(ඩයනා උදයංගනී)
ස්පුට්නික් - v පළමු මාත්‍රාව ලබාගෙන ඇති අයට දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය එමඑන්නත් 1,20,000 ක ප්‍රමාණයක් ලබන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මෙම එන්නත් පළමු මාත්‍රාව ලැබූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මෙම දෙවන මාත්‍රාව ලබා දීමට නියමිත බව ඇමතිවරයා සඳහන් කළේය.
ඒ අනුව මෙරට ස්පුට්නික්- v එන්නතෙහි පළමු මාත්‍රාව ලැබූ සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් වනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.
මහනුවර දිස්ත්‍රික්කයේ 1,50,000 ක පිරිසක් සඳහා ස්පුට්නික් එන්නත ලබාදුන් අතර ඒ අතරින් අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එහි දෙවන මාත්‍රාව ද ලබා දී තිබේ.
ඉතිරි පිරිසට දෙවන මාත්‍රාව ලබාදීම දින තුනක් ඇතුළත ආරම්භ කෙරෙන බවත්, එළඹෙන සතිය අවසන් වන විට එම එන්නත්කරණය අවසන් කිරීමට හැකිවනු බවත්අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ඖෂධ ආනායනය, ගබඩා කිරීම හා බෙදාහැරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ දී අද (15) පැවති සමාලෝචන සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ වන විට මෙරට ජනගහනයෙන් හරි අඩක් පූර්ණ එන්නත්කරණය කර ඇතැයි කී ඇමතිවරයා, ස්පුට්නික් එන්නත් තොගය ලැබීමත් සමඟ ඉදිරි සති කිහිපය තුළ එම මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ඉක්ම වූ සියයට 99 ට වැඩි පිරිසක් එන්නත්කරණය කර අවසන් වන බවද කීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ස්පුට්නික් 1,20,000ක් සඳුදා දිවයිනට
Wedage Thursday, 16 September 2021 02:11 AM
මම ගුරැදෙනිය ,පිචිචමල්වත්ත පදිංචි අවුරුදු 65 වන අයෙක් වෙමි. මා මෙහි පලමු එන්නත ලබා ගතිමි. සේවයට යාමට අවශ්‍ය බැවින් මෙහි දෙවන එන්නත ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි.