තරිඳු ජයවර්ධන
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතාට කොළඹ අපරාධ කොට්ඨාශයෙන් දුන් වාර්තාවක් අනුව පොලිසියෙන් සහ මන්ත්‍රීවරයාගෙන් යන දෙදෙනාගේම වැරදි සිදුවී තිබේ.
පරීක්ෂණ අවසන් වනතුරු සපුගස්කන්ද වැඩබලන ස්ථානාධිපතිවරයා මාරුකරන ලෙස සාගල මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. මැතිවරණ කොමිසමේ අනුමැතිය අනුව ඔහුව මාරුකිරීමට නියමිතය.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සපුගස්කන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපතිට මාරුවක්
daham Saturday, 06 January 2018 10:53 AM
ඔය වැඩේ සිදු වුනේ මහින්දට සම්බන්ධ කෙනෙකුට නම් පොලිස් නිලධාරියාට උසස් වීමක්... සම්බන්ධ කෙනාට ඇප නැහැ. ජේ වී පී එකට සලකන්නේ නැතිව බැහැනේ. ආණ්ඩුව හදන්න උදවු වෙච්ච කට්ටියනේ.
රොමේෂ් Saturday, 06 January 2018 01:48 PM
රනිල් එක්ක තියෙන ඩීල් නිසා මහින්දගේ කට්ටියට විරුද්ධව අතක්වත් උස්සන්නේ නැහැ මේ ආණ්ඩුවෙන්. ඒකයි ඇත්ත තත්ත්වේ. එ.ජා.පෙ බලය තහවුරු වෙන්නේ මහින්ද මෛත්‍රීගේ කකුලෙන් අදිනකම් විතරක් බව මොලයක් තියෙන හැමෝම දන්නවා.
HafeelSaturday, 06 January 2018 02:23 PM
ඒ වුණාට දහම් මේ යහපාලනය හොඳටම සලකන්නේ රාජපක්ෂලාට සහ ඒකාබද්ධයටයි. බලන්න විමල්ගේ පාස්පොර්ට් සිද්ධයේදී අගමැති පාර්ලිමේන්තුවේ සහයෝගය දුන්නා. තවද ඔවුන්ට හිරගෙදර වෙනුවට පහසුකම් සහිත රෝහල්... ඉතින් තවත් මොනවද?
thotadeniya Saturday, 06 January 2018 12:14 PM
හොඳ තීරණයක් අරන් තියෙන්නේ....
naradha Saturday, 06 January 2018 01:55 PM
මහජන බදු මුදලින් නඩත්තු වන පොලිසියට, ඕනෙම පුරවැසියෙකුට බියෙන් තොරව ගොස් කතා කිරීමේ අයිතියක් ඇත. මේ දෙය පොලිසිය මෙන්ම මහජනයාත් තේරුම් ගත යුතුයි.
samSaturday, 06 January 2018 09:38 PM
නාරද , පොලිසිය මහජන මුදලින් නඩත්තු වන බව ඇත්ත .ඕනෑම පුරවැසියෙකුට බියෙන් තොරව පොලිසියට යාමටත් අයිතියක් තිබෙන බවත් ඇත්තයි . නමුත් ඕනෑම පුරවැසියෙකුට පොලිසියට ගොස් කතා කිරීමට (පැමිණිල්ලක් දාන්න හෝ පැමිණිලි විභාගයකදී හැර ) අයිතියක් නැහැ . හැමෝම පොලිසියට ගිහිල්ලා කතා කරන්න ගත්තොත් ඒක නිකන් මාළු මාකට් එක වගේ වෙයි . නීතිඥයෙකුට චුදිතයෙකු හමුවීමට නීතියෙන් අවසර තියන අතර පොලිස් සිර මැදිරියේ සිටින පුද්ගලයෙකු බැලීමට ඥාතී මිතුරන්ට මානුෂීය පදනම මත අවසර ලැබිය හැකි උනත් , එසේ නොකර සිටීමටත් (ඒ සඳහා හේතු ගණනාවක් පොලිසිය පැත්තෙන් ඉදිරිපත් කල හැකියි ) පොලිසියට බලය තියනවා .
Lapaya Saturday, 06 January 2018 02:31 PM
මහා රෑට පොලිසියට ගිහින් පලා බබා හොරකමේ ගිය විත්තිකාරයෙක් අරන් යන්න දුන්නේ නැහැ කියලා පොලිසියේ හිටිය කෙනාට ස්ථාන මාරුවක්. හරියට මහ බැංකු මංකොල්ලේ කරපු අය රටේ ඉන්දැද්දී රටින් පැනලා ගිය එකට නඩු දානවා වගේ වැඩක්. අනිත් එක ආණ්ඩුව පිහිටුවන්න උදව් කරපු රතු අලි පැටව් ටික සනසන්නත් අවශ්‍යයිනේ....