IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සාපෙළ ඉහළින් සමත්වී හොරකමත් ඉහළින්ම කරයි

බිරියට සැපවත් දිවියක් ගත කිරීම සඳහා රුපියල් ලක්ෂ 32ක රන් භාණ්ඩ සොරා ගත් බව කියන   18 හැවිරිදි තරුණයෙක්  පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සාමාන්‍ය පෙළ විශිෂ්ඨ ලෙස සමත්වූ ඔහු පාසලේ දී ගොඩ නැගුණු ප්‍රේම සබඳතාවක් මත   විවාහ වූ බවත්, සැපවත් ජීවිතයක් ගත කිරීමට නොහැකි වීම ගැන කනස්සල්ලෙන් සිටි බිරිය සනසන්නට සොරා ගත් බව කියන භාණ්ඩ බැංකු කිහිපයකට උකස් කර ඇති බවත් පොලිසිය කියයි.

උකස් මුදලින් මිලදී ගෙන තිබූ බව කියන ත්‍රිරෝද රියක් හා ගෘහ භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.



අදහස් (0)

සාපෙළ ඉහළින් සමත්වී හොරකමත් ඉහළින්ම කරයි

සංජීව Thursday, 07 August 2014 12:38 AM

මම කළමනාකරණ උපාධිධාරියෙක්. ඒත් මට තාම රස්සාවක් නැහැ. අවුරුදු 3ක් වෙනවා (නි)

:       0       0

දිලිනි Wednesday, 06 August 2014 06:29 AM

සමහර කාන්තාවන්ට ඕනෑ විවාහයෙන් පසුව අතක් පයක් හොල්ලන්නෙ නැතුව සැපට ඉන්න මිසක් පවුල් ජීවිතයක වගකීම් ගන්න නෙමෙයි. මම කියන්නේ මේ තරුණ සැමියාව අමාරුවේ දැම්මේ එයාගේ බිරිදම තමා. ඒ පුද්ගලයා ඉගෙනීමට දක්ෂ නම් , අබ ඇටයක මොළයක් තිබෙන ගෑනු පරාණයක් නම් උනන්දු කරන්නේ දිගටම ඉගෙනගන්න. ඉන්පසු සුදුසු රස්සාවක් ලැබුනාම ඔය හිතේ තිබුන සැප සම්පත් ලැබෙන්න තිබුනානේ. (නි)

:       0       0

කාන්ති Wednesday, 06 August 2014 06:37 AM

අපේ සමහර තරුණියන් විවාහ වෙන්නේ භාර්යාවන් වෙන්න බලාගෙන නෙමෙයි. ආර්යාවන් වේවි කියලා හිතාගෙන. මෙහෙම නෝනලා තෝරාගත්තොත් ඉතින් සොරකමේ ගිහිල්ලා තමයි එයාව නඩත්තු කරන්න වෙන්නේ. ඇයි ඉතින් තියෙන හැටියට කාලා ඇඳලා ජීවත් වෙන්න තමන් එක්ක ආපු කෙනෙක් නෙමෙයිනේ. (නි)

:       0       0

සිල්වා Wednesday, 06 August 2014 06:36 AM

කාන්තාව වනාහි මිනීමරන ආයුධයක් වැන්න (නි)

:       0       0

බිමල් සංජීව Thursday, 07 August 2014 01:38 AM

සංජීව ඔබ පුද්ගලික අංශයේ රැකියාවකට උත්සහ කලේ නැද්ද ? මමත් ඔබේ විෂයන් හදාරපු නිසා කියන්නේ . තව වයස යන්න කලින් පුද්ගලික බැංකු වල කලමානකරණ පුහුණු ධුර සඳහා ඉල්ලුම් කර බලන්න. රජයේ රැකියා ලැබෙන තෙක් ඉන්න එපා. ඔබේ පරිගණක සහ ඉංග්‍රීසි දැනුම හොඳ මට්ටමක නම් මට හිතන්නේ ඔබට පුද්ගලික අංශයෙන් කැඳවීම් ලැබේවි. උත්සාහය අත අරින්න එපා. දැනට සුළු රැකියාවකට හරි ගිහින් අඩිය තියාගන්න . ඉන්පසු ඔබේ ඉල්ලක්කයට යන්න හැකි වේවි. (අ)

:       0       0

පියුමි Thursday, 07 August 2014 01:46 AM

තමන් සහකාරියක් තෝරා ගන්නකොට සැලකිලිමත් වුනේ නැතිනම් මෙහෙම අමාරු වල වැටෙනවා. දුර පලාතක මගේ ඥාති සොයුරෙක් , පිට ඔපේට ජීවත් වුන නෝනා කෙනෙක් නඩත්තු කරන්න භාර ගත්ත. සොයුරාගේ රැකියාව නැති වුනා විතරයි දැන් නෝනා එයාගේ කොළඹ අක්කලාගේ ගෙදර ගිහින් සැපට ඉන්නවා. ඒ සොයුරා ගමේ රස්සා සොයමින් දුකින් කල් ගත කරනවා. මේක පුද්ගලික අත්දැකීමක් විතරයි. (අ)

:       0       0

චමින්ද Wednesday, 06 August 2014 06:44 AM

දැන් පුළුවන් බිරියට සැපවත් ජීවිතයක් ගතකරන්න (නි)

:       0       0

නිරෝෂ් Thursday, 07 August 2014 02:37 AM

මිනිහගේ උගත් කමෙන් රටට වැඩක් ගන්න බලමු. හොද ආදායම් මාර්ගයක් තියන කොට හොරකම් කරන එකක් නැහැ.. වෙන රටවල් වලනම් එහෙමයි කරන්නෙ.......(අ).....

:       0       0

නෙහාරා Wednesday, 06 August 2014 06:45 AM

පුතා දුර බලන්න (දී)

:       0       0

එරංග Wednesday, 06 August 2014 07:03 AM

සාමාන්‍ය පෙළත් හොරට ලියලද දන්නේ නැහැ (නි)

:       0       0

නැනී Thursday, 07 August 2014 03:27 AM

ඉගෙනීමට දක්ෂ කම කියන්නේ ගුණ යහපත් කම නොවෙයි. මහා මොලකාරයෝ , උගත්තුයි මාෆියා සංවිධාන තුල ඉන්නේ. අද දහම් පාසල් අධ්‍යාපනය පාසල් විෂයයකට සීමා වෙලා. ඉරිදාට දහම් පාසල් නොගොස් උපකාරක පන්ති වලට, ක්‍රිකට් වලට දරුවන් යවන දෙමාපියන්ට මෙම ප්‍රතිඵලය ලැබෙනවා. ඔය දෙමාපියන් දරුවන් ලොකු මිනිස්සු කරන්න හදනවා වගේ දරුවන් හොඳ මිනිස්සු කරන්නත් හිතනවානම් රටට වැඩදායක පුරවැසියන් බිහිවේවි.(නදී)

:       0       0

ලක්ෂික Wednesday, 06 August 2014 07:31 AM

සමහර තරුණයෝ තරුණියන්ට රැවටිලා ජීවිතේ පුළුවන්තරම් මෝඩ වැඩ කළා. ගෑනු ඕනතරම් ලෝකේ හරිම කරදරේ. ඔලුවෙන් වැඩ කරන එකයි හරිම උත්තරේ. (දී)

:       0       0

සමන් Wednesday, 06 August 2014 08:04 AM

නියම ආදරවන්තයෙක් දයාබර සැමියෙක් (දී)

:       0       0

රත්නායක Wednesday, 06 August 2014 08:05 AM

විවාහ වෙන්න තාම මෝරලා මදි.හොරකමටත් එහෙමයි. (දී)

:       0       0

කුමාර Wednesday, 06 August 2014 08:09 AM

සාපෙළ ඉහළින් සමත් වෙලා කසාද බදින එකද කරලා තියෙන්නේ....??? මේ පෙන්වන්නෙ උගත් කමෙයි බුද්ධිමත් කමෙයි වෙනස(දී)

:       0       0

සුසිර Wednesday, 06 August 2014 03:16 PM

බලාගෙන ගියාම ගැහැණු කියන්නේ මල වාතනේ. පේනවනේ මෙතන කාන්තවන්ම කාන්තාවන් ගැන කියල තියන ඒවා. ලංකික කාන්තාවට මොකද මේ වුණේ?(අ)

:       0       0

අජන්ත කන්ගහා ආරච්චි Wednesday, 06 August 2014 08:22 AM

ඔබ ගැහැනියකට ආදරය කළ නිසා මේ ඉරණම අත්විය. ඔබ බිරිඳකට ආදරය කළානම්, බත් ටිකකට ලුණුටිකක් ඉහ ගෙනකා අවංකව ජීවිතය ගැටගහ ගන්නවය. එහි සුන්දරත්වයට දෙවියන් පවා උදවු කරයි. (දී)

:       0       0

අජිත් Thursday, 07 August 2014 05:06 AM

අනේ අනේ මෙහෙමත් කෙල්ලෝ (අ)

:       0       0

ඉසුරන්දි Thursday, 07 August 2014 05:14 AM

හොරකම කොයි තරාතිරමක කෙනෙක් කලත් හොරකමමයි.(අ)

:       0       0

මිනිපෙ Wednesday, 06 August 2014 03:59 PM

මට තේරෙන්නේ නැ ඇයි මේ ඔක්කොම බිරිදට දොස් කියන්නේ කියලා.මෙතන සදහන් වෙන්නේ සැමියාට බිරිදට සැප දෙන්න බැරි නිසා මේ දේ කල කියලයි.නැතිව බිරිඳ සැමියාගෙන් සැප සම්පත් ඉල්ලා කරදර බවක් කියවෙන්නේ නැ. (දී)

:       0       0

මිලින්ද Wednesday, 06 August 2014 09:02 AM

රස්සාව විදිහට කරන්නේ ඒක (දී)

:       0       0

රුවන් Wednesday, 06 August 2014 09:02 AM

සැපවත් ජීවිතයක් ගතකිරීමටනම් හොඳට ඉගනගන්න තිබුනනේ.දැන් උපාධියක් කියන්නේ රජයේ ඉහල රැකියාවක් ෂුවර්.ඉගනගන්න කාලේ විකාර කරලා ජීවිතේම අව්ල් කරගත්ත. (දී)

:       0       0

සංඛ Thursday, 07 August 2014 05:41 AM

කෙල්ලෝ කියන කියන විදියට ඉන්න කොල්ලන්ට ඔයිට වැඩි දේවලුත් වෙයි. මොලේ තියනවනම් හිතල වැඩක් කරන්න , කෙල්ලෝ කියන දේවල් නොකර.(අ)

:       0       0

නුවන් Wednesday, 06 August 2014 09:21 AM

තරුණයාගේ අදහස නම් හොදයි නමුත් කරපු දෙයනම් කොහොමවත් අනුමත කරන්න පුළුවන් දෙයක් නොවී (දී)

:       0       0

පද්මිණි Wednesday, 06 August 2014 04:27 PM

බිරිඳගේ දොළදුකක් සංසිදුවන්න යන්ට ඇති. සැමියාට 18 නම් බිරිඳ ඊටත් බාලයි. හිරේ ගිහින් ගෙදර එනකොට ඔය ආදර බිරිඳ ගෙදර ඉදීවිද? (අ)

:       0       0

ඇසළ Wednesday, 06 August 2014 09:32 AM

වයසේ වැරැද්ද. තව ටිකක් ඉවසල හොදට ඉගනගෙන හොද රස්සාවක් හොයාගෙන විවාහ උනානම් මුදලුත් ප්‍රශ්නයක්ද? වැඩිම උනොත් තව අවුරුදු 6 ක් ඉගන ගන්න වෙයි. (දී)

:       0       0

පාලිත Wednesday, 06 August 2014 09:36 AM

රුවන් ඔයා ලංකාවෙද ඉන්නෙ උපාධියට කොහෙද රජයේ උසස් රැකියා දෙන්නෙ (දී)

:       0       0

කින් බෙනට් Wednesday, 06 August 2014 04:40 PM

බිරිය කෙසේවෙතත් දැන් මෙයානම් සැපවත් ජිවිතයක් ගත කරයි.ඔය කොලු පැටියා හිරෙන් එළියට එනකොට බිරියත් වෙන කවුරුහරි එක්ක සැපවත් ජීවිතයක් ගත නොකළොත් තමයි පුදුමේ (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 06 August 2014 04:42 PM

දැන් ඉතින් අහළ පහළ කට්ටියට තමයි හොයන්න දේවල් වැඩිවෙන්නේ (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 06 August 2014 04:44 PM

මිනිපෙ, තව සැරයක් හොඳට පුවත කියවා බලන්න. ඒත් නොතේරුනොත් නැවතත් පාසල් යන්න වෙයි (නි)

:       0       0

සේන Wednesday, 06 August 2014 09:40 AM

ඉස්කෝලේ යන්න තියෙන කාලේ ඒ දේ නොකර කසාදෙ විතරක් ඕන උනානම් කරන්න දෙයක් නැහැ දැන් ඉතින් හිර ගෙවල් වල ජීවිතේ ඉතුරු කාලය ගෙවන්න පුළුවන්. (දී)

:       0       0

සොබනා Wednesday, 06 August 2014 09:51 AM

මම මේ නොදන්නා නිසයි අහන්නේ,චන්දයකින් තොරව ගොඩ යන්න ක්‍රමයක් නැද්ද? (දී)

:       0       0

කනිෂ්ක Wednesday, 06 August 2014 09:58 AM

රස්සාවට වැඩිය ප්‍රවේශම් වෙන්න ඕන පරස්තාවේදී. (දී)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 06 August 2014 10:20 AM

දෙමව්පියො කොපමන උත්සහකලත් දරුවන් නිසිමගට යොමුකරන්න මේ සමාජය වෙලාගෙනතියෙන විවිදාකාර මනස කුරුවල් කරන වසන්ගත නිසා දරුවො නොමගට යොමුවෙලා තියෙනව. විසේසයෙන් මේවට සුරන්ගනා ටෙලිනාට්‍යත් වගකියන්නඕන. (දී)

:       0       0

කාංචන Wednesday, 06 August 2014 10:23 AM

තමන්ට ලේසියෙන් නඩත්තු කරන්න පුළුවන් පොලවේ පය ගහල ජීවත් වෙන නෝනා කෙනෙක් සොයා ගත්තේ නැති වුනාම මෙහෙම දේවල් වෙනවා . (දී)

:       0       0

රුවනි Wednesday, 06 August 2014 10:36 AM

සමහර නෝනලාටත් කොච්චර හම්බ කරලා ගෙනත් දුන්නත් මදි. තමන් දන්නා කියන කාන්තාවන්ගේ සැප පහසු ජීවිතේ එක්ක තමන්ගේ ජීවිතේ සංසන්දනය කරමින් සැමියාගේ ඔලුව අවුල් කරනවා. . (දී)

:       0       0

චින්තක Wednesday, 06 August 2014 10:41 AM

දැන් ඉතින් බැරීයැ සැපවත් ජිවිතයක් ගත කරන්න (දී)

:       0       0

පහන්දී Wednesday, 06 August 2014 07:42 PM

මට නම් කියන්න තියෙන්නේ පව් කියලා තමයි. මේ දරුවා හැදූ දෙමාපියන් මොනතරම් දුකක් විඳිනවා ඇද්ද දැන්? මමත් අම්මා කෙනෙක් නිසයි පව් කිවුවේ....!! (නි)

:       0       0

රේණුක Wednesday, 06 August 2014 09:16 PM

දැන් ලංකාවේ මිනිස්සු හොරකම් කරන්නේ නැතිබැරිකමට නොව "සැපවත්" ජීවිත ගතකරන්නටයි. ලොක්කෝ කෝටි ප්‍රකෝටි වලින්' සැප' හොයද්දි පොඩ්ඩෝත් ලක්ෂ ගණන් වලින් ඒකම කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 429 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 474 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 148 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1449 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1094 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 428 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site