සුභාණි හර්ෂණී යනු ගායන පරපුරේ පුරුකක් ලෙස බොහෝ දෙනා දන්නා කරුණක්. ඇය මේ දිනවල අලුත් වැඩක් සඳහා දායක වෙලා තිබෙන බවද "සාරවිට" සමග පැවසුවා. මේ ඇය සමග කරනු ලැබූ කතාබහක්.
"අලුත් නිර්මාණයක් කරගෙන යනවා. ඒක බොහෝදුරට ලබන මාසෙ විතර එළියට දක්වන්න බලාපොරොත්තුවක් වෙනවා. හැබැයි ඒ ගැන දැන්මම විස්තරයක් කියන්න බැහැ. පසුගිය දවස්වල වැඩකටයුතු ගැන කියනවානම්, "ඉකි බිඳින නෙතු" ගීතයයි."ආදරෙන්" සහ "හිත කීවා" කියලා ගීත තුනක් කළා. ඒ ගීත මේ දිනවල ජනප්‍රියත්වයට පත්වෙමින් පවතිනවා. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර හොඳ මට්ටමක තියෙනවා."
"මේ අලුතින් නිර්මාණය වන ගීතයත්, කාලීන ගීතයක් කියන්න අමාරුයි. හැබැයි හොඳ නිර්මාණයක් කියලා මම විශ්වාස කරනවා. ඊට අමතරව චිත්‍රපටයක් සඳහා සහ ටෙලිනාට්‍යයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. පසුගිය දවස් කිහිපයේදී මගේ මහත්තයා සංගීතවත් කළ ටෙලිනාට්‍යයක් සඳහා ගීතයක් ගායනා කළා. ඒකේ තව එකක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒ එක්කම මට චිත්‍රපටයක් සඳහා ආරාධනා ලැබුණා. චිත්‍රපටයේ වැඩකටයුතු පටන් අරන් තියෙන්නේ. විශේෂම දේ තමයි, මම කලා ආයතනයක් පටන් අරන් තියෙන්නේ. දැනට අවුරුද්දක් විතර එහි වැඩකටයුතු ආරම්භ කරලා."
ඩිලාන් ක්‍රිෂාන්ත
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුභාණි හර්ෂණී අලුතින් කලා ආයතනයක් පටන් අරන්