IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සඳලුතලයෙන් වැටුන දැරිය උඩපන්දුවක් සේ රැකගනියි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉතාලියේ ටියුරින් නගරයේ මහල් නිවාස සංකීර්ණයක පස් වෙනි මහලේ සඳළු තලයෙන් පහළට වැටුණු තුන් හැවිරිදි දැරියක් පොළවට පතිත වීමට පෙර උඩ පන්දුවක් රැක ගන්නා ආකාරයෙන් මහල් නිවාසය අසලින් ගමන් ගත් පුද්ගලයෙකු පහළ සිට අල්ලා ගැනීම හේතුවෙන් එම දැරියගේ ජීවිතය ආශ්චර්යමත් ලෙස බේරී තිබේ.

දැරියගේ ජීවිතය බේරා ගත් මටියා අගුස්සි නම් 37 හැවිරිදි මෙම පුද්ගලයා මේ වන විට ඉතාලියේ මෙන්ම සමාජ මාධ්‍ය තුළද වීරයෙක් වී ඇත.ඔහු වෘත්තියෙන් බැංකු නිලධාරියෙකි. මටියා සිදුවීම විස්තර කරමින් පවසා ඇත්තේ සිය පෙම්වතිය සමඟ වෙළඳසැලට යමින් සිටියදී මහල් නිවාසය දෙසින් ඝෝෂාවක් ඇසුණු බවයි.ඒ හේතුවෙන් මහල් නිවාසය අසලට ගොස් බැලු විට කුඩා දැරියක් පස්වෙනි තට්ටුවේ සඳළු තලය අයිනට පැමිණෙනු දුටු බවත් තවත් පුද්ගලයකු කෑ ගසන අයුරු දුටු බවත් ඔහු ප්‍රකාශ කර ඇත. ආපහු යන ලෙස පහළ සිට තමන් කෑමොර දුන්නත් එය කුඩා දැරියට නොඇසුණ බවත් අවසානයේ ඇය සඳළු තලයෙන් පහළට වැටුණු බවත් මටියා අගුස්සි පවසා තිබේ.

දැරිය සඳළු තලයෙන් පහළට වැටෙන අයුරු දුටු විට සියලු දේ හොඳින් සිදු වේ යැයි බලාපොරොත්තුවෙන් ඇස් දෙක පියාගෙන දැරියව අල්ලා ගැනීමට තමන් ඉදිරියට පැන්න බවත් අනතුරව දැරිය තමන්ගේ ඇඟට වැටී දෙදෙනාම බිම වැටුණු බවත් මටියා අගුස්සි ප්‍රකාශ කර ඇත.බිම වැටුණු අවස්ථාවේ තමන්ට දැරිය ජීවත් වන බවට කිසිඳු ඉඟියක් නොලැබුනත් ටික වේලාවකින් දැරිය අඩන ශබ්දය තමන්ට ඇසුණු බවත් ඉන් සිතට සතුටක් දැනුනු බවත් ඔහු පවසා තිබේ.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ප්‍රථමාධාර නිලධාරීන් දැරිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම පිළිබඳ සියල්ලන්ම  පුදුමයට පත්ව තිබේ.ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජෝර්ජියා මෙලෝනි ද මටියා අගුස්සිගේ මෙම වීර ක්‍රියාව පිළිබඳව එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇත.



අදහස් (36)

සඳලුතලයෙන් වැටුන දැරිය උඩපන්දුවක් සේ රැකගනියි

fairoos Tuesday, 29 August 2023 02:08 PM

ස්තුතියි දෙවියනි

:       41       129

SamTuesday, 29 August 2023 04:07 PM

යකෝ මැටියා දෙවියෙක් නෙවෙයි, මිනිහෙක් . දෙවියන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ.

:       16       55

Ruwan RTuesday, 29 August 2023 11:08 PM

fairoos මහත්තයෝ, ලමයා අල්ලාගත් කෙනාගෙ විස්තර ලිපියේ කියලා තියෙනවා

:       4       25

pukusWednesday, 30 August 2023 03:42 AM

අගුස්සි අලුත් දෙවි කෙනෙක්ද ?

:       6       16

KamalWednesday, 30 August 2023 08:31 AM

මිනිහෙක් බේරුවම කොහෙවත් නැති දෙවියන්ට ස්තුති කරනව. මෙහෙමත් මෝඩ මිනිස්සු

:       21       31

සැම්සන් ගමලත් Friday, 08 September 2023 07:08 PM

දරුවා බේරාගැනීම පිළිබඳව අගුස්ති මහතාට ගොඩක් ස්තුතියි. ඒක ගොඩාක් වීර ක්‍රියාවක්... ඒ දරුවාට ජීවත් වීමෙ වාසනාව ලබා දූන්නා. ඒක තමන්කළ කර්ම අනුව තමා සිදුවන්නේ...!

:       0       2

GRM Gamlath Tuesday, 29 August 2023 03:18 PM

මැටියා අගුස්සි මහතාණනි, මෙය මනුෂ්‍යයෙකුගේ නියත වීර ක්‍රියාවකි. එය විශිෂ්ටයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා. මෙම ක්‍රියාකාරකම ඔබ මුළු ලෝකයේම මනුෂ්‍යත්වයට කළ විශිෂ්ට සුවිශේෂී දායකත්වයකි. බුදු සරණයි.

:       4       204

G R M Gamlath Tuesday, 29 August 2023 03:18 PM

මැටියා අගුස්සි මහතාණනි, මෙය මනුෂ්‍යයෙකුගේ නියත වීර ක්‍රියාවකි. එය විශිෂ්ටයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා. මෙම ක්‍රියාකාරකම ඔබ මුළු ලෝකයේම මනුෂ්‍යත්වයට කළ විශිෂ්ට සුවිශේෂී දායකත්වයකි. බුදු සරණයි.

:       1       109

මාටියා Tuesday, 29 August 2023 08:27 PM

සිඥෝර් ගම්ලත්, ග්රත්සියේ , ස්තුතියි .

:       0       7

Demuni de Silva Tuesday, 29 August 2023 04:07 PM

ඔබට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ආශිර්වාද කරනවා හැර අපට කළ හැක්කක් නොමැත

:       0       17

prasanna Tuesday, 29 August 2023 04:34 PM

එය ඇත්තෙන්ම ඇදහිය නොහැකි දෙයකි, දෙවියන්ගේ ආශිර්වාදය සැම දෙදෙනාටම.

:       7       12

Saman Tuesday, 29 August 2023 05:22 PM

ඒකට අපේ උන් එක්කෝ වලක දාලා යයි නැත්නම් ළමයි ඔක්කොම දාලා හොර මිනිස්සු එක්ක යයි වෙනස

:       5       6

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 29 August 2023 06:33 PM

ඔබතුමාට අපගේ ප්‍රණාමය .. !!!

:       0       12

සුජිත් පල්ලේවත්ත Tuesday, 29 August 2023 08:26 PM

උඩ පන්දුව රැක ගත්තා කිව්වට රැකගෙනම නැහැ.බිම වැටිලා.. තමන්ගැන නොසිතා එම දැරියව බේරාගැනීමට ඉදිරිපත්වීම කාගෙත් ප්‍රශංසාවට පාත්‍රවේවා.

:       0       11

Sampath Abeygunasekara Tuesday, 29 August 2023 09:44 PM

ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්

:       1       10

Fara Sudar Tuesday, 29 August 2023 09:45 PM

ඔබ නියමයි සර් .ඔබ වීරයෙක් .ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔබව මේ ලෝකෙට එව්වා. අවශ්‍ය විටදී ඔබට මිනිසා වෙනුවෙන් කළ හැකි දේ ඔහු දන්නවා .මේ දරුවා බේරා ගැනීමට ඔබට බොහෝම ස්තූතියි

:       13       8

මීගමු සුදා Wednesday, 30 August 2023 12:00 AM

ටියා අගුස්සි මහතාණනි, මෙය මනුෂ්‍යයෙකුගේ නියත වීර ක්‍රියාවකි. එය විශිෂ්ටයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා. මෙම ක්‍රියාකාරකම ඔබ මුළු ලෝකයේම මනුෂ්‍යත්වයට කළ විශිෂ්ට සුවිශේෂී දායකත්වයකි. බුදු සරණයි.

:       1       12

Sarath Wednesday, 30 August 2023 02:58 AM

ඔබට සංසාරයේ කිසිම දිනක හදිසි අනතුරක් නොවීමට මේ පිනම ඇති

:       2       19

Moreenjj Wednesday, 30 August 2023 08:37 AM

ඔහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඔහු ඇගේ ජීවිතය බේරා ගත්තේය. ඔබගේ ජීවිතයේ ඉතිරි කාලයට දෙවියන් වහන්සේ ආශීර්වාද කරයි.

:       5       11

Achini Ranasinghe Wednesday, 30 August 2023 09:00 AM

ඔබ විශිෂ්ටයි

:       0       9

Chandanie Kumarasinghe Wednesday, 30 August 2023 10:10 AM

ඔහු විශිෂ්ට පුද්ගලයෙක්, ඔහුට මේ දරුවාගේ ජීවිතය බේරා ගත හැකිය.

:       2       6

don Wednesday, 30 August 2023 10:59 AM

පට්ට කොල්ලෙක් නේ

:       0       11

Anoma Samanthi Wednesday, 30 August 2023 01:00 PM

ඔබ දෙවියෙක් . දෙවිවරු ‌කොහෙවත් නෙවෙයි අපිත් එක්කම තමයි ඉන්නෙ. හරියට ඔබ වගේ.

:       1       4

බද්රානි Wednesday, 30 August 2023 02:05 PM

මුලින්ම සුනඛ රැල හඳ දෙසට හැරී, සද්දෙට බිරූහ...ඊට පසුව නැට්ට උස්සාගෙන අහස දෙස බලමින් උඩු බිරූහ.... හඳෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති කල, හොරිකඩ බලු රැල "හක්කේ දඩ මස් කෑල්ල සඟවා ගෙන බොක්කෙන් බුදුරැස් පිටකරන්නා.. සේ.." දත්මිටි කාගෙනම නැට්ට බඩ යට ගසා ගනිමින් "මටියා අගුස්සි" මහත්මයා ගේ දෙපතුල් ලෙව කමින් ආශිර්වාද කරමින් වර්ණනා කළහ....("සුනඛ ගති" පොතෙන් උපුටා ගන්නා ලද්දකි)

:       4       0

Wimal Wednesday, 30 August 2023 02:20 PM

Mr agussi ඔබට දෙවි පිහිටයි

:       1       4

R perera Wednesday, 30 August 2023 02:41 PM

දෙවියෝ සුපර් මෑන් වගේ පිහිටට එන්නැහ කෙලින්ම, එන විදිය අපිට කියන්න බෑහැ. හරියට ඔය සමහරු බුදු සරන පතල තියනකොට එය ලැබෙන විදිය වගේ තමයි. ටියා ආගමනුකූලව, බෞද්දානුකූලව හරි ජීවත් වුනා නම් ඔහු තමා දේව වේශයෙන් පිහිට වන්නේ. සහ දෙවියො නියොජනය කරන්නේ.

:       2       4

Rathna Deshapriya Munasinghe Wednesday, 30 August 2023 03:23 PM

කලින් සූදානමක් නොවී අවශ්‍ය තැනදී හා මොහොතේ දී බුද්ධිමත්ව හා නිර්භීත ව ක්‍රියාත්මක වී දැරිය බේරා ගැනීමට ක්‍රියාත්මක වීම පිළිබඳ ව මුළු මිනිස් සමාජයම ඔහු අගයනු පෙනේ.ඔහු සැබෑ මිනිසෙකි. වීර ඉතාලියානුවකු ලෙස අගය කරන ලෙස ඉතාලි රජයෙන් ඉල්ලා සිටිමි.

:       0       6

Mayumi Wednesday, 30 August 2023 05:09 PM

ඔබ සුපිරි වීරයන්ගෙන් කෙනෙකි. දෙවියන් වහන්සේ ඔබට සැමවිටම ආශීර්වාද කරයි

:       2       2

Kumara Samarasingha Wednesday, 30 August 2023 07:53 PM

ඔබ කළ මේ ක්‍රියාවන් සලකා බලන විට ඔබව මෙලොවට බිහිකළ දෙමාපියන්ට බොහෝම ස්තුතියි. (ඔබ සැබෑ වීරයෙක්)

:       0       5

Kumara samarasingha Wednesday, 30 August 2023 07:56 PM

ඔබ කළ මේ ක්‍රියාවන් සලකා බලන විට ඔබව මෙලොවට බිහිකළ දෙමාපියන්ට බොහෝම ස්තුතියි. (ඔබ සැබෑ වීරයෙක්)

:       0       3

Janaka. Gunawardana Wednesday, 30 August 2023 10:48 PM

ඔබ සුපර් මෑන්

:       0       2

Janaka Gunawardana Wednesday, 30 August 2023 10:54 PM

ඔබ සුපර් මෑන්

:       0       2

Kusal De Silva Thursday, 31 August 2023 08:56 AM

ඒක නම් නියමයි...........ඔහුට ප්‍රශංසනීය පදක්කමක් හිමිවිය යුතුයි.......එසේම දෙවියන් මිනිසුන්ට යහපත් ක්‍රියා කිරීමට අවස්ථාව ලබා දෙන අද්භූත මාර්ග මෙයයි.

:       1       3

Chandana Friday, 01 September 2023 10:12 PM

විශිෂ්ඨයි සර්... බුදු සරණයි.

:       0       3

ග්ලැඩිවින් පෙරේරා Sunday, 03 September 2023 03:10 AM

දෙවියන් වහන්සේ දරුවාව බේරාගන්න එවාපු අගුස්සි මහතාට තව තවත් දේවාශිර්වාදය ලැබේවා. එතුමත් දෙවියන්ට ස්තුති කරනවා. දෙවියන්ට අපහාස කරන අයට දෙවියනි කමා කළ මැනව...

:       2       3

W D ආරියසේන පෙරේරා, Monday, 18 September 2023 09:31 PM

නැණවත් අයෙකි අගුස්සි මැති බොහොම, බලවත් අනතුරක සිටි දරු දැක වහම, තම පන නොම තකා දරු බේරා ගැනුම, ඇගයිය යුතුය තුති පුද දී අප සැවොම,.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 686 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1408 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 189 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 689 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 7722 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2592 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26141 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 427 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site