ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයයේ 15 වැනි උපාධි ප්‍රදානෝත්සවය අදයි. කෘෂි විද්‍යා, ව්‍යවහාරික විද්‍යා, කළමනාකරණ, සමාජයීය විද්‍යා හා දියතලාව යුද හමුදා පිඨයන්හි 900 ආසන්න පිරිසක් උපාධිය ලබති. සබරගමුව විශ්ව විද්‍යාලයයේ ප්‍රථම උපකුලපති මහාචාර්ය දයානන්ද සෝමසුන්දර, විද්‍යානිධි මහාචාර්ය එස්.ඒ. කුලසුරිය මහත්වරු ද මහාචාර්ය මොහාන් මුණසිංහ ද සම්මාන ආචාර උපාධි ලබති.
කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන්, උපකුලපති මහාචාර්ය මහින්ද එස් රූපසිංහ මහතා අභිමුඛයේදී උපාධි උළෙල පැවැත්වේ. විශේෂ කුසලතාවයන් දැක් වු 16 දෙනෙක් මෙදින රන්පදක්කම් ලැබූහ. පීඨ 5ක සිසුහු 900කට ආසන්න පිරිසකගෙන් 28 දෙනෙක් ප්‍රථම පන්තියේ උපාධිය ද 122 දෙනෙක් දෙවනපෙළ ඉහළ සමාර්ථයද ලැබූහ.
පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සබරගමුවෙන් නවසියයක් උපාධි ලබති
ප්‍රදීපා Saturday, 07 September 2013 02:56 AM
හරීම ලස්සනයි. ගොඩක් කාලෙකට පෙර පේරාදෙණියේදී අපි උපාධිය ලබාගත් හැටි මතක්වෙනවා. ඒක අපිට වගේම අපේ දෙමාපියන්ටත් ඉතාම සතුටුදායක අවස්ථාවක්. නමුත් මගේ පළමු වසරේදීම මගේ පියාණන් හදිසියේ මියගිය නිසා මේ සතුට එතුමන්ට අත්විඳින්න බැරි වුණා. (නි)
බමුණු Saturday, 07 September 2013 03:19 AM
අර ස්කොට් අයගේ සම්බන්ධය මොකක්ද මෙතනට. (නි)
උලම් Saturday, 07 September 2013 07:32 AM
සරසවි යා ගන්න බැරිවුණ අය මොනවා කියනවා ඇද්ද? ඔය උඩ ඉන්න කුමාර වගේ. (නි)
රෝහිත Friday, 06 September 2013 05:40 PM
වැඩේ හොදයි (නි)
රානා Saturday, 07 September 2013 08:42 AM
ප්‍රදීප්, මටත් ඔයාට මෙන්ම පියාණන් නැතිව පේරාදෙනියෙදීම උපාදිය ගන්නකොට දුක හිතුනා. ඒත් වසර හතරෙන් ගන්න තිබුන එක වසර හතකින් විතර ගන්න උනේ විප්ලව කරන්න ගිහින්. ඒත් විප්ලවයෙන් එදා ලැබුන දේවළුත් නැතිව නෙමෙයි තම රටේ නිදහස් අධ්‍යාපනය රැකිලා තියෙන්නේ ධවල පත්‍රිකාව හකුලා ගත්ත නිසා.(නදී)
පද්මිණී Saturday, 07 September 2013 10:29 AM
සරසවි මතෘකා අලුත් වුණා. සුන්දරයි. සිහිනෙන් ගෑ සුවදක් වගේ.(නදී)
ලිනුකා Saturday, 07 September 2013 10:41 AM
නියමයි, සුභ පැතුම්!(නදී)
අනුර නාවලපිටිය Friday, 06 September 2013 07:38 PM
ඔබ සැමට ජයවේවා සුබපැතුම් (දී)
කුමාර Friday, 06 September 2013 07:54 PM
කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය දීල බලාපොරොත්තු වුණ දෙය අපේ උගත් උදවිය තේරුම් ගත්ත නම් අද අපි ලෝකයේ වාසනාවන්තම රට වෙලා . (අ)
ධම්ම Saturday, 07 September 2013 12:12 PM
මා පුතාට ලියු කවියක් මතක් උනා. "පියා එතෙර සිට හෙලු දහඩිය ගොන්න. සකසුරුවම මවගෙ මල්පල ගන්වන්න. දොරකඩ සිටින මල්ලිට ඇතුලට එන්න. ගිය කාරණය කරගෙන එළියට එන්න". දැන් මගේ පුතා විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙක්. මල්ලී ඉංජිනේරුවෙක්.(නදී)
ප්‍රියා Saturday, 07 September 2013 12:48 PM
මේවගේ උගත් ජන සමාජයක් බිහිකර දීමට දායක උන ආචාර්ය හා මහා ආචාර්ය ඇතුළු ඔබ සැමට සුබ අනාගතයක් !(නදී)
සන්ධ්‍යා Friday, 06 September 2013 02:42 PM
අපිට හරිම සතුටුයි දැකීමත්.(නදී)
ධනුකේ Friday, 06 September 2013 02:45 PM
ජයෙන් ජයම වේවා ඔබ සැමට. උණුසුම් සුබ පැතුම්. (නදී)
සමන් Friday, 06 September 2013 02:48 PM
හලෝ හොද ෆොටෝ ටිකක් දාන්න.(නදී)
සරත් Friday, 06 September 2013 02:59 PM
යහපත් මිනිසුන් වශයෙන් සමාජය යහපත් මෙහෙවරක් කිරීමට ඔබ සියලුම දෙනාට හැකිවේවා.(නදී)
පිටබැද්දර ජයා Friday, 06 September 2013 03:02 PM
ඔන්න දැන් පුළුවන් මගේ දුලා , පුතාලට හිතේ හැටියට උද්ඝෝෂණ හර්තාල් කරන්න අසාදරණයට විරුද්දව , මොකද දැන් ඉගෙනගෙන ඉවර නිසා , ඉගෙන ගන්න කාලේ ඩෙගා නටන්නේ නැතුව හරියට කළා නම් ඔය අටමගලේ අවුරුද්දකට කලින් ගන්නවනේ. මොනවා උනත් රටේ උගත් දරුවන්ට සුබ පතනවා.(නදී)
චන්දි Sunday, 08 September 2013 10:21 AM
ධම්ම .. ඔයාගේ කවියට මගේ මුළු හදවතම පිච්චුනා වගේ වුනා !!!! ඔයාගේ පුතාටත්,මල්ලිටත්.,යෝද බල, යෝද ශක්තිය ''ලැබේවා '' යනු මගේ අවංක පැතුමයි (ඔබලාට දිගාසිරි) (දී)
නීල් රණා Friday, 06 September 2013 03:29 PM
ඕනෑවට වඩා කිසිවක් ඕනෑ නැති නිසා අතිරික්ත ධජ පතාකත් ඔසවාගෙන නොගියා නම් හොඳයි. (නි)
යංසි Tuesday, 17 September 2013 02:41 PM
අපේ දවසත් මතක් වෙනවා මේක දකිනකොට (නි)