IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සබරගමු සරසවිය වහයි

සබරගමුව විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව අද (05) වසා දැමු බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

උසස් අධ්‍යාපන ඇමැති අද (05) විවෘත කළ නේවාසිකාගාරයේ තාප්පයක් නැතැයි කියමින් ශිෂ්‍යාවන් එහි පදිංචියට නොගොස් සිසුන් පදිංචිව සිටි ‘සිංහරාජ‘ නේවාසිකාගාරයට යාමත් සිසුන් සරසවියේ වෙනත් ගොඩනැගිලිවල  නතර වීමත් නිසා සරසවිය වැසු බව දැනගන්නට ඇත.

අද සවස හය වන විට සියලු සිසුන් සරසවියෙන් ඉවත් විය යුතු බව සරසවි නිලධාරිහු පවසති.

මේ අතර සිසුන් වෙනුවෙන් ඉදි කරන්නට යන නේවාසිකාගාරය හමුදා කඳවුරක් සමීපයේ ස්ථානගත කිරීමට යතියි සිසුහු  විරෝධය පළ කළහ.



අදහස් (0)

සබරගමු සරසවිය වහයි

මහරගම සෝමරත්න Sunday, 05 October 2014 12:57 PM

හැම දෙයක්ම හමුදාකරණය වෙලා වගේ රටකට ගිය කලක් (නදී)

:       0       0

තරංග Sunday, 05 October 2014 01:05 PM

නිහාල් පොඩ්ඩක් අහලා බලපන් මාසේ අන්තිමට බර්සරිය හම්බ වෙනකල් අමාරුවෙන් රෝල ගහලා ඉගෙන ගන්න කොල්ලෙක්ගෙන් / කෙල්ලෙක්ගෙන් හරි එතකොට උඹට තේරේවි. (නදී)

:       0       0

සමන් Sunday, 05 October 2014 01:33 PM

අනේ තරංග ඔයාල වගේ ලින් මැඩියන්ට තේරුනේ නැති වුනාට ලෝකයේ බොහෝ රට වල සරසවි සිසුන්ට ඔය මහපොළවත්, බර්සරියවත් හම්බ වෙන්නේ නැහැ. තමන්ගේ අතින් වියදම් කරගන ජීවත්වෙලා, තව පාඨමාලා ගාස්තු ලක්ෂ ගානක් අතින් ගෙවන්න ඕනේ. අනික සරසවි අධ්‍යාපනය විතරක් නෙවේ පාසලේ මුලික අධ්‍යාපනයත් සල්ලි දීලයි ලබාගන්න ඕනේ. අපේ ලංකාවේ ඉන්න සිසුන්ට මුලික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය නොමිලේ දීල තව වියදමට බර්සරියකුත් දෙනවා. එහෙම කරලත් මෙයාල බංකොලොත් දේශපාලන පක්ෂ පස්සේ ගිහින් ඉගෙනගන්නේ නැතුව පිස්සු කෙලිනවා. (නදී)

:       0       0

නිහාල් Sunday, 05 October 2014 02:55 PM

සමන් ලංකාවෙ ගොඩක් අයට ඕක නොතේරෙන එකයි ප්‍රශ්නෙ. මෙයාලට මෙහෙම වෙලා තියෙන්නෙ හැමදේම නිකං ලැබිලා දැං හැමදේම නිකංම බලාපොරොත්තු වෙන එක. අනිත් හැම රටකම ලමයි ඉගනගන්නෙ පාට් ටයිම් ජොබ් කරලා , පුදුම දුකක් විදගෙන. මෙයාලට තියන ප්‍රශ්නෙ තමා හොස්ට්ල් වලට දොරවල් නැති එක තාප්ප නැති එක.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 05 October 2014 03:16 PM

සබරගමු විශ්ව විද්‍යාලය ගැන තීරණයක් බලධාරීන් වහාම ගත යුතයි..අවුල් වැඩිම සහ සිසුන්ට නිදහසේ අද්‍යාපන කටයුතු ඉටුකරගන්න නොහැකි අසාර්ථක විශ්ව විද්‍යාලයක් බවට මේ ලස්සන සුන්දර සරසවිය පත් වෙමින් යනවා සීග්‍රයෙන්..(නදී)

:       0       0

රවිඳු Monday, 06 October 2014 07:31 AM

ජීවිතේට සරසවියකට නොගිය එහි උප සංස්කෘතිය හඳුනානොගත් බොහෝ අය ගල් පැලෙන තර්ක විතර්ක දානවා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 06 October 2014 07:33 AM

සේනා මල්ලිට කියන්න තියෙන්නේ ලොකු ලොක්කන්ගේ සල්ලි වලින් පිස්සු නටනවා නම් අපිට ඒක කොහොමටවත් ප්‍රශ්නයක් නෙමෙයි. අපිට ප්‍රශ්නය තියෙන්නේ අපේ බදු මුදලින් ප්‍රයෝජන අරගෙන නිදහසේ ඉගෙනගන්න ශිෂ්‍යයින්ගේත් ඉගෙනීමට බාධා කරමින් පිස්සු නටන එකයි. (නි)

:       0       0

sena Sunday, 05 October 2014 04:00 PM

ලෝකේ ඕනෑම රටක අවශ්‍ය දරුවන්ට අදාර ලබාගන්න ක්‍රම තියෙනවා. ලංකාවේ නිදහස් අද්‍යාපනය දෙන්නේ මහජනතාවගේ මුදල් වලින් මිසක් ලොක්කොන්ගේ ගෙවල් වලින් ගේන සල්ලිවලින් නෙවෙයි. ඔයා කැමැතියිද ඔයාගේ දැරියක් හරි සහෝදරියක් හරි අනාරක්ෂිතව තියන්න. (නදී)

:       0       0

ගයාන් Sunday, 05 October 2014 04:10 PM

අධ්‍යාපනය නොමිලේ දීල තව වියදමට බර්සරියකුත් දෙනවා. එ්ත් ගොඩක් කැම්පස් ළමයි පාර්ට් ටයිම් ජොබ් කරනවා. එ්ක මදි හින්දා ගෙදරට වියදම් කරන්න. හැමෝටම පේන්නේ ළමයින්ගේ වැරදි (නදී)

:       0       0

ගමගේ Sunday, 05 October 2014 04:51 PM

සුළු පිරිසක් තමයි මේවා මෙහෙයවන්නෙ. සිසුන් අතරින් දුප්පත් ළමයි තෝරාගෙන වීරයො වෙන්න නම් මේවා කරන්න කියලා රවට්ටනවා.එයාලත් හිතාගෙන ඉන්නෙ මේවා මහා වීරකම් කියලා (නි)

:       0       0

රසික Monday, 06 October 2014 08:17 AM

රවිඳු, සරසවියට ගිය පමණින් මිනිස්සු බුද්ධිමතුන් වෙන්නේ නැහැ. එහි ගියා කියලා වැඩක් නැහැනේ ප්‍රායෝගිකව සමාජයේ ජීවත්වෙන්නවත් දන්නේ නැත්නම් (නි)

:       0       0

උදාර Monday, 06 October 2014 08:21 AM

තරංග, ඔබ කතා කරන විලාශයෙන්ම සරසවි සිසුන්ගේ උගත්කම පෙනෙනවා. මේක තමන්ගේගේ උගත්කම් ගැන පම්පෝරි නොගහන බුද්ධිමතුන් ඉන්න සභාවක්. (නි)

:       0       0

හිරු Sunday, 05 October 2014 07:16 PM

ලංකාවේ සිසුන් සරසවි වලට තේරිලා අාවිට දෙමාපියන්ගෙන් වෙන්වෙලා තනිවම ජීවත්වෙන්න සිද්ධවෙනවා. විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට අාරක්ෂාව අවශ්‍යයි. එ්ක විශ්ව විද්‍යාලවල පාලන අධිකාරිය තේරුම්ගත යුතුයි. (නි)

:       0       0

රුවන් Monday, 06 October 2014 09:25 AM

මොකද්ද මේ තරංග කියන කෙනා මෙතන කතා කරන භාෂාව ? මේක උගත් සභාවක්. (නදී)

:       0       0

නිහාල් Sunday, 05 October 2014 11:09 PM

මේ අය ඉගෙනගන්නාතුරු නොමිලේ ලැබෙන්න ඕනෑ දේවල් ඉල්ලලා කෑගැහුවත් එළියට ඇවිල්ලා රැකියාවක් හොයාගත්තට පස්සේ රටේ ජනතාවට නොමිලේ මොකුත් දෙනවද? නොමිලේ නෙමෙයි ගොඩක් අය තමුන්ට රාජකාරියෙන් පැවරී ඇති දේවල් වුණත් කරන්නේ ජනතාව රැකීමට තියෙන නීති ජනතාව පෙළීමට භාවිතා කරමින්. අපේ සරසවිය තම රටට ජනයාට පීඩාකරන, වෛර කරන නිලධාරීන් පුහුණු කරන ආයතනයක් බවට පත්වෙලා හමාරයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 06 October 2014 01:03 AM

තරංග,හරි හරි..ඔයාලා ඔය ලස්සන සරසවිය පුළුවන් තරම් නිදහස් අධ්‍යාපනයේ නම විකුණ විකුණා විනාශ කරන්න.මේ හැම දෙයකටම මුල මේ නිදහස් අධ්‍යාපනයයි. ටියුෂන් මාස්ටර්ලට ගතමනාව ගෙවලා ආ ඔයාලා මොනවද අනේ නිදහස් අධ්‍යාපනය ගැන දන්නේ? දැන් එහෙම එකක් නැහැ. මේ පිනට උගන්වන ඔය ටිකත් නැති කරලා ඕකටත් සල්ලි ගත්තා නම් ඔය කරදර මුකුත් නැහැ. (නි)

:       0       0

මංජුල Monday, 06 October 2014 09:54 AM

අදාල හොස්ටල් එකට අයිති ප්ලෑන් එකේ ඔය කියන තාප්පේ තියෙනවා නම්, ඒක හදන එක කළ යුතුමයි. එ්කට වෙන් කරපු මුදල් කා ලඟද දැන් තියෙන්නේ කියන එක වෙන්න ඇති සිසුන්ගේ ප්‍රශ්නය. ඔය වගේ දේවල් අපිත් හොඳට අත් විඳලා තියෙනවා. ඕක තමයි හැමදාම උනේ. අනුමත විදියට වැඩ වෙන්නේ නැහැ. කෝ අනුමත උන සල්ලි (නදී)

:       0       0

ගයාන් Monday, 06 October 2014 04:46 AM

ජෙප්පෝ ළමයි විනාශ කරනවා ඉගෙන ගන්න දෙන්නේ නැහැ. මනස අවුල් කරනවා. අතීතේ කරපු දේ නැවතත්. විකෘති දේශපාලනය තමයි මේ විනාශයට හේතුව. (නදී)

:       0       0

ගයාන් Monday, 06 October 2014 04:48 AM

නිහාල්, බන්දුල ඔයාලට ස්තුතියි යථාර්තය පෙන්වීම ගැන. (නදී)

:       0       0

දිනේෂා Sunday, 05 October 2014 11:30 AM

මේක ශිෂ්‍යාවන්ට ප්‍රශ්ණයක් උනාට අපිට ප්‍රශ්ණයක් නැහැනේ. මොකද තාප්පේ නැතුවට දොරවල් ඇතිනේ වහගන්නවා නම්. අන්තරේ අය පිටිපසෙන් ඉන්නවද දන්නේ නැහැ. මොකද එයාල ඉගෙනගන්නවට වැඩිය කැමැති ශිෂ්‍යයෝ විදියටම ඉන්න නේ (නදී)

:       0       0

නිහාල් Sunday, 05 October 2014 11:47 AM

මේ අයට ඉගනගන්න උවමනාවක් නම් නෑ වගේ. හැමදේම මොකක් හරි අඩුපාඩුවක් හොයාගෙන කැම්පස් වහගන්න පුදුම උවමනාවක් නේ තියෙන්නේ. දැං මෙතන තාප්පෙ නෑ කියලා කොල්ලන්ගෙ හොස්ටල් වලට ගියාම එතන හොඳ ආරක්ෂාවක් හම්බවෙනවා ඇති. මේ වගේ අයව කැම්පස් එකෙන් එලවලා අඩුම ගානෙ ඉගනගන්න උවමනාවක් තියන අයට ඉගැන්නුවා නම් ඉවරයි. ඒ අතින් ප්‍රයිවට් කැම්පස් වාසනාවන්. ඔය ප්‍රශ්ණ මොකුත් නෑ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 102 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 448 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 97 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 481 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 305 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 874 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site