IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සුපිරි මගේ වතුර වළවල් : රෑට ගමන් භයානකයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තැනින් තැන වතුර පිරීමත්, රාත්‍රී කාලයේ දී පාර නොපෙනීමත් නිසා රිය ධාවනය අනතුරුදායක බව රියැදුරෝ කියති.

මාර්ගයේ බොහෝ ස්ථානයන්හි දැඩි අඳුරක් පවතින බවත්, සේවා මධ්‍යස්ථානයේ පිහිටා ඇති වැසිකිලි පද්ධතියද දැඩි අපිහිරිදු තත්ත්වයක පවතින බවත් ඔවුහු පවසති.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගය ආසන්නයේ හැරෙන්නට රාත්‍රී කාලයේ අන් සියලු ස්ථාන දැඩි අඳුරේ පැවතියත් ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට පැමිණෙන බස්, ලොරි හා කන්ටේනර වලින් නිකුත් වන සැර ආලෝක ධාරා  වෑන්, කාර් පදවන්නන් දැඩි අසීරුතාවයට පත්වීම නිසා අනතුරු වීමේ ඉඩ වැඩි බව ද රියදුරෝ කියති.

ඒ බව කියන අය අතර වෛද්‍යවරු, ඉන්ජිනේරුවරු, නීතීඥවරු සහ ව්‍යාපාරිකයෝ ද වෙති.

කිලෝමීටර විස්ස, විසිපහ, පනහ, හැට, හැට පහ ඇතුළු අධිවේගී මාර්ගයේ ස්ථාන කිහිපයක මාර්ගයේ වතුර රැඳෙන ස්ථාන පවතින නිසා එම ස්ථානවල අනතුරු බහුලව සිදුවන බව අධිවේගී මාර්ග නිලධාරියෙක් කීවේය.

කළු ගඟ හරහා ඉදි කර ඇති පාලම (ගාල්ල දෙසට) අඟල් කිහිපයක් ගිලා බැස ඇති නිසා කොළඹ සිට ගාල්ල දෙසට යන කුඩා වාහන රියදුරන් හිටි ගමන් වළකට වැටී යළි ගොඩ එන තත්ත්වයක් මේ මාර්ගයේ ඇති බව ද බොහෝ දෙනෙක් කියති.

මාර්ගයේ ගැටළු ගැන අධිවේගී මාර්ග අධ්‍යක්ෂ (මෙහෙයුම්, නඩත්තු)  එස් ඕපනායක මහතා මෙසේ කියයි.

‘මෙම මර්ගයේ වතුර රැඳෙන ස්ථාන හා අනෙකුත් අඩුපාඩු ඇති ස්ථාන හඳුනාගෙන තිබෙනවා. එම ගැටළු කොන්ත්‍රාත් සමාගමේ අවධානයට යොමු කර තිබෙනවා. ‘



අදහස් (0)

සුපිරි මගේ වතුර වළවල් : රෑට ගමන් භයානකයි

රොහාන් Sunday, 23 August 2015 08:23 AM

ඕවට වියදම් කරන සල්ලි වලින් කී දෙනෙකුට නොමිලේ කන්න දෙන්න තිබ්බද?.(ම)

:       0       0

ලලිත් Sunday, 23 August 2015 10:37 AM

රොහාන් ඔය පාරට වියදම් කරලා තියෙන්නේ රටේ ජනතාව බදු ගෙවන මුදල්. ණයට ගත්තත් ඒවා ගෙවන්න වෙන්නේ අපේ බදු මුදල් වලින්. දැන් ඔය කියන විදියට ජනතා බදු මුදල් වලින් නිකන් කන්න දෙන්න කියලද කියන්නේ? (බ)

:       0       0

ලලිත් Sunday, 23 August 2015 10:41 AM

ඔය විද්‍යා වරු ඉංජිනේරුවන් නීතිඥ වරු ව්‍යාපාරිකයෝ කියල දාල තියෙන්නේ වැඩේ බරපතලකම පෙන්නන්න වෙන්න ඇති. නමුත් ඒ කට්ටිය කවුරු වුනත් මහාමාර්ග ඉංජිනේරුවරු ඔයගැන යමක් කියල නැතිනම් අනිත් සැමෝම සාමාන්‍ය රියදුරන් විතරයි.පාර හදන හැටි දත් දොස්තරට වැඩ මහාමාර්ග කම්කරුවෝ දන්නවා. (බ)

:       0       0

සෑම් Sunday, 23 August 2015 10:48 AM

වෛද්‍යවරු , ඉංජිනේරුවෝ, නීතිඥයෝ, ව්‍යාපාරිකයෝ කිව්වා කියන දේවල් මෙතනට අදාළ නැහැ . මෙතනට වැදගත් වෙන්නේ ""රියදුරන්ගේ "" අදහසුයි . වාහන පදවන අය රියදුරන් හැටියට සමානව නොසලකා ඔවුන්ගේ වෘත්තියන් මේකට ගාවා ගැනීම ලංකාව වගේ තුන්වැනි ලෝකයේ රටවල තියන බරපතල වරදක් . රියදුරන්ගේ විනයක් නැති වීමටත් මේක එක හේතුවක් (ම)

:       0       0

රවී රණතුංග Sunday, 23 August 2015 11:09 AM

මමත් දොස්තර කෙනෙක්.නමුත් සැම හරි. පාරේ දි ඔක්කොම රියදුරෝ (ම)

:       0       0

ළහිරු Sunday, 23 August 2015 11:47 AM

රොහාන් ඔයා ඉන්න කැලෙන් එලියට එන්න. එළියේ මිට වඩා දියුණු ලෝකයක් තියෙන්නේ. එහේ කන්නත් තියෙනවා. බය වෙන්න එපා. මැටි ඔලු. (නදී)

:       0       0

චමිලා Sunday, 23 August 2015 11:51 AM

රොහාන්ට කන්න තිබුනානම් ඇති. රටක දියුණුව කෑම විතරක් නෙමේ (නදී)

:       0       0

ජයනාත් Sunday, 23 August 2015 02:24 PM

මහා ලොකු ආදායමක් ලබනවා කියනවානේ ඔය අධිවේගෙන්. ඔය මෙහෙයුම් අධ්‍යක්ෂකට බැරිද කළුවර තැන් හදුනා ගත්තා නම් ආලෝකමත් කරන්න පියවර ගන්න වටේ යන්නේ නැතුව. (නදී)

:       0       0

කැතී Sunday, 23 August 2015 07:49 PM

ඇත්තටම ඔයා පොඩ්ඩක් පිට රටකට ගිහින් බලන්න, කොච්චර දියුණු මාර්ගද තියෙන්නේ කියලා. ලැජ්ජා වෙන්න ඕන අපේ රටේ මෝඩ මිනිස්සුන්ගේ අදහස් ගැන. ඕව නාස්තියක් කියල හිතන පැය ගණන් පාරේ රස්තියාදු වේවි රට දැන් අාපස්සටනේ යන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 232 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 869 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 202 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 17 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 415 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1598 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14588 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 182 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 145 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site