මත්තේගොඩ සඳුන් පුරයේදී මවක සිය දරුවා දහම් පාසැලට ඇරලවා ගෙදර එමින් සිටියදී කපා කොටා මහ පාරේදී මරා දමා ඇතැයි පොලීසිය කියයි.
බිරිඳ මරා දැමීයැයි කියන ත්‍රීරෝද රථ රියදුරකු වන සැමියා වස ශරීර ගත වී මිය ගිය බව පොලිසිය කියයි.
ඝාතනයෙන් පසු ඔහු වස බොන්නට ඇතැයි සැක කෙරේ.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
(ඡායාරූප මුදිතා දයානන්ද)
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්
ඇමෙරිකාවෙන් ලැබෙන ආධාර නතරවේ යැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කණස්සල්ලෙන් පසුවෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය ස
නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙ
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සඳුන් පුරයේදී ගඳ වැඩක් කරයි
සමීර (අල රනා ) ලන්ඩන් Sunday, 24 November 2013 04:24 PM
මම නම් කැමතියි ෂරියා නිතිය ලංකාවේ නීති ගත කරනවා නම්. මේ යන අපරාද රැල්ල නැති කරන්න සිංගප්පුරුවේ මලයාසියාවේ, සෞදියේ වැනි නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ.(නදී)
නීල් Sunday, 24 November 2013 10:49 PM
පවු අර අහිංසක දරුවට දැන් කාගේ පිහිටක්ද ? දැන් අපේ රට ශ්‍රී ලංකාව නෙමෙයි චි ලංකාව වෙලා.එල්ලුම් ගහ මුල් ඇදල දලුත් ඇවිල්ල මාරයාගේ ගෝලෛන්ට නින්ද ගිහිල්ල. (ස)
zeylanicus Sunday, 24 November 2013 04:44 PM
මේ වගේ දේ ට ප්‍රදාන හේතුව නම අපේ රටේ ගැනු සහ මිනිස්සු තමන්ගේ සහකරු/සහකාරිය ට ඕනෙවටත් වඩා බැඳීම. එකේ හොඳකුත් තියෙනවා, නමුත් දැන් දැන් වැඩිපුර ඉස්මතු වෙන්නේ නරක පැත්ත. තමන් ආදරය කල කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු උනොත් උන් දෙන්නම මරල දානවා, බැඳපු අයත් ඔය වගේ ම තමය. අපි අපේ සංස්කෘතිය පැත්තෙන් හිතන කොට වෙන රටවල තියෙන විවාහ නොවී එකට ජීවත් වීම, විවාහයට කලින් සම්බන්දත ගණනාවක් ඇති කර ගෙන නවත්ත දැමීම වැනි දේ ට දොස් කීවත් ඒ මිනිස්සු අතර මෙවැනි පලි ගැනීම් අවමය්. අකමැති නම් වෙන් වුණා, එච්චරයි. මෙහෙ වගේ මරා ගන්නේ නැහැ. (අ)
ලංකා Sunday, 24 November 2013 09:03 AM
හොරු මිනීමරුවෝ මංකොල්ලකාරයෝ රජ කරනවා (නදී)
රිස්වාන් ඩුබායි Sunday, 24 November 2013 09:14 AM
අද දවසේ ඔන්න මම කියවපු පළමු පුවත ..මොනවද මේ වෙන්නේ අපේ ලංකාවට?හැමදාම මිනිමැරුමක්. පව් අහිංසක ජීවිත.(නදී)
නිමල් ලලිතා Sunday, 24 November 2013 09:15 AM
කව්රු කෙසේ කීවත් සිතා මතා කරනු ලබන මිනිස් ඝාතනය නැවතීමට ඇති එකම විසදුම මරණිය දඬුවම.(නදී)
සිද්දික් Sunday, 24 November 2013 11:46 PM
බහුතර සිංහලයින් කරන්නෙම මෙහෙම වැඩමයි (නි)
මොහමඩ් Sunday, 24 November 2013 11:46 PM
ඕවා ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
ප්‍රිය Sunday, 24 November 2013 11:46 PM
අනේ මෙහෙමත් මිනිස්සු? තමුන්ගේ දරුවට යන කල බැලුවේ නැහැ, එපා නම් අත්හරින්න එපැයි. මොකක්ද ලංකාවට වෙන්න යන්නේ? හැමදාම මිනිමරනවා, නීතියක් නැති රටක්. මැදපෙරදිග නීති ගෙන එන්න, ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගෙයි ලංකාව, (නි)
දීපාල් Sunday, 24 November 2013 09:31 AM
තව ගොඩක් අය කපල කොටලා මැරුවට පස්සෙද එල්ලුම් ගහ ගේන්නේ? (නදී)
නුවන් Sunday, 24 November 2013 05:34 PM
මිනි මරපු අයට ඇපදීම තමයි මෙහෙම වෙන්න හේතුව. මිනී මැරවත් සති දෙකෙන් කොහොම හරි ඇප ගන්නවානේ.(නදී)
ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 24 November 2013 10:36 AM
මිනිසා තිරිසන් වී ඇත. සතා සිවුපාවුන් වත් මේ අයුරින් තම ජාතිය විනාශ කරගන්නේ නැහැ. මොකක්ද මේ මින්සුන්ට වෙලා තිබෙන්නේ? බිරිඳ මරා දමා තමා වස පානය කර ඇත? දහම් පාසලට ගිය දරුවාගේ අනාගතේ? මේ නරුමයින් මොකටද කසාද බැඳලා දරුවන් හදා ගන්නේ? නීතිය හා දඩුවම් පිලිබඳ ගැටළු කවදාද විසඳෙන්නේ? වහාම ශරීය නීතියක් වගේ නීතියක් අපේ රටට අවශ්‍ය වෙනවා. පාලකයිනේ අවදි වෙයව්.(නදී) .
අබී Sunday, 24 November 2013 10:56 AM
සිංහල රටකට ඇයි වෙනත් ආගම්වල නීති.(නදී)
මදුසංක Sunday, 24 November 2013 11:04 AM
මේ මාසෙම මිනි මැරුම් රිය අනතුරු වැඩි වෙලා .බොහොම පරිස්සමෙන් ජිවත් වෙන්න ඕන කාලයක් (නදී)
මොරාල Sunday, 24 November 2013 11:05 AM
අනේ මෙහෙමත් මිනිස්සු අර පොඩි එකා දැන් අනාතවෙලා නේද? මෝඩ හරකෙක්. මේ වගේ මිනිස්සු ලංකාවේ ඉන්න හින්ද තමයි ලංකාවේ ප්‍රශ්න තියෙන්නේ. ගත්ත හැම දේකටම ගහල මරල දාල ප්‍රශ්න විසදගන්ඩ හදනවා. අන්තිමේට ප්‍රශ්න ගොඩක් මතුවෙනවා විතරයි.(නදී)
ලංකා Sunday, 24 November 2013 11:11 AM
හොරු මිනීමරුවෝ මංකොල්ලකාරයෝ ස්ත්‍රී දුෂකයෝ තමයි රටේ රජ කරන්නේ.(නදී)
වේනකා ලොකුපතිරණ Sunday, 24 November 2013 11:16 AM
පොඩි දරුවට අම්මත් නැහැ, තාත්තත් නැහැ .කපල කොටලා මරණ එක දැන් හරි සරල දෙයක් වෙලා. හැමදාමත් පිරිත් කියන රටේ බන ඇහෙන රටේ මිනිස්සු සත්තු වගේ හැසිරෙන්නේ ඇයි.(නදී)
ලලිත් වීරරත්න Sunday, 24 November 2013 11:21 AM
ඕන මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අතීතයේත් ඔවැනි දේවල් සිදු වුනා. මතකද අංගුලි මාල කි දෙනෙක් මැරුවද? (නදී)
ෂෙරිෆ් Monday, 25 November 2013 01:37 AM
අම්මෝ!වැරදිලාවත් අපේ ලංකාවේ මිනිසුන්ට නිකමටවත් කියන්න එපා, හොඳයි බලාගමුකෝ කියලා.හවස් වෙනකොට ගෙදරටම ඇවිල්ලා මරලා යනවා (නි)
ලංකා Sunday, 24 November 2013 11:26 AM
රටට වෙලා තියෙන විනාශය? (නදී)
සෆීන් Sunday, 24 November 2013 11:29 AM
සමාජයක් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් හා දේශපාලනික වශයෙන් පිරිහීමට ලක්වු විට මෙවැනි දෑ ඉතා සුලභව දැකීමට හා ඇසීමට ලැබේ. ශ්‍රී ලංකාවේ දැන් යුක්ති සහගත පුරවැසියන්ගේ විශාල පිරිහීමක් දක්නට ලැබෙන නිසා මෙවැනි දෑ සිදුවීම ස්වභාවිකයි. මානසික වශයෙන් පුර්වැසියන්ව ගොඩනැගීමට පාලකයින් ක්‍රියා කල යුතුය. එමෙන්ම අධ්‍යාත්මිකව තම අනුගාමිකයින්ව ගොඩ නැගීමට ආගමික නායකයන්ද ක්‍රියා කළ යුතුය. මේ ලක් මව මේ විනාශයෙන් ගලවා ගන්න පුළුවන් කාටද? (නදී)
ලලිත් විරරත්න Sunday, 24 November 2013 11:37 AM
මේනකා සහෝදරියගේ කීමට මමත් එකගවෙනවා. මේ සිද්ද වෙන දේවල් වලින් නම් පෙනෙන්නේ කෙතරම් පිරිත් කිව්වත, බණ කිව්වත් මිනිසුන්ගේ ජීවිත වලට හොදක් වෙන්නේ නැත්තේ ඇයි කියන එක මටත් දැන් ලොකු ගැටළුවක්.(නදී)
ලාල් සුරන්ජිත් Sunday, 24 November 2013 11:39 AM
රටට ගිය කලක් මේ සැම දේටම මුල මිනි මරන්නන්ට ඇප දීමයි. නීතියේ හිස් තැන් ප්‍රයෝජනයට ගනිමින් ඇප ලබති.(නදී)
මගරී Sunday, 24 November 2013 11:41 AM
නිමල් ලලිතා, මිනි මැරුම් නැවත්වීමට තියෙන එකම විසදුම මරණීය දඩුවම වෙන්නේ කොහොමද? මේ වගේ තත්වයකදී. ඔය මිනී මරුවාත් කැමත්තෙන්ම සියදිවි හානිකරගෙන තියෙන්නේ.(නදී)
දිසානායක Sunday, 24 November 2013 11:48 AM
ගෆ්රුල් කටාර් සියයට සියයක් නෙමෙයි සියයට දෙසීයක් ඔබ සමග මම එකගයි. .දැන් බබාල වගේ හිතන්න ගියොත් තව ලොකු විනාශයක් වෙනවා. සරියා නීතිය ක්‍රියාත්මක කිසිම රටක මේ අපරාද වෙන්නේ නැහැ මේ තරන්. සරියා නීතියම නෙමෙයි හැබැයි මිනීමරුවට මරන දන්ඩනය දෙන්න ඕනේ. ඒක ජීවිතාන්තය දක්වා හිර දඩුවමක් නොවිය යුතුයි.(නදී)
දයා Sunday, 24 November 2013 11:53 AM
මිනීමැරුම් සොරකම් දුෂණය හදිසි අනතුරු සහ ලොකු ලොකු අයගේ පුරාජේරු බේගල් කතා වලින් නම් සංවර්ධනය වෙලා තියෙනවා. මේවාටද අය වැය හදන්නෙ?රටේ තාමත් මේවා අගය කරන අය ඉන්නවනෙ. (නදී)
සෆීන් Sunday, 24 November 2013 11:57 AM
මේ සිදුවන අපරාධ වර්ධනයට සෘජුව හෝ වක්‍රව රටේ පාලනය කරන්නන් වගකිව යුතුය. මිනිසුන්ට තමන්ගේ ජීවන වියදම වැඩි වන විට හා ඊට සාපේක්ෂව තමන්ට ලැබෙන වැටුප නොගැලපෙන විට පවුල් සංස්ථාව බිදී යනවා. ඒ හා සමානව අපේ ධර්මය පෙන්වා දෙන ආගමික නායකයන් ආර්ථික වාසි බල පොරොත්තු නොවී දේශපාලනීකරණය නොවී සත්‍ය දේ සත්‍ය ලෙස ජනතාවට කියා දිය යුතුය. (නදී)
ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 24 November 2013 11:58 AM
අබී - මෙතන තමා අපි වරද්දගෙන තියෙන්නේ. "සිංහල රටකට ඇයි වෙනත් ආගම්වල නීති" මම ලියල නැහැ ශරීයා නීතියම කියලා. ඒ වගේ එකක්. හනික වෙනත් රටවල් වලින් ආධාර, විදේශ විනිමය හා ඉන්ධන වගේ දේවල් ලබාගන්න පුළුවන් නම් අපරාධ මඩින්න නීතිය කොපි කලාම් තිබෙන වරද මොකක්ද? ඒ නීතියම ක්‍රියාත්මක කරන්නෙපා. නමුත් ඒ නීතිය පිලිබදව අපේ නීතිපතිවරුන් අවශ්‍ය සංශෝදන එකතු කරලා වහා ක්‍රියාත්මක කිරීම. එච්චරයි. අනුන්ට ඇනුම් පද කියා කියා ඉන්න නිසා තමා අද අපි මෙහෙම ඉන්නේ. (නදී)
ලලිත් වීරරතන් Sunday, 24 November 2013 12:08 PM
නිමල් ලලිතා සහෝදරිය, ඔයා මේක හරියට කියවලා නැහැ මම හිතන්නේ. ඔයා කියන විදියට කාටද මරණ දඩුවම දෙන්නේ? හැම ජීවිතයක්ම තමන්ගේ ජීවිතේ වගේවටිනවා කියලා හිතුවා නම් මෙහෙම වෙන්නේ නැහැ. එහෙනම් යහපත් සමාජයක් හැදෙනවා.(නදී)
ටිකිරි බණ්ඩා Sunday, 24 November 2013 06:42 PM
හොරකම් කරලා මුහුණ වැසුණු හෙල්මර්ට් දාගෙන බීරිලා යන නිසා ලංකාවේ පොලොසියෙන් මුහුණු අර්වරණය කල හෙල්මට් තහනම් කල වගේ හොදට කැපෙන මාන්න පිහි ලංකාවෙන්ම තහනම් කරලා දැම්මනම් ඔය වගේ කපල කොටලා කරන මරණ ලංකාවේ සිදු වීම අඩු කර ගන්න තිබුන.(අ)
ඉන්දු මෙල්බෙර්න් Sunday, 24 November 2013 06:49 PM
අබී, ගෆූර්ගේ අදහස හරියට තේරුම් ගන්න, ඔහු කියන දේහි ඇති අන්තර්ගතය ගන්න, මෙතන ජාති ආගම් ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ, මනුෂ්‍යත්වය ගැන ප්‍රශ්නයක්. මනුස්සයා තිරිසනාටත් වඩා පිරිහිලා.(අ)
රේණුකා Monday, 25 November 2013 03:22 AM
දෙමාපියන්ගේ වැරැද්දෙන් අහිංසක දරු පැටියෙක් මේ ලෝකයේ තනි වුණා.ඒ දරුවා රැකබලාගන්නේ කව්ද අම්මා තාත්තා වගේ. (නි)
ඉම්රාන් Sunday, 24 November 2013 12:35 PM
අබී 2013-11-24 10:56:54 සිංහල රටකට ඇයි වෙනත් ආගම්වල නීති, සිංහල රටේ නීතියක් තියෙන්න එපායැ අබී ? හැමදාම මිනීමැරුම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ. රටක් කියන්නේ නීති පද්ධතියක් තිබිය යුතුයි. රජ කාලේ නීති නැහැ සුද්දෝ බලෙන් මුළු ලෝකෙටම පටවපු නීති ලංකාවේ නැහැ. මෝඩ විදිහට කතා කරලා වැඩක් නැහැ. හැගීම්බරව කතා කරලත් තීරණ අරනුත් තමයි ලංකාව අවුරුදු 65 ක්ම ආගාදයට ගියෙත් යන්නෙත්. (නදී)
ජිලෝ Sunday, 24 November 2013 12:37 PM
පිරිත් කියලා, බණ කියලා හොදක් වෙන්නේ කොහොමද? පන්සිල් පද පිළි පදින්නේ නැත්තම්. ආගමක් අවශ්‍ය වන්නේ මිනිසාට යහ මගක් පෙන්වීමටයි. වරද කොතනද.?පිලිතුරූ සොයන්න.(නදී)
නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 24 November 2013 12:57 PM
අපි තවත් පාලකයන්ට කියලා වැඩක් නෑ. හරියට බිරි අලින්ට වයනවා වගේ. කෝ කාටද දුන්නේ දඩුවමක් හරියට. එකෙක් මැරුවත්, දහයක් මැරුවත් ඇප මත මුදාහරියි. රටේ ජනතාව තීරණයක් ගන්න ඕනේ කාලේ දැන් ඇවිත්. දවස ගානේ අහිමි වන ජීවිත වලට.රටේ ජනතාව නිශ්සබ්දව ඉන්නවා කියන්නේ අපි කාගේත් හෙට දවස අවිනිශ්චිතයි කියන එක. (නදී)
චන්දි Sunday, 24 November 2013 01:03 PM
මේ අබිලට කොහේ ගියත් ආගම් බේදෙයි ,ජාති බේදෙයි. ඔයාල ඔය වගේ හිතන නිසා තමයි අපේ රට එක තැනම පල් වෙන්නේ, මිනි මැරුම්, දුෂණ, මංකොල්ලකෑම් හැමදාම වැඩි වෙන්නේ. ටිකක් හිතන්න කවුරු හරි කියන්නේ හරිද,වැරදිද කියලා. ඒ වගේ නීති තියෙන නිසා තමයි මේ රටවල ශ්‍රී ලාංකිකයන් බයක් සැකක් නැතුව ඉන්නේ. මං කියන්නෙත් අපේ රටට දැඩි නීති ගෙනා යුතුයි කියලා. ජනාදිපතිතුමනි, ඔය පාරවල් හද හදා ඉදල බැහැ මහජනතාව ගැනත් බලන්න අනාගතය බාර ගන්න ඉන්න අපේ දරුවෝ නේද මේ. දෙමව්පියන් නැතුව අතරමං වෙන්නේ මෙහෙම ගියොත් ඔය හයිවේ වල යන්න මනුස්සයෙක් නෙවෙයි සතෙක්, සිවුපාවෙක්වත් ඉතුරු වෙන එකක් නැහැ.(නදී)
මාර්ක් Sunday, 24 November 2013 01:08 PM
අබි, සුද්දෝ මොන ජරාවක් ගෙනත් දුන්නත් සතුටින් බාරගන්න රටක් තමයි ශ්‍රී ලංකාව.(නදී)
ඉන්දික Sunday, 24 November 2013 01:15 PM
මේ පැත්තෙන් විතරයි අපි තවම සංවර්ධනය වෙලා තියෙන්නේ. කාටද ආඩම්බර ඉතින්. පොලිසි රූකඩ උනාම වෙන දේවල් තමයි මේවා. (නදී)
දොන් සේතන් Sunday, 24 November 2013 07:19 PM
මට පේන්නේ අබී අබිං ගහලා මත් වෙලා මේකට හවුල් වගේ.(නදී)
නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 24 November 2013 01:22 PM
අබිලම කියන්න දැන් මොකක්ද දෙන්න ඕනේ දඩුවම මේවා නතර කරන්න. නිකන් තේරුමක් නැති ජාති වාදෙයි, ආගම වාදෙයි නැතිව වෙන කෙරෙන දෙයක් ගැන ලිව්වොත් නරකද හෙට දවස ගැන හිතලා.(නදී)
ඔසන් සලාම් - කටාර් Sunday, 24 November 2013 01:23 PM
අබී, අපගේ සොහොයුරෙක් කීවේ ෂරියා නීතියක් වගේ නීතියක් ලංකාවට ගෙන ආ යුතු බවයි. ඔහු කීවේ නෑ ෂරියා නීතිය ගෙන ආ යුතුයි කියා. හරි හරි දැන් සිංහල රටේ තිබෙන සිංහල නීතිය කුමක්ද කියා අපි අහන්න කැමැතියි. පර සුද්දාගේ නීතිය බදාගෙන අනෙක් අයට ඔච්චම් කිරීමෙන් ඵලක් තිබෙනවාද ? ෂරියා නීතිය මෙන් නීතියක් ගෙනාවොත් පමණයි ඔය ජාතිබේද අවුස්සන අයගේ දෙමව්පියන්, දූ පුතුන් සහ සහෝදර සහෝදරයන් අප රටේ අමනයන්ගෙන් බේරගන්න පුළුවන් වන්නේ.(නදී)
වන්නි තිලක් Sunday, 24 November 2013 01:32 PM
අපේ රටේ දැන් තියෙන්නෙත් රෝම ලන්දේසි නීතිය මිසක් සිංහල නීතිය නොවෙයි. එනිසා ලෝකේ රටවලින් විවිධ නීති අධ්‍යයනය කරලා අපේ අද තියෙන ප්‍රශ්න වලට ගැලපෙන නීතියක් අවශ්‍යයි. නීතිය සදා කාලික නෑ. හෙට වෙන කොට සමාජය යහපත් නම් හෝ නපුරු නම් අද තියෙන නීති එදාට වෙනස් කරන්න එපායැ. ලෝකේ හැම රටකටම ගැලපෙන සර්වත්‍ර නීති නෑ. ඒක ඒ රටේ සංස්කෘතිය සමාජ සම්මතය අනුව නිර්මාණය විය යුතුයි. අද අපේ සමාජ ප්‍රශ්න වලට මරණ දඬුවමත් අවශ්‍ය බව පෙනෙනවා. ඒකයි අපි ඒක සැබවින්ම ක්‍රියාත්මක කරන්න ඉල්ලන්නේ. (නදී)
ගොඩගේ ප්‍රියන්ත Sunday, 24 November 2013 07:35 PM
මම හිතන්නේ දීපය නිසා වෙන්න ඇති මෙච්චර අපරාද වෙන්නේ (අ)
ලාල් කැන්ඩි Sunday, 24 November 2013 01:39 PM
නීතිය දැඩී තැන වැරදි සිදුවීම් අඩුයි . නිතිය සැහැල්ලු වෙන තරමට වැරදි වැඩියි. නිතර වෙනස් වෙන මිනිසා පාලනය කල හැකි වන්නේ '' ධර්මයට'' වඩා '' නීතිය '' ක්‍රියාත්මක කීරීම තුලින් පමණයි. (නදී)
තුසිත, ලෙබනන් Sunday, 24 November 2013 01:41 PM
ෆසරුල් ගෆුර් ඔබගේ අදහස් සමග මාත් එකග වෙමි. හැමදාම පත්තර සියල්ලගේම මිනී මැරුම්, මංකොල්ලකෑම් සහ දුෂණ.බලදාරින් මේවා ගැන කිසිම කතාවක් නැහැ. මරණ දඩුවම කියාත්මක උනොත් මේවා අඩුවෙයි කියා හිතනවා. රජය රට සංවර්දනය කරා ගෙන යනවා වගේම සමාජීය සාරදර්ම ගැනද සොයා බලා කටයුතු කලයුතුයි. තවද මහා සංඝරත්නය, ක්‍රිස්තියානි පුජකතුමන්ලා, මුස්ලින් පුජකතුමන්ලා මේවා ගැන රජයද මහජනතාවද දැනුවත් කලයුතු යි.
මසකින් Monday, 25 November 2013 07:12 AM
දිසානායක, ගෆූර්ට ගහපු එක්කෙනෙක් තමයි දැන් ඉහළ පුටුවක ඉන්නේ (නි)
රූපවතී Sunday, 24 November 2013 02:06 PM
මරාගෙන මැරෙන්න කලින් මේ මිනිහා නිකමටවත් හිතුවද අනේ මගේ අසරණයා මේ රටේ තනි වෙනවා උගේ හෙට දවස අනාත නිවාසයක කාගේ හරි ඉදුල් ටිකක් කාල ජීවත් වෙන්න වෙනවා කියලා. ඇයි මේ මිනිසුන් විවාහ වෙන්නේ. දැන් තනියම ජීවත් වෙයල්ලා. මේ කියවන හැමෝම කසාද බදින්න එපා. එහෙම උනාම දරුවෝ අනාත වෙන්නේ නැහැ. තම තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕන කාලේ දැන්. හෙට මැරෙන කෙනා කොහොම මැරේවිද, ඒ කෙනාට මම අයත් ද ? ඔබද ? අල්ලපු ගෙදර කාන්තාවද ..මහල්ලෙක්ද අපි නොදනී ..පේලියට එල්ලුම් ගහේ එල්ලන්න ඕනා වග නම් මට පෙනෙයි හැම මිනීමරුවෙක්ම.(නදී)
අබේසේකර Monday, 25 November 2013 02:31 PM
මත්තේගොඩට අනිවාර්යයෙන් පොලිස් මුර පොලක් දාන්න (නි)
තරූ Sunday, 24 November 2013 02:11 PM
ඇයි දැන්වත් පාලකයින්ට ඇස් ඇරෙන්නේ නැත්තේ? මිනීමැරුම් හා ස්ත්‍රී දුෂනවලට මරණ දන්ඩනය දිය යුතුයි. ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි. නැත්නම් හැමදාම උදේට මෙවැනි ඝාතනයන් දැක බලා ගන්න පුලුවන්. රටේ ඉන්න හිටින්න නැහැ.(නදී)
කසුන් Sunday, 24 November 2013 02:15 PM
හරක් මස් වලට වඩා, මිනිස් ඝාතන ,අරක්කු වලට තිත තැබිය යුතුය.(නදී)
සේරම් Monday, 25 November 2013 02:49 PM
රටක නීතිය සහ විනය තමයි එහි ජීවනාලිය. ඔය දෙකම බලධාරියන් විසින්ම විනාශ කරලා තිබෙන්නේ. මේ රට තවත් සෝමාලියාවක් වෙන දිනය වැඩි ඈතක නොවේ (නි)
මෝහමෙඩ් Sunday, 24 November 2013 02:16 PM
තුසිත ඔබ හරි.(නදී)
නරනප්පා Sunday, 24 November 2013 02:23 PM
දිපාල්ට ලොකු ප්‍රශ්නයක්. මොකද දීපාල් එල්ලුම් ගහ ගේන්න කියන්නේ එක කවුරු හරි ගෙනිහිල්ලද ? (නදී)
නෙත් Monday, 25 November 2013 08:44 AM
නීති තද කළ යුතුය.(නදී)
සහන් බණ්ඩාර Sunday, 24 November 2013 02:39 PM
මට දැනෙන දුක කඳුල වේදනාවම තමා, මා අසල සැරිසරන අනෙකාට දැනෙන්නේ. මම සිතන දෙය හරිය කියන සිතුවිල්ලමය, මම නොවන අන් අයත් එක හෙලා සිතන්නේ. මට නොලැබී දෙය තවත් අයෙකු හට ලැබුණු විට, දුක කුමට මට ලැබුණු සේ සතුටු වෙයන්නේ. වෛර ගිනි ඉවතලා කරුණා සිතින් ඉන්න. ලක් මෑණියන් යලිත් සිනහවෙයි මිනිසුනේ.(නදී)
දිසා Monday, 25 November 2013 08:50 AM
අද සමාජයේ මේවා සුළු දේවල්. තව දුරටත් එකට ට ජීවත් වෙන්න බැරි නම් මොකක්ද විය යුත්තේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වෙන් වීමයි. මිනී මරා ගැනීම නපුංසක ක්‍රියාවක්නේ.(නදී)
දිසානායක Sunday, 24 November 2013 08:54 PM
ගෆුර් කටාර් ..ෂාරිය නීතිය වගේ එකක් රටට ඇවැස්ස වෙනවා ...තේරෙන්නේ නැද්ද මේ මනුස්සය හොද සිංහලෙන් ලියල තියෙන්නේ .(අ)
වෙදමහත්තයා Sunday, 24 November 2013 08:55 PM
රත්න දීප ජන්ම බුමි ... ලංකා දීප විජය බුමි .... මේ අපේ උදාරවූ මාතෘ බුමියයි .... මේක වෙනස් කරන්න කාලය ඇවිත් දැන්. මේ වෙන දේවල් වලට (අ)
චමත් ඉතාලිය Sunday, 24 November 2013 02:45 PM
සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා ,බියෙන් මිදෙත්වා,.. ජාතිවාදී අදහස් දැක්වීමෙන් වලකිත්වා ...සාදු..සාදු..සාදු.... ()
නරනප්පා Sunday, 24 November 2013 02:45 PM
තරුගේ කතාව දැකල මට තරු පෙනුන ,එල්ලූම්;ගස් යවන්නේ මිනි මරුවගේ මිනියද. මෙවැනි අපරාද නැතිකරන්න ලිපිය හොදින් කියවල හෙතුපලවාදය හරහා ගමන් කරන්න (ස)
චමත් Monday, 25 November 2013 09:06 AM
මත්තේගොඩ හොරු, කුඩුකාරයෝ, දූෂකයෝ වැහි වැහැලා. පොලිසිය මර නින්දේ. වහාම මත්තේගොඩට පොලිස් මුර පොළක් දාන්න.මදාර උයන ගෙවල් ඔක්කොම හොරු බිඳිනවා. (නි)
සුනේත්‍රා සෞදි Sunday, 24 November 2013 02:53 PM
යුරෝපයට මහා විහාර ඉදිකර කඨිණ සැණකෙළි පවත්වන අයට සත්‍ය අවබෝද කර ගැනිමට නම් හතරවන රූපය බලන්න.(නදී)
තුෂාර-ඩුබායි Sunday, 24 November 2013 03:09 PM
මහා නින්දිත තත්වයක් උදාවෙලා තියෙන්නේ අපේ රටට.ෂරියා නිතිය නෙවෙයි ඊට වඩා පුළුල් ලෙස විහිදුනු අපරාදකාරයන් මර්දනය කල හැකි අපරාද අවම කල හැකි නව නීති පද්දතියක් හදුන්වා දියුතුයි.රටක ජනතාව නීතියට,පොලිසියට ඇති බය නැති උනොත් ඇතිවන තත්වය ඉතාම බරපතලයි.(අ)
මේනකා ලංකාපතිරණ Sunday, 24 November 2013 03:19 PM
ජිලෝ කියන එක හරි.පන්සිල් පද 5 පිළිපදිනවා නම් අපේ රටේ මේ සිදුවන අපරාද ගොඩක් දුරට අඩු වෙයි.මොනම අගමකවත් සත්තු වගේ හැසිරෙන්න උගන්නන්නේ නැ.(අ)