IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සෝභිත හිමි නොසතුටෙන්

හොරු පැන යන්නට පෙර , ෆයිල් අතුරුදන් වන්නට පෙර  සහ  කුඩු වාෂ්ප වන්නට පෙර දූෂිතයන් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විභාග කර නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු යැයි මාදුළුවාවේ සෝභිත හිමියෝ කියති.

ලංකාදීප එසැණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සෝභිත හිමියන් පැවසුවේ ඉදිරි මැතිවරණය පැවැත්විය යුත්තේ අලුත් ඡන්ද ක්‍රමයක් යටතේ බවයි.

‘අපි කිව්වේ මේ ප්‍රතිසංස්කරණ මාස හයකින් කරන ලෙසයි. මෛත්‍රීපාල මහතා ඇතුළු පිරිස කිව්වා මාස තුනෙන් මේ දේවල් කරන බව. මාස තුනෙන් නොවෙයි, දින දෙකෙන් කරනවා නම් ඒත් අපි කැමතියි. දැන් ජනතාවට පොරොන්දු වූ පරිදි මාස තුනෙන් මේ දේවල් කරන්න. මීළඟ මැතිවරණය තියන්න ඕනෑ පරන ක්‍රමය යටතේ නොවෙයි. කාලය මදි කියා හරි යන්නේ නෑ.‘

පොදු අපේක්ෂකයකු සොයාන වැඩසටහනේ දී මරණීය තර්ජනය පවා එල්ල වූ බව ද ඒ හිමියෝ පවසති.

අතුරු අය වැය, දින සියයේ වැඩපිළිවෙල, පොදු අපේක්ෂකයකු තෝරා ගත් ආකාරය ආදී කාරණා රැසක් ගැන සෝභිත හිමියෝ පැවසූහ.

සෝභිත හිමියන් සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව බලාපොරොත්තු වන්න...

(වීඩියෝ සනත් ඩෙස්මන්)



අදහස් (0)

සෝභිත හිමි නොසතුටෙන්

වයිකෝ Friday, 20 February 2015 11:14 PM

හාමුදුරුවනේ, වැඩිකල් යන්නට පෙර වීසා නැතුව දඹදිව යන්න හැකිවේවි. (නදී)

:       0       0

වයිකෝ Friday, 20 February 2015 11:18 PM

බන භාවනා කරගෙන පන්සලට වෙලා ඉන්න. (නදී)

:       0       0

කෙනි ආන්ජලෝ Saturday, 21 February 2015 12:09 AM

අපිටත් ඔබ වහන්සේ වගේම තමයි (නදී)

:       0       0

ක්‍රිස් Saturday, 21 February 2015 12:34 AM

සොභිත හිමියනි ඔබගේ සාදාරන සමාජයක් සදහා ව්‍යාපාරයට ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකික අපගේ සහයෝගය. (නදී)

:       0       0

වයිකෝ Saturday, 21 February 2015 01:08 AM

අන්දරේ රජකරවලා රට කෑවා. (නදී)

:       0       0

විකුම් Saturday, 21 February 2015 01:28 AM

විධායක ජනාධිපති ක්‍රමය ඇතිකළේ උගත්,බුද්ධිමත් නායකයෙකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා.එම ක්‍රමය නැතිකරන්නේ මොකටද? (නි)

:       0       0

ටි‍රෝන් Saturday, 21 February 2015 02:32 AM

හාමුදුරුවනේ, මේ අයත් ඩබල්ගේම් නම් ඒවාටත් පිළිතුරු අපි ළඟ තිබෙනවා. ඊළඟ ඡන්දෙදි බලාගනිමු (නි)

:       0       0

සත්‍යපාල Saturday, 21 February 2015 02:35 AM

හදිසි ව්‍යවස්ථා සංශෝධන කරන්න ගොස් රට අනතුරේ දමන්නට එපා. දුර්වල ව්‍යවස්ථාවක් මඟින් රට දෙකඩවන දිශාවකට තල්ලුවන බවක් ඉඟිකරයි.අවසන් යුද්ධයට නායකත්වය දුන් සියලුම නායකයන් උපක්‍රමික ලෙස ඉවත්කර අවසානයි.සියල්ලම වෙන වෙනම සිදුවුණද, මේ එකම සිදුවීමක කොටස් තැන් තැන්වල හදා එකට කරන්නට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව නිසි වෙලාව එනතුරු ඇඟිලි ගනිමින් සිටි. කවුරු මොනවා කිවුවත් විදේශ රටවල් ලංකාවේ පසුගිය මැතිවරණයේදී බලපෑම් කළ බව සත්‍යයකි.මහින්ද පරාජය කරන්නට කිසියම් ජන කොටසක් සංවිධානාත්මකව ඡන්දය භාවිතාකළේ එහි ප්‍රතිඵලයක් ලෙසය. (නි)

:       0       0

පිවිතුරු Saturday, 21 February 2015 02:47 AM

මට අර රජ කෙනෙකුට හකුරු හැදූ කතාව මතක්වුණා. කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි. අවශ්‍ය වුණ දේ සිද්ධ වුණානේ. දැන් ඉතින් ඕවා පැත්තකට දාන්න (නි)

:       0       0

රණවක Saturday, 21 February 2015 03:02 AM

මේ කට්ටිය මුහුදට පැනලා තමයි පිහිනන්න හිතන්නේ. එතකොට පරක්කු වැඩියි. ඕවා හිතන්න තිබුනේ කලින්. මහින්ද මහත්මාව ඉවත් කරන්න ඩොලර් ලැබෙන කොට ඔය කිසි දෙයක් නැහැ. (නදී)

:       0       0

රජිව් Monday, 23 February 2015 04:32 AM

සමහරු බලය ලැබුනු විට හැසිරෙන ආකාරය ගැන අපි අතීතයෙන් පාඩම් ඉගෙනගෙන තිබෙනවා. ඔබවහන්සේටත් ඉතා හොඳින් ඒ ගැන මතක තිබෙන්න ඕනෑ. (නි)

:       0       0

අසංග Monday, 23 February 2015 04:49 AM

අපේ හාමුදුරුවනේ, මේ සියල්ලටම ඔබ වහන්සේලාත් වගකියන්න ඕනෑ.මම කැමති නැහැ කවදාවත් අපේ හාමුදුරු නමකට අපහාස වෙන විදියකට කතා කරන්න. නැත්නම් ගොඩක් දේවල් මට පළකරන්න පුළුවන්. (නි)

:       0       0

වෙනිත් නෙත්මල් Saturday, 21 February 2015 04:33 AM

බුුද්ධිමත් රටවැසියනි, මේ අවනඩුව විසදාගන්න ශක්‍ර දෙවියන්ට නොපමාව දන්වනු කැමැත්තෙමි. (නදි)

:       0       0

සනත් Sunday, 22 February 2015 12:48 PM

වෛරයෙන් වෛරය සන්සිදේද අපේ හාමුදුරුවනේ.(හේ)

:       0       0

ද සිල්වා Sunday, 22 February 2015 02:34 PM

සෝභිත හාමුදුරුවෝ විතරක් නෙවේ රටේ පුරවැසියන් ගෙන් බොහෝ දෙනෙකු මේ පරීක්ෂණ වල මන්දගාමී භාවය ගැන ඉන්නේ අසතුටෙන්.(හේ)

:       0       0

ද සිල්වා Sunday, 22 February 2015 02:36 PM

සත්‍යපාල මහින්ද පැරදුනේ ඔහු වටා හිටපු අය කරපු දුෂණ නිසා ජනතා අප්‍රසාදයට ගොදුරු වීමෙන් , නැතුව එක එක කණ්ඩායම් නිසා නොවේ ,(හේ)

:       0       0

ප්‍රනාන්දු Saturday, 21 February 2015 03:06 PM

පරිස්සමින් හාමුදුරුවනේ! (නි)

:       0       0

සමන්ති Saturday, 21 February 2015 03:58 PM

දුෂිතයන්ට දඬුවම්දීම පිණිස සෝභිත හාමුදුරුවන්ගේ තීරණයට අපි එකඟයි. (නි)

:       0       0

සම්පත් Saturday, 21 February 2015 04:24 PM

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතුයි. ඒත් තවම ඊට සුදුසු කාලය එළඹී නැහැ. අමතක කරන්න එපා, තිස් වසරක් පැවති යුද්ධයක් අවසන්කර තවම ගෙවුණේ වසර පහයි. තවමත් ඒ ජාතිවාදී ගිනිදැල් තිබෙනවා. ඒවා මර්දනය කිරීමට ශක්තිමත් පාලනයක් හා ව්‍යවස්ථාවක් තිබිය යුතුයි. (නි)

:       0       0

මාපලගම පත්මා Sunday, 22 February 2015 07:43 PM

පිටිගල මහතාගේ කතාව මසුරන් වටිනවා. අපිත් බොහොම ඇපකැප වුණා අලුත් රජයට හැකි පමණින්. එහෙත් දැන් සිතෙනවා ඔක්කොම එකය කියා (නි)

:       0       0

චමිලා Saturday, 21 February 2015 04:46 PM

මාස තුනකින් ඔය කියපුවා වුණේ නැත්නම් හාමුදුරුවෝ තමා පළමුවෙන්ම වගකිවයුත්තේ කියපු දේවලට (නි)

:       0       0

වයිකෝ Saturday, 21 February 2015 05:18 PM

දැන් යන විදියට ඡන්දෙට පෙර රටේ ඒකීය භාවය නැතුව යාවි. මාර්න්කුලම පොලිසියත් වහලා. (නදී)

:       0       0

කැළුම් Sunday, 22 February 2015 08:20 PM

අනේ හාමුදුරුවනේ! (නි)

:       0       0

නලින් Saturday, 21 February 2015 06:44 PM

සත්‍යපාල, රට හුරගෙන කාල ඉතුරු හපය චීනට යනකම් යුද්ධයයි, විදෙස් බිල්ලයි ගැන කිය කියා ඉඳිමු. (නදී)

:       0       0

ලසන්ත Saturday, 21 February 2015 10:01 PM

කව්ද හොරු (බ)

:       0       0

වසන්ත Saturday, 21 February 2015 10:23 PM

සියලුම ලාංකිකයෙන් වහාම ජනාධිපති මැතිවරණයක් ඉල්ලා සිටිය යුතුමය.(හේ)

:       0       0

වසන්ත Saturday, 21 February 2015 10:29 PM

ජා වී පෙ නැත්නම් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පක්ෂය තෝරා ගත හැකිය. (හේ)

:       0       0

විකුම් Saturday, 21 February 2015 10:33 PM

ඡන්දය වෙනතෙත් බලාසිටියොත් , ඡන්දය පවත්වන්න රටක් නැතිවේවි. (නි)

:       0       0

රාමන් Sunday, 22 February 2015 09:37 PM

ඔය වගේ අදහස් භික්ෂුවකට ගැළපෙන්නේ නැහැ නේද? ද්වේශය පළිගැනීම අතහැර බුදුහාමුදුරුවන් කියා ඇති ලෙස සියලු සත්වයන්ට මෛත්‍රී වඩන්න. (නි)

:       0       0

විකුම් Saturday, 21 February 2015 10:40 PM

ලොකු හොරුන්ට විරුද්ධව තවම නීතිමය පියවර ගෙන නැත. (නි)

:       0       0

විකුම් Saturday, 21 February 2015 10:46 PM

ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න එපා. එය හිසරදයට කොට්ටය මාරුකරනවා වැනි වැඩකි. (නි)

:       0       0

විකුම් Saturday, 21 February 2015 10:50 PM

දැනටම බොහෝ දේ ජනතාවට ඔප්පුකර හමාරයි. (නි)

:       0       0

විකුම් Saturday, 21 February 2015 10:56 PM

හිටපු බෑන්ඩ් කාණ්ඩායමමයි, වෙනස් වාදනයක්. (නි)

:       0       0

යශෝධා Saturday, 21 February 2015 11:01 PM

අපිත් ඉන්නේ සතුටින් නෙමෙයිනේ ඉතින් (නි)

:       0       0

සිල්වා Friday, 20 February 2015 04:22 PM

ඔබ වහන්සේගේ කතාව සම්පුර්ණ ඇත්ත (බ)

:       0       0

කුමාර Friday, 20 February 2015 04:34 PM

කෝ විධායකේ අහෝසි කරන්නේ කවද්ද? කටින් හිටවන බතල වල අල බහින කන්ද අපිට ඉන්න කියන්නේ (නදී)

:       0       0

රොෂාන් Sunday, 22 February 2015 11:43 PM

ඔබ වහන්සේට දැන් තේරෙනවා නේද? (නි)

:       0       0

නන්දලාල් Friday, 20 February 2015 04:58 PM

සෝභිත හිමියන් කළ මේ ප්‍රකාශය ඉතාමත් නිවැරදි බව පෙනෙනවා. අප මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කළේ, රට නිවැරදි මගට හරවා, කුඩු, අල්ලස්, කොමිස් කාක්කන් සමාජයෙන් දුරුකර, භීෂණයට තිත දමා රටවැසියන්ට හොඳින් සතුටින් ජීවත්වීමට බව කවුරුත් දන්නා දෙයකි. නමුත් මේ සියල්ල අප බලාපොරොත්තු විදියට,ඉක්මනින් සිදු නොවීම කණගාටුවට කරුණකි. මේවා හිතාමතාම යටකරන අය එක්ක කොහොමද රට කරවන අය වැඩ කරන්නේ? ඉක්මනට මේවා සිදු නොවුනොත් රට ආපස්සට යාම සක්කරයටවත් වලක්වන්න බැරි වේවි. (බ)

:       0       0

සමරසිංහ Friday, 20 February 2015 05:09 PM

ඔබ වහන්සේ සතුටු කරන්න පුළුවන් දේශපාලකයෝ තවම ලංකාවේ ඉපදිලා නෑ. මේ ඉන්න ඔක්කොම ජනතාවට පයින් ගහල තමන්ගේ තනතුරු රකින කට්ටිය. වෙන අතක් බලාගන්න හාමුදුරුවනේ! (බ)

:       0       0

ජගත් සිල්වා Friday, 20 February 2015 05:37 PM

අපේ හාමුදුරුවනේ බොරුවට එන්න තියන්න එපා, කෙලින් වැඩ කරමු. අපි ඔබ සමගයි.(හේ)

:       0       0

පාලිත Friday, 20 February 2015 05:55 PM

ඔහොම තමයි දැන් ඉතින් වෙන දේ බලන් ඉමු.(හේ)

:       0       0

පිටිගල Sunday, 22 February 2015 04:13 AM

මේ රජයේ වැඩ පිළිවෙළට බොහෝ දෙනෙක් නොසතුටෙන් තමයි ඉන්නේ. යහ පාලනයක් කිව්වට කෙරුවාවෙන් එහෙම එකක් තාම නැහැ. හොරු අල්ලනවා එයා පෝට් වහනවා කිව්වට හොරු පැනලා ගිය නේද?.(දිල්)

:       0       0

චමල් Friday, 20 February 2015 06:42 PM

කිසිම හොරෙක්ට න‍ිත‍ිමය දඩුවම් තවම න‍ැ . එක තමයි දේශපාලනයේ යථාර්තය .(දිල්)

:       0       0

නිශ්ශංක Friday, 20 February 2015 07:23 PM

තවත් ඉදිරියට මෙවැනිම කලකිර‍ිම් ඇති වෙයි ‍(දිල් )

:       0       0

සාලිය Friday, 20 February 2015 07:30 PM

නායක හාමුදුරුවනේ ඔබවහන්සේගේ අදහස් පිවිතුරුයි. නමුත් ඒ පැත්තේ හිටපු දේශපාලක ගිජුලිහිණියෝම තමයි දැන් මේ පැත්තෙත් ඉන්නේ.(දිල්)

:       0       0

යහපාල Sunday, 22 February 2015 06:05 AM

ඔය ගොල්ල කිව්වට බැහැනේ. මේ කුඩු කාරයෝ අල්ලන්ට නම් කෝඳුරු තෙල් ඕනෑ. හම්බ වුණ ගමන් ඔය කුඩු වලට සම්භන්ධ උන් ටික ඔක්කොම අල්ලලා එල්ලුම් ගස් අරිනවා සත්තයි (දිල්)

:       0       0

වික්‍රමරත්න Friday, 20 February 2015 08:29 PM

මේ යන විදියට ඔබ වහන්සේට තව තව නොසතුටු වෙන්න කරුණු යෙදේවි ‍(දිල්)

:       0       0

විද්‍යා Friday, 20 February 2015 09:00 PM

හාමුදුරුවනේ කලබල වෙන්න එපා. ටිකක් ඉවසන්න. ජනාදිපති තුමා කීවනේ කැලෑ නීතිය අනුව කටුයුතු කරන්නේ නැහැ කියලා. (නදී)

:       0       0

සොපී Monday, 23 February 2015 02:22 AM

ජනතා පැතුම් ඉටුනොවුණොත් ඔබතුමාටත් වගකියන්න වෙයි අපේ හාමුදුරුවනේ (නි)

:       0       0

සෑම් Friday, 20 February 2015 09:29 PM

මම සෝභිත හිමියන්ගෙන් බණ අසා ඇත්තේ එකම වතාවක් පමණයි. නමුත් එහිමියන් එදා (70 දශකයේ ) වදාළ දේවල් තාමත් හිතේ තියනවා. සැම පසළොස්වක දිනකටම අපිට පාසලේ බණක් කියනවා. නමුත් ඒක දේශනා කරන්නේ ඉංග්‍රීසියෙන්. සෝභිත හිමියන් සිංහලෙන් බණ දෙසුවා පමණක් නොව ඇඩ්වාන්ස් ලෙවල් කරන කොල්ලන්ට හිතට වදින විදිහේ උපමා යොදාගෙන බණ කිව්වා. එතෙක් කලක් අප ධර්ම දේශනාවට ගියේ නොගිහින් බැරිකමටයි. නමුත් එදායින් පසුව හැමදාමත් එතුමා වගේ කෙනෙක් නැවත බණට වඩී කියන බලාපොරොත්තුව හිතේ ඇතුව තමා බණ අහන්න ගියේ. එතුමාට දීර්ඝායුෂ. (නදී)

:       0       0

දුමින්ද Monday, 23 February 2015 02:32 AM

යහපාල, ඔබට වැරදිලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 10 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 34 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 77 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 91 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2387 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site