IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සබරගමු සිසුහු මොනරාගල උණුසුම් කරති

සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මොනරාගල නගරයේ ප්‍රචාරක වැඩපිළිවෙළකට එක්වී ඇතැයි ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.රත්නවීර මහතා කියයි. ඔවුන් අද නගරයේ පවත්වන්නට යන උද්ඝෝෂණයටද ඔහු විරෝධය පළකර ඇත. ඒ සඳහා එල්ලා තිබූ කටවුට් ආදිය ඔහු විසින් කඩා බිඳ දමන ලදැයි සිසුහු කියති. දෙපාර්ශවය අතර ගැටුමක් වැළැක්වීම සඳහා පොලිසිය මැදිහත්වී සිටිති. නගරයේ තත්ත්වය උණුසුම් අතට හැරී ඇත.

මැතිවරණ නිලධරයකුද ජවිපෙ අපේක්ෂකයන් තිදෙනකුට අනියමින් සහය දෙතියි ප්‍රාදේශීය සභාපති චෝදනා කරයි. එම නිලධරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.



අදහස් (0)

සබරගමු සිසුහු මොනරාගල උණුසුම් කරති

සත්‍යයා Monday, 15 September 2014 01:32 AM

සිසුන් පමණක් නොව රටේ අගතියට පත් දුක්විඳින හැම මිනිසෙක්ම පෙරට ආ යුතු කාලයක් මේක. (නි)

:       0       0

බින්දු Monday, 15 September 2014 02:02 AM

සරසවි සිසුන්ගේ දේශපාලනය සාමාන්‍ය මහජනතාවට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඔවුන් තමන් තරම් දැනඋගත් කට්ටියක් කොහෙවත් නැහැ කියන මානයෙන් කටයුතු කර ඇතැම් අවස්ථා වල වැඩ වරද්දා ගන්නවා. (නි)

:       0       0

කුමාර Monday, 15 September 2014 03:18 AM

ඔබ කැමති සරසවි ගිය උගත් පුද්ගලයෙක් ඔබව පාලනය කරනවාට නොවේද? (නි)

:       0       0

දිලාන් Monday, 15 September 2014 03:55 AM

අපි කැමති උගත් කම උද්දච්චකමක් කර නොගත්ත , බුද්ධිමත් කමත් දුරදර්ශි ඥානයත් එක්ක උගත් කමක් ලැබුණු කෙනෙක් අපිට පාලනය කරනවා නම්. සරසවියට ගිය පමණින් රට පාලනය සුදුසු වෙන්නේ නැහැ. ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයන් බොහෝ දෙනෙක් සරසවියට ගිය අය නෙවෙයි .(අ)

:       0       0

වසන්ත Sunday, 14 September 2014 07:13 AM

උසස් අධ්‍යාපනය පෞද්ගලික කරණය ඇතුළු ශිෂ්‍ය ප්‍රස්න ගැන හීතුවෙන් ශිෂ්‍යයින් මෙන්ම දෙමව්පියන් කල කිරී ඉන්නේ. සියලුම ජනතාව මර්ධනයට විරුද්දව එ්ක රාශි වෙමු. (නදී)

:       0       0

සෙනරත් Monday, 15 September 2014 04:18 AM

ජ වී පෙ විසින් සිසුන් ඡන්ද වැඩට යොදාගැනීම අපරාධයක් 1971 සහ 1986 සිසුන් දහස් ගාණකගේ විනාශයට ඔවුන් වගකිවයුතුයි. .නවක වදයෙන්ම ඔවුන් ග්‍රහණයට ගන්නවා .ඔය සිසුන් හරියට ඉගෙනීම කරනවද ?පාරවල් වල රස්තියාදු වෙනවා .හැමදාම ජවිපෙ එක්ක ආණ්ඩුවට විරුද්දව සත්‍යග්‍රහ.24000ක් යි කැම්පස් වලට නොමිලේ උගන්වන්න අවුරුද්දකට ගන්නවා .නිදහස් අධ්‍යාපනයක් නැතිලු? මෙයාලට පිස්සුද ? (අ)

:       0       0

ඉසුරන්දි Sunday, 14 September 2014 07:51 AM

අහෝ රටට මේ මොකද වෙන්න යන්නේ. දේශපාලනයත් හරියට දැන් අන්තවාදී යුද්දයක් වගේ. (නදී)

:       0       0

සේන Sunday, 14 September 2014 07:57 AM

එයාලා වෙනුවෙන් කඩේ ගියා නම් ඔය එක ලෙඩක් වත් නැහැ (නදී)

:       0       0

සඳුනි Sunday, 14 September 2014 08:07 AM

සරසවි සිසුන්ට තමන් කැමති ඕනෑම දේශපාලන පක්ෂයකට උදව් කරන්න පුළුවන්. එ්ක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. මොකටද කව්රුවත් විරුද්ධ වෙන්නේ? හැබැයි සිසුන් ආණ්ඩුවට උදව් කලා නම් ජ.වී.පෙ බෙරිහන් දීලා කියාවි ආණ්ඩුව සරසවි දේශපාලනීකරණය කළා කියලා. (නදී)

:       0       0

ගුණසේකර Sunday, 14 September 2014 08:47 AM

උගත් දරුවෝ වත් රට ගැන හිතන්න ඕනේ. නැති නම් අනාගතේ බොරු වීරයන්ගේ සපත්තු ලෙවකන්න වෙන්නේ. (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 14 September 2014 08:56 AM

සබර ගමුව විශ්ව විද්‍යාලයෙන් ආවාට සමන්තට වෙන්නේ කෑම පාර්සල් ටිකක් දීලා පොඩි ශෝභනයක් දර්ෂණයක් දමන එක විතරයි. ඔය ආපු පස් දෙනෙකුටවත් ඌවෙ ඡන්ද නැහැ පුතේ (නදී)

:       0       0

අශාන් Sunday, 14 September 2014 09:08 AM

එතකොට ආණ්ඩු පක්ෂයට විතරද ප්‍රචාරක වැඩ කරන්ඩ පුළුවන්? අනිත් අයගේ කටවුට් කඩන්ඩ මෙයාට තියෙන අයිතිය මොකක්ද? (නදී)

:       0       0

මොරටු චානු Sunday, 14 September 2014 09:21 AM

සඳුනි, සරසවි දේශපාලනීකරණය කරනවා කියන්නේ සරසවිවල ඉන්න ළමයි හෝ ආචාර්යවරුන් දේශපාලනය කරන එකට නෙවෙයි. වචන වගකීමෙන් භාවිතා කරන්න. ස්තුතියි. (නදී)

:       0       0

දාම් Sunday, 14 September 2014 09:46 AM

ඇයි ලංකාවේ උගත් කොල්ලන්ට දේශපාලනය කරන්න බැරිද? හොරුන්ට විතරද පුලුවන් (නදී)

:       0       0

දසුන් Sunday, 14 September 2014 09:59 AM

ඉගෙන ගන්න කාලයේ ඒක නවත්තලා දේශපාලනය කරනවා. ඊළඟට එතැන ගැටුමකින් අතක් පයක් කැඩුනාම ආණ්ඩුවේ හත් මුතු පරම්පරාව මතක් කරනවා. දේශපාලනය මානුෂික අයිතියක් වගේම තමන්ගේ අධ්‍යාපනයට යෙදවෙන මහජන මුදල් වලට සාධාරණයක් ඉටු කිරීමත් වැදගත්. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 15 September 2014 06:51 AM

අවුල් වැඩිම විශ්ව විද්‍යාල වලින් එකක් තමයි සබරගමු විශ්ව විද්‍යාලය..දැන් හොදටම තේරෙනවනේ මොකද එහෙ අවුල් වැඩි කියල.කොන්ත්‍රාත් කාරයෝ නිසි පරිදි කොන්ත්‍රාත්තු ඉටු කරන නිසා තමයි ඒ...(අ)..

:       0       0

කලුපෙරුම Sunday, 14 September 2014 10:41 AM

සරසවි සිසුන් කියන්නේ උගත් පිරිසක්. නිසි වයසට පැමිණි තරුණයෝ. එයාලට දේශපාලනය කරන්න පුළුවන්. කොහොමද එ්ක තහනම් කරන්නේ? (නදී)

:       0       0

වසන්ත Sunday, 14 September 2014 10:41 AM

බුද්ධිමතුන් අසාදාරණයට විරුද්ද වීම සාමානය දෙයක්. අද රටේ පාලනය නුගත් බාර් කාරයින් අතේ. ඔය පැතිවල ඉන්න නායකයින්ගේ කතා අහපුවහම ඒ බව හොඳට තේරෙනවා. මොනරාගල ජනතාව සොච්චම් පගාවලට යට නොකළ යූතුයි. නියගය තිබුනේ මොනරාගල විතරද? දැන්ද ඇහැරුනේ මොනරාගලට සේවය කරන්ඩ. අසාදාරණයට විරුද්දව පක්ෂ බේදයෙන් තොරව නැගිටිමු. (නදී)

:       0       0

බිනර Sunday, 14 September 2014 10:40 AM

හොරු, මෝඩයෝ විතරයි දේශපාලනේ කරන්නේ. එ්ක හොඳයි (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 14 September 2014 11:18 AM

අවුල් වැඩිම විශ්ව විද්‍යාල වලින් එකක් තමයි සබරගමු විශ්ව විද්‍යාලය..දැන් හොදටම තේරෙනවනේ මොකද එහෙ අවුල් වැඩි කියල.කොන්ත්‍රාත්තු කාරයෝ නිසි පරිදි කොන්ත්‍රාත්තු ඉටු කරන නිසා තමයි ඒ...මේ කාලකන්නි දේශපාලනයේ පැවැත්ම තියෙන්නේ අවුල් තියෙන තරමට, අවුල් හදපු තරමට, අවුල් තුලින් කොහොම හරි එකෙක් දෙන්නෙක් බාවා ගත්ත තරමට. නිදහස් අධ්‍යාපනේ රැක ගන්න වෙන්න ඇති සබරගමුවේ ඉදන් ඌවට ඇවිත් පෝස්ටර් ගහන්නේ..නිදහස් අධ්‍යාපනේ පැවැත්මට තියෙන ලොකුම පිළිලය තමයි මේ..තම දේශපාලන අභිමතාර්ථ සදහා සරසවි සිසුන් බිල්ලට දීම මෙයාල එදත් කලා අදත් කලා හෙටත් කරාවි..(ස)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 14 September 2014 12:23 PM

ජවිපෙ ට පින් සිද්ද වෙන්න අපි මෙහෙමවත් වේලක් හැර වේලක් හරි කාල පය ගහල ජීවත් වෙන්නේ. නැතිනම් මේ වෙනකොට රටම ඉවරයි (නදී)

:       0       0

කලන Sunday, 14 September 2014 12:31 PM

ගුණසේකර, ඔහොම රට හදන්න හදපු ගොඩක් බුද්දිමතුන් ඒ කාලේ නැති කරලා දැම්මා. ඒ කට්ටිය අද හිටියා නම්. ඒ නිසා කොයි දේත් පරිස්සමින්. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 14 September 2014 12:54 PM

අවුල් වැඩිම විශ්ව විද්‍යාල වලින් එකක් තමයි සබරගමු විශ්ව විද්‍යාලය. දැන් හොඳටම තේරෙනවනේ මොකද එහෙ අවුල් වැඩි කියලා (නි)

:       0       0

දේශානී Wednesday, 17 September 2014 08:49 AM

මේක දෙශපාලන පිකට් එකක් නෙමෙයි. මේක කලේ පන්ති තහනම් ඉවත් කර ගන්න. මේකෙ හැමදෙයක්ම දේශපාලනය කියල වහන්න හදන්නේ. රටේ මෝඩයත් එ්වා පිලිගන්නවා. දේශපාලනය උනත් වෙනකෙනෙක්ගේ බෝර්ඩ් ඉරන්න කාටවත් බෑ. එහෙනම් පොලිසි ඕනේ නෑ (නදී)

:       0       0

බණ්ඩාර Sunday, 14 September 2014 01:27 PM

මෙදා පාර සමහරුන්ට පුදුමාකාර බයක් නේද තියෙන්නේ? (නි)

:       0       0

ලංකා තිලක් Sunday, 14 September 2014 02:04 PM

අනේ අපි නම් මුකුත් කියන්නේ නැහැ. සද්දේ තරමට වැඩ නැති බව එදා ඉඳලම අපි දැක්කා. (නි)

:       0       0

රොකී Sunday, 14 September 2014 03:11 PM

වසන්ත, අධ්‍යාපනයට වැයකරන මුදල් වගේ කී ගුණයක් නිරපරාදේ මේ ගොල්ලෝ වියදම් කරනවද. ඒවත් මහජන මුදල්. (නි)

:       0       0

තුෂාර Sunday, 14 September 2014 10:31 PM

සරසවි සිසුන් දේශපාලනය කිරීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඔවුන්ගේ අයිතියක්. හැබැයි තමන් තරම් ලංකාවේ කිසිම දැන උගතෙක් නැහැ , කොතැනටත් හරි යන්නේ තමන් කියන උද්දච්ච හැඟීම නම් ඉවත් කරගන්න වෙනවා. ලොකු විභාග පාස් නොකළාට සමාජයේ කලක් ජීවත්වෙලා තමන්ට වඩා දැනුම් තේරුම් ඇති වැඩිහිටියොත් සමාජයේ ඉන්නවා කියලා හිතන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 44 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 665 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1554 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3480 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1820 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 694 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site