IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සෝභිත නාහිමි ආදාහනය බ්‍රහස්පතින්දා

කෝට්ටේ නාග විහාරාධිපතිව  වැඩ විසු  අපවත් වි වදාළ මාදුළුවාවේ  සෝභිත නාහිමියන්ගේ  දේහය පිළිබඳ ආදාහන පුජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා (12) ශ්‍රී  ජයවර්ධනපුර  කෝට්ටේ  අගනුවර   පාර්ලිමේන්තු ක්‍රිඩාපිටියේ දී පස්වරු 3 ට  ඇරඹීමට නියමිතය.

බ්‍රහස්පතින්දා ජාතික ශෝක දිනයක්  ලෙස ප්‍රකාශයට  පත් කිරිමට  රජය තීරණය කර ඇත. ආදාහන පුජෝත්සවය පුර්ණ රාජ්‍ය  ගෞරව සහිතව සිදු කිරිමට නියමිතය.

අද (08) පෙරවරුවේ  නාග විහාරස්ථායේදී  කෝට්ටේ   ශ්‍රි  කල්‍යාණි සාම ශ්‍රී  ධර්ම මහා  සංඝ සභාවේ  මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර  මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්  හා අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ  සහභාගිත්වයෙන්  පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගැනිණි.

දින තුනක්  මුළුල්ලේ  මවුන්ට් එලිසබෙත්  රෝහලේ  දැඩි සත්කාර  ඒකකයේ  ප්‍රතිකාර  ලැබු  සෝභිත නාහිමියෝ ඉරිදා  (08) අලුයම 5.50 ( ශ්‍රි ලංකා වේලාවෙන්  3.20 ට ) අපවත් වී වදාළහ.

සෝභිත නාහිමියන්ගේ ශ්‍රි  දේහය ලංකා වේලාවෙන්  අද (8) දහවල්  12 ට සිංගප්පුරුවේ , ඇන්ඩ්රූ පාරේ  අංක 76 හි ශ්‍රි  ලංකා  තානාපති  නිල නිවස වෙත වැඩම කරවනු  ලැබුහ.

පුරා  පැයක කාලයක් තානාපති  නිල නිවසේ  තැන්පත්  කර තිබු  නාහිමි  ශ්‍රී දේහය වෙනුවෙන්  පාංශකූලය දිමද එහිදි  සිදුවිය. සිංගප්පුරුවට  වැඩම කර  සිටි  ගරුතර  මහා  සංඝ රත්නය ඒ අවස්ථාවට  එක් වුහ.

ශ්‍රි  දේහය බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන්තොටුපළින්  අද (08) රාත්‍රි  9.15 ට  ශ්‍රී  ලංකාවට  වැඩම කරවිමට  නියමිතය.

සෝභිත නාහිමියන්  සිංගප්පුරුවට  වැඩම කරවු  දිනයේ  සිටම ජනාධිපති  හා අගමැති කොළඹ සිට සිංගප්පරුවට  ගිය වෛද්‍යවරයාට  සහ තානාපති  කාර්යාලයට  කතා  කරමින් නාහිමියන්ගේ  සුවදුක්  විමසුහ.

සෝභිත නාහිමියෝ අපවත් විමේ  පුවත දැනගත්  විගසම වික්‍රමසිංහ මහතා තානාපති  කාර්යාලයට  කථා කර කළ යුතු  කටයුතු  පිළිබඳව සියලු  උපදෙස්  දුන්නේය.

වික්‍රමසිංහ මහතා  නාහිමියන්  ප්‍රතිකාර  ලැබු  මවුන්ට්  එලිසබෙත්  රෝහලේ  පාලන අධිකාරියයට  කථා කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත සෝභීත නාහිමියන්ගේ සියලු  ප්‍රතිකාර  කටයුතු  සඳහා  වියදම්  රජය මගින්  දරණු ලැබිණී. සෝභීත නාහිමියෝ සිංගප්පුරුව වෙත වැඩම කරවනු  ලැබුයේ විශේෂ ගිලන් රියක් සහිත එයාර්බස් ගුවන් යානයෙනි.

 

 



අදහස් (0)

සෝභිත නාහිමි ආදාහනය බ්‍රහස්පතින්දා

ඉනෝකා-එංගලන්තය Sunday, 08 November 2015 07:06 PM

ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා....! (නි)

:       0       0

චන්ද්‍රිකා Monday, 09 November 2015 12:58 AM

ඔබවහන්සේගේ නිර්භීත සහ උත්තරීතර සේවය ලක් මවට අවැසි මොහොතක ඔබවහන්සේ අපවත් වුයේ ලක්වැසි අප සැමගේ පින් මදකම නිසා යැයි මට සිතේ. ඔබවහන්සේට අමාමහා නිවන් සුව අත්වේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5100 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 566 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1111 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1599 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3377 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 230 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16106 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site