IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සුපිරි මහල කළු සල්ලි ආකරයක්

ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ ඉදිකෙරෙන සුඛෝපභෝගී නිවාස සංකීර්ණ අප‍්‍රකාශිත වත්කම් හිමි අයථා ගනුදෙනුකරුවන්ට (ඩීල්කරුවන්ට) හිතකර ආයෝජනයක් යැයි ‘‘හොංකොං සහ ෂැංහයි බෑන්කින් කෝපරේෂන් ලිමිටඩ්’’ (එච්.එස්.බී.සී) බැංකුවේ මෙරට ශාඛාව අනාවරණය කරයි.

කොළඹ ඉදිවන සුඛෝපභෝගී නිවාස සංකීර්ණ 2018 වනවිට දෙගුණයක් වනු ඇතැයි කොළඹ සභාධිපත්‍යය වෙළෙඳපොළ අධ්‍යයනක සහ ද බෑන්ක්ස් ‘‘බියෝන්ඩ් මනී’’ සඟරාවේ නවතම වාර්තාවේ ද සඳහන්ව ඇත.

මෙමඟින් ආදායම් හා ලාභවලට සිදුවන බලපෑම් කෙරෙහි දේපොළ වෙළෙඳාම් ආයෝජකයන් විසින් අවධානය යොමු කර ඇතැයි ද ඉදිරි වසර තුන ඇතුළත නව දේපොළ  සංවර්ධන ප‍්‍රවණතා ඇති වනු බවත් ඔවුන් කුඩා විභව ගැනුම්කරුවන් හඹා යනු ඇති බවත් එම වාර්තා පෙන්වා දෙයි.

සැපයුම වැඩිවීම නිසා මිල ගණන් ද පහත වැටෙනු ඇතැයි දේපොළ  වෙළෙඳාම් සමාගමක ප‍්‍රධානියකු වන චන්දන ද සොයිසා උපුටා දක්වමින් ‘‘බියෝන්ඩ් මනී’’ සඟරාව සඳහන් කරයි.

‘‘වර්තමානයේදී බදු කුලිය සියයට 5ත් 7ත් අතර අගයක තිබෙනවා. එය කොරතම් අගයකින් පහත වැටෙනු ඇතැයි ද යන්න පිළිබඳව ඔබට අදහසක් තියෙන්න පුළුවන්. මිල ගණන් සියයට එකකින් දෙකකින් පහත වැටුණත් ආසියාවේ නැගී එන නගර සමඟ සංසන්දනය කිරීමේදී තවමත් එම ගණන් තරගකාරී යැයි පෙන්වා දෙන්න පුළුවන්.’’ යැයි සොයිසා මහතා පෙන්වා දෙයි.

පසුගිය දශකයේදී දේපොළ  වෙළෙඳාම්වල වර්ධනයට හේතු වූයේ  දැඩි ලෙස ඉල්ලූම වැඩිවීමය. මිලදී ගැනීමේ හැකියාව වැඩිවීමද ඊට හේතුවක් යැයි ද සඟරාව පෙන්වා දෙයි.

‘‘තමන් උපයාගත් මුදල් හෙළි කිරීමට අකැමැති බාහෝ පිරිස්වලට දේපොළ වෙළෙඳාම් හා නිවාස සංකීර්ණ ජනපි‍්‍රය වත්කමක් වී තිබෙනවා’’ එච්.එස්.බී.සී අධ්‍යයනය පෙන්වා දෙයි.

තමන් උපයාගත් මුදල් හෙළි කිරීමට අකැමැති ව්‍යාපාරිකයන් හා අයථා ගනුදෙනුකරුවන් (ඩීල්කරුවන්) උපායගත් ලාභ වලින් කොළඹ පිහිටි දේපොළ මිලදී ගනිමින් සිටිනවා. ලංසු තැබීම්වලදී වෙළෙඳපොළ වැදගත් වෙනස්කම් සිදුවිය හැකි බව ද සඳහන්ය.

කොළඹ පිහිටි ප‍්‍රධාන පෙළේ නිවාස සංකීර්ණ 650කට ආසන්න සංඛ්‍යාවක් (දැනට ඉදිකෙරෙමින් පවතින ඒවාට ඇතුළුව) මිලදී ගැනුම්කරුවන්ගේ වර්ග තුනක් හඳුනාගත හැකි බව එම වාර්තා පෙන්වා දෙයි.

මැද පන්තියේ නිවාස සංකීර්ණ මිලදී ගැනීම ප‍්‍රාථමික ඒවාට හා සමානය. වර්ග අඩියක මිල රුපියල් 22,000ත් 35,000ත් අතර වන නිවාස සහිත නිවාස සංකීර්ණ මිලදී ගන්නා පිරිස් මැද පන්තියේ හඳුන්වන නමුදු තරමක් විශාලය. 

විශාලතම කොටස විශේෂිත ආයෝජන ප‍්‍රතිලාභ අපේක්ෂි කරන හා ආකර්ෂණය කරගන්නා පිරිස්ය.

දේපොළ වෙළෙඳාමේදී ප‍්‍රාග්ධනය අහිමි වීමේ අවස්ථාවට ඉතා අඩුය. මෙම අධ්‍යයනය ආයෝජකයන් ධෛර්යමත් කළ ද තොරතුරු උපයෝගී කරගනිමින් ගන්නා තීරණවල වගකීම නොගන්නා බව ද එච්.එස්.බී.සී බැංකුව පවසයි.

සුඛෝපභෝගී ඉදිකිරීම්වල විකුණුම්වලින් සියයට 60ක් දේශීය ගැනුම්කරුවන් යැයි ද පැවසේ.

විදේශිකයන් හා විදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් දෙවැනි වර්ගයේ ගැනුම්කරුවන්ය. විකුණා අවසන් කර ලද විශේෂිත නිවාස සංකීර්ණවලින් සියයට 25ක අයිතිය හිමිව ඇත්තේ ඔවුන්ටය.

තෙවැනි වර්ගය ඉහත කොටස් දෙකට අදළාය. සියයට 15ක් වන අයිතිකරුවෝ ඔවුන්ගේම නිවාස සංකීර්ණවල ජීවත් වෙති.

මූලික අවධියේදී අයිතිකරුවන් නිවාස සංකීර්ණවල පදිංචව සිටින කාලය අඩුවීම දේපොළ වෙළෙඳපොළට හිතකර තත්ත්වයක් නොවන බව සොයිසා මහතා පෙන්වා දෙයි.

සුඛෝපභෝගී නිවාස සංකීර්ණ සඳහා ඇති ද්විතීක වෙළෙඳපොළ ඉතා කුඩා බව ද සොයිසා මහතා තවදුරටත් පෙන්වා දෙයි.

සුවිශේෂී විශේෂිත සහිත නිවාස සංකීර්ණ වෙළෙඳාම සිදුවන්නේ ඉතා අඩු කාලයකදී බවත් හතරත් අටත් අතර වාරික සහිත නිවාස සංකීර්ණවල අයිතිය මාසයෙන් මාසයෙන් වෙනස් වන බව ද ඔහු පවසා ඇත.

2009 වසරේදී පුපුරා ගිය දේපොළ බුබුළ වැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ද මෙම වාර්තාව ආයෝජකයන්ට පෙන්වා දෙන අතර පසුගිය අවස්ථාවේදී බොහෝ පිරිසකට ව්‍යාපෘති අවසන් කිරීමට පවා මුදල් නොමැති විය.  



අදහස් (0)

සුපිරි මහල කළු සල්ලි ආකරයක්

ලුම්බිණි Friday, 26 August 2016 12:43 AM

අපේ ආදායම් බදු දෙපාර්තමේන්තුව මේවා ගැන බලන්න ඕනෑ නේද? (නි)

:       0       0

නිමල් Thursday, 25 August 2016 11:33 AM

කුමක්ද සිදු වන්නේ කියා සිතා ගන්න බෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 117 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 83 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1659 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 693 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1615 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1290 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site