IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


සභානායක අසුනේ අමුත්තෙක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සභානායක බිමල් රත්නායක මහතාගේ ආසනයේ ඔහු නොසිටි අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අසුන් ගැනීම පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කතා කරමින් සිටියදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ජයතිස්ස මහතාගේ ආසනය අසල පිහිටි සභානායකවරයාගේ ආසනයේ අසුන්ගෙන ජයතිස්ස මහතාගේ කතාවට සවන් දෙමින් සිටියේය.

මේ අවස්ථාවේ නැගී සිටි සංවිධ ජන බලවේගයේ මන්ත්‍රී අජිත් බී පෙරේරා මහතා පැවසුවේ සභානායකවරයාගේ ආසනයේ සභා නායකවරයා නොවන පුද්ගලයකු අසුන්ගෙන සිටින බවයි. එය සුදුසු නැති බවත් සම්ප්‍රදාය නොවන බවත් මන්ත්‍රීවරයා කීය. සමහර විට නොදන්නාකම නිසා දෙන්න ඇති යයිද ප්‍රකාශ කළේය.

( මේ අවස්ථාවේදී ඒ ස්ථානයෙන් ඉවත් වීමට සැරසුණු ආනන්ද විජේපාල මහතා දෙස හැරී පිටට තට්ටුවක් දමමින් " ආ හරි හරි" යනුවෙන් පැවසුවේය. විජයපාල මහතා නොපමාව ඉන් පිටව ගියේය.



අදහස් (10)

සභානායක අසුනේ අමුත්තෙක්

සෙනෙවිරත්න Friday, 24 January 2025 11:42 AM

ඔන්න නුපුරුදු කම, මේකෙන් විශාල විපතක් වෙලා තියෙන්නෙ. බලන්න කථානායක පුටුවෙ වාඩිවෙලා මයික් කඩපු පාර්ලිමේන්තුවක මේවත් විශාල ප්‍රවෘත්ති ,

:       29       98

ලපයාSaturday, 25 January 2025 11:15 AM

ඔවුන් කරපුවා කරන්නද ඔබලා ජෙප්පෝ පාර්ලිමේන්තු යැව්වේ?

:       0       0

pj Friday, 24 January 2025 12:40 PM

මගේ සහෝදරයකුත් දරැවන් ඉදිරියේදිම අමුඅමුවේ මරා දමපු කල්ලියකට සම්බන්ධ අය රට පාලනය වන තැන්වල පුටුවල ඉදගැනිම විශාල විපතක්......

:       59       33

dileepa1986Friday, 24 January 2025 01:41 PM

කරන්න ‍දෙයක් නෑ. ඔවුන් දැන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත්. රටේ විශාල බහුතරයක් ඔවුන්ගේ දැක්ම පිළිඅරන්. ඔමතුමාගේ සහ උන් හිටියා නම් දරුවොන්ටත් හාමතේ මැරෙන්න වෙන්නෙ. ඒක හිතල හිත හදාගන්න

:       22       38

gunarathnaFriday, 24 January 2025 02:05 PM

බොහොම හොඳයි දෙපැත්තටම නළවනවා නේද? ඕකට අපි කියන්නේ ශේප් න්‍යාය කියලා.

:       4       8

pjFriday, 24 January 2025 03:44 PM

කරන්න නම් දේවල් ඕන තරම්.... ඒත් බහුතරයක් තණකොළ කෑවට මට කන්න කියන ඒක යුතු නැහැ...ඒහෙම නම් හිර ගෙවල් වහල ඒ ඔක්කොම ඒළියට දාමු දැන් වැරදි කරන්නෙ නැති නිසා....

:       6       13

ලපයාSaturday, 25 January 2025 11:18 AM

දැන් කන්න හම්බෙනවා ඇතිනේද තණකොළ කන බූරු පුතේ ... හාල් කීයද පොල් කීයද ? ලුණු කෑවද ? සියඹලා ගහේද ?

:       0       0

Bishan Friday, 24 January 2025 02:22 PM

එතකොට මිරිස් කුඩු ගැසීමද සම්ප්‍රදාය, සෙන්කොලය උස්සන් දිවිමද සම්ප්‍රදාය, පුටු කැඩිම, මයික් කැඩීමද සම්ප්‍රදාය, මෝඩ ආතල් දෙන්නේ නැතුව ඉන්නවා හලෝ

:       12       35

LakiFriday, 24 January 2025 06:23 PM

ඔවුන් වැරැදි කළයි කියලා මෙයාලාට වැරැදි සම්ප්‍රදාය කරන්න දෙන්නත් බැහැ. එයාට නැගිටලා යන්න පුළුවන්නම් දායක සභාවට හිත රිදෙන්න දෙයක් නැහැනේ...

:       1       19

ලපයාSaturday, 25 January 2025 11:16 AM

එහෙම එපා කියලා නෙවෙයිද ඔබලා ජෙප්පෝ පත්කෙරුවේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 80 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 60 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 99 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 182 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 197 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 941 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 418 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site