IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සුප්‍රකට නිළි සාසා ගේබර් මිය යයි

2016-12-23-ent-86

හංගේරියානු - ඇමෙරිකානු නිළි සා සා ගේබර් පසුගිය ඉරිදා ඇයගේ ලොස්ඇන්ජලිස්හි පිහිටි නිවසේදී මිය ගොස් ඇති බව ඇයගේ නීති ලේඛකයා වන "එඩ්වර්ඩ් ලෝසි" ප්‍රකාශයට පත් කොට තිබෙනවා. මිය යනවිට 99 වියෙහි පසු වූ ඇය වසර ගණනාවක් තිස්සේ රෝගාතුරව සිට ඇති අතර, මියගොස් ඇත්තේ හෘදය අකර්මණ්‍ය වීමකින් බවද ලෝසි පවසා තිබෙනවා.

1950, 60 සහ 70 දශකවල ඇමෙරිකාවේ අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි සුරූපී නිළියක වූ ඇය සිය රංගන කර්තව්‍යයට අමතරව පමණ ඉක්මවා ගිය හොලිවුඩ් ජීවන ශෛලිය, දුටුවන් වශී කරවන පෞරුෂත්වය මෙන්ම ඇයගේ විවාහයන් හේතුවෙන් නිරන්තරයෙන් මාධ්‍ය තුළ පුවත් මවන්නියක්ද විය. ඇය නව වතාවක් විවාහ වී 07 වතාවක් දික්කසාද වි තිබේ.

1917 පෙබරවාරි 06 වැනිදා හංගේරියාවේ බුඩාපෙස්ට් ප්‍රදේශයේදී උපත ලැබූ ගේබර් 1936 වර්ෂයේදී හංගේරියානු රූපරාජිනී කිරුළ දිනාගැනීමට සමත් වූවාය. ඒ අනුව 1941 වර්ෂයේදී ඇමරිකාවෙහි පදිංචියට එන ඇය සිය ප්‍රථම චිත්‍රපට රංගනය "Lovely to Look At." සිනමාපටයේ අතිරේක රංගන දායකත්වයකින් අරඹන අතර, "Moulin Rouge", "Touch of Evil", "The Story of Three Loves" වැනි සිනමාපට ගණනාවක රංගන දායකත්වය ලබාදෙමින් සිනමා ක්ෂේත්‍රයට රංගනයෙන් මනා දායකත්වයක් ලබා දුන්නාය.

 

- අනුෂි දන්තනාරායන

 

2016-12-23-ent-87



අදහස් (0)

සුප්‍රකට නිළි සාසා ගේබර් මිය යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 25 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 157 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 181 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 380 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 82 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 167 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site