IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සුපිරි තරු මාවතේ අවසන් තරගය හෙට

ශ්‍රී ලාංකීය  රියලිටි සුපිරි තරු මංගල්‍යයේ 7 වැනි අදියරේ අවසන් තරගය එළඹෙන ජුනි 09 වැනිදා පැවැත්වීමට නියමිතය. සුපිරි තරු මාවතේ අවසන් කණිසමට ළඟාවී ඇති මේ මොහොත වනවිට වතගොත සහ ඉදිරි සැලසුම් සොයා අපි අවසන් සුපිරි තරු සිවුදෙනා සමගින් කතාබස් කළෙමු.

20160707Superstar-1නෙල්කා තිළිණි

මම ඉන්නෙ පැල්මඩුල්ලෙ. මේ වනවිට කැලණිය විශ්වවිද්‍යාලයේ තුන්වැනි අවුරුද්දෙ ඉගෙන ගන්නවා. ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ විශේෂ උපාධිය හදාරනවා. මගේ මව පාසල් ගුරුවරියක්. පියා බස් කොන්දොස්තරවරයෙක්. මට අක්කා කෙනෙක් ඉන්නවා. ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා.

බොහෝ අය කරන්නෙ තරගය ඉවර වෙනවත් එක්ක ආපු ගමන් මගෙන් ටික ටික දුරස් වෙන එක. මම දැන් ඉඳන්ම හිතේ තියාගෙන ඉන්න දෙයක් තමයි, මගේ ගීත එළිදක්වනවා කියන එක. එයට සැලැස්මක් හදාගෙන යනවා. ඒ විතරක් නෙවෙයි, රටට මතක හිටින රටේ වැදගත් අර්ථවත් දෙයක් කරන්න අධිෂ්ඨානය මා සතුයි. මේ ගමන එන්න මැණික් ව්‍යාපාරික වෙළෙඳ ජනතාව සහ මගේ ගුරුතුමා වන නිමන්ත හේෂාන් මහතා සහ පවුලේ සියලු දෙනා මේ මොහෙතේ සිහිපත් කළ යුතුමයි.

20160707Superstar-2

පියත් රාජපක්ෂ

මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කල දෙන්නයි ඉන්නෙ. මම ඉගෙන ගත්තෙ විදුර විද්‍යාලයට. දැනට රැකියාව කරන්නෙ ඒට්කින් ස්පෙන්ස් ආයතනයේ. ටැලන්ට් ෂෝ එකේදි හොඳම ගායකයා ලෙසින් සම්මානයට පාත්‍ර වුණා. අපේ අම්ම තමයි සුපර් ස්ටාර් තරගයට අයදුම්පත් දැම්මෙ. නමුත් මට රියලිටි තරගයකින් ඉදිරියට එනවාය කියන අදහසක් තිබුණෙ නෑ. සංගීතය පැත්තෙන් ඉස්සරහට යනවනම් මගේම ගමනකින් ඉදිරියට එන්නයි මගෙ බලාපොරොත්තුව. නමුත් අවසන් දවසේ අවසාන අවස්ථාවට තමයි සහභාගි වුණේ.

මේ මොහොතේ නම් බලාපොරොත්තුව සුපර් ස්ටාර්ස් ජයගැනීම. ඊට පස්සෙ අදහසක් තිබෙනවා මම සුපර් ස්ටාර් වුණොත් බොහෝ පර්යේෂණාත්මක වැඩ ටිකක් කරන්න. එහෙම නොවුණත් මම මගේ ගමන හදාගෙන දිගු කාලයක් ක්ෂේත්‍රයේ රැඳෙන දෙයක් කරන්න. මේ මාසෙ සුපර් ස්ටාර් වෙලා ඊළඟ මාසෙ හොයාගන්නත් නැති වෙන තත්ත්වයට නම් මම පත්වෙන්නෙ නෑ. එය නිර්මාණකරුවා තුළමයි තිබෙන්නෙ. රඳවා ගැනීම තමයි අමාරු. මට ඕනෙ මගේ ජීවිතේ විතරක් හදාගන්න නෙවෙයි.

 

20160707Superstar-3නිලාන් හෙට්ටිආරච්චි

'සකුරා' රේන්ජ් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු ලෙස කටයුතු කරනවා. සංගීතය හදාරන්නෙ අවුරුදු පහේ හයේ ඉඳලා. පන්තියේ ගායකයා මම තමයි. හත වසරේ අටවසරේ ඉඳලම සංගීත කණ්ඩායම්වලට සම්බන්ධ වුණා. ඉන් අනතුරුව බ්ලූ ෂෑඩෝස් ප්‍රොමිසස් වැනි සංගීත කණ්ඩායම්වල ගායකයෙකු ලෙස කටයුතු කළා. දැන් වසර එකහමාරක පටන් 'සකුරා' රේන්ජ් සංගීත කණ්ඩායමේ ගායකයෙකු ලෙසින් කටයුතු කරනවා. ඒ අතරතුර තමයි සුපර් ස්ටාර් තරගයට අයදුම්පත් ඉදිරිපත් කළා. මම සුපර් ස්ටාර් වෙන්න කලින් මාව දැනගෙන හිටපු ලොකු පිරිසක් ඉන්නවා. මගේ ගීත දන්නවා, හැබැයි මාව දන්නෙ නෑ. හරි පටලැවිල්ලක් තිබුණෙ. සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් නිසා ලංකාව පුරා ප්‍රසංගවලට සම්බන්ධ වෙනවා. මගේ ගීත තුනක් තිබෙනවා. ඒවා මේ වනවිට ජනතාව අතරට ගිහින් තිබෙනවා. එම ගීතවලට යූ ටියුබ්හි විශාල ප්‍රතිචාර තිබෙනවා. එයට ප්‍රධාන හේතුව තමයි සුපර් ස්ටාර්. සුපිරි තරු මාවතට ආවම තමයි අනන්‍යතාවක් හදාගත්තේ. මීට කලින් යම්කිසි පිරිසක් තමයි මාව දැනන් හිටියෙ. එය සම්පූර්ණ වුණේ සුපර් ස්ටාර් හරහා.

20160707Superstar-4

භාෂි මධුභාෂිනී

මම අධ්‍යාපනය ලැබුවේ ගම්පහ සිරිකුරුස විදුහලෙන්. මම දැනට නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරියක් විදියට කටයුතු කරනවා. එමෙන්ම සංගීත විශාරද උපාධිය හැදෑරුවා. අනතුරුව ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති යන උපාධි දෙකම හැදෑරුවේ සංගීත අංශයෙන්.

මුලින්ම ගායනා කළ ප්‍රදීපා ධර්මදාස මිස්ගෙ 'සොයාදියවු මට සරණක්...' ගීතය. ඉන් මට විශාල ප්‍රතිචාර හිමිවුණා. උතුරේ සහ දකුණේ එකම ප්‍රශ්නයෙන් තරුණ ජීවිත දහස් ගණනක් බිළිගත් ගැටලුව ගැනයි එම ගීතයෙන් කියවෙන්නෙ. 'හන්තාන අඩවියේ' ගීතයෙන් ප්‍රේමයේ වෙනස් පැතිකඩක් ගැන කියවෙනවා. 'විනේ කටින උන්', 'නෙළන්නට ගිහින්' වැනි ගීතත් මම ගායනා කළා. මේ ගීත සියල්ලෙන්ම මම කතාකරන්න උත්සාහ කළේ සමාජ ප්‍රශ්න. මට ඕන වුණේ ඒක කරන්න. ඒ නිසයි මම රියලිටි වේදිකාවට ආවෙ සහ එවැනිම වූ වෙනස්කමකින් ඉදිරිගමන සනිටුහන් කරන්නත් මම අපේක්ෂාවෙන් ඉන්නවා.

 

සටහන ඉඳුනිල් සින්දු

 

 



අදහස් (0)

සුපිරි තරු මාවතේ අවසන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1011 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 673 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1831 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 354 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 598 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1572 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site