IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘සෝභිත හිමිගේ මෙහෙවර උදාරයි‘ - මහින්ද

විවෘත ආර්ථිකයද, එකල පැවැති දේශපාලන මර්දනකාරී ස්වභාවය විසින් බිහිකළ සමාජ සංස්කෘතික පරිහානියට එරෙහිව මුලින්ම සටන් කළ පිරිස අතර මාදුළුවාවේ සෝභිත හිමියෝ සිටි බව ඒ හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

උන්වහන්සේගේ උදාර සමාජ මෙහෙවරද, ධෛර්යවන්ත නොසැලෙන නායකත්වයද විචිත්‍රවූ ධර්මදේශන කුසලතාවයද හේතුවෙන් සෝභිත හිමියන් ලක්වාසී ජනතාව අතර මහත් ගෞරවයට පාත්‍රවූ බව ද රාජපක්ෂ මහතාගේ පණිවිඩයේ සඳහන්ය.

‘‘මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමග මැර ප්‍රහාරයට ගොදුරු වීමද, ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පිටකොටුවේ කළ සත්‍යග්‍රහයේදී ප්‍රහාරයට ලක්වීමද, තමන් වැඩ විසු නාග විහාරයට ප්‍රහාර එල්ල වීමද, නාරාහේන්පිට අභයාරාමයේදී ප්‍රහාරයට ලක්වීමද නාහිමියන්ගේ වේදනාත්මක අත්දැකීම්ය. එදා රටේ පැවතී ප්‍රජාතන්ත්‍ර විරෝධී බවට  එරෙහිව සටන් කළ අය මුහුණ දුන් ඛේදවාචකයට මාදුළුවාවේ සෝභිත හිමිපාණෝද නිදසුනකි. උන්වහන්සේ නිරන්තර ප්‍රකාශ කළ පරිදි ත්‍රස්තවාදී යුද්ධය හිගන්නාගේ තුවාලයක් කරගෙන දශක ගණනාවක් ජාතිය විනාශකර යන ගමනට තිත තැබූ මානුෂික මෙහෙවරේදී මාදුළුවාවේ සෝභිත හිමියෝ දැක්වූ සහය මම ඉමහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.

උන්වහන්සේ මා හඳුනාගත් විද්‍යෝදය ශිෂ්‍ය අවදියේ සිට අවසාන මොහොතේ රෝගාතුරව කනස්සල්ලෙන් සිටින විට බැහැදැකීමට ගිය මොහොතේත් එක හා සමාන මිත්‍රත්වයකින් ද ගෞරවයකින්ද කටයුතු කළ ආකාරය මම ගෞරවයෙන් සිහිපත් කරමි. මාදුළුවාවේ සෝභිත හිමිපාණන්වහන්සේ ලෝකාර්ථ චර්යාවේ යෙදෙමින් විචිත්‍ර ධර්මදේශනා කර සත් වග පහන් කරමින්, ජාතියේ යහපත වෙනුවෙන් කළ මහා මෙහෙවරට මාගේ ගෞරවයද පුද කරමි.‘‘

 

 



අදහස් (0)

‘සෝභිත හිමිගේ මෙහෙවර උදාරයි‘ - මහින්ද

ක්‍රිස් Wednesday, 11 November 2015 06:51 AM

ඔබතුමාගේ ප්‍රකාශය ඉතා හොඳයි හිටපු ජනපතිතුමනි. තිලක්, අන් අයගේ අදහස් වලට සවන් නොදෙන්නේ නුගත් මිනිසුන්ය. ඔබගේ අදහස් වලින් මා දකින්නේ කිසියම් කණ්ඩායමකට වහල්වී ඇති සැටියකුයි. අපගේ මොළ නොව ඔබගේ මොළය පරීක්ෂා කරගන්න (නි)

:       0       0

රේණු Wednesday, 11 November 2015 07:04 AM

අපවත්වීමට පෙර ‍සෝභිත හිමි බැලීමට ගියේ මා දන්නා පමණින් මෙතුමා පමණි. මහින්ද මහතා යනු සතුරාට වුවද ප්‍රේම කරන්නෙකි (නි)

:       0       0

පතිරණ Tuesday, 10 November 2015 02:28 PM

නිවන් මගට යන පර සෙවූ හිමි...... අප විදිනා දුක් ගැහැට දකී........ එලොවදී දකිනා නිවන් අමතකව...... ජනතා පෙරමග වඩිනු පෙනේ..... අජසත් පරපුරරෙහි ඔබට එරෙහි උන්..... ඔබ දෙන අබියස කිබුල් කදුළු සලයි..... මතු දින නිවනට වඩිනා විටදී....... අපවත් අමතක නොවනු ඇතී.(අ)

:       0       0

හංසගිරි Tuesday, 10 November 2015 02:36 PM

හිමියනි මෙහෙවර අතී විශිෂ්ඨයි (අ).

:       0       0

පතිරණ Tuesday, 10 November 2015 02:38 PM

නිවන් මගට යන පාර සෙවූ හිමි...... අප විදිනා දුක් ගැහැට දකී........ එලොවදී දකිනා නිවන් අමතකව...... ජනතා පෙරමග වඩිනු පෙනේ..... අජසත් පරපුරෙහි හිමිට එරෙහි උන්..... හිමි දෙන අබියස කිඹුල් කදුළු සලයි..... මතු දින නිවනට වඩිනා විටදී....... අපවත් අමතක නොවනු ඇතී. (බ)

:       0       0

විජිත් Tuesday, 10 November 2015 02:40 PM

අවසන් වරට උන්වහන්සේව ඝාතනය කරන්න උත්සාහයක් දැරුවා ...දැනට අවුරුදු 2 කට විතර කාලයකදී..උන්වහන්සේගේ පින් බලයෙන් ඒ තැත මග හැරුනා. ඔබට අමතකයි...මට තව මතකයි...(බ)

:       0       0

මහානාම - කඳාන Tuesday, 10 November 2015 02:45 PM

බොහොම ආඩම්බරයෙන් කියන්න පුළුවන් එදා 1987 ඒ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ සත්‍යග්‍රහයේදී මම ද එතන හිටියා මොරටුව විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් . මගේ ඇස් ඉදිරිපිට මගේ සහෝදර ඉංජිනේරු සිසු ක්ලිපර්ඩ් පෙරේරා ( 1986 ඇතුළුවූ කටුනායක ජීවත් වූ ) කෘර ලෙස ධර්මිෂ්ඨ පාලනය යටතේ වෙඩි තබා මරා දැම්ම . මා මේ ගැන කීප විටක්ම ලීවා , අද මහින්ද මහතා ඒ ගැන සනාත කළා . විශ්වාස කරන්න පාඨකයිනි , දිගට හරහට වේදිකාවට කදුළු ගැස් ගැහුවා , වේදිකාවේ සිටි සියලුම හිමි වරුන් හා සිසුන් සී සී කඩ දිව යන විට සෝබිත නායක හාමුදුරුවෝ කදුළු ගැස් කකා වේදිකාව මත ඇද වැටීමෙන් පසු පොලිසිය විසින් රැගෙන ගිය අයුරු සියසින් දැකපු උදවිය අදත් ඉන්නවා සිය ගණන් . කියන්න මා වැරදි නම් (බ)

:       0       0

විදූර Wednesday, 11 November 2015 07:32 AM

මහින්ද මහතා කළ කතාවත් උදාරයි (නි)

:       0       0

ඔමිල Wednesday, 11 November 2015 07:33 AM

රේණු, ඔයාට හිතුනදේම තමයි මටත් හිතුනේ (නි)

:       0       0

නිහාල් Tuesday, 10 November 2015 03:10 PM

ධරමිස්ට කාලේ නම් මතක් කරන්න එපා ,පොලිසියට පැමිණිල්ලක් බාර ගත්තේ නැති මුසල යුගයක් . හිමියනි ඔබට වහන්සේට නිවන් සුව පතමි (අ)

:       0       0

වින්සන්ට් Tuesday, 10 November 2015 03:19 PM

ශෝක පණිවිඩය මඟිනුත් කිසියම් දේශපාලන වාසියක් ලබා ගැනීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට ඇත. නිතරම නිවැරදි දේ ජනතාව වෙත පෙන්වා දීමට, භික්ෂුන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ ගත් උත්සාහය අපි අගය කරමු. (හේ)

:       0       0

උදිත් Wednesday, 11 November 2015 07:50 AM

රට ජාතියට ඉමහත් ‍සේවයක් කළ ඔබවහන්සේට නිවන් සුව! (නි)

:       0       0

භද්‍රානි Tuesday, 10 November 2015 03:23 PM

බල තන්හාවට කුරිරු පාලකයින් සත්‍යය යටපත් කිරීමට හැමදාම උත්සහ කළා. එතැනදී පක්ෂ පාට බේදයක් නැහැ. අපේ රටේ කොයි පාලකයෝත් ගැහැව්වේ එකම පදේ තමයි. අඥානයෝ පාලකයින්ගේ ව්‍යාජ පද වලට උඩ පනිමින් නැටුවාට, ගුටි කකා හෝ අපේ සෝභිත හාමුදුරුවෝ හැමදාම පෙනී හිටියේ සත්‍යය වෙනුවෙන් පමණයි...‍‍(හේ)

:       0       0

ලක්සිරි Tuesday, 10 November 2015 03:23 PM

දින ගණනක් පමා වී ඔබ තුමාට හෝ ගරු මා හිමිපාණන් සිහිපත් වීම ලොකු දෙයක්. රටම බලා සිටියා හිටපු නායකයා ගේ අවසන් ගෞරවය.මේ ශෝක ජනක අවස්ථාවේ දේශපාලන කතා අවැසි නැති බව බුද්ධිමත් හැම දෙනාම අනුමත කරනවා. මහා නා හිමිපාණන්ට අම මහා නිවන් සුව ප්‍රර්ථනා කරමි.(හේ)

:       0       0

පාටලී Wednesday, 11 November 2015 08:04 AM

තිලක්, ඔබ වගේම මිනිසුන් සිටින කුහක සමාජයක් මේක. ඔබට ඕවාට වන්දි ගෙවන්නම සිද්ධවෙනවා (නි)

:       0       0

මංජුල Tuesday, 10 November 2015 03:39 PM

පරක්කු වෙලා හරි මතක් වුනා (බ)

:       0       0

තිලංක Wednesday, 11 November 2015 08:05 AM

සෝභිත හිමියන් නැතිවීම අපිට ලොකු පාඩුවක් (නි)

:       0       0

තිලාන් Wednesday, 11 November 2015 08:09 AM

ඔබ විශිෂ්ටයි මහින්ද මහතාණෙනි (නි)

:       0       0

ධම්මික Sunday, 15 November 2015 05:27 AM

රුවන්ගේ කතාව හරි (හේ)

:       0       0

පිරිස් Tuesday, 10 November 2015 04:07 PM

මිට වඩා විස්තර ඇතුලත් අර්ථවත් ලිපියක් පැරිස් පරවාහැර චන්දරත්න හාමුදුරුවෝ මිට කලින් මෙම පුවත් පතේම පළකර තිබේ (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 10 November 2015 04:12 PM

එදා ජාතික වීරයා ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ පිළුණු බත් කනකොට ඒ වෙනුවෙන් නොබියව සටන් කළා. ඔබ වහන්සේගේ කටහඩ අපවත් කරන්න නොකරපු දෙයක් නැහැ.(මහනුවර සත්‍යග්‍රහය වලක්වන්න ඔබ වහන්සේ ගිය වහනය අනතුරට පත් කළා). උන් වහන්සේව පොලිසියේ පැය ගානක් රස්තියාදු කළා විතරක් නෙමෙයි සත්‍යග්‍රහණයත් කඩාකප්පල් කළා. ඒ කිසිවකින් නොසැලුන ඔබ වහන්සේ අවසාන ඉලක්කය දක්වා සටන් කළා. ඒ අපේ රට වෙනුවෙන් සහ උපදින දරු පරම්පරාව වෙනුවෙන්.ඔබ වහන්සේට නිවන් සුව........අපි මැරිලා ඉපදුනේ නැහැනේ.....! (බ)

:       0       0

මහානාම - කඳාන Tuesday, 10 November 2015 04:13 PM

අපේ ඉතිහාසේ අපිට කියන්නේ ඇසින් නොදකපු , කනින් ඇසු බුද්ද පුත්‍රයන් ගැන , ජාති හිතෙෂින් ගැන , නමුත් 1948 සිට මෙතෙක් අපි ඇසින් දුටු කනින් ඇසු ඒ අබීත , අසහාය බුද්ධ පුත්‍රයා කෝට්ටේ නාග විහාරයේ අති පුජ්‍ය සොබිත යතිවරයාණන් බව කියන්නේ බොහොම සර්ධාවෙනි . නැවත ඔබ වහන්සේ අපේම රටේ ඉපදේවා කියා පතමි (බ)

:       0       0

මහානාම - කඳාන Tuesday, 10 November 2015 04:12 PM

පිරිස් මහතා තියෙනවා නම් ඒ ලින්ක් එක මෙහි පල කරන්න අපිත් ආසයි ඒ අසහාය බුද්ධ පුත්‍රයා ගැන දැන ගන්න (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 10 November 2015 04:12 PM

සෝබිත හාමුදුරුවන්ට මොන තරම් මරණ තර්ජන තිබුනද?එ්ත් ඒ කිසිවකින් නොසැලී රට වෙනුවෙන් දුක් විදින ජනතාව වෙනුවෙන් ඉදිරියටම ගියා.යුක්තිය,සාධාරණය වෙනුවෙන් හද නගපු අපේ සෝබිත හාමුදුරුවන්ගේ අපවත් වීම අපට විශාල පාඩුවක්. (බ)

:       0       0

තුෂාර Tuesday, 10 November 2015 04:12 PM

අනුන් ගේ දේවල් කියන්න කලින් තමන් කරපුව ගැනත් ටිකක් කියමුද බලන්න (බ)

:       0       0

කපිල Wednesday, 11 November 2015 08:33 AM

උන් වහන්සේට නිවන්සැප ලැබේවා.! (ර)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 11 November 2015 08:36 AM

තිලාන්, දැන් එතකොට විශිෂ්ටයි කියලා කියන්නේ? (ර)

:       0       0

කස්තුරිආරච්චි Tuesday, 10 November 2015 04:47 PM

හිමියනි, ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

මහානාම -කඳාන Tuesday, 10 November 2015 04:56 PM

තිලක් ඩුබායි මහතා හරි (නි)

:       0       0

චම්පික Tuesday, 10 November 2015 05:11 PM

සෝභිත හිමියන්ගේ මෙහෙවර වචන වලින් කියා නිමකළ නොහැක (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 10 November 2015 05:17 PM

සෝභිත හිමියන්ට නිවන් සුව!

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 10 November 2015 06:13 PM

සෝභිත හිමියනි, අපිව නිදහස් කරදුන්නාට ඒ පිනම ඇති බුදුන් දැක නිවන් දකින්නට...! (නි)

:       0       0

නිර්මල Tuesday, 10 November 2015 06:16 PM

ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 10 November 2015 06:17 PM

අපේ සෝභිත හාමුදුරුවෝ මොනතරම් උතුම් චරිතයක්ද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 10 November 2015 06:25 PM

එක්සත් ජාතික පක්ෂය කාලේදී පවා සෝහිත හාමුදුරුවෝ යුක්තිය සාධාරනය වෙනුවෙන් සටන් කළා. අපේ හාමුදුරුවන්ගේ හඬ නවත්වන්න සමහරු නොකළ දෙයක් නැහැ. අපේ හාමුදුරුවෝ හැමදාම හිටියේ දුක්විඳින ජනතාවගේ පැත්තේ. (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 10 November 2015 06:32 PM

මහානාම- කඳාන, මම ඔබ සමඟ එකඟ නොවෙමි (නි)

:       0       0

නුවන් Tuesday, 10 November 2015 06:48 PM

මෙබදු සටන්කාමී චරිත ලංකාවට කළ සේවය අපමණයි. උන්වහන්සේගේ දේශපාලනය සෑමවිටකම ජාතිය වෙනුවෙන් පමණයි. නායකත්ව ලක්ෂණ ඇති චරිත ඉතා දුර්ලභයි. (නි)

:       0       0

නිලන්ත Tuesday, 10 November 2015 06:53 PM

ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

බටන්ගල Wednesday, 11 November 2015 09:18 AM

විපුල, හාමුදුරුවන්ගේ අපවත්වීම මතකත් නැහැ. වික්‍රමරත්න, හිටපු ජනාධිපති තුමාගේ කතාව අගය කරලා. ශෝක පණිවුඩයක් කියලවත් වැටහීමක් නැහැ. මේවා දැක්කම අපේ රටේ සමහරු ගැන දුකත් හිතෙනවා. (ර)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 10 November 2015 07:13 PM

හිමියනි, ඔබ වහන්සේට නිවන් සුව පතමි!! ඒවගේම මහින්ද මහතාගේ අතීත ආවර්ජනය තරුණ පරපුරට ඉතා වැදගත්.... (නි)

:       0       0

ගිහාන් Wednesday, 11 November 2015 09:25 AM

රේණු , අනෙක් මිනිස්සු දුක සැප බලන්න යනකොට සාමාන්‍යයෙන් අඬ බෙර ගහන්නේ නැහැ . (ම)

:       0       0

විජිත් Tuesday, 10 November 2015 07:56 PM

ගරුතර නායක හිමියනි, නිවන් දකින්නට කලින් මතු අත්භවයක යළිත් වතාවක් අපේ රටේම ඉපදී, මේ අත්භවයේදී ඔබවහන්සේට කිරීමට අතපසුවූ සද්ක්‍රියාවන්ට පණදී, අවසානයේදී ඔබවහන්සේ පැතූ බෝධියකින් බුදුන් දැක නිවන් සුවයට පත්වේවා..!!!! (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 10 November 2015 08:10 PM

සෝභිත හිමියන් ජීවත්ව සිටියදී උන්වහන්සේගේ අගය ගොඩක්‍ දෙනෙකුට තේරුම්ගන්න අපහසු වුණා (නි)

:       0       0

නිශාන්ත Tuesday, 10 November 2015 09:36 PM

රටේ දුක්විඳින ජනයා වෙනුවෙන් කැක්කුමකින් කතාකළ සෝභිත හිමියනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

විජේසුන්දර Tuesday, 10 November 2015 09:48 PM

ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

වරුණ Wednesday, 11 November 2015 01:17 AM

ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 11 November 2015 01:40 AM

ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)

:       0       0

මොහාන් Wednesday, 11 November 2015 01:50 AM

තිලක්-ඩුබායි කොහේ තිබෙන නිදහසක් ගැනද කතා කරන්නේ? (නි)

:       0       0

විපුල Wednesday, 11 November 2015 10:34 AM

මම අපේ හාමුදුරුවන්ට නිවන් සුව පතමි. උන් වහන්සේ රජය වෙනස් කිරීමට පෙරමුණ ගත්තත් උන්වහන්සේගේ රොටි කතාව සමහරක් අයට අමතක වෙලා. බලය ගන්න උදවු ගත්තට බලය ලැබුණු පසු උන්වහන්සේව අමතක කිරීම, ප්‍රතිපත්ති වලට එරෙහිව යාම වගේ දේවල් වලින් උන්වහන්සේ කලකිරිලා හිටියා. (ස)

:       0       0

සිරිවර්ධන Wednesday, 11 November 2015 02:58 AM

මහින්ද මහත්තයාව අපි අගය කරනවා (නි)

:       0       0

ඉන්දික Wednesday, 11 November 2015 03:04 AM

තිලක්-ඩුබායි ගැන නම් මම කතාකරන්න කැමති නැහැ (නි)

:       0       0

රුවන් Wednesday, 11 November 2015 10:34 AM

ඩුබායි තිලක් කියන විදිහට රතන හාමුදුරුවොත් රන් අකුරින් ලියෙවෙනවා නම් මහින්ද මහත්තයාගේ නම දියමන්ති ඔබ්බවලා ලිය වෙන්න ඕනේ. (ස)

:       0       0

පහන් Wednesday, 11 November 2015 03:06 AM

සෝභිත ස්වාමින් වහන්සේ උන්වහන්සේට පුළුවන් විදිහට රටට සේවයක් කළා. (නි)

:       0       0

වරුණ Wednesday, 11 November 2015 03:13 AM

උන්වහන්සේ අභියෝග වලට නොසැළී මුහුණදුන් හැටි අපිට මතකයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 11 November 2015 03:14 AM

මොහාන්, අපිව වහල්ලු කරගෙන ජීවත්වුණ සංස්කෘතිය වෙනස් කළ/වෙනස් කරන්න අභීතව නායකත්වය දුන් අපේ සෝභිත හාමුදුරුවන් ගැනයි මම කතාකරන්නේ (නි)

:       0       0

සෑම් Tuesday, 10 November 2015 11:21 AM

හොඳම පණිවිඩයක්. (ර)

:       0       0

කොඩිකාර Wednesday, 11 November 2015 03:27 AM

සමහරු නම් හීනෙන් බයවෙලා වගෙයි කතාකරන්නේ (නි)

:       0       0

ක්‍රිස් Wednesday, 11 November 2015 03:30 AM

හිටපු ජනපතිතුමා කළ ප්‍රකාශය ඉතා අනර්ඝයි (නි)

:       0       0

රත්න Wednesday, 11 November 2015 03:35 AM

සෝභිත ස්වාමින් වහන්සේට නිවන් මාර්ගය අව‍බෝධ කරගන්න ලැබේවා! (නි)

:       0       0

විපුල Tuesday, 10 November 2015 11:32 AM

හැම අතින්ම කුසලතා ඇති ඔබ යලිත් ජනපති වේවා.! (ර)

:       0       0

මෛත්‍රී Tuesday, 10 November 2015 11:39 AM

විශිෂ්ට කතාවක්. (ර)

:       0       0

රන්ජිත් Wednesday, 11 November 2015 03:48 AM

මෙම අවස්තාව ''දඹුලු ගොස් තලගොයන් ''කියමන එලියට ගන්න හදනවා. හොඳ නරක ජනතා මතයයි. (ස)

:       0       0

නිහාල් Tuesday, 10 November 2015 11:42 AM

වැළලී ගිය සත්‍යයක් ඔබතුමා ජනතාවට මතක්කරලා දීලා තියෙනවා. (ර)

:       0       0

සජිත් Wednesday, 11 November 2015 10:55 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (ර)

:       0       0

කරුණාපාල Tuesday, 10 November 2015 11:42 AM

බලය ලැබෙන විට මොළය කැළඹෙන පාලකයින්ට, එදා සිටම උන්වහන්සේ තර්ජනයක් මෙන්ම අසිපතක් ද වුවා. (ර)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 11 November 2015 04:03 AM

රට නිදහස් නොකරගන්න බලන්න තිබුන රටට වෙන දේ.(ම)

:       0       0

කේ පෙරේරා Tuesday, 10 November 2015 11:50 AM

විපුල, මේ ශෝක වෙලාවක්. (ර)

:       0       0

කුමාර Tuesday, 10 November 2015 11:49 AM

ඔබතුමාගේ ගෝලයෝ නම් ෆේස්බුක් එකේ කියන්නේ වෙන කතාවක් (බ)

:       0       0

චන්ද්‍ර පැරිස් Tuesday, 10 November 2015 11:53 AM

විපුල, ඕවා වෙන තැනක කියනවද.? (ර)

:       0       0

දුමින්ද Wednesday, 11 November 2015 04:21 AM

සියල්ල අනියත ලොවක කීම බල අරගල (ම)

:       0       0

විරාජ් ඒකනායක Wednesday, 11 November 2015 04:27 AM

සෝභිත හිමියන් කල සේවාවලින් අග්‍රගන්‍ය මෙහෙවර තමයි ඔබතුමාගේ ඒකාධිපති පාලනය අවසන් කිරීමට පළමු වෙඩිමුරය තැබීම (ම)

:       0       0

සුසන්ත Tuesday, 10 November 2015 12:11 PM

උන්වහන්සේ කල උදාර මෙහෙවර නිවන් දකින්න තරම් ලොකු පිනක්. (ර)

:       0       0

රන්ජන් Wednesday, 11 November 2015 04:33 AM

රන්ජිත්,මෙතන කුහක කතා කියන්න එපා. හරි දේ හරි විදියට දකින්න පුරුදු වෙන්න. (නි)

:       0       0

ඩයස් Tuesday, 10 November 2015 12:14 PM

අපි මාදුළුවාවේ හිමින්ට නිවන් සුව පතමු. උන්වහන්සේ සැමදා අභීතව සටන් කළා. (ර)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 10 November 2015 12:22 PM

සෝභිත හිමි රට බේරාගත් මහා සේවයම ඇති උන්වහන්සේට නිවන් දකින්න. (ර)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 11 November 2015 04:52 AM

මෙන්න යකෝ "දේවදත්තයත්" බුදුන් සරණ යන්න ඇවිත් .(ම)

:       0       0

නාමල් Tuesday, 10 November 2015 12:31 PM

එවන් හිමිනමක් තව සෑහෙන කාලයකට මේ දිවයිනේ පහළවේදැයි සැකයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 11 November 2015 04:54 AM

හාමුදුරුනමක් අපවත් කිරීමට සැලසුම් කිරීම,ඒ සදහා අනුබල දීම විශාල පාපකර්මයක්.අපි මේවා ඉගෙන ගත්තේ පොඩි කාලේදී ගිය දහම් පාසලින්.දැන් බොරු බයිලා කිව්වත් රටම දන්නවා සත්‍ය.(ම)

:       0       0

රොහාන් දයාදර Tuesday, 10 November 2015 12:38 PM

නිහාල්,ඔය සත්‍ය -අසත්‍ය මිනිස්සු හොඳට දන්නවා. (නි)

:       0       0

ඩයස් Tuesday, 10 November 2015 12:38 PM

උන්වහන්සේගේ උතුම් ගුණාංග අපේ ජීවිතයට ඇතුළත් කරගැනීමට මෙය අවස්ථාවක් කරගනිමු. එය මේ වෙලාවේ උන්වහන්සේට කරන උතුම්ම ගෞරවයයි (නි)

:       0       0

ජේම්ස් Tuesday, 10 November 2015 12:50 PM

කපන්ට බැරි අත ඉඹිනවා කියන්නේ මේවට. ලැජ්ජා නැද්ද මහත්තයෝ (බ)

:       0       0

රංග Tuesday, 10 November 2015 12:50 PM

විපුල බැරි වෙලාවත් ඔබ මගුල් ගෙදර ස්තුති කතාවක් බාරගන්න එපා. ඒ කතාව ගිහින් කියාවි තොවිල් පලක! (බ)

:       0       0

ක්‍රිස් Wednesday, 11 November 2015 05:18 AM

තිලක්, ඔබ දහම් පාසල් ගිය කෙනෙක් නම් වෙන්න බැහැ. (නි)

:       0       0

සුනිල් පෙරේරා Wednesday, 11 November 2015 05:19 AM

ටිකිරි බණ්ඩා මසුරන් කතාවක්නේ කියලා තියෙන්නේ. (නි)

:       0       0

දිලිප් Tuesday, 10 November 2015 12:58 PM

මුළු රටම මේ හිමියන්ගේ අභාවය ගැන ශෝකවෙනවා (නි)

:       0       0

වික්‍රමරත්න Tuesday, 10 November 2015 01:04 PM

මහින්ද මහතාණෙනි, ඔබ කළ කතාව විශිෂ්ටයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 11 November 2015 05:23 AM

ඒකාධිපතියෙකුගෙන් රටක් නිදහස් කර ගත්තට මදි.ඒ රටේ වහල්ලු වගේ හිටිය මොළ හෝදපු සම-හරක් ජනතාව පුනුරුත්තාපනය කරන්නත් ඕනේ.කරුණා කරලා දැන්වත් ක්‍රිස්,පිවිතුරු යහපාල,ඉන්දික,කුමාරි....වගේ ජනතාව පුනුරුත්තාපනය කරන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න.ඒ සොබිත හාමුදුරුවන් වෙනුවෙන් කරන ගෞරවයක් (බ)

:       0       0

උදිත් Tuesday, 10 November 2015 01:06 PM

හිමියනි, ඔබට අමාමහ නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

බුද්ධික Tuesday, 10 November 2015 01:07 PM

ජේමිස්, ඇයි ඔහොම කතාකරන්නේ?? (නි)

:       0       0

හර්ෂ Wednesday, 11 November 2015 05:44 AM

සෝභිත හිමියන් බලාපොරොත්තු වූ දේ ඉටුකිරීමයි උන්වහන්සේට කරන ලොකුම ගෞරවය වෙන්නේ (නි)

:       0       0

ඉමාක් Tuesday, 10 November 2015 01:10 PM

මෙවන් උදාර මෙහෙවරක් කළ සෝභිත හිමියන්ගේ නාමය සදා අමරණීයයි (නි)

:       0       0

නාමල් Tuesday, 10 November 2015 01:10 PM

අද මුළු රටම අඬනවා. හිමියනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

කරුණාතිලක Tuesday, 10 November 2015 01:07 PM

සෝභිත හිමියන්ට නිවන් සුව! (නි)

:       0       0

සිසිර Tuesday, 10 November 2015 01:10 PM

කරුණාපාල සමඟ මමත් එකඟයි (නි)

:       0       0

සුනිල් Wednesday, 11 November 2015 05:50 AM

මේ උත්තමයාණන් වහන්සේ මේ මහඟු සේවයට මුල නොපිරුවා නම්, අද කොහොම වේවිද? මොනතරම් උදාරද මේ ස්වාමින් වහන්සේගේ සේවය? (නි)

:       0       0

සියාඩ් Tuesday, 10 November 2015 01:10 PM

මහින්ද මහතාගේ කතාව අපි අගය කරනවා (නි)

:       0       0

සිරිනිමල් කරුණාරත්න‍ Tuesday, 10 November 2015 01:07 PM

විපුලගේ කතාව මම අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

දේශප්‍රිය Tuesday, 10 November 2015 01:16 PM

අපිටත් හරිම දුකයි (නි)

:       0       0

සමීර Tuesday, 10 November 2015 01:21 PM

අපේ සංස්කෘතිය තමයි කවුරුහරි වියෝවුණාම සියලුම වාද බේද අමතක කරලා දුක බෙදාගන්න එක. සංඝ පිතෘ උතුමෙක් අපවත් වුණාම ඒ දුක තවත් වැඩියි. එහෙම වෙලවකත් පටු දේශපාලන වාසි බලාගෙන වැඩකරන්න හොඳ නැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 11 November 2015 06:06 AM

මිනීමරු ත්‍රස්තවාදයෙන් රටම නිදහස් කර ගන්න ජිවිත පරිත්‍යාගයෙන් ඉදිරියටම ගොස් සටන් මෙහෙයවපු ජෙනරල් ෆොන්සේකාත්, ඒකාධිපති පවුලකින් සහ කල්ලියකින් රටම නිදහස් කර ගන්න ජිවිත පරිත්‍යාගයෙන් අබීත මෙහෙවරක් කල, නායකත්වය දුන්නු සෝභිත හාමුදුරුවෝ සහ රතන හාමුදුරුවෝ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා. (ස)

:       0       0

ගයානි Wednesday, 11 November 2015 06:10 AM

ටිකිරි බණ්ඩාගේ අදහස මමත් අනුමත කරනවා. (ස)

:       0       0

සුපුන් Tuesday, 10 November 2015 01:37 PM

ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ඩෙස්මන් Wednesday, 11 November 2015 06:15 AM

අපිටත් අවංකවම දුකයි (නි)

:       0       0

පුෂ්පසිරි Wednesday, 11 November 2015 06:18 AM

මහින්ද මහත්තයා කළ කතාව අගය කරනවා (නි)

:       0       0

ලොකුගේ Tuesday, 10 November 2015 01:37 PM

මේ වෙලාවේ අපි දේශපාලන වාසි ගැන හිතන්න හොඳ නැහැ (නි)

:       0       0

ජයසේන Tuesday, 10 November 2015 01:39 PM

වැරදි කළ හැම කෙනාගේම වැරදි උන්වහන්සේ අභීතව ප්‍රකාශ කළා. උන්වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ප්‍රේම් Wednesday, 11 November 2015 06:25 AM

තිලක්-ඩුබායිගේ කතාව මමත් පිළිගන්නවා (නි)

:       0       0

උපසේන Wednesday, 11 November 2015 06:40 AM

උන්වහන්සේ කිව්වා දෙය ඇහුවනම් ඔබතුමා තවමත් ජනාධිපති . දැන් බයිලා කියල වැඩක් නැහැ. (ම)

:       0       0

ෆාති Tuesday, 10 November 2015 01:53 PM

ඔබ තුමාගේ නොමසුරු ප්‍රකාශය අගේ කරන්නෙමු. එමෙන්ම උන්වහන්සේගේ හඩට ඔබතුමා කන් දුන්නනම් අපි මීට වඩා වාසනාවන්ත වීමට ඉඩ තිබුන. (බ)

:       0       0

භද්‍රානි Tuesday, 10 November 2015 01:57 PM

අනේ! ඒ ගැන නම් මොනවා කියන්නද සමීර, උඩින් පේන්න කඳුළු සලලා යටින් හිනා වෙන්න අපේ අය හරිම දක්ෂයි. ඔය කොයි කාගේත් වාසියට මිසක් අපි කොයි කවදද එකට එකතු වුනේ..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5267 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 175 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 301 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 377 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 3013 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 2912 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16549 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site