IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සැප කෝච්චිය මංගල ගමන් අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වායුසමනය කරන ලද නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද මහනුවර සිට කොළඹ කොටුව දක්වා සිය මංගල ගමන ඇරඹීය. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා යන දිනවලදී පමණක් එය ධාවනය කරන බවයි.  මෙහි ප්‍රවේශපත්‍රයක් රුපියල් 500 කි. දුම්රිය ධාවනයේදි එය නවත්වන්නේ රාගම, ගම්පහ සහ පේරාදෙණිය පමණි.



අදහස් (0)

සැප කෝච්චිය මංගල ගමන් අරඹයි

සමන් Monday, 03 June 2013 12:00 PM

දිනපතා උදේ 5.30 මහනුවරින් පිටත්වී කොටුවට 8.00 ට ලගාවෙන දුම්රියක් ලබාදෙන්න.(ස)

:       0       0

ෆස්රුල් - කටාර් Thursday, 06 June 2013 11:52 AM

ඉතාමත්ම වටිනා සේවයක් බවට කිසිම සැකයක් නැහැ. නුවර ඉන්න අපිට රුපියල් 750 ක් දීලා වුනත් යන්න කැමතියි.(නදී)

:       0       0

වසන්ත Monday, 03 June 2013 12:12 PM

රන්ජිත් එක්සත් අරාබි එමීරය, නෑ සහෝදරයා ඔය විදිහ තමයි හොද. නමුත් සිකුරාදට විතරක්.(නදී)

:       0       0

රන් Monday, 03 June 2013 12:30 PM

නුවරට ඕනා සැප දුම්රියක් නොවේ කාර්යාල දුම්රියක්.(නදී)

:       0       0

සෑම් Monday, 03 June 2013 12:33 PM

ඉවසන්න. රට සංවර්දනය කර අපි දුගියන් උන කල ගෙදර ඉන්න බලලත් මස් කර කන්න උනවිට, කෝච්චි නැතත් අපිට මාර සැපක් දැනේවි.(නදී)

:       0       0

කළණ ජේ. Monday, 03 June 2013 01:05 PM

ලංකාවේ සමහර අයගේ හිඟන සහ පසුගාමී මානසිකත්වය මෙතනින් පැහැදිලි වෙනවා. සමහරු මේක නවතිනකන් ආසවෙන් බලන් ඉන්නවා. ඒ කුහකකමයි ඉරිසියාවයි නිසා මේක කටුනායක ගිය එක නෙවෙයි අළුත් එකක්. භෝජනාගාර, රූපවාහිනි තියෙනවා. කොළඹ ඉඳන් නුවරට පැය එකහමාරෙන් යන්න හදන අය තමන්ගේ වාහනයකින්වත් ගිහින් බලන්න අඩු තරමේ මේ කෝච්චිය යන වෙලාවට වඩා පැයක් වැඩිපුර අරගෙනවත් යන්න පුළුවන්ද කියලා. කොළඹ නුවර අතර භූ විෂමතාවත් නොදන්න බව ඒකෙන් පෙනවා. අරාබියේ ඉන්න මහත්මයා දන්නෙ නැතුව ඇති සිකුරාදා හවසට නුවරටයි සඳුදා උදේට කොළඹටයි තියෙන මගී ඉල්ලුම. අනිත් එක මේක කටුනායක හෝ මාතර නෙවෙයි කොළඹ - නුවර කියල මතක තියාගන්න. මිනිස්සු දුප්පත් වීමෙයි රට සංවර්ධනය වීමේ අතර සම්බන්ධතාවක් නෑ. ඒත් දුප්පත් කමයි කම්මැලි කමයි අතරනම් ලොකු සම්බන්ධතාවක් තියෙනවා. (ස)

:       0       0

කළණ ජේ. Monday, 03 June 2013 01:13 PM

මෙච්චර සල්ලි දීලා යන්න සෙනග ඉන්නවද කියල අහන මිනිස්සුන්ට කියන්න තියෙන්නේ අද පළවෙනි දවසෙම සම්පූර්ණ ටිකට් පත් විකිණිලා. ඒ සේරම ආදායම එන්නෙ රජයට. අරාබියේ ඉඳන් පේන කියන රන්ජින් මහත්මයා දන්නේ නැතුව ඇති උදේට නුවරට කෝච්චි කීයක් තියෙනවද කියලා. හවස් වෙලාවට තමා කෝච්චි නැත්තේ. හැබැයි මේක පරිස්සම් කරගන්න ඕන ප්‍රයිවට් බස් මාෆියාවෙන්, උන්ට තමා මේකෙන් බඩේ පාර වදින්නේ. එහෙම අය වෙන්නත් පුළුවන් මෙතන මේක හෙලා දැකලා අදහස් කියන්නේ.(ස)

:       0       0

නිල්මිණී Monday, 03 June 2013 01:28 PM

ශීලා, වරදවා තේරුම් ගන්න එපා. මේක මේ වායුසමීකරණය කරපු කෝච්චියක් විතරයි. නැවක් නෙවෙයි,අනික ටිකට් එක රුපියල් 500.(ස)

:       0       0

නන්දා Monday, 03 June 2013 09:00 AM

නියමයි.(ස)

:       0       0

අජිත් Monday, 03 June 2013 09:07 AM

අර කටුනායක කොළඹ දාපු කෝච්චිය නේද. දිරන්න ඉස්සෙල්ල මේ සැරේ වත් මිනුස්සු අවොත් හොදයි.(ස)

:       0       0

චමින්ද හේරත් Monday, 03 June 2013 09:12 AM

වැඩක් නැ.... මොන එකේ ගියත් පැය 3කට කිට්ටු වෙන්න යනවා. ඔන්න පැය 1.30 යනවනම් 1000ක් උනත් පාඩු නැ.(ස)

:       0       0

දිනේෂ් Monday, 03 June 2013 09:15 AM

බස් ටිකට් එක 300 යිනෙ.(නදී)

:       0       0

වරුණ Monday, 03 June 2013 09:20 AM

ඔය කෝච්චිවල යන්න ලංකාවේ මිනිස්සුන්ට වත් කමක් තියේද?(නදී)

:       0       0

චමිල Monday, 03 June 2013 02:16 PM

මම දැකලා නැහැ මේ කෝච්චිය (දී)

:       0       0

බර්නාඩ් Monday, 03 June 2013 09:20 AM

අජිත් ඔබේ ඔය ලෙඩේ හොඳ වෙන එකක් නැහැ නේද ? (ස)

:       0       0

වරුණ Monday, 03 June 2013 09:24 AM

වායුසමනය කරපු මාතර කෝච්චියේ පෙට්ටිය හිස්. ඕනනම් විදේශිකයන් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. හැමදාම දැක්කොත් හිස්. ඕවා අපේ රටට ඔරොත්තු දෙනවද කියන එක දෙවතාවක් සිතිය යුතුයි. ඒකත් කටුනායක ඉදන් මත්තලට ප්ලේන් එකේ යනවා වගේ වැඩක්.(නදී)

:       0       0

මංජු Monday, 03 June 2013 09:26 AM

අනෙක් කෝච්චි දුකේද ? (නි)

:       0       0

බණ්ඩා Monday, 03 June 2013 02:21 PM

රාගම,ගම්පහ,පේරාදෙණියට අමතරව රඹුක්කන සිට නුවර දක්වා සෑම සිග්නල් කණුවක් ළගම නවත්වනවා ඇත...... (නි)

:       0       0

චූලා Monday, 03 June 2013 09:27 AM

ඕකට සැප දුම්රිය කිවුවට, මොනවද තියෙන්නේ ඕකේ දැන්? විදුරු ටික කළු කරලා,ඔලුව තියන්න ඇන්දක් ගහපු ගමන් අපේ රටේ හැටියට සැප කියල තමා කියන්නේ. (නි)

:       0       0

ශීලා Monday, 03 June 2013 09:29 AM

සැප සැප කියලා කීවට ඕකේ අවන්හලක්,තරුපහේ බෝජනාගාරයක්, බිලියඩ් සෙල්ලම් කරන්න පහසුකම්, රුපවාහිනි,අන්තර්ජාල පහසුකම් වගේ ලොව පිළිගත් පහසුකන් තිබේද? එසේ නැතිනම් අපේ සාක්කුවට විදින වැඩක්ද? (නි)

:       0       0

රනා Monday, 03 June 2013 09:27 AM

අපි සබරගමුවේ. අපිට ඔය එකක්වත් වැඩක් නැහැ. ගමට යන්න පාරක් හදලා, කලුගග තරණය කරන්න පාලමක් හදලා දෙනවා නම් ඇති. (නි)

:       0       0

චමිලා Monday, 03 June 2013 09:36 AM

අජිත් නොදන්නා දේවල් ගැන කතා නොකර ටිකක් හොයලා බැලුවොත් නේද හොද? (නි)

:       0       0

ලුම්බිණි Monday, 03 June 2013 09:37 AM

වෙනත් රටවල් වල දැන් දුම්රියවල රියදුරන් නැහැ. ඉබේ ධාවනය වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව අගේට දුම්රිය අවැසි තැන් වල නවතා මිනිසුන් ගන්නවා. ඒ තත්වය කොහොම වුනත් මේ දුම්රියවත් හරියට වැඩ කරාවි කියලා බලාපොරොත්තු වෙමු. (නි)

:       0       0

යෂ්මාල් Monday, 03 June 2013 03:00 PM

මෙන්න නියම වැඩක්. මේක ඇත්තටම පුද්ගලික වාහනවල යන අයට නම් සෑහෙන්නම වටිනවා. අනිත් එක රුපියල් 500 කට මේ වගේ ගමනක් කොහෙත්ම පාඩුවක් නැහැ.බදුල්ලටත් රුපියල් 1250ක්. (නි)

:       0       0

සෑම් Monday, 03 June 2013 09:50 AM

චමින්ද හේරත්, රට කුඩා වුවත් ලංකාවේ භූගෝලීය පිහිටීමට අනුව කඳු, හෙල්, බෑවුම් බහුලව තිබෙනවා. පොළව පතුළේ ඇති දැවැන්ත කළුගල් ප්‍රමාණයද විශාලය. ඒක නිසා කොළඹ සිට නුවරට කෙලින් රේල් පාර සැකසීමත්, යුරෝපයේ වාගේ උමං දුම්රිය මාර්ග (ටියුබ්) තැනීමත් ඉතාම අසීරුය... (නි)

:       0       0

නීල් Monday, 03 June 2013 09:51 AM

කෝච්චි පීලි පනින හැටියට මේකවත් පීලි නොපැන ගියොත් හොඳයි. (ස)

:       0       0

නදී Monday, 03 June 2013 09:51 AM

ඔය කෝච්චියේ වායු සමීකරණය හොදින් වැඩ ද දන්නේ නේ නැහැ ? මොකද ''වායුසමනය කරන ලද නගරාන්තර සීඝ්‍රගාමී'' ටික කාලයක් යද්දී , ''අපිරිසිදු ක්‍රියා විරහිත වායුසමනය යන්ත්‍ර සහිත නගරාන්තර සීඝ්‍රගාමී'' බවට පත් වෙන වනේ.(ස)

:       0       0

සෑම් Monday, 03 June 2013 09:55 AM

මොනදේ හැදුවත් වඳුරන් වැනි මිනිසුන්ගෙන් මේවා පරිස්සම් කර ගතයුතුයි... කොළඹ සිට ගාල්ල දක්වා අධිවේගී මාර්ගයේ දිවෙන සුඛෝපභෝගී බස්රථවල වායු සමීකරණ වල කොටස් වඳුරන් වැනි මිනිසුන් විසින් දැනටමත් කඩා බිඳ දමා ඇත....(ස)

:       0       0

රුවන් Monday, 03 June 2013 10:01 AM

නුවරටත් සලකනවා ඉදල හිටලා.(ස)

:       0       0

අනුර ගාමිණී Monday, 03 June 2013 10:02 AM

හොද වැඩක්‍. (ස)

:       0       0

හර්ෂණී Monday, 03 June 2013 03:33 PM

සුභ ගමන් (දී)

:       0       0

ඕරා Monday, 03 June 2013 10:10 AM

හොද වැඩක් !(ස)

:       0       0

සුජාන් Monday, 03 June 2013 10:12 AM

දවස් කීයකටද දන්නේ නෑ? (ස)

:       0       0

දසුන් Monday, 03 June 2013 10:15 AM

ලංකාවෙ තියෙන හොදම ප්‍රවාහන මාධ්‍ය දුම්රිය. ඒකෙ ආයිත් කතා දෙකක් නැහැ. මම දන්න විදිහට නම් ඔය හිතාචිය නෙවෙයි. මේ අළුතින්ම මංගල උත්සව පවත්වන්න පුළුවන් පහසුකම් එක්ක ගෙන්නපු බලවේග කට්ටල දෙකෙන් 1ක් කියල තමා ආරංචිය. මේකෙ සෙනග නැති වෙන්නෙ නැහැ. හොදම දේ මේක කොළඹ බදුල්ල දාන එක. මොකද ලංකාවෙ තියෙන ලස්සනම සංචාරක මාර්ගය ඒක නිසා. (නි)

:       0       0

රන්ජිත් එක්සත් අරාබි එමීරය Monday, 03 June 2013 10:16 AM

මේ කෝච්චිය උදේට කොළබින් ගිහිල්ලා හවසට කොළබට එන විදිහට සකස්කළ යුතුය. දැන් තියෙන කාලසටහනට අනුව කොළඹින් රැට ගිහින් උදේපාන්දර කොලබ එනවා. කව්ද ඔය වෙලාවට නුවර යන්නේ. මේක කාර්යාල දුම්රියක්ද ? (ස)

:       0       0

රොෂාන් Monday, 03 June 2013 10:28 AM

උදේ 8 වෙනකොට වැඩට එන්න්න දැම්මොත් නරකද එකක් ..අපිට බෝඩිම් වල දුක් විදින්නේ නැතුව උදේ හවස ගෙදර යන්න පුළුවන් ..ඒ සි නැති උනාට කමක් නෑ..(ස)

:       0       0

හේමන්ත Monday, 03 June 2013 10:26 AM

හරිම සතුටක්.(ස)

:       0       0

චමිලා Monday, 03 June 2013 10:56 AM

නියමයි ...නියමයි ...

:       0       0

දමිත් අලහප්පෙරුම Monday, 03 June 2013 10:57 AM

අනේ ....කොළොඹ ..මාතරත් ඒ වගේ කෝච්චියක් දමන්නකෝ.(ස)

:       0       0

වසන්ති Monday, 03 June 2013 11:32 AM

කොළොඹ-මීගමුවටත් වායු සමනය කල දුම්රියක් ලබා දෙන්න. උදේ 8-ට සවස 5ට. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 5 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 52 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 106 0

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 87 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 274 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 323 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site