IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සොඳුරු කොත්මලේ

2016-11-05-ent-19

එළාර ප්‍රමුඛ දෙමළ වෙළඳුන් රුසකට යටත්ව තිබූ රට බේරා එක්සේසත් කළ දුටුගැමුණු කුමරු නිසා වගේම, ශ‍්‍රී දළදා වහන්සේට රැකවරණය ලබාදුන් භූමිය නිසාවෙන් වගේම, මේ රටේ වැඩ සිටිය අවසන් මහ රහතන් වහන්සේ වූ මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි නිසා විතරක් නෙවෙයි, අපේ සංස්කෘතිය පෝෂණය කරන දැවැන්ත හයියක් ලබාදුන් නිසාත් කොත්මලය අතිශයින් වැදගත්. මොකද හිතන්නේ ඈත මලය රට කඳු පන්තිවලින් වටවෙලා තියෙන කොත්මලයේ රවුමක් ඇවිදින්න යමුද...

ඉර දිගට පැල් විස්ස

නම් පැවැති කොත්මලේ

කන්ද උඩ කෝට්ටයට

2016-11-05-ent-10පලා යව ලෙස එදා පිය රජු සමඟ උරණ වූ ගැමුණු කුමරැට අවවාද අනුශාසනා දී විහාර මහා දේවිය තම පුතණුවන්ට පලායන්නයැයි පැවැසූයේ මලය රට හෙවත් කොත්මලය පුරවරයට. උස් ගිරි මුදුන්වලින් ගහන මෙම ප‍්‍රදේශය කොත්මලය වූ බවක් දල රත්තරන් කොතක් පහළ වූ මලය රට කොත්මලය වූ බවක් ද ඉතිහාසයේ සඳහන් වෙනවා. දුටුගැමුණු කුමාරයාගේ කොත්මලයේ කතාවත් හරිම ලස්සනයි. අහලා තියෙනවා නම් ආයෙත් මතක් වෙන්නත්, නොදන්න අයට දැනගන්නත් කියන්නම්. රජමාලිගයෙන් පැනයන ගැමුණු කුමරැ &ගුත්තා* නමින් කොටගේපිටිය නම් ග‍්‍රාමයට යනවා. ඒ යන්නේ &දෙහෙදු කඩුල්ල* නම් රැහුණු රටින් මලය රටට පිවිසෙන්න තිබුණ දොරටු තුනෙක් එකක් හරහා. ඒ ගිහිල්ලා වීසුරැ ගෙදර ඌරැ පැලැස්සේ ගම්මැහේගේ බාල දියණිය සමඟ ඇතිකරගත් සබඳතාවක් මත පස්සේ විවාහ වෙනවා. ඔය කිව්ව දෙහෙදු කඩුල්ල අදටත් දකින්න පුළුවන්. ගුත්තා තමා ගැමුණු කුමරැ යැයි තම බිරිය වූ රන්මැණිකාටවත් වෙනත් කිසිවකුටවත් නොකියා සිටින්න පරෙස්සම් වුණා. එහෙත් බුද්ධංගල හා රජතලා කුඹුරැ ඔහු අස්වද්දන්නේ දුටුගැමුණු කුමරැ යුද්ධ කරන විට අවශ්‍ය කරන ධාන්‍ය සැපයීමේ අරමුණ ඇතිව බව ගුත්තා කිව්වාලු. මේ කුඹුරැ අස්වද්දී කුමරැ ඒ කුඹුරැවලට ජලය ගෙන එන්න ඔහුගේ අතින්ම රණමුරේ රජඇල හදනවා. ඒ එක්කම කුමරැට නා ගන්න රජමුණේ පිහිල්ලත් හදනවා. මේ දෙකම අදටත් දකින්න පුළුවන්.

මෙහි තමන් සමඟ දිවි ගෙවන ගුත්තා, හිද්දලයා නැතිනම් එද්දලයා කිසිවිටකවත් දුටුගැමුණු කුමරැ යැයි රන්මැණිකා නොදැන සිටියද සෑම දිනකම මල්කඳට (සිය සැමියාට) ඇඹුල රුගෙන යාම ඇය පුරැද්දක් කරගෙන සිටියා.

දිවා ආහාරය ගනු ලබන ගුත්තා රන්මැණිකාගේ උකුලේ හිස තබා නිදාගැනීම පුරැද්දක් කරගත් අතර එක දවසක් කුමරැ විකාර සිහිනයක් දකිනවා. මේ සිහිනය පිළිබඳව ද ගැමි මත තුනක් තියෙනවා. ඉන් පළමු මතය තම බඩවැල් මුවින් පැමිණ දික් වී ගොස් නැවත කෙටි වී කුසට ඇදී යාම. දෙවැනි මත කුමරැගේ කකුලේ මහපටඇඟිල්ලේ මීයක් බැඳීම. තුන්වන මතය කුමරැගේ දිව දික්වී එළියට පැමිණ ලංකාව වටේටම ගමන් කර නැවත කෙටි වී මුවට ඇදී යාම. කෙසේ නමුදු මේ විකාර සිහිනය දැකීමෙන් කලබල වූ කුමරැ ඡ්‍යොතිෂ ශාස්ත‍්‍රඥයකු සොයාගොස් සිහින පලාඵල දැනගන්නවා. එහිදී එම ඡ්‍යොතිෂඥයා කොත්මලේ ගණිතයා බවත් ගණිතයා තමා ඉදිරියේ සිටින්නේ කුමරැ බව තේරැම්ගෙන ඔහු රජවන බව පවසා වැඳවැටුණු බවත් අපිට අහන්න ලැබුණා.

දැන් හිතාවි ඇයි අපි කොත්මලේ සංචාරය කරන්න තෝරාගත්තේ කියලා. ඒකට ඔබට පිළිතුරැ එකක් නෙවෙයි. සිය ගණනක් දෙන්න පුළුවන්. හැබැයි ඒ පිළිතුරැ ගන්න ඔබ කොත්මලේ දවසක් හරි ගිහින් එන්න ඕනෑ. ගිහින් ආවාට පස්සෙත් අහනවා නම් ඇයි කොත්මලේ ගියේ කියලා ඔබේ සංචාරක රැචිකත්වයේ ගැටලුවක් තියෙනවා. දැන් බලන්නකෝ මේ ෙස්යාරෑ ටික.

 

ප්‍රසාද්

 

2016-11-05-ent-20
2016-11-05-ent-18
2016-11-05-ent-17
2016-11-05-ent-16
2016-11-05-ent-15
2016-11-05-ent-14
2016-11-05-ent-13
2016-11-05-ent-12
2016-11-05-ent-11



අදහස් (0)

සොඳුරු කොත්මලේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 155 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 443 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 266 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 255 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 176 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 595 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 93 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site