IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘සුපිරි මං දෙකක් හදන්න යන මුදල ශ්‍රී ලංකන් පාඩුවට සමානයි‘

හම්බන්තොට වරායට සමාන වරාය හතරක් සෑදීමට වැයවන මුදලට සමාන මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලබන බවත් එය තවත් විදියකින් කියනවානම් දක්ෂිණ අධිවේගී මාර්ගය මෙන් අධිවේග මාර්ග දෙකක් සෑදීමට වැයවන මුදලට සමාන මුදලක් එසේ පාඩු ලබන බවත් නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා පවසයි.

රුපියල් බිලියන 461ක ණය බරක් සහිතව මෙය කළමනාකරණය අසීරු බවත් ණය වෙනවා කියලා මෙහෙම ණය වීමකට කිසිවකු කර ගැසීමට නොපැමිණෙන බවත් ඔහු කීවේය.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ කළමනාකාරීත්වය පෞද්ගලික අංශයේ ව්‍යවසායකයකු සමග කරගෙන යාමට අමාත්‍ය මණ්ඩලය හා අගමැතිතුමන් තීරණය කළ අයුරින් කටයුතු කිරීමට සූදානම් බවත් අද (27) සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.

ajith_2016427



අදහස් (0)

‘සුපිරි මං දෙකක් හදන්න යන මුදල ශ්‍රී ලංකන් පාඩුවට සමානයි‘

චින්තක Wednesday, 27 April 2016 08:31 AM

ඒ කියන්නේ ශ්‍රී ලන්කන් එක පෞද්ගලිකකරණය කළාට පස්සේ ඔය කියන රුපියල් බිලියන 461 ඉතිරි වෙනවනේ. තවත් විදියකින් කියනවනම් ශ්‍රී ලන්කන් එක පෞද්ගලිකකරණය කළාට පස්සේ මීළඟ අව්රුද්ද ඇතුලත අපේ රටේ අනිවාර්යෙන් තව අධිවේගී මාර්ග, තව වරායවල්, තව ගුවන්තොටුපළවල් දකින්න ලැබෙය් නේද? මොකද මේ වෙනකන් නම් වත්මන් රජයෙන් අලුතින් ගමේ බෝක්කුවක්වත් හදලා නැහැ. (බ)

:       0       0

ශ්‍රියානි Wednesday, 27 April 2016 06:02 PM

මේ වගේ දේ අහන්න අපි අවාසනාවන්ත වුණා එහෙනම්? (නි)

:       0       0

සුනිල් මිලානෝ Wednesday, 27 April 2016 09:29 AM

බොරු කියනවා කියල මෙහෙමත් බොරු කියල කොහේ යන්නද මන්ද? කට ඇරියොත් කියන්නේ බොරු .(බ)

:       0       0

බෙනට් Wednesday, 27 April 2016 09:36 AM

ඒ කියන්නේ රුපියල් 461,000,000,000.... කෝටි 46,100 .... මිලියන් 461,000.... ලක්ෂ 4,610,000... මේ මුදලෙන් පාරවල් දෙකක් හෝ වරායවල් 4 ක් හදන්න නෙමෙයි මුළු රටේම රැකියා ප්‍රශ්නය විසඳිය හැකි ලෙස මොන තරම් කර්මාන්ත ශාලා ප්‍රමාණයක් හැදිය හැකි මුදලක්ද මේ ..(බ)

:       0       0

ෂාන් Wednesday, 27 April 2016 09:39 AM

කයිවාරු ගහන්නේ නැතිව මේ පාඩුව අඩුකරන්න වැඩ කරන්න. කොහොමටත් අපේ ගුවන් සේවයේ ටිකට් මිල වැඩියි. මිල අඩු කරලා වැඩි මගින් ගණනක් ලැබුනොත් වඩා ලාබ ගන්න පුළුවන්. (බ)

:       0       0

පාඨලී Wednesday, 27 April 2016 09:55 AM

අැයි රජය ව්‍යවසායකයන්ට බැරි ලාබ ලබන ආයතනයක් කරන්න (බ)

:       0       0

සෙනරත් Wednesday, 27 April 2016 10:05 AM

එයට වඩා අලාභයක් වුනානේ මහබැංකු හොරකමෙන්. එයටත් වඩා විශාල අලාභයක් වුනානේ පසුගිය අවුරුද්දට සංවර්ධන වැඩ නැවතීමෙන්. මේවා යහපාලන වැඩ නිසාද නොපෙනෙන්නේ ? (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Wednesday, 27 April 2016 10:15 AM

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ගොඩ ගන්න කටාර් එයාර්වේස් එකට විකුනන්න. අවුරුද්දෙන් ලාබ ලැබෙයි. (බ)

:       0       0

ජයරත්න Wednesday, 27 April 2016 11:01 AM

කළමනාකාරිත්වය පෞද්ගලික අංශයට පැවරුවහම පාඩු ලබන ආයතන ලාබ ලබන්නෙ කොහොමද? (බ)

:       0       0

අසෝකා Thursday, 28 April 2016 09:26 AM

ඔබතුමන්ලා මේවා පියවන්න හිතාගෙන නෙමෙයිද චන්දෙ ඉල්ලලා දිනුවේ. (ර)

:       0       0

සරත් Wednesday, 27 April 2016 11:17 AM

වැඩ නැති උනාට ලස්සන රගපෑම් තියෙනවා ඔබ තුමාට (කෞ)

:       0       0

ධම්ම Wednesday, 27 April 2016 01:47 PM

චන්ද්‍රිකා ශ්‍රී ලංකන් එමිරේට්ස් එකට විකිණුවෙලේ දැඩි විවේචන එල්ල කළේ දැන් ඉන්න මුදල් ඇමතිතුමා. ඔහු එදා කිව්වා මොණරා දියබරියෙක් කළා කියලා.මේකටත් උපදෙස් ලැබුනේ ඇයගෙන්ද (බ)

:       0       0

සුසන්ත Wednesday, 27 April 2016 07:44 AM

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අධික ණය බරක් ඇත්තේ අලුත් ගුවන් යානා මිලදී ගැනීම නිසයි - එ්ත් එක අවශ්‍යයි, 1980 ගණන් වල පරණ යානා වලින් අනාගත ගුවන් සේවයක් පවත්වන් යන්නේ කොහොමද? අනවශ්‍ය වියදම් කපා හැර පරිපාලනය ක්‍රමවත් කරනම් මේ ආයතනය ලාබ ලැබිය හැකියි. (හේ)

:       0       0

දුමින්ද Wednesday, 27 April 2016 07:53 AM

ඒ වගේ පාඩුවක් තියෙනවද?(හේ)

:       0       0

ගාමිණී Wednesday, 27 April 2016 07:56 AM

කතාව ඇති මහත්තයෝ වැඩක් පෙන්වන්න. (ර)

:       0       0

මනෝජ් Wednesday, 27 April 2016 08:16 AM

ශ්‍රී ලන්කන් පුද්ගලීකරණය කරන එකනම් හොඳයි. හැබැයි පාරවල් හදන්නත් වෙනවා (හේ)

:       0       0

විපුල Wednesday, 27 April 2016 08:19 AM

කතාවේ හැටියට අලුතෙන් සුපිරි මං තීරුත් නැහැ අන්තිමේදී සමාගමත් නැහැ.ඉතිරි උන මුදලුත් නැහැ. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 639 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1026 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 841 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1611 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 470 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 241 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site