IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘‘සභාපති වෙන්න නිමල්ට අයිතියක් නෑ‘‘

(ආරියරත්න රණබාහු)

අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට නීතිමය අයිතියක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමකරුවන් වන්නේ ගම්බිම්වල සිටින ජනතාවයයි පැවසූ ඒ මහතා ආණ්ඩුවේ ඉඳගෙන පක්ෂ කාර්යාලට ඉබි යතුරු දමා චණ්ඩීන් මෙන් ම කටයුතු කිරීම ගැන අතිශය කණගාටු වන බවද ඒ මහතා කීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ පුංචි බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ  පැවැති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

 



අදහස් (10)

‘‘සභාපති වෙන්න නිමල්ට අයිතියක් නෑ‘‘

විදුර Friday, 19 July 2024 08:20 AM

ගංවතුර නිවාඩු අරගන්න අමතර නිවාඩුවක් දාලා ඔෆිස් යන්න ඕනැ. මේවා ඔන්ලයින් කරන්න බැරිද සාන්ත ?

:       0       0

පිටිගල මිලානෝ Friday, 19 July 2024 09:19 AM

රේස් බුකී කාරයෝ බෞද්ධ සම්මේලනයේ නායකත්වයද ගන්නවා පක්ෂ වල නායකත්වයටද පොරකනවා. මිනිස්සු යහමග යවන්නද මේ උත්සාහය….? එහෙමත් නැත්නම් රට දියුණු කරන්නද…?

:       0       2

ඇලපාත Friday, 19 July 2024 09:31 AM

නිමල් සිරිපාල 1994 රජය පිහිටුවන්න මහන්සිවුණු කෙනෙක් .ඒ වෙලාවේ ඔය කියන කෙනා හිටියේ එජාප සාමාජිකත්වය අරගෙන සංවිධායක කෙනෙක් හැටියට කියලා මතකයි 1994 නිමල් සිරිපාල ඇමැතිකමක් අරගෙන රත්නපුර සමගිපුර ප්‍රදේශයේ ජල කරාමයක් විවෘත කරන්න ඇවිත් හිටියා ඔහු බලන්න ඇලපාත කියල මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වැඩකල මහතෙක් ගියා ඉතින් පක්ෂයේ අයිතිය තියෙන්න ඕන එජාපයෙන් එලෙව්වාට පසුව රිලා ක්‍රමයෙන් පක්ෂයට පැමිණි අයෙකුටද නැත්නම් පක්ෂය රජ කරන්න දරදිය ඇද්ද කෙනෙකුටද කියලා සාධාරණව හිතා බලන්න

:       0       1

Lalla Friday, 19 July 2024 09:54 AM

කට්ටිය කා කොටාගෙන පක්‍ෂය දියකරපල්ලා. ලංකාව හිඟමනට පත්කරන්න මුල් පිරූ පක්‍ෂය. දේශීය ධනපතියන් විනාශ කර බස් සහ වතු ජනසතුකරනය කලා. ආර්ථිකය රාජ්‍ය කේන්ද්‍රීය කර ජනසතුකරනය මගින් ජඩයින්ට ගසාකෑමට දුන්නා. සිංහල පමණයි තීන්දුව දීල ජාතිභේදය රටේ වැපිරුවා. සිංහල භාෂාව පමණක්ම උගත් උපාධිධාරීන් රාජ්‍ය සේවයට පුරවා මෝඩ පාලන ව්‍යුහයක් ගොඩ නැගුවා.... රට විනාශ කරන්න ඕන දේ සේරම කලා...

:       0       2

visnuFriday, 19 July 2024 02:55 PM

ඔබගේ කීම නිවැරැදියි... අගය කරනවා...

:       0       2

Perera Friday, 19 July 2024 10:31 AM

රටේ ජනතාව කරුමක්කාරයෝ, ඔහෙලා තමයි රටේ හැම දේකටම උරුමක්කාරයෝ

:       0       2

wedage Friday, 19 July 2024 10:33 AM

ඉතින් පාර්ලිමේන්තුවේ නිදාගෙන ඉන්න එකනේ

:       0       2

ගමේ එකාලා Friday, 19 July 2024 12:05 PM

හැම ආණ්ඩුවකම ඇමතියා වෙලා,,වයසට ගිහිල්ලත් බල තණ්හාව ...යන තැනකට පිනක් දහමක් කරගෙන ඉන්ඩ බැරි හැටි.ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකුයිලූ?

:       0       4

R.T.sarath Friday, 19 July 2024 02:24 PM

රේස් බුකි සහ ධාර්මික නොවන ක්‍රම වලට හම්බ කරපු විශාල මුදලක් මෙයා ගාව තිබෙනවා , බලතන්හාව ඉහට ගහලා බුවල්ලෙක් වාගේ හැම එකේම එල්ලිලා ඉන්නවා, ඉස්සර පටන් මෙයා පතාල සෙට් එකක් නඩත්තු කරනවා , ශ්‍රී ලංකා ක්‍රිකට් එකත් විනාශ කලේ තවදුරටත් විනාශ කරන්නේ මොහු සහ ගෝලයෝ , කරුණාකර මොන පක්ෂෙන් ඉල්ලුවත් මනාපේ නම් දෙන්න එපා ,

:       0       2

විපරමා Friday, 19 July 2024 05:09 PM

රේස් බුකීකාරයා කලින් යූඇන්පීයේ හිටියේ. හිරේත් ගියා.. මහින්ද නිදහස් කෙරුවා. පස්සේ සන්ධාන ගත වුණා.. බුකීකාරයා හිතාගෙන ඉන්නේ පක්ෂයේ උරුමක්කාරයෝ ඔවුන් කියලා... බලාගෙන ගියාම මොවුන් කිසිම ලැජ්ජාවක් නැති කරුමක්කාරයෝ ටිකක්...

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 179 0

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 841 0

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 550 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1739 1

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 1613 4

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 687 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36994 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24382 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 590 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 234 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site