IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘සෝභිත හිමියන්ගේ ප්‍රතිරූපය බාල වැඩවලට ගන්න එපා‘

‘සෝභිත හාමුදුරුවන්ගේ ව්‍යාපාරය අපේ අතට අරගන්න මේ ආණ්ඩුව පලවා හැරීමට දැවැන්ත බල වේගයක් ලෙස මහා සංඝරත්න ඇතුළු අපි පෙරට එනවා කියලා මුරුත්තෙට්ටුවේ හිමි හා ඕමාරේ කස්සප හිමි ඇතුළු පිරිසක් පසුගියදා කිව්වා. සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය ගොඩනගන්න පළමු පෙරමුණේ අපිත් පුරෝගාමී වුණා. ඒ නිසා මේ ව්‍යාපාරය කිසිදු දේශපාලන පක්ෂයක් ගණිකා වෘත්තියේ යොදවන්න අපි ඉඩ දෙන්නේ නැහැ. හමුදුරුවන්ට අපි කියනවා මේ ව්‍යාපාරයට දායක් වුණු අය සිටිනතාක් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදවන්න ඉඩ දෙන්නේ නැහැ කියලා‘ යැයි පළමු පෙරමුණේ මාධ්‍ය හමුවක් අද(28) කොළඹ රාජගිරිය පක්ෂ කාර්යාලයේ දී පැවැත්වූ අවස්ථාවේ එහි කැඳවුම්කරු හා චන්ද්‍රසේන විජේසිංහ මහතා පැවසීය.

 “බලයට එන්න කවුරු හරි පටු මාවත් හොයනවා. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ සෝභිත හාමුදුරුවන්ගේ ප්‍රතිරුපය විනාශ කරන්න එපා. මේ ප්‍රතිරුපය බාල වැඩවලට හා දුෂිත පාලකයින් කරලියට ගේන්න පාවිචි කරන්න එපා‘ යැයිද ඔහු කීය.

1st-peramuna_2016328



අදහස් (0)

‘සෝභිත හිමියන්ගේ ප්‍රතිරූපය බාල වැඩවලට ගන්න එපා‘

රොකී Tuesday, 29 March 2016 03:30 AM

මුරුත්තෙට්ටුවේ උන්නාන්සේගේ වැඩ කිඩ මේ රටේ මිනිසුන්ට රහසක් නොවෙයිනේ. ගණන් ගන්න එපා! (බ)

:       0       0

රොකී Tuesday, 29 March 2016 03:41 AM

මහත්තයෝ, මහාවංසය හොඳට කියවලා බලන්න. තුල්ලත්තන සහ ලංජිතිස්ස පලහිලව්වේදී, රජකම හිමි තැනැත්තා ඉවත් කර සංඝයා එකතුවෙලා ඔවුන්ගේ බාලයාව රජකෙරුවා. මිනී මැරුමක් සිද්ධ වුනා. ඒක තමයි ලංකා ඉතිහාසේ හාමුදුරුවරු කරපු පළමුවෙනි වරද. ඊ ලඟට විජේබාහු රජුගේ මරණින් පසු ඔහුගේ පුතාට උරුම යුව රජකමට හාමුදුරුවරු එකතුවෙලා`පෙරසිරිත් කඩකොට` අහක හිටපු මානාභාරනව තෝර ගත්තා. ඔවුන් කරපු ගොන්කම නිසා අවුරුදු 40 ක් පමණ කලක් රට අවුලින් අවුලට පත් වුනා. (බ)

:       0       0

රොකී Tuesday, 29 March 2016 03:47 AM

නිකම් සම්පප්‍රලාප කියන්න එපා. බුදුන්වහන්සේ කාගේවත් ආණ්ඩු පෙරලන්න ගියේ නැහැ! හාමුදුරුවන්ගේ කර පිටින් දේශපාලකයෝ බලයට එන්න හදනවා නෙවෙයි, දේශ පාලකයන්ගේ කරපිටින් හාමුදුරුවරු වගයක් බලයට එන්න පොරකනවා තම තමන්ගේ වාසියට! (බ)

:       0       0

නන්ද Tuesday, 29 March 2016 04:23 AM

අපේ ඇත්තෝ සෝභිත හිමියන් ගේ ප්‍රතිරූපය නොවෙයි, බුදුසමිඳුන්ගේ රුව වුනත් තමන්ගේ වාසියට යොදා ගන්නවා.(බ)

:       0       0

මහේන්ද්‍ර Monday, 28 March 2016 02:50 PM

අැයි කලබල වෙන්නේ. සෝභිත හාමුදුරුවෝ ඔය ගොල්ලන්ගේ දෙස්පාලනවලටත් අයිති නැහැනේ. පරීක්ෂණයක් තියන්න ඕනෑ. අපිටත් මෙය ගැන සැකයක් තියෙනවා. සිංගප්පූරුවට අරන් ගියේ සෝභිත හාමුදුරුවෝ පණ පිටින්ද නැත්නම් සිහි නැතුවද නැත්නම් මලකඳද. ප්‍රශ්න ගොඩක්. අන්තිමට හමුදුරුවන්න්ට මොන පිලියම්ද දුන්නේ. ඒවාට තමුන්නාසේල ළඟ පිළිතුරු නැහැනේ. වෙන එකත් තියා තමුන්නාසේල බොරුවට කයිවාරු ගැහුවට ආදාහන කටයුතු කරන්නවත් නායකත්වයවත් තමුන්නාන්සේලට අහිමි වුනානේ. කලබල කොරන්නේ නැතුව ඉන්න ටිකක්. (බ)

:       0       0

රුවන් Tuesday, 29 March 2016 04:46 AM

ලංකාවේ ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් දේශපාලන වේදිකාවට ගෙන්න පුළුවන්. අසික්කිත මිනිස්සු ඉන්න රටක් මේක. (බ)

:       0       0

ජනක Monday, 28 March 2016 03:30 PM

මේ සිදුවන දේවල් ගැන අපේ ගරු ස්වාමින්වහන්සේලා කතා නොකරනවනම් කවුද ඒ ගැන කතා කරන්නේ ? මොලේ ටිකක් හරි තියනවනම් හිතන්න අර්බුදයක් තියනබව. .(බ)

:       0       0

දුමින්ද Tuesday, 29 March 2016 04:55 AM

භික්ෂුවගේ කාර්යය කුමක්ද යන්න බුදුන්වහන්සේ අනුදැන වදාළ සේක (බ)

:       0       0

අතුල Tuesday, 29 March 2016 04:58 AM

කට්ටියක් සෝම හාමුදුරුවෝ විකුණලා බලයට ආව.දැන් සෝභිත හාමුදුරුවෝ ඉන්නකොට අපවත් කරන්න හදපු අයම සෝභිත හාමුදුරුවෝ විකුණලා බලයට එන්න දගලනවා. (බ)

:       0       0

චන්දි Tuesday, 29 March 2016 05:03 AM

නිතිය නමැති සැඩ පහරේ ගිලීන්න යන මිනිස්සු අම්මගේ ඇඳිවතද ස්වාමින් වහන්සේගේ සිවුරද , මල් පොහොට්ටුවද කියල බලන්නේ නැහැ, මොකේ හරි එල්ලිලා බේරෙන්න බලන්නේ. ඔන්න කෙටියෙන්ම කීවා. (බ)

:       0       0

සරත් Tuesday, 29 March 2016 05:57 AM

සෝභිත හිමි විනාශ කළේ කවුද කියලා අපිට දැනෙනවා (නි)

:       0       0

සිරි Tuesday, 29 March 2016 06:06 AM

සමාජයට විෂබිජ දමන්නේ ඒ වගේ කට්ටිය තමයි (නි)

:       0       0

අසෝක Tuesday, 29 March 2016 06:38 AM

මේ රටේ ඉතිහාසය නොදන්නා රැලක් ඉන්න බව අපි හැමෝම දන්නවා. හාමුදුරු නමකට කටක් ඇරලා කිසිදෙයක් කියන්න ගිහියෙකුට බැහැ. (නි)

:       0       0

පී. ඉලංගරත්න Monday, 28 March 2016 10:24 PM

සෝබිත හාමුදුරුවන්ගේ ප්‍රතිරූපය විතරක් නොවෙයි ජීවිතයම නැතිකළේ ඔබලා වාගේ අය (අ)

:       0       0

නිමල් ලාලිත Monday, 28 March 2016 11:25 AM

මෙගොල්ල් කරන්නෙත් සිංහල බෞද්ධ විරෝධී බාල වැඩනේ. විරුද්ධ අයගේ සොරකම් සොයනවා.ගැතිකම් කරන අයගේ සොරකම් සොයන්නේ නැහැ.(බ)

:       0       0

ඉන්දික Monday, 28 March 2016 11:41 AM

ඇයි ඔයගොල්ලෝ කලබල වෙලා? (බ)

:       0       0

චතුරි Monday, 28 March 2016 11:42 AM

ලංකාවේ හාමුදුරුගොල්ලන්ට වෙන. වැඩ නැතිද .දේශපානය කරන්නේ මේවා බලන් ඉඳල තමයි පොඩි සාමනේරලා ලොකු වුනාම කරන්නේ හන්දියක් ,හන්දියක් ගානේ විශාල බුදු රුප ඒ අවට. සුද්ධ පවිත්‍ර. කරලා මල් ටිකක් පුජා කරන්න (බ)

:       0       0

ගමගේ Monday, 28 March 2016 11:52 AM

සමහරු එදා ගත්ත ප්‍රයෝජන නිසා රටට හෙන ගැහුවත් නැවත බලයට පත්කරන්න හදන්නේ තමන්ගේ වාසියටයි. රටට වින කටින්න එපා කියලයි අපි ඉල්ලන්නේ. (බ)

:       0       0

සමන් Monday, 28 March 2016 12:28 PM

මෙතෙක් කාලයක් නිහඬව සිට මේවා ගැන අද හාමුදුරුවෝ කතා කිරීම හාස්‍යජනකයි. හාමුදුරුවරු නීතියෙන් ප්‍රශ්න කරන කොට කරන මෙවැනි කුට ක්‍රියා මගින් ජනතව රවට්ටන්න යාමෙන් ඔව්න් තව තවත් ඔව්න්ගේ හැදියාව ජනතාවට නිරාවරණය වෙනවා විතරක් නෙවෙයි බෞද්ධ ආගමටත් ලොකු හානියක් කරනවා.(බ)

:       0       0

සෞදි සරත් Monday, 28 March 2016 12:33 PM

මේ කට්ටිය කලබල වෙනවා වැඩි සැකයට හේතුවක් නේද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 133 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 155 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 140 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 116 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 353 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 352 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site