IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘සෝභිත හිමිගේ අන්තිම කැමැත්තක් නෑ‘

මාදුළුවාවේ සෝභිත නා හිමියන් තම අවසන් කටයුතු කෙසේ කළ යුතු ද යන්න පිළිබඳව කලකට පෙර පළ කළ අදහස් විවිධ මාධ්‍ය මගින් ප‍්‍රචාරය වුවද තම ආදාහන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උන්වහන්සේ කිසිදු ලිඛිත ඉල්ලීමක් හෝ අවසාන කැමති පත‍්‍රයක් ලබා දී නැතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ ශ්‍රී ජයවර්ධනපුර ප‍්‍රධාන සංඝනායක මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමියෝ පැවසූහ.

එබැවින් එවැනි අදහස් මාධ්‍ය ඔස්සේ පළ කර දුකින් තැවෙන බෞද්ධ ජනතාවගේ සිතුවිලිවලට බාධා ඇති කරන්නට එපා යැයි ඉල්ලා සිටින බව ද උන්වහන්සේ සඳහන් කළහ.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ සත්‍යය ලොවට කියාදුන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළේ ද සඳුන් සෑයක බව ද චන්ද්‍රසිරි හිමියෝ කියා සිටියහ.

උන් වහන්සේ මේ බව පැවසුවේ මාදුළුවාවේ සෝභිත හිමි ආදාහන පූජෝත්සවය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

 ‘සෝභිත හිමියන් තම අවසන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ විවිධ මාධ්‍ය කළ විමසීම්වලදි උන් වහන්සේ ලබා දී ඇති පිළිතුරු දැන් මාධ්‍ය ඔස්සේ පළ කෙරෙනවා. ඒ අදහස් ඔවුන් පළ කරන්නේ සෝභිත හිමියන්ගේ අල්පේච්ඡ ජීවිතය, නිහතමානී බව හා සරළ බව පිළිබඳ අදහසක් දීමට නම් එහි කිසි ගැටළුවක් නැහැ. නමුත් මෙවැනි දේ පළකිරීම හරහා දුකින් තැවෙන බෞද්ධයන්ගේ සිතුවිලිවලට යම් යම් බාධා ඇතිවෙන්නත් පුළුවන්. සෝභිත හිමියන් තමන්ගෙන් කළ විමසීම්වල දී තම හැගීම් ප‍්‍රකාශ කර තිබෙනවා. නමුත් ඒ ගැන සඳහන් ලිඛිත ඉල්ලීමක් හෝ ලියවිල්ලක් නැහැ. එවැනි ලියවිල්ලක් තිබුණා නම් එයට ගරු කරන්නට වෙනවා. රේරුකානේ චන්දවිමල හිමියන් අපවත්වීමට පෙර එවන් ඉල්ලීමක් කර තිබූ නිසා එලෙස ආදාහන කටයුතු සිදුකළා. නමුත් සෝභිත හිමියන් මෙවැනි ප‍්‍රකාශ කර තිබුණේ ධර්ම දේශනා ආදී විවිධ අවස්ථාවලදීයි. පැය 24න් උන්වහන්සේ ආදාහනය කළා නම් එම කටයුතු කරන්නට වෙන්නේ සිංගප්පූරුවේදීයි.

සෝභිත හිමියෝ තමන් 73 වසරක් පරිහරණය කළ ශරීරයත් අත්හැරියා. ඒ ශරීරය වුණත් අපේ බෞද්ධ ජනතාවට වටිනවා. ඔවුන්ට එය බලන්නටවත් නොදී ආදාහනය කළා නම් එයත් අසාධාරණයක්’ යැයි ද උන්වහන්සේ කීහ.



අදහස් (0)

‘සෝභිත හිමිගේ අන්තිම කැමැත්තක් නෑ‘

ඉමාක් Thursday, 12 November 2015 03:04 AM

මේ වෙලාවේ ඉවසීමෙන් වැඩකිරීමයි වැදගත් (නි)

:       0       0

ඉරේෂ් Thursday, 12 November 2015 03:31 AM

සෝභිත හිමිගේ දේහයට ගරුබුහුමන් දැක්වීමට ලැබීමත් අපි ලද ලොකු භාග්‍යයක් (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 11 November 2015 01:30 PM

මගේ මිතුරෙක් එතෙර රටකදී මිය ගියා , මියයාමට පෙර ඔහු බිරිඳගෙන් ඉල්ලීමක් කළා ඔහුගේ මරණින් පස්සේ පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න කියල මොකද මගේ මිතුරා මැරුනේ පිළිකා රෝගයෙන් , මළමිනිය ගෙදරින් ගෙන යාමට පෙර බිරිඳ අදාළ පාර්ශවයන්ට දන්වල තිබුන තම ස්වාමියාගේ කැමැත්ත පිළිබඳව , පසුව ඔවුන් දන්වා තිබුනේ කෙනෙකු මිය ගිය පසු ඔහු විසින් කළ ඉල්ලීමකට අනුව එරට නිතිය අනුව පශ්චාත් පරික්ෂණයක් කළ නොහැකි බවත් පවුලේ ජිවත් වෙන ඉල්ලීමක් කළහොත් එවැනි පරික්ෂණයක් කළහැකි බවයි ඒ අනුව අප හාමුදුරුවන් වහන්සේ පවසන පරිදි කටයුතු කිරීමට බාධාවක් නොමැත (බ)

:       0       0

සමන් Wednesday, 11 November 2015 02:08 PM

ජයා, ඔයා යන්නේ කොහෙද මල්ලේ පොල්. එතැන නීතිමය ප්‍රශ්නයක් නැහැනේ. (නි)

:       0       0

පත්ම බන්දු Thursday, 12 November 2015 04:32 AM

උන් වහන්සේ රුපවාහිනී නාලිකාවක වදාරනවා, උන් වහන්සේ අපවත් වුන විට කළ යුතු දේවල්. ලිඛිතව නැති වුනත් උන් වහන්සේගේ කට වචනය වැදගත්. උන් වහන්සේ කියනවා මළාට පස්සේ කොපමණ වියදම් කළත් උත්සව කළත් එයින් උන් වහන්සේට පලක් නොවන බව. ඒකයි ඇත්ත. නමුත් මේ දින කිහිපය දේහය තබා ගනිමින් ගිහි පැවිදි හැමෝටම හාමුදුරුවන්ට අවසන් ගෞරවය දැක්වීමට අවස්ථාවක් ලබාදීම ඉතා හොඳයි. එමෙන්ම උන් වහන්සේ දැක ගැනීමට නං දෙසින් පමිනේන්නේත්, පෝලිම්වල සාමකාමිව දිවා රෑ නොතකා තමන්ගේ වාරය පැමිණෙන තුරු බලා සිටින්නේත්, සෑම තැනම කහ කොඩි වලින් සරසන්නෙත් මිනිසුන්ගේ හදවතින්මයි. නැතිව කව්රුත් කියලා නෙවෙයි. මට ඇත්තටම දැනුන උන්වහන්සේට මිනිසුන් කොච්චර ආදරේද කියල. (බ)

:       0       0

අභය Wednesday, 11 November 2015 02:15 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

නාමල් Wednesday, 11 November 2015 02:18 PM

උන්වහන්සේ කියන කතාවට මමත් එකඟයි (නි)

:       0       0

දුමින්ද Thursday, 12 November 2015 05:05 AM

ගැටලුව නොදිරන ප්‍රතිපත්ති නොව දිරන සිරුර වැදගත් වීමය (බ)

:       0       0

නජීව Thursday, 12 November 2015 05:18 AM

අන්තිම කැමැත්ත ලියන්න මේක දේපල වල ප්‍රශ්නයක් නෙවෙයිනේ.එතුමා තමන්ගේ අවසාන කටයුතු කරන්න ඕනි ආකාරය කියල පැහැදිලි ඉල්ලීමක් කරලා තියනවා,අවමංගල සභාවේ වගකීම වෙන්නේ එතුමාගේ ඉල්ලීම ඉටු කිරීමයි.මියගිය උදවිය විකුණන එක අපේ රටේ සම්ප්‍රදායක් වීම ගැන කනගාටුයි.(ම)

:       0       0

ජයන්ත Wednesday, 11 November 2015 02:58 PM

කාට කාටත් කොහේ හෝ වැරදුන . සෝභිත හාමුදුරුවන්ගේ ඒ ප්‍රකාශය ලියවිල්ලකට වඩා බලවත් කියා මා සිතනවා . හිමියන් බලාපොරොත්තු වුණ අවසන් කටයුතු කවුරුත් දැනගන්න විට.ඔබ වහන්සේට නිවන් සුව පතමි (අ)

:       0       0

ජනිත් Wednesday, 11 November 2015 04:56 PM

උන් වහන්සේට නිවන් සුව පතනවා! (නි)

:       0       0

සිරිමල් වීරගොඩ Thursday, 12 November 2015 06:35 PM

මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට නිවන් සම්පත් පතමු.! (ර)

:       0       0

ගයාන් ලක්සිරි බණ්ඩාර Thursday, 12 November 2015 06:29 AM

මෙතන දැන් අනන් මනන් කියල වැඩක් නෑ.. මගෙ හැඟිමනන් ලිඛිත ලියවිල්ලකට වඩා එතුමන්ගේ කටහඩ සහිත විඩීයෝ පටිය මේ සියල්ලටම වඩා වැදගත්. කොහොමත් එතුමන් බලාපොරොත්තු වුන කිසිම දෙයක් මේ වෙනකොටත් නොලැබුන එ්කේ මේක විතරක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ.. ඒ කෙසේ වෙතත් අපේ ආදරණිය හාමුදුරුවනේ ඔබේ නික්මයාමේ හිඩැස මේ බිමේ පය ගසා හුස්ම ගන්නා අයට අදටත් වඩා හෙට දිනේ තව තවත් දැනේවා..සාධාරණ සමාජයත් අහිමිව ..උත්තම "අවසන් කැමැත්තත්" අහිමිව..ඒත් සමිඳ..දුක් නොසිතනු මැන..,නිවන් සුවය උරුමයි ඔබ හට සෝභිත සඟ යතිවරාණෝ (බ)

:       0       0

නුවන් Thursday, 12 November 2015 06:42 AM

රට දැන් මහා කඩාවැටීමකට ලක්වෙනවා. මොකද කෙලින් නොබියව සත්‍ය කථා කරන කෙනෙක් නෑ දැන්. සෝභිත හිමියනි ඔබට අමා මහ නිවන් සුව අත් වේවා. (ස)

:       0       0

චන්ද්‍ර Thursday, 12 November 2015 06:45 AM

ගරු සොබිත හිමියන්ට නිවන්සුව පාර්ථනා කරමු. (ර)

:       0       0

නන්ද Wednesday, 11 November 2015 05:56 PM

දුකට පත් දස දහස් ගණනක් සෙනඟ නාග විහාරයට ඇදී එන්නේ අපේ සෝභිත නාහිමි සමිඳුන්ගේ ගුණ ශරීරයට ගරු බුහුමන් දක්වන්නත්, එමඟින් ඒ සත්පුරුෂ මිනිසුන් තුළ ඇතිවී තිබෙන වේදනාව තුනීකරගන්නත්ය. අපිට නම් එහි වරදක් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

සොපි Thursday, 12 November 2015 06:49 AM

එතුමා පැතූ සාධාරණ සමාජය ගොඩනැගීමෙන් හැර වෙන කිසිවකින් එතුමාට හිමි ගරුත්වය ලබා දිය නොහැකි බව දේශපාලකයන්ට කෙසේ වෙතත් පොදු ජනතාවටනම් හොඳට තේරෙනවා . (ම)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 11 November 2015 07:45 PM

අපි බලාහිඳිමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Wednesday, 11 November 2015 07:48 PM

ජීවිතං අනියතං මරණං නියතං යන බුදු වදන අනුව බලාපොරොත්තු නොවූ අවස්ථාවකදී අපවත්වූ සෝභිත හිමියන් අන්තිම කැමතිපතක් ලියා නැත්නම් සඟ සබාව සහ දායක සබාව ඉදිරිපත්වී සාධාරන තීරණයක් ගතයුතුයි යන්න මගේ අදහසයි (නි)

:       0       0

නිහාල් Wednesday, 11 November 2015 08:33 PM

අපි වර්තමානයේ භාවිතාකරන විද්‍යුත් ලිපියත් විස්වාසකරන එකක්නෑ එකේ අත්සන නෑ කියලා.(රේ)

:       0       0

ලාලිත Thursday, 12 November 2015 01:42 AM

උන්වහන්සේගේ දේහයට උපහාර පුදන්න ජනතාවට ඉඩක් ලබාදීම ලොකු පිනක්. වෙන හාමුදුරුවරුන්ගේ වගේම පන්සලේ දේහය තබා ජනතාවට උපහාර දැක්වීමට ඉඩදිය යුතුයි. රාජ්‍ය ගෞරව උන්වහන්සේ බලාපොරොත්තු වුණේ නැහැ. (නි)

:       0       0

නිලුපුල් Thursday, 12 November 2015 02:45 AM

සුදුසු දෙයක් කිරීමයි මේ වෙලාවේ වැදගත්. අනවශ්‍ය ප්‍රශ්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

විජිත් Saturday, 14 November 2015 08:35 PM

දෙවරක් හිතන්න. මුදල් හෝ වස්තුව හෝ ඕනෑම භෞතික දෙයක් නැතිවුණොත් ඔබට එය නැවත ගන්නට හැකියි. නමුත් ..ජිවිතයක් නැතිවුණොත්...? (නි)

:       0       0

එළුවාපොල Thursday, 12 November 2015 02:58 AM

උන්වහන්සේට ගෞරව දක්වන්න අපිට අවස්ථාව ලබාදුන් එක මම අගය කරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5252 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 124 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 235 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 336 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 2907 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 2822 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16507 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site