවෙන් කටයුතු කරමු යැයි ද උපුල් රෝහණ මහතා පැවසීය.
ආණ්ඩුවේ සහ බලධාරීන්ගේ තීරණ සම්බන්ධයෙන් කණගාටු වන අතර ආණ්ඩුවේ සහ සියලු බලධාරීන් කේක් කලා වායුසමීකරණය කළ කාමරවල තීරණ ගැනීමෙන් තොරව මේ විසාලා මහනුවර පය තියෙලා ඇවිද මිනිසුස් විදින දුක ලබන්න යැයි ආරාධනා කරන බව ද උපුල් රෝහණ මහතා කීය.
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සඳුදා සිට ස්වයං සංචරණ සීමාවකට යමු
Bamunuarachchi Sunday, 15 August 2021 09:45 AM
ඔය ටික බමුණුආරච්චි කොතෙක්වත් ලිව්වා. අපිම ලොක් ඩවුන් වුණොත් රටම ඉබේම ලොක් ඩවුන්... ත්‍රිවීලර් ලොක්ඩවුන්, බස් ලොක්ඩවුන්... මෙකී නොකී ඔක්කොම ලොක්ඩවුන්...
RajindaSunday, 15 August 2021 02:08 PM
ඔය වගේ නූගත් කථා කියන්නෙපා. ගෙදරට වෙලා ස්ථීරවම මාසෙකට අාදායමක් ගන්න අයට පුළුවන් ගෙදරටම වෙලා ඉන්න. පුද්ගලික අංශයේ බහුතරයකට ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න වෙන්නේ රැකියාවෙන් ඉවත් වෙලා තමයි. පුද්ගලික අංශයේ හැමෝටම පුලුවන්ද හලෝ රට නීත්‍යානුකූලව වහන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න? රස්සාවෙන් අස් කළාම කවුද ඒ මිනිස්සුන්ව බලා ගන්නේ....?
BamunuarachchiSunday, 15 August 2021 06:41 PM
යන්න රස්සාවට කෝවිඩ් සමග ගෙදර එන්න. රැකියාවට යන්න ඕනේ කෙනා යන්න. නැතුව සීනි කිලෝ එක ගන්න පවුලේ හතර දෙනාම යන්න වුවමනා නැහැ. යමක් කීවාම එකේ ගන්න ඕනේ හරිය ගන්න බැරිකම තමයි ලොකුම මෝඩකම... අපේ ගෙදරට අවශ්‍ය බඩු ගන්න යන්නේ එක්කෙනයි. එතකොට රට වැහුවා.. වෙන්නේ නැහැ. ගෙදර කන්න නැහැ කියන්නෙත් නැහැ. කඩේ යන රස්සාවට යන කෙනා විතරයි පරිස්සම් වෙන්න ඕනේ...
Kasun Sunday, 15 August 2021 10:22 AM
ඔයගොල්ලෝ රට වහන්න දඟලන වෙලාවේ පැය 24ම වැක්සීන් ගහන්නේ ඔයාලගේ කට්ටියට කියලා ක්‍රමයක් හදන්නකෝ...
Rusiru Sunday, 15 August 2021 10:25 AM
රට වහන්නේ නැත්තේ හලෝ ඔයාලට වගේ හැමෝටම මාසෙ පඩි නැති නිසා... ඔයාලම කළිනුත් ලෙඩ්ඩු බිල්ලට තියලත් ඔයාලගේ දේවමනේ ගත්තේ... අනේ මේ පුළුවන් නම් අර එන්නත් කරණ වැඩවලට සහයෝගයක් දෙන්න. අපි දන්නවා පරෙස්සම් වෙන්න...
geeth Sunday, 15 August 2021 11:38 AM
දේවෝ වස්සතු කාලේන... ස්සස සම්පත්ති හේතුච... පීතෝ භවතු ලෝකෝච... රාජා භවතු ධම්මිකෝ...
pakeer Sunday, 15 August 2021 12:04 PM
සිංහලෙන් ලිව්වා නම් තමයි හොඳ....!