IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


සබරගමු සමන් දේවාලයේ කප් සිටුවීම 8වැනිදා

(අජිත්ලාල් ශාන්තඋදය)

සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය මෙවර මහජන සහභාගිත්වයකින් තොරව චාරිත්‍රවලට මුල්තැන දෙමින් සියලු අංග ඇතුළත්ව මේ මස 08දා සිට ආරම්භ කරන බව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැවසුවේය.

පෙරහර ආරම්භ කිරීම සංකේතවත්ව පවත්වන සර්වරාත්‍රික පිරිත් දේශනනාව අද  (6) පැවැත්වු බවත් හෙට  (07) මහා සංඝරත්නය විෂයෙහි සාංඝික දානය පවත්වන බවත් බස්නායක නිළමේවරයා පැවසුවේය.

සැප්තැම්බර් 08දා කප් සිටුවනු ලබයි. සැප්තැම්බර් 08 දා සිට 10වෙනිදා දක්වා කුඹල් පෙරහර ද, සැප්තැම්ර් 11දා සිට 15දා තෙක් වීදි පෙරහරද, සැප්තැම්බර් 16දා සිට 20දා දක්වා මහ පෙරහර ද පැවැත්වෙන බව මිගාර ජයසුන්දර බස්නායක නිලමේවරයා සඳහන් කළේය.

සැප්තැම්බර් 21දින දියකැපීමේ පෙරහර පවත්වා පෙරහර යළි ගෙවදීමෙන් අනතුරුව 2021 සබරගමු මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වන බවද බස්නායක නිළමෙවරයා පෙන්වා දුන්නේය.

සබරගමු මහ සමන් දේවාලයේ ඇසළ මහා පෙරහර මංගල්‍ය 2020 වසරේ සිට ජාතික පෙරහරක් ලෙස නම්කර ඇති නිසා පෙරහර රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන බව ද බස්නායක නිළමෙවරා පැවසුවේය. මෙවර පෙරහර පැවැත්වෙන්නේ 796 වන වරට බව ද බස්නායක නිළමේවරයා සඳහන් කළේය. සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ප්‍රධානත්වයෙන් සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ සහභාගිත්වයෙන්  06දා ඒ පිළිබඳ සාකච්ඡාවක් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.

එහිදී පවතින කෝවිඩ් වසංගත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මහ සමන් දේවාලයේ පෙරහර මහජන සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට තීරණය විය. එසේම ඊට සහභාගිවන සියලුම ශිල්පීන් සහ ශිල්පිනියන් සියලුදෙනා ඔවුන්ට සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් මාස දෙකක කාලයක් තුල කෝවිඩ් ආසාදනය නොවු බවට සහ නිරෝධායනය නොවන බවට ඔවුන් පදිංචි කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගෙන් සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට ද තීරණය විය.

පෙරහර මංගල්‍යයට නර්ථන කණ්ඩායම් 17ක් පමණ සහභාගිවනු ලබයි. අලි ඇතුන් 15ක් ද එක් කරගැනීමට නියමිතය. රාජකාරීකරුවන් සමග මහ පෙරහරට දහසකට ආසන්න පිරිසක් එක්වීම සමාන්‍ය සිරිතය.

එසේම පෙරහරට සහභාගිවන සියලුම ශිල්පීන් සහ ශිල්පිනියන් පෙරහර පැවැත්වීමට පෙර රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාවකට ලක්කිරීමට ද මෙහිදී තීරණය විය. එසේම නර්ථන ශිල්පීන් පෙරහරට එක්වීමට පෙර මනා සෞඛ්‍යයකින් යුතු ද යන්න විමසා බැලීමට සෞඛ්‍ය පරීක්‍ෂණයක් පැවැත්වීමටත්, දේවාල පරිශ්‍රයට තාවකාලිකව වෛද්‍යවරයෙක් අනුයුක්ත කිරීමට ද මෙම රැස්වීමේ දී තීරණය විය.

පෙරහර ගමන් කරන මග දෙපස පිහිටි නිවෙස්වලට පෙරහර කාලය තුල පිටස්තරින් කිසිදු අමුත්තෙකු නොදැඳවන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් මාර්ගයෙන් දැනුම්දීමටත් එම නියමය කඩකරන පදිංචිකරුවන්ට නිරෝධායන නීති යටතේ නීතිමය පියවර ගැනීමටත් මෙහිදී තීරණය විය.

දියකැපීමේ පෙරහර දේවාල පරිශ්‍රයෙන් පිටත රත්නපුර පානදුර පාරේ කොටාඹේ දක්වා ගමන්කරන අතර දියකැපීමේ පෙරහර කලුගඟ දිගේ ඉහළට ගමන්කරයි. රතඹලා ඇල්ලෙන් දියා කපා ආපසු එන පෙර නැවත ගඟ දිගේ ඇවිත් කොටාඹෙන් යළි රත්නපුර පානදුර පාරට පැමිණ දේවාල පරිශ්‍රයට ඇතුලුවී දේවාලයට ගෙවදීමෙන් අනතුරුව පෙරහර මංගල්‍යය නිමාවට පත්වෙයි.

 

 



අදහස් (1)

සබරගමු සමන් දේවාලයේ කප් සිටුවීම 8වැනිදා

Kuma Monday, 06 September 2021 04:31 PM

මේවා ටික කාලෙකට නැවත්තුවනම් හරි

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1671 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2837 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1200 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 986 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1411 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 655 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site