IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


'සුබාසිරි' තුළින් ඔබ හමුවන 'රශ්මි'

20160628Rashmi-3සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වන 'සුබාසිරි' වැඩසටහන ඉදිරිපත් කරන සුරූපීණිය ඔබට මතකද..? ඇය නමින් රශ්මි රූත්ය. නිවේදිකාවක් වීමට පෙර ඇය රංගන ශිල්පිනියක් ලෙස හමු වී ඇත. අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ 'සුළඟට එන්න කියන්න' ටෙලි නාට්‍යය හරහා රංගනයටද පිවිසි ඇය සිය පළමු ටෙලි නාට්‍යය රංගනයෙන්ම ටෙලි සම්මානයකටද හිමිකම් කීමට සමත් විය. අද ‘සාරවටි' තරු කතා බහටද ඇය අපි සමගින් මෙසේ එක් වුණේමු.

 

20160628Rashmi-5කොහොමද රශ්මි ජිවිතේ?

ගොඩක් හොඳින් ගෙවිලා යනවා. නිවේදිකාවක් විදිහට මේ දවස්වල වැඩ කරනවා. ඒ සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වන 'සුබාසිරි' මංගල තුළින්. ඊට අමතරව මේ දිනවල වැඩිපුර තැනක් දිලා තියෙන්නේ අධ්‍යාපනය පැත්තට. දැනට මම 'රෝයල් ඉන්ට්‍ර්ටියුට්' හි 'ලන්ඩන් යුනිවර්සිටි' උපාධිය කරනවා. එහි පළමු විභාගය පසුගිය සති කිහිපයේදී තිබුණා. තවත් අවුරුදු 2ක කාලයක් මේ උපාධිය හදාරන්න මට සිදුවෙලා තියෙනවා.

 

ටෙලි නාට්‍යය රංගනයට සමුදිලා තියෙන්නේ?

නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් මම කරනවා. පසුගිය කාලයේදී හොඳ නිර්මාණ කිහිපයක්ම ලැබුණා. නමුත්, මගේ අධ්‍යාපන කටයුතු නිසා ඒ නිර්මාණ ප්‍රතික්ෂේප කරන්න වුණා. අරුණ ජයවර්ධනගේ 'සුළඟට එන්න කියන්න' ටෙලි නාට්‍යයෙන් පස්සේ රංග බණ්ඩාරනායකගේ 'භවාන්තර' ටෙලි නාට්‍යය සම්බන්ධ වුණා. ඊට පස්සේ නම් රංගනයට පැත්තට යොමු වුණේ නැහැ. චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න දැනට අවස්ථාවක් ලැබිලා තියෙනවා. නමුත්, ඒ ගැන කිසිම සඳහන් කිරිමක් කරන්න තවමත් බැහැ. මොකද, ඒ නිර්මාණයේ වැඩ තාම සාකච්ඡා මට්ටමින් තියෙන නිසා.

 

මේ දවස්වල ගීත රූප රචනාවක පෙනී ඉන්නවා නේද ඔබ?

රුවන් හෙට්ටිආරච්චිගේ 'වෙන්වී ගියත් පෙරදා' ගීතයට. එහි මා සමගින් දසුන් නිශාන් රංගනයෙන් දායක වෙනවා. මේ ගීතයට අමතරව මම 'සිරස සුපර් ස්ටාර්' සුරේන්ද්‍ර පෙරේරාගේ 'සමා වෙන්න දෝ', සචිත් පිරිස්ගේ 'තරු අස්සෙන්', චින්තක ජයසිංහගේ 'සුරඟන', යශාන්ගේ 'රූ තුන්යම' ඇතුළු තවත් ගීත රූප රචනා බොහොමයකට මම දායක වෙලා තියෙනවා.

 

පළමු ටෙලි නාට්‍යය රංගනයෙන්ම ඔබට සම්මානයක් හිමිවුණා නේද?

අරුණ ජයවර්ධනගේ 'සුළඟට එන්න කියන්න' ටෙලි නාට්‍යයේ කළ රංගනයට ඒ වසරේ පැවති 'රයිගම්' ටෙලි සම්මාන උළලේදී වසරේ නැගී එන යොවුන් නිළි සම්මානය දිනාගන්න මට පුළුවන් වුණා. මේ ටෙලි නාට්‍යයෙන් පස්සේ මම දායක වුණ 'භවාන්තර' ටෙලි නාට්‍යයේ 'මාරි' කියන මානසික රෝගයකින් පෙළෙන ගැණු දැරිවියකගේ චරිතය ගැනත් බොහොදෙනෙකු කතා බහ කළා. ඇත්තටම එය මට විශේෂිතම අත්දැකිමක් ගෙනදුන් ටෙලි චරිතයක් වුණා.

 

ඉදිරි ඉලක්ක මොනවද?

ඉගෙන ගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න තමයි මගේ ඉලක්කය වෙලා තියෙන්නේ. ඒකට තව අවුරුදු 2ක් තියෙනවා. ඒ අතරතුර කලා කටයුතු වලටත් දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කොහොම වුණත් මගේ අදහස මේ ක්ෂේත්‍ර දෙකම සමබරව ඉදිරියට කරගෙන යන්න තමයි.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප අනුග්‍රහය - නිශාන්ත යටගම්පිටිය (0777 921128)

20160628Rashmi-1 20160628Rashmi-2 20160628Rashmi-4



අදහස් (0)

'සුබාසිරි' තුළින් ඔබ හමුවන 'රශ්මි'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 141 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 242 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 144 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 389 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1007 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 1359 1

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38865 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site