IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


“සුපිරි ඇමති ක්‍රමයට විරුද්ධයි“

එක් පුද්ගලයෙකු වටා බලය විශාල වශයෙන් ගොනු කර සුපිරි ඇමතිවරයකු බිහිවන ආකාරයෙන් කරන නීතිමය ප‍්‍රතිපාදනයකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිසේත්ම එකඟ වන්නේ නැතැයි ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

සමහරුන් පසුගිය කාලයේ සුපිරි ඇමතිවරුන් ලෙස කටයුතු කිරීම නිසා ආණ්ඩුවට වූ විනාශය මෙන්ම රටේ ඇතිවූ ව්‍යාකූලතාව ගැන තමන් දන්නා බව කී ඇමති මේ අවස්ථාවේදී සියලූ දෙනා අවධානය යොමු කළ යුත්තේ කඩිනමින් ආයෝජන ගෙනඒමට හා සංවර්ධන ක‍්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන සකස් කිරීමට යැයි ද සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ සමහරුන් මොනවා කීවත් බැසිල් රාජපක්‍ෂ මහතාගේ නායකත්වය ඇති පක්‍ෂයට යාමට කැමති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සොයාගැනීම නොමළ ගෙයකින් අබ සොයනවා වැනි ක‍්‍රියාවක් වී ඇතැයි කී වීරක්කොඩි මහතා නව පක්‍ෂයට එක් වී සිටින්නේ පසුගිය රජය පරාජයට හේතු වූ අය පමණක් බව ද ප‍්‍රකාශ කළේය.

ඉන්දියා තෙල් සමාගම මගින් නිසි ප‍්‍රමිතියකින් තොර පෙට්‍රල් ගෙන්වා වෙළඳපළට නිකුත් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සෙවීමට පරීක්‍ෂණයක් පවත්වන බව ද වීරක්කොඩි මහතා පැවසීය.එවැන්නක් සිදුවී ඇත්නම් අනිවාර්යයෙන්ම එම සමාගමට එරෙහිව පියවර ගන්නා බව ද හේ කීවේය.



අදහස් (0)

“සුපිරි ඇමති ක්‍රමයට විරුද්ධයි“

ධම්ම Tuesday, 20 December 2016 03:14 PM

ඇමතිලා සුපිරි වෙන්න ඕනෑ. සුපිරි ඇමති කෙනෙක් කිව්වා වාගේ එහෙම නැත්නම් ලෝකයා කියයි අපි හිඟන්නු කියලා. (හේ)

:       0       0

සුනිල් Wednesday, 21 December 2016 11:24 AM

ඔබතුමා හරි. ඉස්සර අත්දැකීම් එක්ක වෙන්න ඇති මේ කියන්නේ. මොනවා වුණත් කතාව නම් හරි. මේ කියන්නේ යහපාලනයට ඡන්දෙ දුන්න නිසා. (නි)

:       0       0

සහන් Wednesday, 21 December 2016 11:29 AM

මෙයාලා කෑගැහුවට ඊළඟ ඡන්දෙදි හබරාදුවෙදිමයි පරාද වෙන්නේ (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 20 December 2016 04:59 PM

තමන්ගේ තැන බේරගන්න ඕනෑ නම් ඔය කතා පැත්තක දාලා සුපිරි ඇමති තරඟයට දැන්ම එකතුවෙන්න. මොන පියවර එරෙහිව ගත්තත් සුපිරි ඇමති තනතුර නවතන්න හිතන්න එපා. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 20 December 2016 07:02 PM

ඔය සුපිරි අැමතිලාට හෙලිකොප්ටරය බැගින් දෙන්න. නැත්නම් ඔයගොල්ලගේ බැකප් රථ පාරේ යනකොට යන්නේ අපිව යටකරගෙන (නි)

:       0       0

සත්‍යයා Thursday, 22 December 2016 12:04 AM

අතුල, ඔබ කාටහරි කඩේ යනවා නම් මට දුම්කොළ නැතුව බුලත් විටක් අරන් එන්න. වැට් ගැන හිතලා ඒක නොගෙන ඉන්න එපා. හොඳේ (නි)

:       0       0

සත්‍යයා Wednesday, 21 December 2016 12:24 AM

සුපිරි ඇමතිවරු තියා සුපිරි අගමැතිවරුත් අපිට එපා. පොළවේ පයගහලා ඇවිදින අය රටේ ඉහළම තැන් වලට පත්වෙනතුරු රටට හොඳ කලක් යන්නෙ නැහැ (නි)

:       0       0

සෙනරත් Wednesday, 21 December 2016 01:40 AM

අග්‍රාණ්ඩුකාරවරුන්ගේ බලතල කපා හැර දැනට උතුරෙන් ඉල්ලනවා වගේ පළාත් නවයේ සිටින ප්‍රධාන ඇමති නවදෙනාට පුර්ණ බලතල ලබා දෙනවා කියන්නේ ලංකාව රටවල් නවයකට කැඩී යාම බව මෙම අදහස් ඉදිරිපත් කරන සමහර මොළකාරයින්ට තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 21 December 2016 01:41 AM

අනේ මහත්තයෝ, නිකන් අපිට පවු දෙන්න නම් එපා. ඒකට බැණ බැණ ඒකටම රිංගාගෙන ඉන්නවා (නි)

:       0       0

රොකී Tuesday, 20 December 2016 01:19 PM

සුපිරි ඇමති අපට එපා! ඔහුව පත් කරන්න හදන උනුත් අපට එපා! (බ)

:       0       0

අතුල Wednesday, 21 December 2016 03:26 AM

සත්‍යා, සුපිරි පවුලක් හිටියම ඇති නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1694 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 793 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1017 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 615 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 495 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26036 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site