IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සබරගමු සරසවි ලෙඩේ සුව වේ

සිසුන් සිව් දෙනකුගේ පන්ති තහනම ලිහිල් කිරීමටත් තවත් සිසුන්  සිව් දෙනකුගේ පන්ති තහනම ගැන අභියාචනා කිරීමට ඉඩ දීමටත් ගත් තීරණය නිසා  දින 59ක් තිස්සේ සබරගමුව විශ්ව විද්‍යාලයයේ සිසුන්  පැවැත්වු විරෝධය අද (31) අවසන් කළ බව විද්‍යාලයයේ වැඩබලන උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා  කීය.

මහා ශිෂ්‍ය සංගම ඇතුළු සෙසු ශිෂ්‍ය සංගම් නැවත පිහිටුවීම සහ විශ්ව විද්‍යාලයයේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම යන ඉල්ලීම්වලටද විශ්ව විද්‍යාල පාලනාධීකාරියෙන්  යහපත් ප්‍රතිචාරයක් ලැබුණු නිසා විරෝධය අවසන් කළ බව  සබරගමුව විශ්ව විද්‍යෘලය සුරැකිමේ සංවිධානයේ කැඳවුම්කරු රසිඳු ජයසිංහ පැවසීය

 

 

 



අදහස් (0)

සබරගමු සරසවි ලෙඩේ සුව වේ

කමල් Thursday, 30 October 2014 11:06 PM

මොන සුවවීමක්ද? හොඳයි ආයෙත් පන්ති එන්න ඉඩදුන්නා කියමුකෝ. ඊළඟට අල්ලාගනීවි අර පළවැනි වසරේ ළමයි ටික. නවක වදය කියලා දෙන්න පුළුවන් දස වද ටික දීලා ආයෙත් වැඩ පටන්ගනීවි. (නි)

:       0       0

රංග Thursday, 30 October 2014 11:11 PM

මේ වීරයන්ගේ දෙමාපියන් සල්ලිකාරයන් වෙන්න ඇති. අවුරුදු ගණන් සරසවියට වයස්ගත වෙනතුරු ඒ අය නඩත්තු කරන්න හැකියාව තිබෙනවා ඇති. නමුත් අර බොහොම අමාරුවෙන් දරුවන්ට උගන්නලා සරසවියට එවපු දෙමාපියන් බලා ඉන්නේ තමන්ගේ දරුවා නියමිත කාලේදී ඉගෙනීම හොඳින් කරලා රැකියාවක් සොයාගෙන තමන්ව පවුල් බරෙන් නිදහස් කරනතුරු. මම කියන්නේ කරුණාකරලා ඒ ළමයින්ටවත් පාඩුවේ ඉගෙනගන්න ඉඩදෙන්න. (නි)

:       0       0

සමන්ත Thursday, 30 October 2014 11:45 PM

මේ රටේ මෙච්චර ප්‍රශ්න තිබෙනවා. අරෙහේ නාය ගිහින් මිනිස්සු පණ පිටින් වැළලිලා. ජීවන වියදම අහස උසට. දෙමව්පියන්ගේ දාඩිය මහන්සියයි, මිනිස්සුන්ගේ බදු සල්ලියි, අනෙකුත් සරසවි සිසුන්ගේ කාලයයි ඔක්කොම නාස්ති කරන්න මේ ගොල්ලන්ව හුරතල් කර කර ඉන්න. (නදී)

:       0       0

ලලිත් Friday, 31 October 2014 12:23 AM

මෙතනට පරිපාලනයක් අවශ්‍යත් නැහැ. උගන්නන්න කථිකාචාර්ය වරු අවශ්‍යත් නැහැ. අනධ්‍යයන සේවකයන් අවශ්‍යත් නැහැ. මේ අයටම ඔක්කොම භාර දෙන්න. ඇයි රටේ හැමෝටම වඩා උගත් බුද්ධිමත් කට්ටිය කියල නේ කියන්නේ. අනිත් වැඩත් මේ ගොල්ලන්ටම කරගන්න කියන්න. නැති නම් ගෙවල් වලින් කට්ටිය ගෙනල්ල උගන්න ගන්න කියමු. (නදී)

:       0       0

සත්‍යයා Friday, 31 October 2014 01:04 AM

ඡන්දයක් ලංවෙන්න ඕනේ බොරුවට හරි ප්‍රශ්න විසඳෙන්න. (නදී)

:       0       0

ලුම්බිණි Friday, 31 October 2014 01:15 AM

මේක කලින් කළා නම් හැමෝටම හොඳයි නේද? (නි)

:       0       0

වාසනා Friday, 31 October 2014 01:39 AM

මම නම් හිතන්නේ එය තවමත් සුවනොවූ බවයි (නි)

:       0       0

විරාජ් Friday, 31 October 2014 02:01 AM

ශිෂ්‍යන්ගේ අරගල නැත්තම් ඔය සරසවි ටිකත් විකුණලා දාලා, විශ්ව විද්‍යාල කඩ ටිකක් පටන්ගන්නවා. මේ අරගල නිසයි නිදහස් අධ්‍යාපනය ඔහොමහරි තියෙන්නේ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 31 October 2014 12:47 PM

මං හිතන්නේ වැරදි ආදර්ශයක්..විනයක් නැති ආයතනයකට පැවැත්මක් නැහැ..මොවුන්ට බය වෙලා විනය නීති හකුලා ගන්නවානම් ඉදිරියේදී මේ සරසවියේ තත්වය තව තවත් අගාධයට යාවි..කරුණාකර අනෙකුත් සිසුන්ගේ අධ්‍යාපනයට බාධා කරන සරසවියේ විනය නීති වලට අනුගත නොවන ඉගෙනීම දෙවනුවත් දේශපාලනය පළමුවත් කරන සියලු සිසුන් අනෙකුත් සිසුන්ගේ යහපත සහ සරසවියේ යහපත උදෙසා ශිෂ්‍ය භාවය අහෝසි කර සරසවියෙන් නෙරපා දමන්න..නැතිනම් මොවුන් වෙනුවෙන් මහජන බදු මුදල් නාස්ති නොකර සරසවිය වසා දමන්න..(අ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 31 October 2014 02:38 AM

මං හිතන්නේ විනයක් නැති ආයතනයකට පැවැත්මක් නැහැ. මොවුන්ට බයවෙලා විනය නීති හකුලාගන්නවා නම් ඉදිරියේදී මේ සරසවියේ තත්වය තව තවත් අගාධයට යාවි. කරුණාකර අනෙකුත් සිසුන්ගේ අධ්‍යාපනයට බාධා කරන, සරසවියේ විනය නීතිවලට අනුගත නොවන, ඉගෙනීම දෙවනුවත් දේශපාලනය පළමුවත් කරන සියලු සිසුන් අනෙකුත් සිසුන්ගේ යහපත සහ සරසවියේ යහපත උදෙසා ශිෂ්‍යභාවය අහෝසිකර සරසවියෙන් නෙරපා දමන්න. නැත්නම් මොවුන් වෙනුවෙන් මහජන බදු මුදල් නාස්ති නොකර සරසවිය වසා දමන්න. (නි)

:       0       0

නිශාන්ත Friday, 31 October 2014 02:40 AM

රෝහිත මහත්තයෝ, ශිෂ්‍ය ව්‍යාපාරය කොහොමත් පැරදිලා නැහැ. පරදින්නේත් නැහැ. ඒකට ඉතිහාසය සාක්ෂි දරනවා. ඔයාගේ ළමයෙක් හිටියා නම් මේකෙන් ඉගෙනගන්න බාධාවක් වෙන්න ඇති. ඒත් සමස්ත අධ්‍යාපනය ආරක්ෂා කරන්න ඔවුන් විඳින දුක කියලා නිමකරන්න බැහැ (නි)

:       0       0

කීර්ති Friday, 31 October 2014 03:39 AM

අනේ අම්මපා මේ වගේ ශිෂ්‍යයෝ. විශ්‍ව විදයාල තුල දේශපාලනය සම්පූර්ණයෙන්ම තුරන් කර දැමිය යුතුයි. මේ අය ඇත්තටම රටට වැඩ දායී විදියට අධ්‍යාපනය කරනවද කියන එක සැක සහිතයි. මේ විදියට බොරු උද්ගෝෂණය කරන අතරේ. වෙනත් ආයතනවල වෙනත් පාඨාමාලා හදාරන අය ඉහලට එනවා. දැන් ගොඩක් පෞද්ගලික ආයතනවල රැකියා කරන අය දිහා බලපුවම එ්ක හොඳට පෙනෙනවා. පාලකයෝ නෙමෙයි විශ්‍ය විද්යාල වලට වල කපන්නේ. ශිෂ්‍යයෝම තමයි වල කපාගන්නේ. අද විශ්‍ව විදයාල වලින් එන අයගේ ඉංග්‍රීසි දැනුමත් ගොඩක් අඩුයි. එ් නිසා එයාලට අනිත් අයත් එක්ක තරඟයක් දෙන්න වෙලා තියනවා. (නදී)

:       0       0

ගාමිණී Friday, 31 October 2014 03:59 AM

රෝහිත විශ්ව විද්‍යාලයක් දැකලවත් තියනවද? රටේ උගත්ම පිරිසට අපහාස කරන්න එපා. (නදී)

:       0       0

දිනේෂ් අයි අබේසිංහ Friday, 31 October 2014 04:03 AM

අපේ දුප්ප්ත් කෙල්ලන්ට කොල්ලන්ට ඉගෙනගන්න නම් අනිවාර්යෙන්ම සටන් කරන්න වෙනවා. ඒ අය සටන් කරන්නේ අපේ අනාගත පරම්පරාව ගැන හිතලා (නදී) ape duppath kellanta kollanta igena gannanam aniwa satan karanna wenawa. Un e satan karanne un gana witharak hithala newei. Issarahata oyalage lamainta hondata igena gannai un ehema satan wadinne. Oya eka therum ganna.

:       0       0

සුනිල් විතානගේ Friday, 31 October 2014 04:04 AM

කව්රුත් අන්තිමට එකයි. එදා ඉදන්ම රට පාලනය කරන්නේ තරුණයෝ තමයි. පාර්ලිමෙන්තුවේ වැඩිපුර ඉන්නෙත් විශ්ව විද්‍යාලයට ගිය අය තමයි (නදී)

:       0       0

මාලක සිල්වා Friday, 31 October 2014 04:10 AM

කතා කරන්න දන්නේ නැති ඇමති කල වරදට දඬුවම් දෙන්නේ නැද්ද ? අට්ටාලය කඩපු පොලිසියට දඬුවම් නැද්ද (නදී)

:       0       0

සෑම් Friday, 31 October 2014 04:34 AM

රෝහිත, ඔබ සමඟ මමත් එකඟ වෙමි. විශ්ව විද්‍යාල වල ඉගැන්වීමට බාධාකරන අයට යටවීමට අවශ්‍ය නැත. පාරේ ඉන්න අයට එහෙමම ඉන්න කියලා අනිත් අයට උගන්වන්නයි තිබුනෙ. (නි)

:       0       0

රන්ජන් Friday, 31 October 2014 04:34 AM

ශිෂ්‍ය සංගමය දිනාගත් සටන කොහොමහරි දිනාගත්තා කියමුකෝ. දැන් තිබෙන සටන තමයි අමාරු. කොහොමහරි උපාධි සහතිකය ගන්න එපායැ. (නි)

:       0       0

සමීර Friday, 31 October 2014 05:25 AM

රෝහිත මහත්මයා, කරුණාකරලා ඔහොම හිතන්න එපා. මේ ළමයින්ගේ ජිවිත පරදුවට තියලා ඒ අය සටන්කළේ අනාගත පරපුර වෙනුවෙන්. මෙහෙමවත් ළමයි සටන්කළේ නැත්නම් මේ නිදහස් අධ්‍යාපනය නැතිවෙලා ගොඩක් කල් (නි)

:       0       0

සත්‍යපාල Friday, 31 October 2014 05:49 AM

රෝහිත වැස්සකටවත් ඉස්කෝලයකට ගිහිල්ලා නැද්ද ?නැත්නම් තේරෙන්න එපාය ඉල්ලීම් වල සාධාරණත්වය, අවසන් මොහොතේ හරි ඉටුකරන්න තීරණය කරන්න ඇත්තේ ඒ නිසානේ.(අ)

:       0       0

ගුනේ Friday, 31 October 2014 06:15 AM

සත්‍යපාල , මෙගොල්ලා දන්නේ රටින් ඉල්ලන්න විතරයි වගේනේ, කවද්ද රටට යමක් තමන්ගෙන් වෙන්නේ,?නාකි වෙනකම් ගෙදර ඉන්න දෙමව්පියන්ට බරක් වෙලා උද්ගෝෂණ කර කර රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි කන එක බොහොම සාධරනයි. (අ)

:       0       0

චන්න Friday, 31 October 2014 06:27 AM

සත්‍යපාල, අනුන්ගේ උගත්කම් ගැන ප්‍රශ්න කරන්න පෙර මේ අය උගතුන් ලෙස කරන්නේ කුමක්ද කියන්න (නි)

:       0       0

කමල් Friday, 31 October 2014 06:34 AM

අන්තිමට මේ සරසවියෙන් පිටවෙන කෙනෙකුට රස්සාවක් ගන්න බැරිවෙන තත්වයක් දැන් තියෙන්නේ. එතැනට ගිය වෙලාවේ සිට වැඩ කෙසේවෙතත් ඉල්ලීම් පටන්ගනීවි. (නි)

:       0       0

ගාමිණී Friday, 31 October 2014 06:55 AM

මහත්තයෝ, ඔයාලගේ දරුවන්ටත් ඒ සල්ලි වලින් ඉගෙනගන්න නිදහස් අධ්‍යාපනය කියලා එකක් ඉතුරු කරන්නයි මේ කෑගහන්නේ. (නි)

:       0       0

පුලස්ති Friday, 31 October 2014 07:11 AM

මෙයාලගේ ඉල්ලීම් ඉෂ්ට වුණා නම් ඒ ඇති. අරෙහෙ රටේ නායගිහින් මිනිස්සු නැතිවෙලා. වෙනත් රටවල ඔහොම විපත් වුණාම විතරක් නෙවෙයි ස්වේච්ඡාවෙන් සරසවි සිසුන් සමාජ සේවයේ යෙදෙනවා. අපේ උදවිය දන්නේ අනෙත් අයගේ උගත්කම ගැන ප්‍රශ්න කර කර ඉගෙනීම පැත්තකට දාලා හැම කෙනෙක්ගෙම කාලේ කන්න විතරයි. ඔය අය විතරක් නෙමෙයි, මේ රටේ තවත් මිනිස්සු ඉන්නවා. (නි)

:       0       0

රෝහිත සමරකෝන් Thursday, 30 October 2014 05:01 PM

හපොයි ! දැන් මේ ගොල්ලෝ කියයි අන්න දැක්කද අපි දින්නා, දේශපාලඥයන් අපිට බයවෙලා අපේ ඉල්ලීම් දුන්නා කියලා. කරන්න තිබුනේ දවස් 59 ක් බැරිනම් 559 ක් කරන්න කියලා ඉගෙනගන්න ඕනේ ළමයින්ට ආරක්ෂාව ඇතුව උගන්නන්න සළස්වන එකයි. නැතිනම් අර අය කවදාවත් කිසිම පාඩමක් ඉගෙන ගන්නේ නැහැ.(ර)

:       0       0

කොඩිතුවක්කු Thursday, 30 October 2014 05:11 PM

ජය වේවා.! රටේ අනාගතය බාරගන්න ඉන්න තරුණ ජවයට. (ර)

:       0       0

ගයාන් Friday, 31 October 2014 08:40 AM

ඔය ලෙඩේ නිට්ටාවට සුවවෙලා නැහැ. කවදාවත් ඕක හොඳවෙන එකක් නැහැ කියල‍ා හිතෙනවා (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 30 October 2014 06:05 PM

මං හිතන්නේ වැරදි ආදර්ශයක්. විනයක් නැති ආයතනයකට පැවැත්මක් නැහැ. මොවුන්ට බය වෙලා විනය නීති හකුලා ගන්නවානම් ඉදිරියේදී මේ සරසවියේ තත්වය තව තවත් අගාධයට යාවි. කරුණාකර ඉගෙනීම දෙවනුවත් දේශපාලනය පළමුවත් කරන අනෙකුත් සිසුන්ගේ අධ්‍යාපනයට බාධා කරන සරසවියේ විනය නීති වලට අනුගත නොවන සියලු සිසුන් අනෙකුත් සිසුන්ගේ යහපත සහ සරසවියේ යහපත උදෙසා ශිෂ්‍ය භාවය අහෝසි කර සරසවියෙන් නෙරපා දමන්න. නැතිනම් මොවුන් වෙනුවෙන් මහජන බදු මුදල් නාස්ති නොකර සරසවිය වසා දමන්න. (ර)

:       0       0

එම්. සිල්වා Thursday, 30 October 2014 07:16 PM

මට නම් එක එක්කෙනාගේ අදහස් වලට උත්තර දෙන්න උවමනාවක් නැහැ. ඔවුන් හිතන හැටි ගැන මට වැඩක් නැහැ. තේරෙන අය තේරුම් ගනීවී. මට නම් මෙතන අසාධාරණයක් වෙලා තියෙනවා ඒක ජයග්‍රහණය කරලා තියෙනවා කියලා තේරෙනවා. මමත් දරුවෝ ඉන්න, විදේශයක සේවය කරන කෙනෙක් විදියට හා රටට විදේශ විනිමය උපයන කෙනෙක් විදියට නිදහස් අධ්‍යාපනයේ වටිනාකම දන්නවා (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 31 October 2014 10:16 AM

ලැම්බෝගිනි ෆෙරෙර්රි,පොර්චේ කාර් 7-8 ක් ගුවනින් ගෙන්වා දෙන්න කියලා නෙමෙයි මේ දරුවන් ඉල්ලන්නේ. ලංකාවේ අයට කොහොම තේරුම් කරන්නද මන්දා (නි)

:       0       0

තිලක් ඩුබායි Friday, 31 October 2014 10:19 AM

අද රටේ උද්ඝෝෂණ නොකර කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

අප්පුහාමි Friday, 31 October 2014 10:28 AM

ඔතන නිධන්ගත රෝග විතරක් නෙමෙයි පිළිවෙලකට ඉගෙනගන්න ළමයින්ටත් බාධාකරන වසංගත රෝගත් තිබෙනවා. (නි)

:       0       0

හසිත් Thursday, 30 October 2014 09:14 PM

රට භාර දෙන්න පුලුවන් උනේ මීට දශක ගනණකට කලින් සරසවියෙන් පිටවුන උගතුන්ට. එහෙම නැතිව දැන් ඒවායින් පිටවෙන අයට පුද්ගලික කොම්පැනියක රස්සාවක් දෙන්න කවුරුවත් ඉදිරිපත් වේවිද දන්නේ නැහැ. දෙනවා නම් අන්න අර යාපනේ සරසවියේ සිසුන්ට තමයි. හවසට එළවලු කොටුවල වැඩ කරන ගමන් බයිසිකල් වලින් හැතැක්ම ගණන් ඉගෙනීමට යමින් එමින්, දෙමව්පියන්ගේ තුට්ටු දෙක නාස්ති නොකර , මහජනයාට වදයක් නොවී ඉගෙන ගන්නවා. (නදී)

:       0       0

කෙවින් Thursday, 30 October 2014 09:23 PM

ඉගෙනගන්න ඕනෑ ළමයෙකුට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ. මේ ගොල්ලන්ට රට භාරදුන්නොත් එක දවසකින් රට ආපස්සට හරවාවි. ඇයි ඉතින් රස්සාවකට ගිය ගමන් වැඩ කරන්නත් කලින් එතන පඩිය වැඩිකරන්න කියලා මහා උද්ඝෝෂණයක් පටන් ගනීවි. ඊළඟට අත්‍යවශ්‍ය සේවා ඉඳලා ඔක්කොම කඩාකප්පල් කරාවි. ඊට වැඩි දෙයක් ඒ ගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)

:       0       0

ඩිලාන් Thursday, 30 October 2014 09:29 PM

ඔය සරසවියෙන් එළියට එන සමහර අයව හරියන්නේ ආණ්ඩුවේ කන්තෝරුවල ස්ට්‍රයික් කරන්න තමයි (නි)

:       0       0

රවීන්ද්‍ර Thursday, 30 October 2014 09:32 PM

අපේ රටේ සරසවි ශිෂ්‍යයින් නඩු කියාගෙන පන්ති වර්ජන කරගෙන ඔහොම යමුකෝ. මේවාට උඩගෙඩි දෙන අයත් ඉන්නවානේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 14 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 34 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 80 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 92 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2395 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site