IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සාපෙළ විශිෂ්ටයෝ

ගිය වසරේ අපොස (සාපෙළ) විභාගයෙන් පාසල් නවයක්  විශිෂ්ට ප්‍රතිඵල පෙන්වයි.

ගම්පහ රත්නාවලී බාලිකාවේ  කේ ඒ මෙනුෂිකා ජයනි කාරියවසම් හා කොළඹ විශාඛා විදුහලේ තපෝදා හරින්ද්‍රි ගංගොඩවිල මුල් තැන දිනාගෙන සිටිති.

මාතර රාහුල විදුහලේ එම් ඩබ්ලිව් උචිත තේජාන් ගුණසේකර දෙවැනි ස්ථානයද,කොළඹ ආනන්ද විදුහලේ එම් රවීන් ලසිදු තෙන්නකෝන් තෙවැනි ස්ථානයද දිනා ගත්හ.

කොළඹ රාජකීය විදුහලේ කලිදු චේතික වික්‍රමසිංහ හා ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ ජී එච් රොෂානා තරින්දි  හා කොළඹ විශාඛා විදුහලේ එම් එච් දිලිනි ෆොන්සේකා ද සිව් වැනි ස්ථාන  හිමි කැර ගත්හ.

මහනුවර මහාමායා  බාලිකා විදුහලේ ආර් එම් සෞම්‍යා කුමාරිහාමි අබේරත්න හා කුරුණෑගල මලියදේව බාලිකාවේ කේ දුලංජනා මිණිකිරණි ධර්මසිරි පස් වැනි ස්ථානද දිනා ගත්හ.

මෙම විශිෂ්ටයෝ අද පස්වරුවේ අරලිය ගහ මැදුරේ දී මහින්ද රාජපක්ෂ ජනපති හමුවට කැඳවනු ලැබ සිටිති.

2013 දී සිසුහු 474483 දෙනෙක්  විභාගයට පෙනී සිටියහ.

( ඡායාරූප සුදත් සිල්වා )

 



අදහස් (0)

සාපෙළ විශිෂ්ටයෝ

සරත් කරුණාරත්න Friday, 04 April 2014 05:41 AM

සැමටම අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

රණේ Friday, 04 April 2014 08:16 PM

මේ හැම ළමයම ටියුෂන් ගියා කියල කියන්න එපා. එහෙම නොවෙන අය ගොඩක් ඉන්න බව බන්දුල දැනගත යුතු දෙයක්. (අපට පෙන්නන්නේ බන්දුල ගොඩක් දන්නා කෙනෙක් කියලනේ) (නදී)

:       0       0

චන්න Friday, 04 April 2014 07:21 AM

දරුවන්ට හොද අධ්‍යාපනයක් දීම රජයේ යුතුකම. පන්ති ගිහින් අමරුවෙන් සමත් උනාම දේශපාලුවෝ ලකුණු දාගන්න හදනවා.(නදී)

:       0       0

ග්‍රාම්‍යා Friday, 04 April 2014 07:29 AM

දරුවන්ගේ දක්ෂතාවයේ ජයග්‍රහණ වෙනුවෙන් මගේ සුබ පැතුම්. නමුත් වෙනස් අදහසක් කියන්න ඕනා. කවුරුත් හිතන්න මේ ගැන. දරුවා මොන ඉස්කෝලෙට අයිති උනත් මේ ජය පිටිපස්සේ පළමුවෙන් අනිවාර්යෙන්ම මව ඊළඟට පියා ඉන්නවා. එක හා සමානව ඉස්කෝලේ ගුරුවරයා සමග උපකාරක පන්ති ගුරුවරයා දෙවනුව ඉන්නවා. මේ ජයග්‍රහණ ඉස්කෝලෙට අයිති වෙන්නේ ඊළඟට නෙවෙයි අන්තිමට. ඉස්කෝලේ මුල් ගුරුතුමා මේ ගැන හිතන්න. මේ ජය ලබන ළමයි එකම උපකාරක පන්තියකටවත් ගියේ නැ මගේ ඉස්කෝලේ උගන්නපු දේ විතරයි කියල ඔප්පු කරල පෙන්නන. අබියෝගය බාරගන්න පුලුවන්නම්. බැරි නැ 70 දසකයෙන් එහා උපකාරක පන්ති තිබුනද? ළමයි විබාග අසමත් උනාද? දැන් ඉස්කෝලවල උගන්නනවට වඩා කරන්නේ පෙළ පොත් උඩ ඉඳගෙන උගන් - අන්නනවා. අධයාපන අමාත්‍යංශයේ උඩ ඉඳන් පහලටම කරන්නේ ඒකයි. තව තියෙනවා කිව්වත් වැඩක් නැ බීරි අලින්ට එක වීණාවක් නෙවෙයි වීණා කෝටියක් වැයුව්වත් වැඩක් තියෙනවද? දරුවන්ගේ ස්ටාර් එකෙන් වැඩ ගන්නේ නැහැ කවුරුවත්.(නදී)

:       0       0

සමන් නිශාන්ත Friday, 04 April 2014 08:22 AM

සියලු දෙනාටම මගේත් සුභ පැතුම් ...... සුභ අනාගතයක් සියලු දෙනාටම ....(නදී)

:       0       0

අනුර Friday, 04 April 2014 08:41 AM

මගේ පාසැල් මව මාතර රාහුලය ගැන ගොඩක් ආඩම්බරයි. විභාගයට ඉදරිපත් උන සැමට සුබ පැතුම් පසු නොබැස ඉදිරියට යන්න.(නදී)

:       0       0

රෙහාන් Friday, 04 April 2014 09:02 PM

සුභපැතුම් මගේ පුතේ ඔබ සියලු දෙනාටම (දී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 04 April 2014 09:06 AM

මේ ළමයින්ට සුබ පතනවා. ඒ උනත් මේ ගෞවරවය පාසලට හිමි විය යුත්තේ අවසානයට බව මගෙත් හැගීමම තමයි. කොටින්ම කිව්වොත් මේ ඔක්කොම ටියුෂන් පැටව් සාමාන්‍ය පෙළ ටියුෂන් නමයටම උපකාරක පන්ති වල පිහිට පතන තත්වෙට පාසල් අධ්‍යාපනය පිරිහිලා තියෙන්නේ. මොන්ටිසෝරියේ ඉදලම උසස් පෙළ දක්වාම මුදල් ගෙවා ඉගෙනීමේ රටාවක් දැන් තියෙන්නේ. පාසල් අධ්‍යාපනය නමට පමණක් සිමා වෙලා. කව්රු පිළිගන්න අකමැති උනත් යථාර්තය ඒක. නිදහස් අධ්‍යාපනය රැකගන්න පාරවල් දෙවනත් කරන කව්රුවත් මේ යන රටාව වෙනස් කරන්න වචනයක්වත් කියන්නේ නැහැ. මොකද ඔය සද්දේ දාන ඔක්කොම මේ රටාවේ පිහිටෙන් මුදල් ගෙවා අධ්‍යාපනය ලබලා විශ්ව විද්‍යාලයට ගිය අය නිසා. නිදහස් අධ්‍යාපනේ මතක් වෙන්නේ සරසවි අධ්‍යාපනයේදී විතරයි. එතැනදී පිටතින් තරගයක් ඇතිවෙනවට, තමන්ට තියෙන අවස්ථාව නැතිවෙනවට අකමැතියි. .ඒ කුහක කමෙන් ප්‍රයෝජන අරගෙන බංකලොත් දේශපාලුවෝ කට්ටියව මී හරක් රැලක් දක්කනවා වගේ පාරක් පාරක් ගානේ දක්කනවා...මධ්‍යම වගේම දුප්පත් මිනිස්සුන්ට අද තමන්ගේ ආර්ථිකය කලමනාකරනය කරගන්න බැරි වෙන්න ප්‍රධානම් හේතුවක් වන මොන්ටිසෝරියේ ඉදල මුදල් ගෙවා ලබන මේ අධ්‍යාපන රටාව වෙනස් කරලා පාසල් අධ්‍යාපනය විදිමත් කරන්න බලධාරීන් සැලසුම් කල යුතුයි අනිවාර්යයෙන්ම. එහෙම උනොත් ඔය පාසල් නිල ඇදුමෙන් ලබන සහතික පතට නිසි වටිනාකමක් ලැබේවි.(නදී)

:       0       0

අල්විස් Friday, 04 April 2014 09:25 AM

නිර්දේශිත විෂයයන්ගෙන් ඉහළම ලකුණු ගන්නා අය තෝරා ගන්ටයි විභාග තියන්නේ. ඒ නිසා විභාග සමත් වීම අනිවාර්ය දෙයක් නොවෙයිද? මෙහෙම විශේෂත්වයක් කරලා ත්‍යාග ප්‍රදානය ගැන නැවත සිතා බලන්ට සුදුසු කාලය පැමිණ තිබෙනවා කියල මට හිතෙනවා. දිරිදීමක් සඳහා මෙසේ කරනවා කියා සමහරු කියන්ට පුළුවන්. හොඳයි. දිරි දෙන්නේ දක්ෂයන්ටද ? එක ලකුනක එහා මෙහාවකින් පළවෙනියා වෙන්ට බැරි තවත් දක්ෂ සිසු සිසුවියන් කොතෙකුත් ඉන්නවාද ? ඔවුන්ට ඒ එක ලකුණ අඩු උනේ ඔවුන්ගේ වරදක් නිසා නොවේ නම් තත්වය තවත් කනගාටුයි නේද ? ඒ නිසා සා පෙළ කියන්නේ ලංකාවේ ලොකුම විභාගයකුත් නොවෙයි. ඊට වඩා ලොකු විභාග සමත් අයට මෙහෙම දේවල් කරන්නෙත් නැහැ. මේවා කිරීමෙන් ලබන දේශපාලන වාසියකුත් නැහැ. මම දකින්නේ විභාගය අසමත් වූ කොටසට වඩා සමත් වූ අනෙක් කොටස ගැනයි. (නදී)

:       0       0

සුසන්ත කුමාර Friday, 04 April 2014 09:26 AM

සුභ පැතුම්! (නධී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 04 April 2014 09:39 AM

මිනිසුන් දෙවර්ගයක් සිටිති. සර්ව සුබවාදියෝ(ඔප්ටිමිස්ට්) හා සර්ව අසුබවාදියෝ( පෙසිමිස්ට්). අපගේ බන්දුල පෙරේරා මහතා බලන්නෙම අසුබවාදියෙක් ලෙසනේ' ප්‍රීති වෙන වෙලාවට ප්‍රීති වෙන්න බන්දුල. (නදී)

:       0       0

ශිලා Saturday, 05 April 2014 02:25 PM

ගමේ ඉස්කෝලවලට මොකුත් නැහැනේ.... බැරිවෙලාවත් එකක් දෙකක් ගමකට ගියා නම් බලන්න තිබ්බ සද්දේ මෙතන.... (දී)

:       0       0

රොෂාන් Friday, 04 April 2014 09:54 PM

රොෂාන් ගේ මාර සුබපැතුම (දී)

:       0       0

සුභා Friday, 04 April 2014 11:22 AM

මටත් හරිම සතුටු හිතුණා හැබැයි O/L කියන්නෙ ගලාකු විභාගයක් නෙමෙයි A /L හොදටකරලා මේ ප්‍රතිපල ආරක්ෂා කර ගන්න (දිල්)

:       0       0

රංජන් Friday, 04 April 2014 11:55 AM

සියලු දෙනාටම මගේ සුභ පැතුම්, විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා නොගත් ද අනෙක් දරුවන් රටට වැඩක් කල හැකි ශක්තියක්, නිර්මාණශීලි හැකියාවෙන් යුක්තයි. ඒ නිසා හැම දරුවෙක්ම අපි අගය කළ යුතුය.(දිල්)

:       0       0

ලෝචන Thursday, 03 April 2014 06:13 PM

ජනපති අතින් ඔවුන් මෙලෙස තෑගි ලැබීම ඔවුන්ගේ උනන්දුව තවත් වැඩිවීමට රුකුලක් (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 03 April 2014 06:14 PM

මේ දූ දරුවන්ට මගේ සුභ පැතුම්! (නි)

:       0       0

මොහමඩ් Thursday, 03 April 2014 06:19 PM

ඔබ සැමට සුභ පැතුම්! (නි)

:       0       0

සන්ධ්‍යා Thursday, 03 April 2014 06:26 PM

අපිට හරිම සතුටුයි දරුවන්ගේ දස්කම් ගැන සුභ පැතුම් (දිල්)

:       0       0

සේන Thursday, 03 April 2014 06:31 PM

සමත් වූ සියලුම දුවා දරුවන්ට මගෙන් සුභ පැතුම්! (නි)

:       0       0

චතුරංග Friday, 04 April 2014 12:46 PM

ආනන්දේ මල්ලි ඇතුළු ඔක්කොටම මගේ සුබ පැතුම්! (නදී)

:       0       0

ලියනගේ Thursday, 03 April 2014 06:36 PM

සේන, අසමත් දරුවන්ට ඔබ මොකද කියන්නේ? (නි)

:       0       0

ධනුකේ Thursday, 03 April 2014 06:47 PM

විශිෂ්ටයන්ට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

මධුසංඛ Friday, 04 April 2014 01:03 PM

මාතර කවදත් ඉගෙනීමෙන් අංක 1 නේ. (නි)

:       0       0

කමිදු ලන්ඩන් Thursday, 03 April 2014 06:54 PM

මගෙන් කාටත් සුභ පැතුම් ! මගේ පාසල් මව මාතර රාහුලය ගැන ගොඩක් ආඩම්බරයි (නි)

:       0       0

කෝසල Thursday, 03 April 2014 06:54 PM

ඔබ සැමට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

නන්දා Thursday, 03 April 2014 07:32 PM

ඔය ජවයත්, දිරියත් රැකගෙන තවත් ඉදිරියට යන්න රත්තරන් දරුවනේ. (නි)

:       0       0

ප්‍රියංක Thursday, 03 April 2014 07:39 PM

උණුසුම් සුභ පැතුම්...! (නි)

:       0       0

කුරුවිට Friday, 04 April 2014 01:49 PM

චන්ද්‍ර වීරසිංහ, ඔයාගේ කතාව මසුරන් සමානයි. (නි)

:       0       0

මාලි Thursday, 03 April 2014 07:50 PM

දිරියෙන් ලබාගත් ජයග්‍රහණයට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

අසෝකා Friday, 04 April 2014 02:20 PM

දරුවනේ නුබල විභාගය සමත් උනත් අසමත් උනත් රටේ අනාගත පරපුර නුබලයි. එක් එක්කෙනා දක්ෂ එක එක දේවල් වලට. නුබලා සියලු දෙනාම රටට වැඩ දායක දරුවන් වේවා! (නදී)

:       0       0

ශ්‍රීමා Thursday, 03 April 2014 09:36 PM

මේ දුවලා,පුතාලට මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 03 April 2014 09:42 PM

මගේ සුභ පැතුම්! (නි)

:       0       0

නෙළුම් Thursday, 03 April 2014 09:47 PM

ගාල්ලේ නම මෙවරත් තැබුවාට ස්තූතියි! (නි)

:       0       0

නිලූ Thursday, 03 April 2014 09:49 PM

කොහොමත් අපේ ගාල්ලේ ළමයෙක් ඉන්නවා (නි)

:       0       0

රොෂාන් Thursday, 03 April 2014 09:56 PM

ලැබූ ජයග්‍රහණයට සුභ පතනවා! නමුත් අර පාට ඇඳුමක් ඇඳගෙන පැමිණ තිබෙන්නේ පාසල් සිසුවියක්ම නේද? බලන්න අනෙක් ළමයි කොච්චර ලස්සනට පාසල් නිල ඇඳුමෙන් පැමිණ තිබෙනවද කියලා. (නි)

:       0       0

පහන් Thursday, 03 April 2014 10:04 PM

නංගිලා මල්ලිලාට සුබ පැතුම්! මට කතාවක් මතක් වුණා. අපේ පැත්තේ වයසක අන්කල් කෙනෙක් හිටියා, හැමෝගෙන්ම ප්‍රතිඵල අහනවා.එයාට ප්‍රතිඵල ගැන ඒ හැටි දැනුමකුත් නැහැ.මගෙනුත් ඇහුවා. (උසස්පෙළ කාලේ)අපේ කාලේ වැඩ 4 නේ. මම කිව්වා පී 2යි කිව් 2යි කියලා.මට කිව්වා හොඳටම මදි, ඊළඟ පාර උනන්දු වෙන්න කියලා (නි)

:       0       0

සේකර Thursday, 03 April 2014 10:41 PM

මේ ජයග්‍රහණය ගැන හොඳින් සිතට ගෙන ඉදිරි වැඩ කටයුතු සාරිථක කරගන්න. (නි)

:       0       0

භානු Thursday, 03 April 2014 10:48 PM

දරු දැරියන්ට වාසනාවන්ත අනාගතයක් වේවා! (නි)

:       0       0

නිරං සෞදී Saturday, 05 April 2014 08:52 AM

ගොඩාක් සතුටුයි ඔක්කොටම සුභපතනවා (දී)

:       0       0

නියතපාල Thursday, 03 April 2014 11:21 PM

උණුසුම් සුභ පැතුම්! ‘උපතේ සිට මරණය දක්වා සෑම අවස්ථාවකදීම අප අධ්‍යාපනය ලැබිය යුතුය යන ස්ථාවරයේ සිටින මම විශේෂයෙන් දේශපාලනයේ යෙදී සිටින අය සිය දැනුම අලූත් කර ගත යුතුයි යැයි පවසමි. ලෝකය සෑම මොහොතකම වෙනස් වන තත්ත්වය හමුවේ අප එකම තැන සිටියොත් සිදු වන්නේ ඉබේටම පල් වීමයි' (නි)

:       0       0

පද්මිණි Thursday, 03 April 2014 11:34 PM

දරුවන්ගේ දක්ෂතාවය ගැන කතා දෙකක් නැහැ. නමුත් මම නම් මේ පුරාජේරුවට අකමැතියි. අසමත් කියලා ළමයි ජාතියක් නැහැ. (නි)

:       0       0

සැන්ඩ්‍රා Thursday, 03 April 2014 11:57 PM

දරුවන්ට සුභ පැතුම්! (නි)

:       0       0

ඉන්දික ගාලේවෙත්ත Friday, 04 April 2014 01:41 AM

හැමෝටම සුභ පැතුම්! අසමත් යැයි හඳුන්වන දරුවන්ටත් යහපත් අනාගතයක් උදා වේවා! විභාගය අසමත් වීම පරාජයක්ම නොවේ.සමහරවිට ‍හොඳ ජයග්‍රහණයක්ද විය හැකිය (නි)

:       0       0

කොස්වත්ත Friday, 04 April 2014 02:13 AM

තව මෙවන් දක්ෂ දරුවන් අපේ රටේ කොපමණ අැද්ද? ඔහුන් ගැනත් මෙලෙසම සිතිය යුතුයි නේද? (නි)

:       0       0

ජයන්ත Friday, 04 April 2014 02:30 AM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 04 April 2014 06:33 PM

චන්ද්‍ර මහත්තයගේ උපදෙසට ස්තුතියි .නමුත් වැරදි කෙනාට වැරදි උපදෙසක් ඔබ තුමා දුන්නේ. සතුටු වෙන්න ඕන තැන කාටවත් හිරි හැර අපහාස නොවන විදියට සතුටු වෙන්නත් අඩන්න ඕන තැන පොළොවේ පස් කන්නේ නැතුව එක විදදරාගෙන ඉන්න ශක්තියත් මේ පොළොවේ පයගහල සිංහල හාලේ බත්කන කොස් දෙල් වල රහ දන්න, ලින් වතුරේ රහ දන්නා මට දෙවියන්ගේ පිහිටෙන් ලැබිල තියෙනවා. ඔබ තුමා මධ්‍යම පන්තිකයෙක් නොවන විදෙස් රටක සැප පහසුකම් මත ජිවත් වන කෙනෙක් නිසා ඔබතුමාට මම කියපු දේ තේරුම් ගන්න බැරිවීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.(නදී)

:       0       0

ශ්‍රීනා Friday, 04 April 2014 04:11 AM

උගතමනා ශිල්පයමයි මතු රැකෙනා. ඔබ සියළු දෙනාට මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 711 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4604 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2773 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 255 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1363 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1476 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28007 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site