IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සමාගම් ලොක්කාගෙන් කෝටියක් කප්පම් කන්න හදලා

කොළඹ සමාගමක ප්‍රධානියකුගේ අයතා සම්බන්ධයක් බිරියට වසන් කිරීම සඳහා මුලින් රුපියල් තිස් පන් ලක්ෂයක් ලබා ගෙන පසුව තවත් ලක්ෂ 75ක් ඉල්ලූ බව කිය උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් කොස්තාපල්වරයෙක් සහ අනියම් බිරිය කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මුලින් ලක්ෂ 35ක් ගැනීමට කොස්තාපල් ඉදිරිපත් වී ඇතැයි ද, එම මුදල ගැනීමෙන් පසු දෙවැනි වරට එමෙන් දෙගුණයක් ඉල්ලා ඇතැයි ද ඒ අතරතුර කොස්තාපල් වෙනත් පොලිසියකට මාරු කර ඇතැයි ද පොලිසි කියයි.

 

 



අදහස් (0)

සමාගම් ලොක්කාගෙන් කෝටියක් කප්පම් කන්න හදලා

උපාලි Friday, 18 October 2013 07:56 AM

ලොක්කන්ගේ නම් ගම් දාන්නෙ නැද්ද? (නි)

:       0       0

අරුණ Friday, 18 October 2013 08:02 AM

කරන කලට පව් මීරිය මී සේ... විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ... (නි)

:       0       0

පෙත්තා Friday, 18 October 2013 08:31 AM

මාටින් අයියාගේ කැමැත්තක්...අනියම් නෝනාගේ විස්තර ටික නේද ඕනෑ? (නි)

:       0       0

පෙත්තා Friday, 18 October 2013 06:40 PM

කටේ මසුරන් දාන්න ඕනෑමද? නැද්ද ළඟ පාත වෙන මොනවත් දාන්න? (නි)

:       0       0

දිල්හානි Friday, 18 October 2013 08:44 AM

ලොක්කගේ වැඩේ සාමාන්‍යය දෙයක්.පොලිසියේ කෙනාට 35 කුත් අරගෙන මදි වුණාද? ගෙදර අරිනවා පමණක් නොවේ, හිරෙත් අරින්න ඕනෑ. (නි)

:       0       0

සුනිල් Friday, 18 October 2013 09:23 AM

මේ කට්ටිය මහජන මුදලින් පඩි ගනිමින් රස්සාවට කරලා තියෙන්නේ මිනිසුන් ගේ අයථා සබඳකම් ගැන ඔත්තු බලන එක වගේ. මෙය මුල්ම එක විය නොහැක. (නි)

:       0       0

රසිකා Friday, 18 October 2013 09:34 AM

ලක්ෂ 35 දෙන්නේ නැතුව ඕක විසදාගන්න පුළුවන්නේ. (නි)

:       0       0

මාටින් Friday, 18 October 2013 09:51 AM

පෙත්තෝ, දැන් නම් අනියම් නෝනගේ විස්තර ඕනෑත් නැහැ වගේ. ඔය උඩින් අදහස් දාලා තියෙන සුගත් මහත්තයාගේ ලිපිනය පුළුවන් නම් හොයලා දෙන්න (නි)

:       0       0

අජිත් Friday, 18 October 2013 10:07 AM

ලක්ෂ 35 ක් දීලා හරි ඒ මනුස්සයා බේරුණු එකම මදිද උණුවතුර පාරක් නොකා. (නි)

:       0       0

පෙත්තා Friday, 18 October 2013 10:07 AM

ලොක්කන්ගේ වැඩේ සාමාන්‍යද අසාමාන්‍යද කියලා දිල්හානි දන්නේ කොහොමද අනේ? (නි)

:       0       0

පද්මිණි Friday, 18 October 2013 11:02 AM

මෙච්චරට මෝඩ සමාගම් ලොක්කෝ ලංකාවේ ඉන්නවද?අනිත් එක මේ තරම් දුෂිත පොලිස්කාරයොත් ලංකාවේ ඉන්න හැටි? (නි)

:       0       0

ලෝලිම්බවන්ස Friday, 18 October 2013 12:40 PM

දැන් කොහොමහරි පුවත්පත් මාර්ගයෙන් මොහුගේ බිරිඳ ඇතුළු සියල්ලම දැනුවත් වී ඇති. (නි)

:       0       0

මනෝජ් Friday, 18 October 2013 12:52 PM

නෝනා තවම දන්නේ නැතුව ඇති.දන්නවා නම් මෙලහකටත් උණු වතුර පිහිට වෙලා (නි)

:       0       0

මිනිපෙ Thursday, 17 October 2013 09:13 PM

මොකටද කාටවත් ලක්ෂ 75 දෙන්නේ? බිරිදට ලක්ෂ 10 දීලා, මේකෙන් පහසුවෙන් ශේප් වෙන්න පුළුවන්නේ. (දී)

:       0       0

කුමාරන Thursday, 17 October 2013 09:23 PM

ලක්ෂ 35 ක් වෙන ගෙහනියක් නිසා කප්පම් දුන්න කියන එකේ තේරුම කුමක්ද? අනික මෙම පුද්ගලයට එතරම් සල්ලි ගොඩක් කොහින්ද?මම නම් හිතන්නේ මෙයට ඔහොම උන එක හොඳයි (දී)

:       0       0

සුගත් Friday, 18 October 2013 09:09 PM

මාටින් මහතා ආසයි බයයි වගේ.සොයන්නාට හමුවෙනවා. (නි)

:       0       0

මර්තින් Saturday, 19 October 2013 12:45 PM

යකෝ ඔය සල්ලි වියදම් කරලා තව කසාදයක් කරගන්න තිබුන නේද මෙච්චර ටෙලි නිලියෝ ඉන්න රටේ මොන එහෙකටද අහුවුනේ (අ)

:       0       0

ආරියසේන Thursday, 17 October 2013 09:55 PM

මොකක් හරි මේකේ පටලැවිල්ලක් තියෙනවා.

:       0       0

සතන් Thursday, 17 October 2013 09:56 PM

පොලිස් පරීක්ෂකට සමාගම් ලොක්කගේ බිරිඳව යාලු කර ගත්තනම් වැඩේ ශේප් නේ.

:       0       0

ආරියසේන Thursday, 17 October 2013 10:27 PM

ඕක බිරිඳට වසන් කරපු එක තමන්ගේ ආරක්ෂාවට හොඳයි.නැත්නම් ඉතින් වෙනදේ දන්නවා නේ . (දී)

:       0       0

සුගත් Thursday, 17 October 2013 10:28 PM

මගේ නෝනා නම් ඕව ගණන් ගන්නේ නැහැ .අපිටත් කියල වෙනසක් ඕනේ. (දී)

:       0       0

පෙත්තා Thursday, 17 October 2013 10:28 PM

මේවා රත්තරන් වලින් හදල පුරවපුව වෙන්නැති (දී)

:       0       0

වන් ෂොට් Thursday, 17 October 2013 11:01 PM

මිනිපේ ගේ කතාව හරි. එක එක්කෙනාට කෝටි ගණන් දෙන එකේ, තමන්ගේ බිරිඳට ලක්ෂ 10ක් 20 ක් දීලා මේක බේරාගන්න තිබුණා.අනික පුදුම පොලිසියක් දැන් ලංකාවේ තිබෙන්නේ. කප්පම් ගන්නේ පොලිසියෙන්. මේ අවනඩු කාට කියමුද? (නි)

:       0       0

සාගර Thursday, 17 October 2013 11:02 PM

දුප්පත් අපිට සහනයක් තිබෙන තැනුත් පොලිසිය අල්ලනවා. (නි)

:       0       0

කුමුදු ඉතාලිය Thursday, 17 October 2013 11:04 PM

කසාද බිරියට සල්ලි දීලා ශේප් වෙන්න පහසු නැහැ (නි)

:       0       0

මංගල කොලොන්නාව Thursday, 17 October 2013 11:06 PM

සුගත්, ඔයාගේ නෝනා ඕවා ගණන් ගන්නේ නැද්ද? (නි)

:       0       0

ලංකාසිරි Friday, 18 October 2013 02:50 PM

අනේ මන්දා සුගත් කොහොම කෙනෙක්ද කියලා. (නි)

:       0       0

එදිරිසිංහ ඉන්දික Thursday, 17 October 2013 11:40 PM

උණු වතුර නම් රත් වී ඇත. (නි)

:       0       0

සෙනරත් Thursday, 17 October 2013 11:40 PM

ලක්ෂ තිස් පහකුත් දීලා දැන් ඉතින් නඩුව නිසා කොහොමත් නෝනටත් ආරංචි වුණානේ. ඔය අනියම් බිරිඳ මෙවැනි ක්‍රියාවලින් තවත් මිනිස්සුන්ගෙන් කප්පම් ලබන්නට පුරුදු වුණ කෙනෙක් විය හැකියි. පිරිමි කාට කාටත් හොඳ පාඩම් මේවා. (නි)

:       0       0

පෙත්තා Friday, 18 October 2013 10:51 PM

උණු වතුර මිරිස් දාලා හෙට අනිද්දට කියාවි තුන පහත් මිරිකලා දාලා, ලුණු දාලා බතුත් එක්ක කන්න කියලා.දෙයියෝ සාක්කි! (නි)

:       0       0

පෙත්තා Thursday, 17 October 2013 11:44 PM

"කොළඹ සමාගමක ප්‍රධානියකු?" කව්ද බොලේ මේ? මොකක්ද මේ සමාගම?දාන්නකෝ නම ගම අපටත් දැනගන්න. (නි)

:       0       0

සෙනරත් Friday, 18 October 2013 12:39 AM

පෙත්තාට ඒ අනියම් බිරිය ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙලා වගේ. (නි)

:       0       0

චන්දි Friday, 18 October 2013 01:07 AM

ඉල්ලගෙනනේ පරිප්පු කාලා තියෙන්නේ. කලින් 35 ගෙවූ නිසා තව 75ක් ඉල්ලුවේ. මුල් ගණන නොදී හිටියා නම් ඉවරයි.මිනිපේ කියන්න වගේ නෝනට ලක්ෂ 15/20ක් දුන්නා නම් වැඩේ ෂේප්.හැබැයි උණු වතුරෙන් පරිස්සම් වෙන්න වෙනවා (නි)

:       0       0

දෙවි Friday, 18 October 2013 04:54 PM

කව්ද දන්නේ ඕක හොයල බලල ඇත්තද කියල හොයාගත්තට පස්සේ උනුවතුරට මිරිස් හමු කරලාම වැඩේ දෙයිද කියල .මේවා තියෙන අය මීට පස්සේ පරෙස්සමෙන් ..(අ)

:       0       0

දයාරත්න Friday, 18 October 2013 02:50 AM

රටේ සාමාන්‍ය ජනතාවගේ වැරදිවලට දඬුවම් කිරීමට පෙර දැඩි නීති රීති පනවා පළමුව පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දඬුවම් කළයුතු වේ.මෙයට ප්‍රධානම හේතුව පොලිසිවල නිලධාරීන් පගාව ගැනීම රාජකාරියේ අංගයක් කරගෙන තිබීමයි.විශේෂයෙන් මාර්ග නීති උල්ලංඝනය කිරීම නිසා රජයට ලැබිය යුතු විශාල ආදායමක් පගාව ගැනීම මත රජයට අහිමි වේ.වගකිවයුත්තන්ට මේවා නොපෙනීමත් පුදුමයට කාරණාවකි (නි)

:       0       0

බමුණු Friday, 18 October 2013 03:14 AM

"මගේ නෝනා නම් ඕව ගණන් ගන්නේ නැහැ .අපිටත් කියලා වෙනසක් ඕනෑ" ඒ කියන්නේ නෝනාට නම් වෙනසක් තිබෙනවා ඇති නේද? අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

ආසා Friday, 18 October 2013 05:32 PM

සමාගම් ලොක්කට එයාගේ නෝනගේ ආදරේ ටවත් වෙඩි වෙලාලු එයට මෙචර බයද කියල ..... ලොක්ක දිනුම් ...........ජයවේවා (අ)

:       0       0

ජගත් Friday, 18 October 2013 05:36 PM

සුගත් ගේ කටේ මසුරන් දාන්න ඕනේ. (අ)

:       0       0

මාටින් Friday, 18 October 2013 05:16 AM

පෙත්තෝ, රත්තරන් නොවුනට ඔය නිසා මිනිස්සු කී ලක්ෂයක් අමාරුවේ වැටිලා තිබෙනවද? සමහරු රජකමත් අත්හැරියා කියනවනේ.ඉතින් ලක්ෂ 35 නම් මොනවද කියලා හිතෙන්න ඇති. (නි)

:       0       0

මාටින් Friday, 18 October 2013 05:20 AM

රූපවතියයි, කුමාරිහාමියි දැන් මේ රස්සාව පටන් ගනියිද දන්නෙ නැහැ මේක දැකලා? (නි)

:       0       0

පෙත්තා Friday, 18 October 2013 05:58 AM

මාටින් අයියයි සෙනරත් අයියයි හරිම යාළුවො දෙන්නා... පෙත්තා අල්ලලා කොටුකර ගත්තද හිතේ කාන්සිය හන්දා... හැමදා ඉල්ලන් කන මගෙ චන්දිට ඔට්ටුයි උත්තර නැතුවා.... හනිකට කියමුකො උණු වතුරේ ගුණ පමා නොවී හිනහව කැන්දා.. (නි)

:       0       0

මාටින් Friday, 18 October 2013 06:09 AM

පෙත්තෝ, සමාගම් ලොක්කගේ නම ගම තොරතුරු වලින් අපිට වැඩක් නැහැ.අර අනියම් නෝනගේ විස්තර ටික දැම්මා නම් හොදටම ඇති, තව එයාට සල්ලි ඕනෑද කියලා බලන්න (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Friday, 18 October 2013 06:49 AM

කුමුදු, මොකද සල්ලි දීලා බේරෙන්න බැරි? තව මොනවද දෙන්න ඕනෑ? යුක්තියට ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. (නි)

:       0       0

සුගත් Friday, 18 October 2013 07:38 AM

මගේ නෝනාට මම සම්පුර්ණ නිදහස දීලා තියෙන්නේ.ඉන්න ටික කාලයට ඕවට තරහ වෙන්නේ මොකටද?අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනෑ. (නි)

:       0       0

සුගත් Friday, 18 October 2013 07:40 AM

මගේ නෝනට වෙනසක් තිබුණහම අනෙක් අයට තිබෙන අමාරුව මොකක්ද?කුහකකම කියන්නේ ඕක තමා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1472 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2002 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2499 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5733 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1793 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6389 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18295 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site