IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘සෑබෑ මෛත්‍රීය මගේ පැතුමයි‘

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ  සාමාජිකයන්ට කිසිදු  හිරිහැරයක්  නොකර මෛත්‍රී පාලනය සෑබෑ ලෙසම ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලා පොරොත්තු වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) පැවසීය.

රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්විණි.

රාජපක්ෂ මහතාට සහය පළ කරමින්  කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මුලස්ථානය අසලට රැස් වු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ පුරා පැය හතරකට ආසන්න කාලයක් එහි රැස් වී සිටියහ.

RDS_8878 RDS_8893

RDS_8897

RDS_8703 RDS_8746 RDS_8753 RDS_8821



අදහස් (0)

‘සෑබෑ මෛත්‍රීය මගේ පැතුමයි‘

මහීන් Monday, 12 January 2015 02:49 AM

අපි ඔබ සමඟයි (නි)

:       0       0

චරිත් Monday, 12 January 2015 02:49 AM

එක දිගටම වැඩකළ සෑම ජන නායකයෙකුටම විවේකයක් අවශ්‍යයි. ඒ නිසා නැවතත් දේශපාලන වැඩවලට කලබලකාරීව එන්න එපා. තමන්ගේ ශාරීරික මානසික සුවය ගැනත් ඔබතුමා හිතන්න. එහෙම හොඳයි නේද? (නි)

:       0       0

දිමුතු Monday, 12 January 2015 02:52 AM

අපි සකල ලෝකවාසී සියළුම සත්ත්වයින්ට මෛත්‍රිය දක්වමු (නි)

:       0       0

නීල් Monday, 12 January 2015 07:11 AM

වැරදුනාම මෛත්‍රීය ඉල්ලලා වැඩක් නැත .වරදට දෙන්න ඕන දඬුවම්. (ස)

:       0       0

මලික් Monday, 12 January 2015 02:54 AM

අර කට පරිස්සම් කරගන්න බැරි කට්ටිය නම් කවදාක හෝ විශ්‍රාමගිය දවසකටවත් කිට්ටු කරගන්න එපා. අපි ඔවුන්ට කැමති නැහැ (නි)

:       0       0

සාගර Monday, 12 January 2015 07:11 AM

අපි සැමදා ඔබ සමඟයි. ජනාධිපතිතුමනි, සුබ අනාගතයක්! තෙරුවන් සරණයි! (ස)

:       0       0

මැණික් Monday, 12 January 2015 02:57 AM

පසුගිය දෙවාරයේදීම මම මෙතුමාට ලබාදුන් ඡන්දය මෙවර වෙනස්වුණේ මෙතුමාගේ අනුගාමිකයෙක් දේශපාලනයට සම්බන්ධ කාන්තාවකට ප්‍රසිද්ධියේ කළ ඉතා නොහොබිනා අපහාසත්මක කියමන නිසා. මමත් කාන්තාවක් නිසයි. ගරුත්වයක් නැති ආණ්ඩුවකට අපි කැමති නැති බව මම නොබියව ප්‍රකාශ කරනවා, ඕනෑම තැනකදී (නි)

:       0       0

නලින් Monday, 12 January 2015 03:01 AM

වටේට සිටිමින් ගසාකෑ කට්ටිය තමයි මෙතුමාව ගෙදර යැව්වේ. එහෙමයි අපි නම් විශ්වාස කරන්නේ (නි)

:       0       0

ගයාන් Monday, 12 January 2015 03:04 AM

නිවහල් රටක අපි අද සිටින්නේ ඔබ නිසයි. හොරු ඉවත්කර නැවත රට හදමු (නි)

:       0       0

සරසි Monday, 12 January 2015 03:06 AM

මැතිතුමනි, යන්තම් සා.පෙළ.වත් සමත්නැති, සභාවක ශීලාචාරව කතාකරන්න දන්නේ නැති, පාලනයට සුදුසු නැති අය නැවත කිට්ටු කර ගන්න නම් එපා (නි)

:       0       0

ජයනි Monday, 12 January 2015 03:08 AM

කාන්තාවන්ට ප්‍රසිද්ධියේ අපහාස කරන අයට නම් අපි පුද්ගලිකව කැමති නැහැ. ඔවුන් ගැන තීරණයක් ගැනීම ඔබ සතුයි (නි)

:       0       0

අශෝක Monday, 12 January 2015 03:11 AM

ඇත්ත. අර එක්තරා කාන්තාවකට කෙනෙක් කළ නොමනා ප්‍රකාශයෙන් ඔබට කාන්තා ඡන්ද ලක්ෂ ගානක් අඩුවෙන්න ඇති. (නි)

:       0       0

චතුර Monday, 12 January 2015 03:12 AM

රට බේරාගැනීමට දෙවියන් විසින් මේ පින්බිමට එවූ නායකයෙකු වූ ඔබට දළදා සමිඳු පිහිට ලැබේවා! (නි)

:       0       0

රණසිංහ Monday, 12 January 2015 03:12 AM

හිටපු ජනපතිතුමනි,ඔබ විසින්ම ඉහළට ඔසවා තබන ලද සමහරුන් ඔබට දැන් අපහාස කරනවා. මෙය අවස්ථාවාදීන් හඳුනාගන්න සුදුසුම වෙලාවයි (නි)

:       0       0

අමිල Monday, 12 January 2015 03:12 AM

මැතිතුමනි, සැමදා ඔබයි අපේ නායකයා. ඒ මොකද කියනවනම් ඔබයි අපිට බියසැක නැතුව ජීවත්වීමේ නිදහස උදාකළේ (නි)

:       0       0

දුල්මි Monday, 12 January 2015 07:18 AM

ඔබතුමාම නේද කිව්වේ තමන් මේ රටේ තාවකාලික භාර කාරයා විතරයි කියල. ඉතින් දැන් ඒ කතාව කොහොමද මෙහෙම වෙනස් වුනේ. ? මොනවද මේ අපිට ලැබෙන ආරංචි ? (අ)

:       0       0

සම්පත් Monday, 12 January 2015 03:14 AM

පාක්ෂිකයින් ඔබතුමා සමඟයි (නි)

:       0       0

රවී Monday, 12 January 2015 07:20 AM

මෙතුමාට තවමත් අර පුටුවේ රස්නයෙන් මිදෙන්න බැහැ වගේ. ශක්‍රයාටත් හැමදාම පඬුපුල් අස්නේ ඉන්න ලැබෙන්නේ නැහැ. ආයු කාලය ඉවර වුනාම චුත වෙන්නම වෙනවා. (අ)

:       0       0

අනුර මාතර Monday, 12 January 2015 03:18 AM

බොහෝ වැරදි අපිට අවබෝධ වෙන්නේ පසුවටය (නි)

:       0       0

අමිල නයනජිත් Tuesday, 13 January 2015 05:15 AM

අතිගරු රජතුමාණනේ අපිට ඔබ ඕනි ඔබ තමයි මේ රට එක්සේසත් කළ එකම රජ තුමා ඔබතුමාට මොකුත් කරන්න කාටවත් බෑ එය නිසැකයි (බ)

:       0       0

සෑම් Monday, 12 January 2015 07:23 AM

දැන් උපාසක වෙන්ඩ හදනවා. (ස)

:       0       0

කාන්ති Monday, 12 January 2015 03:21 AM

ඔබතුමා විතරක් හොඳ වෙලා මදිනේ. වටේට ඉන්න අයත් හොඳ වෙන්න ඕනෑ. එහෙම නැතුව පාලනයක් ගෙනයන්නේ කොහොමද? (නි)

:       0       0

මංගලිකා Monday, 12 January 2015 07:25 AM

මැතිදුණි ඔබට ජය! සැමදා ඔබට අප හිතවත්ව සිටියෙමු. අපට නිවහල් රටක් ලබාදුන් ඔබට පින්. අවස්ථාවාදීන් ඉවත්කර සැබෑ අවංක මිනිසුන් සමග එක්ව රට ඉදිරියට ගෙන යමු. (ස)

:       0       0

කලුවිතාන Monday, 12 January 2015 03:24 AM

අපි බලමුකෝ මොකක්ද සිද්ධවෙන්නේ කියලා. බොහෝදේට හොඳම විසඳුම කාලයයි (නි)

:       0       0

රුවන් Monday, 12 January 2015 03:26 AM

මේ ලෝකයේ කිසිවක් සදාකාලික නැත (නි)

:       0       0

කිඹුලාපිටිය Monday, 12 January 2015 03:26 AM

සියළු දෙනාගේම පැතුම එයයි මැතිඳුනි. එය එලෙසින්ම ඉටුවේවා යන්න මගේ පැතුමයි (නි)

:       0       0

දිලුෂ Monday, 12 January 2015 03:28 AM

නිවහල් රටක් අපිට උරුමකළ ඔබතුමාට සැමදා පින්! සැමදා ඔබයි අපේ සිත් තුළ ජනපති. අපේ අවාසනාවට ඔබ අපිට අහිමිවුණා. මැතිඳුනි, ඔබට චිරං ජයතු! (නි)

:       0       0

මංජුල Monday, 12 January 2015 03:28 AM

මම ඉල්ලන්නේ කිසිම කෙනෙකුගෙන් පළිගන්න එපා කියලයි. හැබැයි නිරපරාදේ නාස්තිවූ මුදල් මේ රටේ දියුණුවට යොදවන්න කියලා මම නව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා (නි)

:       0       0

සාගර Monday, 12 January 2015 07:30 AM

ජනාධිපතිතුමනි, ඔබ විශිෂ්ට නායකයෙක්. අපි ඔබට ගරු කරනවා,රට බේරාගැනීමට ආ දෙවියන් ඔබ.(අ)

:       0       0

සිරිසේන Monday, 12 January 2015 03:30 AM

පරාජය පිළිගන්න අකමැති සමහරු ගැන ඔබ ප්‍රවේශම්වන්න. (නි)

:       0       0

නිලන්ක Monday, 12 January 2015 03:31 AM

අපේ ජනපති නුඹයි. නැවත අපි නැගිටිමු. අවස්ථාවාදීන් පන්නමු (නි)

:       0       0

පාලිත Monday, 12 January 2015 07:37 AM

ජනාධිපතිතුමනි ! ඔබතුමා කලදෙවල් අපට අමතක නෑ. අපි කවදත් ඔබතුමාට ආදරේ කලා, සහ ආදරේ කරනවා. ඔබතුමාට ඔය ටික වුනේ, ඔබ තුමාගේ පුත්තු ටිකයි, සහෝදරයෝ ටිකයි, වටේ හිටි හොර රැලයි ගැන මීට වඩා උනන්දුවෙන් නොබැලු නිසා. දරුවෝ වුනත් වැරදි මග යනවනං දඬුවම් කරන්න පැකිලෙන්න එපා. ඔබ තුමාට ආයිත් ජනාධිපති වෙන්න වරම් ලැබේවා කියල අපි එකසිතින් පතනවා. (අ)

:       0       0

ඉෂාර Monday, 12 January 2015 03:36 AM

ජනාධිපතිතුමනි, ඔබ හැරදාගිය අය නැවත ගන්න එපා (නි)

:       0       0

කුමාරි Monday, 12 January 2015 03:44 AM

ඉක්මනින් සියල්ල අමතක කරන දුෂ්ට සිංහලයන් අතලොස්සක් සමග දෙමල හා මුස්ලිම් ජනතාව ඔබ තුමාව පරාද කලද බහුතර සිංහල බෞද්ධ ජනතාව ඔබතුමා සමගයි. සිංහල රට රුදුරු ත්‍රස්තයන්ගෙන් මුදාගත් අභීත නායකයාණෙනි තවමත් ඔබ අපේ නායකයායි. (අ)

:       0       0

චානක. Monday, 12 January 2015 07:45 AM

අපි ඉතාමත් ඕනෑකමින් බලාපොරොත්තු වෙනවා සියළු දෙනා කර තිබෙන වංචාවන් හෙළිකර දඬුවම් ලබාදෙන්න පියවර ගනී කියලා. (නි)

:       0       0

ගයාන් Monday, 12 January 2015 03:53 AM

ඔබ තුමාගේ මෛත්‍රීය අපි නොදන්නවා ද (අ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 12 January 2015 03:55 AM

ඔබතුමාට දැන් තියෙන්නේ බලය නැවත ලබා ගැනීමේ කෑදර කමයි. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 12 January 2015 04:00 AM

මම කලිනුත් කිව්වනේ මහින්දට කවදාවත් හිටපු ජනධිපනිය වගේ වැදගත් විදිහට ගෙදර යන්න ලැබෙන්නේ නැහැ කියල.දැන්වත් දෙවියනේ කියල මැදමුලනට වෙන ඉන්න. (අ)

:       0       0

විජය Monday, 12 January 2015 04:00 AM

දැන් ඔබට වෙලාව තියෙනවා. පුළුවන් නම් ඔබගේ සම්පූර්ණ වත්කම ප්‍රසිද්ධ කරන්න. (අ)

:       0       0

තිලක් -ඩුබායි Monday, 12 January 2015 04:02 AM

මේ විදිහට තවත් අවරුදු දෙකක් ගියානම් ලංකාව ඉතියෝපියාවක්,සොමලියාවක්,බංගලිදෙසයක්,උගන්ඩාවක් වෙලා තමයි නතර වෙන්නේ. (අ)

:       0       0

දැහැමි මාරසිංහ Monday, 12 January 2015 04:04 AM

නිිදහස් රටක් උරුම කළ ඹබ සැමදා අපට අමරණීයයි! (අ)

:       0       0

තිලක් -ඩුබායි Monday, 12 January 2015 04:04 AM

රාජපක්ෂවරුන්ට රුපියල් කෝටි ප්‍රකෝටි කියන්නේ හරියට "කජු ඇට කොස් ඇට" වගේ.එකමයි ජනතාව ප්‍රතික්ෂේප කරලා ගෙදර යැව්වේ. (අ)

:       0       0

ඉන්දික ගාලේවත්ත Monday, 12 January 2015 04:04 AM

අධික තන්හාවයි බල ලෝභයයි ඔබව නැති කලේ...තවත් තන්හා නොවි නිහඩව සිටියොත් ඔබට නිසි ගෞරවය ලැබේවී.. (අ)

:       0       0

චානක. Monday, 12 January 2015 07:51 AM

මොහු බලයට ආවනම් මෛත්‍රීය නොවෙයි ලැබෙන්නේ ......මේ සටනට උර දුන්න ප්‍රබලයන්ගේ ජීවිත පවා අවදානමකට පත් කරවනවා. (ස)

:       0       0

තබිතා Monday, 12 January 2015 04:04 AM

ජනතාව කල ගුණ දන්නවා, නමුත් එය නොදන්නේ ,මෙතුමා ගේ පිරිස. ජනතාවට ඔවුන් අසහනය පතුරුවා. (අ)

:       0       0

අමාලි Monday, 12 January 2015 04:05 AM

සමහර පුද්ගලයින්ගේ වැරදි වැඩ වලට දඬුවම් නොදී මිතුදම් රකින්න ගිය නිසා ඔබතුමා පරාජයට පත්වුණා. නමුත් ඒ අය අද අනිත් පැත්තට එකතුවෙලා (අ).

:       0       0

තිලක් -ඩුබායි Monday, 12 January 2015 04:05 AM

රටට කරලා තිබෙන විනාශය අනුව රාජපක්ෂ නාමය ලංකා ඉතිහාසයෙන්ම අතුගාල දාන්න කාලය ඇවිත්.(අ)

:       0       0

ජොහාන් Monday, 12 January 2015 04:05 AM

නරියා සහ මිදී වැල (අ)

:       0       0

තිලක් -ඩුබායි Monday, 12 January 2015 04:06 AM

අනිවාර්යෙන්ම රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගස කාපු අයට නීතියෙන් කටයුතු කරන්න.කිසිම බුරුලක්දෙන්න එපා. (අ)

:       0       0

හර්ෂ Monday, 12 January 2015 04:06 AM

නිලන්ක, මේ රට කාටවත් ලියල දීලා නැහැ. ප්‍රජාතාන්ත්‍රිකව මහජන ඡන්දයෙන් පත් වෙන්නට ඕනැම කෙනෙකුට අයිතියක් තිබෙනවා. මේ ජනාධිපතිතුමාට කලින් වෙනත් කෙනෙක් මේ තනතුරේ බලයේ සිටියා . ඉන්පසු මෙතුමා ඡන්දයෙන් පත් වුනා.දැන් වෙනත් කෙනෙක්. නිකන් ආවේගශීලි වචන පාවිච්චි කරලා බජාර් එකේ චන්ඩි ඉන්න තැනක් බවට මේ සභාව පත් කරන්න එපා. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 12 January 2015 04:06 AM

කේ්.පී. ව රටින් පැන්නුවේ කව්ද? (අ)

:       0       0

තිලක් -ඩුබායි Monday, 12 January 2015 04:07 AM

දනිතින් ලැම්බෝගිනි කාලේ ඉවරයි (අ)

:       0       0

දිනේෂ් Monday, 12 January 2015 04:07 AM

තන්හාය ජායති ශෝකෝ දැන් ඉතින් විවේක ගන්න (අ)

:       0       0

සෝබනා Monday, 12 January 2015 04:07 AM

දැන්වත් පව් නොදී ඉන්න. (අ)

:       0       0

මිනිපේ Monday, 12 January 2015 04:12 AM

ඔබයි සැමදා අපේ ශක්තිය! (නි)

:       0       0

කවීෂා Tuesday, 13 January 2015 06:57 AM

ඔබ තුමා තරම් රටට ආදරය කරන මිනිසෙක් තවත් මේ රටේ නෑ. ඔබ තුමාට ජය ශ්‍රී . (දිල්)

:       0       0

ටිකිරි බණ්ඩාර Monday, 12 January 2015 04:13 AM

තවමත් ඇත්ත තේරුම් නොගත් පිරිසක් ඉන්නවනේ! (නි)

:       0       0

මෙලනි Monday, 12 January 2015 08:05 AM

මට නම් එපා වුණේ මාලිගාව ඉස්සරහ කාර් රේස් සංදර්ශන පවත්තපු දිනයේ. දරුවන්ගේ වුණත් සීමාව ඉක්මවූ ආශාවන් වලට අපි දෙමව්පියන් වශයෙන් ඉඩ දෙන්න හොඳ නැහැ. (අ)

:       0       0

සමන්ත Monday, 12 January 2015 04:25 AM

අමිල රට නිදහස් කියල පෙන්නුම් කරන්න දළදා මාලිගාව ඉස්සරහ කාර් රේස් පවත්තල බවලතුන් නටවන්න ඕන නැහැ නේද ? (අ)

:       0       0

ශක්ති Monday, 12 January 2015 08:07 AM

රටට ඒකාධිපති ක්‍රමයක් අවශ්‍ය නැත. ඡන්ද සහ අනෙකුත් ව්‍යාපාර වලදී ,ඒකපාර්ශ්වික ලෙස කටයුකර අනිසි ලෙස මුදල් පරිහරණය කල අයට සුදුහුණු ගෑම පාපකර්මයක් . කරුණ, කේපී , ඇතුළු කොටින්ව සුරතල් කලේ කවූද ? තණ්හාව අපේ විනාශයි . (අ)

:       0       0

සමරසේකර Monday, 12 January 2015 04:30 AM

බලය කියන එක බොහොම තාවකාලිකයි. ඒක ලැබෙනවා වගේම ඊටත් වැඩ ඉක්මනින් ගිලිහෙනවා. යථාර්තය තේරුම් ගන්න හිටපු ජනාධිපතිතුමනි. ඔබේ උවමනාවටයි මැතිවරණය පැවැත්වුයේ. එහිදීත් බොහොම අසාධාරණ පිට්ටනියකයි මෛත්‍රී මහතාට තරග කිරීමට සිදුවුයේ. ලංකාදීප පුවත්පත පමණයි ඔබගේ බලපෑම් වලට යටනොවී සත්‍ය වෙනුවෙන් පෙනීසිටියේ. දැන් ඔබ පරාද වී හමාරයි. කුමන්ත්‍රණ මගින් බලය තබා ගැනීමේ වැඩ පිළිවෙලද පරාද වී ඇත්තේ. දැන් ඔබ පරාජය පිළිගන්න. ඔබ වටේ සිටි පිරිසත් ඔබව අතහැර යාමට පටන් ගෙන ඉවරයි. ෆොන්සේකා මහතාට 2010 දී සිදුවූ දේ ඔබට සිදු නොවීම ගැන සතුටු වන්න. නව ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඔවුන්ගේ වැඩ පිළිවෙල සාර්ථක කරගැනීමට ඉඩ ලබා දී ඔබ විශ්‍රාම ජීවිතය යහපත්ව ගත කරන්න. (අ)

:       0       0

ජෙනි Monday, 12 January 2015 08:09 AM

දරුවන් හරියට හික්මවා නොගැනීමත් ඔබතුමාට පුද්ගලික අවාසියක් වුන කියන එක මම විශ්වාස කරනවා. තරුණකම කෙළිලොල් කම සාමාන්‍ය දෙයක්. නමුත් පලවෙනි පුරවැසියාගේ දරුවන් අනෙක් දරුවන්ට ආදර්ශමත් විය යුතුයි. (අ)

:       0       0

රොෂේන් Monday, 12 January 2015 04:33 AM

සැමදා අපගේ ජනපති ඔබයි (නි)

:       0       0

ජානකි Monday, 12 January 2015 08:12 AM

ඔබත් ඔබේ අනුගාමිකයනුත් , තමන්ගේ තරුණ දු දරුවන් ආණ්ඩු මට්ටු කර නොගැනීම ඔබේ ප්‍රතිරූපයට බලවත් හානියක් වූ බව නම් නොකියාම බැහැ. ඒ ගැන හොඳින් සිතා බලනු මැනවි. (අ)

:       0       0

රෝහණ‍ Monday, 12 January 2015 04:35 AM

මහා පක්ෂ එපා. බලයේ ඇති සිංහල පක්ෂයක් හදාගෙන එන්න ජනාධිපතිතුමනි. චිරං ජයතු මහ රජාණෙනි! දිවි ඇතිතෙක් ඔබ සමඟයි (නි)

:       0       0

චාරු Monday, 12 January 2015 04:36 AM

දේශපාලක නායකයෙක් කවදාවත් අනුගාමිකයන්ගේ වැරදි දැක දැක නිහඬව සිටියයුතු නැහැ. ජනතාව ඡන්දය දෙන්න පෙර ඇතැමුන්ගේ පවුලේ උදවියගේ ප්‍රසිද්ධ හැසිරීම් පවා නරකයි කියලා කිව්වා නේද? ඇයි ඒවාට අවධානය යොමු නොකළේ? මේවා අභිනවයෙන් පත්වූ පාලකයන්ටත් අදාළයි. (නි)

:       0       0

චම්පික Monday, 12 January 2015 08:22 AM

ඔබතුමා, පවුලේ අයගේ වටේ සිටිය අයගේ නොගැලපෙන වැඩ නොදැක්කා සේ සිටිය නිසා තමයි මේ පාඩුව සිද්ධ වුනේ. අනෙකුත් උදවිය කෙසේ වෙතත් අසීමිත වරප්‍රසාද නිසා කුල්මත් වී දුර දිග නොබලා වැඩ කරන පුතාලව වත් මේච්චල් කරගන්නා ලෙස ඉතා කරුණාවෙන් කියන්නේ. (නදී)

:       0       0

සමන් Monday, 12 January 2015 04:39 AM

ඉතින් ආයුබෝවේවා මහ රජාණනේ! ඔබතුමාට වැරදුන තැන හදාගන්න ඉතින් (නි)

:       0       0

නදීෂානි මදුවන්ති Monday, 12 January 2015 04:39 AM

ඔබ අපේ සැමදා ජනපති. එබැවින් ඔබගෙන් කලින් සිදුවූ වැරදි නිවැරදි කරගෙන නැවත එන්න. ඔබේ ජනතාව ඔබ එනතුරු බලාසිටිනවා (නි)

:       0       0

විද්‍යා Monday, 12 January 2015 04:47 AM

පූජාසනයේ ඔබ හිඳුවා, ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැඟිටින්නේ...... (නි)

:       0       0

ශලිත Monday, 12 January 2015 04:47 AM

අපි ඔබව පරාජය කළේ ඔබ සමඟ අමනාපයකින් නොවේ. ඔබ සදාකල් අපේ සිතේ සිටිනවා. අ‍ඟේ ඉඳන් කන කන අය හඳුනාගන්න. දේශය එක්සේසත් කළ සදානුස්මරණිය නායකයා ඔබයි (නි)

:       0       0

සෝබනා Monday, 12 January 2015 08:31 AM

පාලිත හොරුන්ට හොරකම ගැන කියල දෙන්න යන්න එපා. සුනාමියෙන් අසරණ මිනිසුන්ට දෙන්න එවපු මුදල් වලින් කොටි 8.7ක් ගසා කෑවා නම් ඒවා හොයලා දඩුවම් දෙන්න. (නදී)

:       0       0

චතුර Monday, 12 January 2015 08:31 AM

දැන් මෛත්‍රීට රට පාලනය කරන්න දීල පැත්තකට වෙලා හිටියා නම් නේද හොඳ. හිටපු රජතුමනි. මෛත්‍රී වේවා. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 12 January 2015 08:33 AM

ලේ සෙලවීමකින් තොරව ලබා ගත් ජයග්‍රහණය අපි සහ දරුවන් ලබපු ජයග්‍රහණයක් (නදී)

:       0       0

තිලක් -ඩුබායි Monday, 12 January 2015 08:36 AM

මේ රටේ අපි බියෙන් සැකයෙන් තොරව ජිවත් වෙන්නේ රටේ නිතිය කාටත් පොදු නිසයි. (ර)

:       0       0

අරවින්ද ගුනවර්දන Monday, 12 January 2015 04:59 AM

රාජාණ්ඩු ක්‍රමය අවසන්. මේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන මෛත්‍රී යුගයයි. (දිල්)

:       0       0

සුනිල් Monday, 12 January 2015 08:38 AM

මහින්ද දැන් වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි. ගෙදරට වෙලා ඉන්න. මෛත්‍රී , රනිල්, ෆොන්සේකා ඉතුරු ටික කරයි .ඔබට අබ සරණයි! (බ)

:       0       0

තිලක් -ඩුබායි Monday, 12 January 2015 08:39 AM

ලංකා ඊනිව්ස් වාරණය ඉවත් කල පසු මේ අය රටට කරලා තිබෙන සංවර්ධනය ගැන ලංකාවේ තවමත් හොදයි කියල සමහරක්ට කියවල බලන්න පුළුවනි. (බ)

:       0       0

විමලසේන Monday, 12 January 2015 05:02 AM

‘සෑබෑ මෛත්‍රීය මගේ පැතුමයි‘ඒක ඇත්ත (දිල්)

:       0       0

තිලක් -ඩුබායි Monday, 12 January 2015 08:41 AM

රවී.රටේ සිදු වුන මිනිමැරුම්,ස්ත්‍රී දුෂණ, ළමා අපචාර,හොරකම්,මැරකම්,ඉඩම් බලයෙන් අත්පත් කර ගැනීම් ,වලව් බලයෙන් අත්පත් කර ගැනීම් .......... ගැන හොයනකොට ඔය ප්‍රශ්නය නිකම්ම හොඳවෙලා යාවි. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 12 January 2015 08:43 AM

තෙවරක් බුදුන් වහන්සේ වැඩිය රටකට හැම දාම අසාධාරණයෙන් ජීවත් වෙන්න හැදුවොත් වැඩි ආයුෂ නෑ (දිල්)

:       0       0

තිලක් -ඩුබායි Monday, 12 January 2015 08:44 AM

මෛත්‍රී රජයෙන් වුනත් වැරදි දේ වැරදියි කියල අපි අදහස් දානවා (දිල්)

:       0       0

සුමන මානන්දුව Monday, 12 January 2015 05:08 AM

හිටපු ජනාධිපතිතුමණනි, ඔබතුමා පසුගිය ජනාධිපති තරගයෙන් දිනුවාට පසු මෛත්‍රී කරපු හැටි ජෙනරාල් සරත් ෆොන්සේකාට කළ දේවලින් රටේ ජනතාව දැක්කා, දැන් බොරු බයිලා ගහන්න එපා. (බ)

:       0       0

ප්‍රසාද් Monday, 12 January 2015 05:18 AM

සෑම මිනිසෙකුම රටේ පුරවැසියෙක්. මෛත්‍රී දිනුවේ රටේම තිබෙන ඡන්ද වලින්. මනුස්සකම සැම දෙයකටම වඩා උසස්. (නි)

:       0       0

පාලිත Monday, 12 January 2015 05:20 AM

යොවුන් පාර්ලිමේන්තුවේ උගත්,දක්ෂ නව පරපුරක් ගම් මට්ටමින් ඉදිරියට ගෙනෙන වැඩපිළිවෙළක් සාදා, නව දේශපාලන සංස්කෘතියක් මඟින් පනින අය ගෙදර යවමු. (නි)

:       0       0

සෙනරත් Monday, 12 January 2015 05:21 AM

නායකයාණෙනි, ඔබ ළඟින් සිටි දෙපත් නයින් ඔක්කොම ඔබ දාලා ගියානේ. දැන් ඉන්නේ නියම සිංහල නියෝජිතයින්. ඔබ නැවත අපේ රටේ නායකයා වෙන්න. (නි)

:       0       0

ක්‍රිස් Monday, 12 January 2015 05:22 AM

ඔබතුමාට සැමදා ජය! (නි)

:       0       0

ලයනල් Monday, 12 January 2015 05:27 AM

ඔබ විශිෂ්ටයි! (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 12 January 2015 05:27 AM

කියන්න කෙනෙක් නැද්ද දන්නෙ නැහැ මේත් බස් දාලා ඇදපු සෙනඟ කියලා (නි)

:       0       0

පියල් Monday, 12 January 2015 05:31 AM

මේ රටේ ජාතිවාදයට ඉඩක් නැති බව පැහැදිලියි. (නි)

:       0       0

ශාන්ත Monday, 12 January 2015 05:46 AM

අාසන සන්විධායකයෝ හරහා සෙනග ගෙනෙන එක තවම නවත්තල නැහැ වගේ .මුල සිටන්ම බොරු කල නිසයි පැරදුනේ. (ස)

:       0       0

දොඩන්ගොඩ Monday, 12 January 2015 05:53 AM

අපේ සුබ පැතුම් ඔබතුමාට! ඔබයි අපේ ජනපති සැමදා (නි)

:       0       0

නලීන් Monday, 12 January 2015 09:24 AM

දකුණේ අපි සැමදාමත් ඔබ සමගින් ඉන්නවා දැන් ඔබ තුමා ටික කාලයක් විවේක ගන්න ඔබ තුමාව නැවතත් අපිට ඕනේ වෙනවා මේ වෙලාවේ මෙයාලා කරනදේ බලමු...දකුණේ අපි සැමදාමත් ඔබ සමගින් ඉන්නවා...(දිල්)

:       0       0

ප්‍රසන්න Monday, 12 January 2015 01:11 PM

ජාතිය බේරාගත් අපේ ‍ පියා ඔබයි.අපි ඔබ සමඟයි.ඔබ අපි වෙනුවෙන් සිටිය යුතුයි. සුබ අනාගතයක්....! සුරක්ෂිත රටක් අත ළඟ ඇත. අපිට අප්පච්චි ඔබ පමණි (නි)

:       0       0

අනික්ෂාන් Monday, 12 January 2015 09:26 AM

අදත් හෙටත් ඔබයි අපේ නායකයා ජය වේවා (දිල්)

:       0       0

කවින්ද Monday, 12 January 2015 05:57 AM

ඔබ ආපසු එන්න (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට​ Monday, 12 January 2015 06:00 AM

විශිෂ්ට නායකයෙක්. අපි ඔබට ගරු කරනවා. (ස)

:       0       0

නුවන් Sunday, 11 January 2015 04:04 PM

ඔබට සදා ජය! (නි)

:       0       0

දර්ශන Monday, 12 January 2015 06:01 AM

අපේ ප්‍රතිචාර බය නැතුව පලකරන්න කතෘ තුමාට අවශ්‍ය නිදහස ලැබී ඇති බව පෙනේ. ඔබතුමා පසුගිය කාලයේ සැහෙන පිඩනයකින් සිටියා විය යුතුය. (ස)

:       0       0

එම්.ඒ.බණ්ඩාර Monday, 12 January 2015 09:38 AM

ඔබ අපට සැමදා රජකේ ඒත් ඔබතුමා ළඟ හිටිය අය විශ්වාස කරා වැඩියි. ඔබ මේ රටට අබිමානයක් නැවතත් රටේ රජු වීමට ශක්තිය ලැබේවා. බුදු සරණයි (බ)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 13 January 2015 01:41 AM

2010 ඡන්දෙන් පස්සේ ඔබතුමා ෆොන්සේකාට මෛත්‍රිය කල ආකාරය දන්නෝ දනිති , (ස)

:       0       0

උදය Sunday, 11 January 2015 04:26 PM

ජනපතිතුමනි, අපි සැමදා ඔබ සමඟයි (නි)

:       0       0

දුශාන් Monday, 12 January 2015 06:01 AM

අවංක වෙන එක තත්ත්වයට මදි කමක් නෙවෙයි. (ස)

:       0       0

සම්පත් Sunday, 11 January 2015 04:30 PM

ජයවේවා! (නි)

:       0       0

බුවනෙක Monday, 12 January 2015 06:03 AM

මට පේන හැටියට නිලන්ක අර ගමේ චන්ඩියෙක් වගේ. (ස)

:       0       0

සුනෙත් Sunday, 11 January 2015 04:40 PM

මෙන්න නියම සිංහල බෞද්ධකම (නි)

:       0       0

චන්දිමා Sunday, 11 January 2015 04:44 PM

මගේ සතුට මහේන්ද රාජ් වෙමි යලි. කව්ද හරි එනකන් අප ඔබ වෙනුවෙන් සිටි (අ)

:       0       0

අමිත් Monday, 12 January 2015 06:11 AM

උතුරු නැගෙනහිර ඡන්දදායකයන් ගැන කියපු දේට මට බොහොම කළකිරුණා. මෙහෙම ප්‍රකාශයක් නම් මම බලාපොරොත්තු වුණේ නැහැ. (නි)

:       0       0

මිස්සක Monday, 12 January 2015 09:47 AM

අපි හැමදාමත් ඔබ සමගයි. (ස)

:       0       0

කමල් Sunday, 11 January 2015 04:52 PM

ෆොන්සේකා මහතාට හා විරුද්ධ මත දරන්න්ට දුන් දුක මේතුමාට අත් නොවේවා (අ)

:       0       0

අනුෂ්ක දිසානායක Sunday, 11 January 2015 04:57 PM

ඔබතුමා 2010 දී මෛත්‍රී කරපු හැටි අපි දැක්කනේ. සතුටුවෙන්න ඔබතුමාට මෙසේ ඉන්න ලැබීම ගැන මෙතෙක් ලංකාවේ තිබූ දේශපාලන සංස්කෘතියත් එක්ක.(අ)

:       0       0

ලංකා Sunday, 11 January 2015 05:08 PM

අපේ වීරයා. අප ඔබ සමග (අ)

:       0       0

යස රත්නායක Sunday, 11 January 2015 05:08 PM

රටට සාමය හා ජාතියට නිදහස ලබාදුන් නායකයාණෙනි ඔබ නැවත මේ රටේ නායකයා වීමේ බලාපොරොත්තුව අප සිටින්නෙමු . නෙවත ඔබව විනාශ කල අයව ලංකර නොගන්න ලෙස ඔබතුමාගෙන් ඉල්ලසිටින්නෙමු . ඔබට චිරන්ජයතු (අ)

:       0       0

ශාන සෞදි Monday, 12 January 2015 06:18 AM

අපි සිංහල අයිතිය විනාශ කරමින් බලයටම පමණක් දඟලන දේශපාලන පක්ෂ වල වහලුන් නොවෙමු. අපි සත්‍යය වටහාගෙන සිටිමු. (නි)

:       0       0

මාටින් Monday, 12 January 2015 06:21 AM

කවුරු කළත් යුද්ධයේ ජය ගත් නායකයා ලෙස මෙතුමාට ගෞරවය හිමි විය යුතුයි (දිල්)

:       0       0

නදී Monday, 12 January 2015 09:59 AM

අපේ ජනපති ඔබයි. අප ඔබ සමගයි.නැවත නැගිටිමු හිවලුන් සමග නොව නියම සිහලුන් සමඟ.(අ)

:       0       0

උදය ශාන්ත Sunday, 11 January 2015 05:21 PM

රටේ ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ නායකයා විය යුත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂමයි අප ඹහුට මැදමුලනට වී සිටීමට දෙන්නේ නැහැ. අප ඹහු වටා රොද බැද ගන්නා බව රටේ සියලු දෙනා වෙත කාරුණිකව දන්වමු. (අ)

:       0       0

මහසෙන් Sunday, 11 January 2015 05:33 PM

ෆොන්සේකා මහත්තය ඡන්දෙ පැරදුන වෙලේ මහින්දලා ගොඨාභායල සැලකුවෙත් හරිම මෛත්‍රියෙන් තමයි. (අ)

:       0       0

සුජීවා Sunday, 11 January 2015 05:37 PM

ඔබ අද ඔතනට ඇවිත්, මේ විදිහට කට කරන්නේ යහ පාලනය නිසා, මෙය හොදට, සිතාගන්න, ඔබ වැරදිලාවත් ජනාදිපති වුණා නම් අද මෛත්‍රි ජනාදිපති තුමා, හිරගෙදර ජම්පර අදිනවා, නිහතමනි වෙන්න මහින්ද හිටපු නයකයානි, (අ)

:       0       0

කුමාර Sunday, 11 January 2015 06:11 PM

පණ ඇති විපක්ෂයක් අපිට ඕනෑ.නැත්නම් ඕනෑම ආණ්ඩුවක් වැරදි මඟක යන්න පුළුවන් (නි)

:       0       0

පිටිපන Sunday, 11 January 2015 06:14 PM

රටටම මෛත්‍රිය පැතිරේවා! (නි)

:       0       0

සමන් Sunday, 11 January 2015 06:40 PM

අතිගරු ජනපතිඳුනි, ඔබතුමා හැමදාම අපගේ ජනපතිතුමා. රට වෙනුවෙන් ඔබගේ සේවය හෙට දිනටත් උවමනායි (නි)

:       0       0

සෙනායි Monday, 12 January 2015 10:15 AM

පසු ගිය ඡන්දයේදී ඔබ ඔබගේ ප්‍රතිවාදියා ගැන කටයුතු කලේ කොහොමද ? විදේශයක ජීවත් වන අපි කම්පා උනා. ෆොන්සේකා, ඔහුගේ පවුල හා සහය දැක්වූ අනික් හමුදා නිලධාරීන්හට සිදු කල අතවර ගැන. මෛත්‍රී කෙසේ ක්‍රියා කලත් ඔබ කල හොඳ නරක ඔබ පසු පස එන එක දැන් වලකන්න බැහැ. (ස)

:       0       0

ලක්ෂ්මී Monday, 12 January 2015 06:32 AM

යුග පුරුෂයෙක් ඔබ. මහින්ද උතුමනි, තෙරුවන් සරණයි ඔබට! (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 11 January 2015 06:51 PM

කළගුණ දන්නා මිනිසුනේ,ඔබගේ ඉදිරි අනාගතය සුබ වේවා! (නි)

:       0       0

අමිත Sunday, 11 January 2015 06:52 PM

බාධක කම්කටොළු ඉවසා, නැවතත් ගමන මුලසිට අරඹන්න.ජනතාව එය අනුමතකරනු ඇත. දුර බලන්න. ළඟ නොබලන්න. ජය ශ්‍රී මැතිඳුනි! (නි)

:       0       0

අනිල් රත්නායක Monday, 12 January 2015 06:42 AM

මට හිතෙන්නේ මහින්ද මහතා හොඳ නායකයෙක් ඔහු වටා සිටි අය තමයි එතුමාට වූ ලොකුම ප්‍රශ්නය. ලංකාවට අවශ්‍යම හොඳ නායකයෙක් එතුමා. නැවතත් ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙනවා අනිවාර්යයෙන් සමහරවිට තව වසර 2ක් තුළ එය වළක්වන්ඩ බැහැ.අපි බලමු මෛත්‍රී ජනපතිතුමා මොකද කරන්නේ කියලා (බ)

:       0       0

ද සුජිත් සිල්වා-ඉතාලි Sunday, 11 January 2015 07:10 PM

ඔබතුමායි සැමදා අපේ සිත්තුළ ජනපති. නැවත වරක් එන්නට වාසනාව ලැබේවා! "මගේ ලෝකේ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ..." දීර්ඝායුෂ ලැබේවා! බුදු සරණයි! (නි)

:       0       0

නුවන් Sunday, 11 January 2015 07:35 PM

ඔබට අපි සැමදා ණයගැතියි (නි)

:       0       0

ගාමිණී Sunday, 11 January 2015 07:51 PM

මහින්ද මහතාණෙනි, අපිට ඔබ අවශ්‍ය ‍මොහොත මෙයයි (නි)

:       0       0

යශෝද් Sunday, 11 January 2015 07:54 PM

සැබෑ මෛත්‍රියෙන් කටයුතුකරන කිසිවෙකුටවත් කිසිදා වරදින්නේ නැත (නි)

:       0       0

අල්විස් Sunday, 11 January 2015 08:16 PM

සියළු රටවැසියන්ගේම පැතුම එයයි (නි)

:       0       0

ඉන්දික Sunday, 11 January 2015 08:26 PM

හිටපු ජනපතිතුමනි, ඔබට වැරදුනේ ඇයි කියා වටහාගන්න.ඔබ වටා සිටි දූෂිතයන් ඈත්කරන්න.ඔබ නවක දක්ෂ උගත් පරම්පරාවක් සහ ඔබ වටා සිටි හොඳ වැදගත් දේශපාලකයින් සමඟ නව ගමනක් ආරම්භ කරන්න.ඔබේ රජය යටතේ සිදුවූ වැරදි නැවත සිදුනොවනවා යන සහතිකය දෙන්නේ නම් ඔබ ගැන මිනිසුන් නැවත වරක් සිතාවි. ඔබගේ නායකත්වයට සමාන අයෙක් අපිට නම් තවත් නැත (නි)

:       0       0

සංඛ Sunday, 11 January 2015 08:34 PM

මෙතුමා දිනුවා නම් තත්ත්වය මෙසේම වෙයි කියලා අපි හිතනවා (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 12 January 2015 06:50 AM

විශාල ලේ වැගිරීමකින් තොරව මෙලෙස තීරණයක් ගැනීමට හැකිවීම ගැන රටක් වශයෙන් අපි සතුටු වෙන්න ඕනෑ. (නි)

:       0       0

කමල් Sunday, 11 January 2015 09:16 PM

දේශපාලනයට මුලික සුදුසුකම අවංකකමයි. (නි)

:       0       0

එරන්දි Sunday, 11 January 2015 09:18 PM

සමහරු තමන්ගේ නම කැතකරගත්තා වගේ ඔබතුමාත් නම නම් කැතකරගන්න එපා. දැන් ටිකක් විවේකගත්තා නම් නේද හොඳ? (නි)

:       0       0

තිස්ස Monday, 12 January 2015 06:51 AM

අපිට ඔබ අවශ්‍යයි (නි)

:       0       0

ශාන්ත Monday, 12 January 2015 06:51 AM

මෙය අනෙක් කට්ටියටත් හොඳ පාඩමක්. (නි)

:       0       0

නිමල් ලාලිත Sunday, 11 January 2015 10:02 PM

අපි සිංහල අයිතිය විනාශ කරමින් බලයටම පමණක් දඟලන දේශපාලන පක්ෂ වල වහලුන් නොවෙමු. අපි සත්‍යය වටහාගෙන සිටිමු (නි)

:       0       0

ශේනේෂ් Tuesday, 13 January 2015 10:45 AM

මේ රට නිදහස් කරගැනීමේ සටනේ දේශපාලනික නායකත්වය ඔබතුමා විසින් ලබා දුන්නා. 2005 දී ඔබ බලයට පත්වෙන්නේ මේ රටින් කොටියව පන්නනවා කියලා. එදා ඔබ කියපු දේ කළා. නමුත් 2010 න් පස්සේ ඔබතුමාට ලැබුන ඉහල ජනතා පිළිගැනීමත් එක්ක හොරු වංචාකාරයෝ ඔබතුමා වටේට එකතු උනා. ඔබතුමාට වැරදුනේ එතන. පේනවනේ බලයේ ඉන්නකම් හිටපු හිවල්ලු දැන් බලය තියන පැත්තට එකතුවෙනවා. මේක ඔබේ පරාජයක් ලෙස නොව නිවැරදි වෙන්න අවස්ථාවක් කියල හිතන්න. මැක්කෝ ටික කුඩැල්ලෝ ටික හලන්න අවස්ථාවක් කියල හිතන්න. මොනවා උනත් ඔබතුමා තරම් පෞර්ෂයක් තියන නායකයෙක් නැහැ. ඔබතුමාව රැවට්ටුවේ ලග හිටපු අය. උන් ටික පන්නල දාලා උගත් බුද්දිමත් ජවයක් තියන අය ටිකක් ලංකරගන්න. අලුත් උනාට කමක් නැහැ. හොද පෞර්ෂයක් තියන අයනම්. ප්‍රතිපත්ති ගරුක අය නම්. අන්න එදාට මේ රටේ බහුතරයක් අය ඔබ වටා එකතුවේවි. චිරං ජයතු ! (නදී)

:       0       0

ජනක Sunday, 11 January 2015 10:17 PM

පක්ෂය ඇතුළේ ප්‍රශ්න ඇතිවෙන්න ඉඩතියන්න එපා. පොඩි විවේකයක් ගත්තොත් හොඳයි නේද? (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 12 January 2015 06:53 AM

දැන් ලංකාවේ තියෙන්නේ මෛත්‍රී යුගයක්. (නි)

:       0       0

පූර්ණ විමුක්ති - ලන්ඩන් Monday, 12 January 2015 10:44 AM

ඔබේ මෛත්‍රිය ගැන දන්නෝ දනිති. ජනතාව දැන් ඔබව ඡන්දෙන් පරාජය කර ඇත. ගේම් ගහල ජනමතය වෙනස් කරන්න එනවා නම් ඔබටත් නීතිය ඉදිරියේ දඬුවම් ලබන්නත් වෙනවාමයි. කරුණ කරලා මේ රටට ඉදිරියට යන්න ඉඩ දෙන්න. ඔබ හා ඔබේ සුරතලුන් අතීතයේ කරලා තියෙන නීති විරෝධී හැම දෙයකටම දඬුවම් නීතියෙන් ලැබිය යුතුමයි. (ස)

:       0       0

නිමල් Sunday, 11 January 2015 11:29 PM

අපේ පැතුමත් එයමයි (නි)

:       0       0

පියල් Monday, 12 January 2015 01:08 AM

ඔබයි සැමදා අපගේ ගැළවුම්කරු. සුබ අනාගතයක් වේවා! (නි)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Monday, 12 January 2015 01:23 AM

සැබෑ ශ්‍රීලනිප පාක්ෂිකයින් ඔබතුමා සමඟයි. මෙය අවස්ථාවාදීන් හඳුනාගන්න සුදුසුම වෙලාවයි (නි)

:       0       0

අශාන් Monday, 12 January 2015 01:26 AM

බලනකොට සෑහෙන පිරිසක් එකතුවෙලානේ? (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 12 January 2015 06:56 AM

පසුගිය අවරුදු 4-5 තුල උදේ සිට රෑ වෙනකම් ලංකාවේ දුෂණයට ,වංචාවට,හොරකමටඅයුක්තියට අසාධාරණයට විරුද්ධව අදහස් ලියලම මගේ කී බෝඅර්ඩ් එකේ අකුරුත් මැකිලා. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 12 January 2015 06:59 AM

ඒකාධිපතිය පන්නල දැම්මට තවමත් "මරා වියරුව" හොල්මන් කරනවා.(අ)

:       0       0

ජයවර්ධන Monday, 12 January 2015 06:58 AM

ඔබගේ නායකත්වය අගය කරනවා.රට බේරාගැනීමට දුන් දායකත්වයට ස්තුතියි.දැන් ජනවරමින් අලුත් පාලකයෙක් පත්වී තිබෙනවා.ජාතිවාදී ප්‍රකාශ වලින් ජනමනස අවුල් නොකර දැන් අලුත් පාලකයාට රට පාලනයට ඉඩ දෙන්න.බල තණ්හාවට වුව සීමාවක් තිබිය යුතුය. තණ්හාවෙන් ශෝකය ජනනය වන්නේය යන බුදුවදන මතක තබාගන්න. (අ)

:       0       0

අමිල ගමගේ Monday, 12 January 2015 02:05 AM

අපේ ජනපති ඔබයි මැතිඳුනි (නි)

:       0       0

ජයන්ත Monday, 12 January 2015 02:07 AM

අපිට ඔබයි එකම ශක්තිය (නි)

:       0       0

නන්දසීලි Monday, 12 January 2015 02:40 AM

අපි සැමදා ඔබ සමඟයි. ජනාධිපතිතුමනි, සුබ අනාගතයක්! තෙරුවන් සරණයි! (නි)

:       0       0

උමේෂ් Monday, 12 January 2015 02:43 AM

පුරවැසියන් යන කුලකයට උතුරු නැගෙනහිර ඇතුළු සියල්ලන්ම අයත්බව සියළුදෙනා තේරුම්ගත යුතුයි (නි)

:       0       0

ජයන්ත Monday, 12 January 2015 02:47 AM

පරාජය මැදහත් සිතින් විඳගත යුතුයි. කිසිම දේශපාලකයෙකුට ජනතාවගේ කැමැත්ත බලෙන් ලබාගන්නට බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 831 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 467 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 349 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 608 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 402 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1104 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site