IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සාපෙ දක්ෂයෝ දෙළොවක් අතර

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළු කර ගැනීමේතී ප්‍රමුඛත්වය ලබා දෙන ආකාරය පිළිබඳ  නව චක්‍රලේඛයක්  අධ්‍යාපන ලේකම් එස් එම් ගෝඨාභය ජයරත්න මහතා නිකුත් කර ඇත.

එයට අනුව තම පාසලේ උසස් පෙළට සුදුසුකම් ලැබූ සිසුන් මුලින් ඇතුළත් කර ගත යුතුය.

එකම 1ඒබී  පාසලක් (විද්‍යා, කලා, වාණිජ විෂ්‍ය ධාරා ඇති පාසල්) හෝ නොමැති ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි පාසල්වල අතිවිශිෂ්ට ප්‍රතිඵල ගත් සිසුන් ඊළගට ඇතුළත් කර ගත යුතුයි. 

එම කරුණු දෙකට අනුව සිසුන් ඇතුළත් කර තවත් පුරප්පාඩු පවතී නම් පාසල පිහිටි දිස්ත්‍රික්කයේ ඇති 1 ඒ බී නොවන පාසල්වල විශිෂඨ ප්‍රතිපල ගත් සිසුන් ඇතුළත් කරගත යුතු බවද එහි සඳහන්ය.

ඒ අනුව සියලු විෂය ධාරා යටතේ ඇතුළත් කර ගත් ශිෂ්‍ය සංඛ්‍යාව සහ උසස් පෙළ ගුරුභවතුන් පංතිවලට අනුයුක්ත කිරීම් පිළිබඳ පුර්ණ වාර්තාවක් විදුහල්පතින්ගේ අත්සනින් අගෝස්තු 31 වන දිනට ප්‍රථම පළාත් පාසලක් නම් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට හෝ ජාතික පාසලක් නම් ජාතික පාසල් අධ්‍යක්ෂට ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයා දන්වා ඇත.

2012/14 චක්‍රලේඛයේ 4.1 උප වගන්තියට සං‍ශෝධනයක් එක්කරමින් 2013/4 අංකයෙන් 2013 අප්‍රේල් 29 දිනැතිව මේ  නව චක්‍රලේඛය නිකුත් කර තිබේ.

අධ්‍යාපන ලේකම්ගේ මේ චක්‍රලේඛයට ගුරු සංගම් දැඩි විරෝධය දක්වති.

ගිය වසරේ ඉදිරිපත් කළත් විරෝධතා හමුවේ ක්‍රියාත්මන කිරීමට නොහැකි වූ 2012/14 චක්‍රලේඛයේ ඉගෙනුම ලබන පාසල්හි ඉල්ලුම් කරන විශයන් පවතීනම් එම සිසුන් උසස් පෙළට ඇතුළත් නොකළ යුතුය යනුවෙන් ඇති බවත්, නව සංශෝධනයට අනුවද 1 ඒ බී පාසල සාමාන්‍යපෙළ කළ සිසුවකුට එම දිස්ත්‍රික්කයේ වෙනත් 1 ඒ බී පාසලකට යා නොහැකි බවත්, එය සිසුන්ට කරන දැඩි අසාධාරණයක් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. 

අපොස සාමාන්‍ය පෙළට වෙනත් පාසල්වලට ඇතුළත් වීම සඳහා සිසුන් අයදුම් පත් යොමු කර අවසන් බව ද, ඇතැම් පාසල්වල සම්මුඛ පරීක්ෂණ පවා ආරම්භ කර ඇති බව ද, අධ්‍යාපන ලේකම්ගේ නව චක්‍රලේඛය ලැබී ඇත්තේ පමා වී බවද, එමගින් සිසුන්ගේ බලාපොරොත්තු සුන් වී ඇති බව ද ස්ටාලින් මහතා කීවේය.

වැඩිදුරටත් හෙතම සඳහන් කළේ සියලු සිසුන්ට සමානය සැලකිය යුතු බවයි. එකම දිස්ත්‍රික්කයේ වුවද පහසුකම් ඇති හා නැති 1 ඒ බී පාසල් ඇති බවත්, එම පාසල්වල සිසුන්ට පහසුකම් ඇති පාසලකට උසස් පෙළ හැදෑරීමට යාමේ අයිතියක් ඇති බවත්, අධ්‍යාපන අමාත්‍යංශය මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා සිසුනට සාධාරණයක් ඉටු කළ යුතු බවත් ස්ටාලින් මහතා පැවසීය.

මෙම චක්‍රලේඛය දිගටම ක්‍රියාත්මකවුවහොත් ඊට එරෙහිව නඩු මගට යන බව ද හෙතම කීවේය.



අදහස් (0)

සාපෙ දක්ෂයෝ දෙළොවක් අතර

ලියනටග් විජිත් Tuesday, 07 May 2013 09:57 PM

අපහසුවෙන්, අමාරුවෙන්, දුක් විඳලා පාඩම් කරලා ජයග්‍රහණ ලබාගත්ත අහිංසක දරුවන්ට මේ පාරත් අසාධාරණයක් කරන්නද ලැහැස්ති වෙන්නේ. (නි)

:       0       0

ඩී. උපුල් Wednesday, 08 May 2013 01:14 PM

අපේ ළමයි ඇත්තටම දෙලොවක් අතර තමයි. නිදහස ලැබිලා අවුරුදු හැටකටත් වැඩියි. ඒත් බැරිවුණා තවම ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න. මේවා කුමන්ත්‍රණ. ඩොලර් වලට අපේ අයත් අහුවෙනවා. එයාලට ඕනෑ රටේ සාක්ෂරතාව අවම කරලා විදේශ ආධාර වලින් යැපෙන නිකමුන් පිරිසක් බිහිකරන්න. (නි)

:       0       0

රචිත්‍ර Thursday, 09 May 2013 09:28 PM

ලොක්කෝ ගන්න තීරණ වලින් අන්තිටම තැලෙන්නේ අහිංසක පොඩි දරුවෝ... (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 07 May 2013 06:23 PM

ක්‍රමය හොදයි. ඒත් ක්‍රියාත්මක කිරීමේදී මේවාට දේශපාලනය රිංගන්නේ නැත්නම්.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 07 May 2013 06:30 PM

ඈයි ඉතින් අධ්‍යාපන ඈමතිල ඉන්නවනෙ ලමයිට වෑඩිය. අනේ අහිංසක දූ පුතුන්.(නදී)

:       0       0

රාධා Thursday, 09 May 2013 12:08 AM

කළුනික සිරසෙන් හොයා ගන්න.(නදී)

:       0       0

උපාලි Wednesday, 08 May 2013 09:57 AM

අනේ ඇයි හැමදාම අනාගන්නේ. ස්ටාලින් කියන දේ සහතික ඇත්ත. මේවා හරියට චක්‍ර ලේඛයක් හදාගන්න බැරි නිසා වෙන දේවල්ද නැත්නම් ඕනෑකමින් හිදැස් හදනවද? සමහර විදුහල්පතිවරු බලාගෙන ඉන්නේ වචන අස්සෙන් රිංගලා තමන්ට රිසි දේ කරන්න. (නි)

:       0       0

මෝහමඩ් Wednesday, 08 May 2013 10:15 AM

කරුණා කරලා ලංකාවේ අධ්‍යාපනයට තියෙන ගෞරවය රැකෙන විදිහට වැඩ කරන්න. අහිංසක ළමයි මහන්සියෙන් ඉගෙන ගන්නේ හොඳ අනාගතයක් බලාපොරොත්තුවෙන්.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 635 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1020 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 839 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1611 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 470 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 241 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site