IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සඳුයි මීදුමයි අයිසෙන් වහයි

විසි එක්වැනි සියවසේ දැකගත හැකිවන දීප්තිමත්ම වල්ගාතරුව යැයි තාරකා විද්‍යාඥයන් පවසන අයිසන් වල්ගාතරු ව මේ දිනවල අළුයම අහ‍සේ දක්නට ලැබෙයි.

තාරකා විද්‍යාඥයන් පවසන්නේ පසුගිය 19 දා නැගෙනහිර අහසේ ක්ෂිතජයට ආසන්නව අංශක 25 ක් පමණ ඉහළින් දිස්වීම ඇරඹි වල්ගාතරුව 23 දා අංශක 11 ක් පමණ ඉහළ අහසේ දැකිය හැකි වන බවයි.

බෙලරූස් ජාතික විටාලි නෙව්ස්කි සහ රුසියන් ජාතික ආට්යොම් නොවිෂොනොක් නමැති තාරකා විද්‍යාඥයන් දෙදෙනා විසින් 2012 සැප්තැම්බර් මස 21 වැනි දින මුල් වරට සොයා ගන්නා ලද මේ වල්ගාතරුවේ විශ්කම්භය කිලෝ මීටර පහක් පමණ වේ. සොයාගතතත් අවස්ථාවේ සී/2012 එස්අයි යනුවෙන් හඳුන්වා ඇති මෙම වල්ගාතරුව පසුව අයිසොන් නමින් නම් කරන ලදී.

අයිසන් වල්ගාතරුව සූර්යයාට වඩාත් සමීප වන්නේ නොවැම්බර් 28 වැනි දින දී ය. මෙලෙස සමීප වීම හේතුවෙන් නොවැම්බර් 23 දා ට පසු වල්ගාතරුව පෘථිවි වැසියන්ට දක්නට නොලැබෙනු ඇත. එවිට කිලෝ මීටර 1,860,000 ක් දක්වා හිරුට සමීප වන මේ වල්ගාතරුව හිරුවාටා අර්ධ කවාකාරව ගවමන් කර ඉන් පසු ආපසු හැරී ඒමට නියමිතය. එසේ පැමිණෙන්නේ නම් නැවතත් දෙසැම්බර් මුල් සති කිහිපයේ එය වඩාත් දීප්තිමත්ව පෙනෙනු ඇත.

ඇතැම් තාරකා විද්‍යාඥයන් පවසන්නේ මේ වල්ගාතරුව හිරුට වඩාත් ආසන්න වන බැවින් එය සූර්යයා මතට කඩා වැටීමට හෝ කුඩා කැබලි වලට කැඩී විනාශවී යාමට ද ඉඩ ඇති බවයි. 2013 ජනවාරි මස මුල් වරට ඡායාරූපගත කළ අයිසන් වල්ගාතරුව අප්‍රේල් හා මැයි වන විට හබල් දූරේක්ෂයෙන් ඡායාරූප ගත කර එහි වර්ණය ප්‍රමාණය හා විස්තාරය ද දූවිලි අංශවල ධ්‍රැවිකරණය ද පරීක්ෂා කරන ලදී. 2015 නොවැම්බර් මස 15 දින සිට මේ වල්ගාතරුව නිරීක්ෂණයට අභ්‍යාවකාශ යානා 10 ක් යොදවා ඇත.

අයිසන් නිරීක්ෂණය කළ විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 2,700ක් පමණ වන බවයි. අහසේ දැකිය හැකි දීප්තිමත්ම ග්‍රහ වස්තුව වන සිකුරු තරුවටත් වඩා අයිසන් දීප්තියෙන් බබලනු ඇතැයි තාරකා විද්‍යාඥයන්ගේ මතයයි.

ශ්‍රී ලංකාවට ඉහළ නැගෙනහිර අහසේ මේ වල්ගාතරුව අළුයම හතරත් පහත් අතර කාලයේ ස්ථානගතව තිබෙනු ඇතැයි ගණනය කිරීම් කැර ඇතත් ඊසාන දිග මෝසම් සුළං ක්‍රියාත්මක වීමත් නැගෙනහිර අහස අළුයම් කාලයේ මිහිදුමින් බරව තිබීම සහ චන්ද්‍රයා ද මේ දිනවල සූර්යයාට වඩාත් ලං වීමත් හේතුවෙන් අයිසන් වල්ගාතරුව ලක් වැසියන්ට නිරීක්ෂණය කිරීමට නොහැකි වී ඇත. විද්‍යාඥයන් පවසන්නේ එය සූර්යායට වඩාත් සමිප වී නැවත ගමන් කරන අවස්ථාවේදී ලක් වැසියන්ට එය දැකගත හැකි වනු ඇති බවයි.

 



අදහස් (0)

සඳුයි මීදුමයි අයිසෙන් වහයි

නිමල් පෙරේරා Friday, 22 November 2013 09:03 AM

ඔය කියන වෙලාවට මම දවස් කීපයක්ම නිරීක්ෂණය කළත් මට නම් වල්ගා තරුව දකින්න ලැබුනේ නැහැ. දුටුකෙනෙක් ඉන්නවා නම් විස්තර පළකරන්නකෝ. (නි)

:       0       0

කනි Friday, 22 November 2013 09:21 AM

ඒක තමා සිංහලෙන් කියල තියෙන්නේ ලංකවට පෙන්නේ කියලා... (ස)

:       0       0

ලලිත් Thursday, 21 November 2013 11:07 PM

මීදුම නිසාද? නැත්නම් වැරදි පැත්තක්වත් බලලද? (නි)

:       0       0

ලක්ෂ්මන් Thursday, 21 November 2013 11:27 PM

දුලභ අවස්ථාවක්.තාරකා පිළිබඳව ඉගෙන ගන්න යට කදිම අවස්ථාවක්. (අ)

:       0       0

සිතු Friday, 22 November 2013 04:16 PM

බෙනට් ඇත්ත ඇත්ත! වැඩට නෙමෙයි මුල් තැන නමට ! (ස)

:       0       0

බෙනට් Friday, 22 November 2013 11:13 AM

යන්තම් ඇති තමන්ගේ නම් දාගන්නේ නැති දෙන්නෙක් හිටිය එක ගැන .. ඕක ලංකාවෙන් හොයාගත්ත නම් මෙලහකට නම් දාන්න පොරකනවා.(නදී)

:       0       0

උපාලි Friday, 22 November 2013 04:32 AM

මේ මහා විශ්වය ගැන අපි මොනවද දන්නේ? අපේ පෘතුවිය ගැනවත් ඇත්තටම අපි මොනවද දන්නේ? කොටින්ම, අපි අපි ගැනවත් මෙලෝ දෙයක් හරියට දන්නවද, හැරිච්ච අතට ගහ මරා ගන්න ගියාට? (අ)

:       0       0

දයා Thursday, 21 November 2013 08:36 PM

ඔහොමයන්න් තාරු පෙනේවි (අ)

:       0       0

මධු Friday, 22 November 2013 08:49 AM

උපාලි හරි. ඊළග තප්පරය ගැනවත් අපි මොනවාද දන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 931 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 655 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 780 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1334 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 536 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 29 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14568 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 159 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site