IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


“සමාගම් 40කින් පෞද්ගලික බැංකුවකින් බදු මුදල් ගෙවීම පැහැර හැරලා’’

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

ප්‍රධාන පෙළේ සමාගම් හතළිහක් සහ  පෞද්ගලික බැංකුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගණනක බදු මුදලක් ගෙවීම පැහැර හැර  ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි.

මේ ආයතන  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් බදු  එක සත පහක් හෝ  වසර හතකින් ගෙවා නැතැයි  එම කාරක සභා ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර  දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ආදායම් එකතු කිරීමට ගෙනයන වැඩපිළිවෙළ  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  දැඩි විවේචනයට ලක්ව ඇත.

එහි ඇතැම් නිලධාරින්  බදු ගෙවීම පැහැර හරින්නන්ට  ආධාර අනුබල ලබාදෙන ආකාරයෙන් කටයුතු කිරීම  අනුමත නොකරන බව කමිටු නිලධාරීහු පැවසූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන  එම කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අභියාචනා කමිටු කිහිපයක් ක්‍රියාත්මකවීම නිසා බොහෝ ආයතන  එම කමිටුව හරහා  ගොස් කල්මරමින්  බදු ගෙවීම  දීර්ඝ කාලයක් තිස්සේ  මෙලෙස  ප්‍රමාද කර ගන්නා බවයි.

අභියාචනා කමිටු කිහිපයක් මෙලෙස පැවතීම  බදු ගෙවීම පැහැර හරින්නන්ට  අද  ලොකු අස්වැසිල්ලක් වී ඇතැයි පවසන මහාචාර්යවරයා   මේ තත්වය සැලකිල්ලට ගෙන   එක අභියාචනා කමිටුවක් පමණක්  පවත්වාගෙන  යන්නැයි තමා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇතැයිද  සඳහන් කළේය.

එසේම මෙම බදු මුදල් කඩිනමින් අයකර ගැනීමට වෙනම අධිකරණ පද්ධතියක්  සකස් කරගත යුතු බවටද තමා යෝජනා කර  ඇතැයි  විතාරණ මහතා පැවසුවේය.

රටේ ඇතැම් ප්‍රධාන පෙළේ සමාගම්  ගෙවීම පැහැර හරින  බදු මුදල අයවැය පරතරය පවා පියවා ගැනීමට හැකි  මුදලක් බවත්  එම බදු මුදල එකතු කර ගැනීමට  නිශ්චිත විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත්  මහාචාර්ය තිස්ස විතාරණ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 



අදහස් (8)

“සමාගම් 40කින් පෞද්ගලික බැංකුවකින් බදු මුදල් ගෙවීම පැහැර හැරලා’’

Bandara Wednesday, 03 November 2021 09:56 PM

නම් ලයිස්තුවත් ප්‍රකාශයට පත් කරන්න. ඇයි හංගන්නේ? ප්‍රධාන පෙළේ සමාගම් කිව්වාම එයාල හෙන ලොකු අයද!!! බඩගින්නට උහුල ගන්න බැරුව හොරෙන් අඹ ගෙඩි දෙක තුනක් කඩා ගත්ත පොඩි දැරිවියකගේ මුළු පැටිකිරියම රට පුරා දිග හැරිය නම්, ඇයි මේ වගේ ජාතික අපරාධ කරන ආයතනවල නම් ප්‍රකාශ කරන්න බැරි?

:       0       41

නේනබදුThursday, 04 November 2021 07:46 AM

නම් ගම් ප්‍රසිද්ධ කරන්නේ කොහොමද?

:       0       2

පැරකුම් Wednesday, 03 November 2021 11:09 PM

මෙය ප්‍රසිද්ධ රහසකි. වංචනික ලෙස බදු ගෙවීම් පැහැර හරින්නේ දූෂිත නිලධාරීන්ගේ සහයෝගයෙන් බව පැහැදිලිය. රජයේ අකාර්යක්ෂම බව මනාව පෙනීයයි. නිසි පරිදි බදු අය කලහොත් ණය ආධාර කිසිවක් අවශ්‍ය නොවේ. රටේ ආර්ථිකය කඩාවැටෙන්නේ දූෂිත නිලධාරීන් නිසාය. දේශපාලුවන්ද මීට හවුල්දැයි සිතන්නට සිදුවේ.

:       0       3

de silva Thursday, 04 November 2021 01:30 AM

මේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ නොකරන්නේ ඔය සමාගම් රජයේ ලොකු මිනිස්සුන්ට අයත් ඒවා එහෙම නැතිනම් ඔවුන්ගේ පවුල් වල සහ හිතවතුන්ට අයත් දේවල්.

:       0       3

Nuwan Thursday, 04 November 2021 03:44 AM

මේවා ඉතින් ප්‍රසිද්ධ රහස් නේ. නිලධාරීන්ගේ මගුල් ගෙවල්, නිවාස ණය ගෙවන එක සමාගමට ලාභයි බදු ගෙවනවට වඩා.

:       0       3

Hafeel Thursday, 04 November 2021 07:25 AM

තත්වය මෙසේ තියද්දී, මේ බර පටවන්නේ රටේ සාමාන්‍ය දුප්පත් ජනතාවට.

:       0       5

රශ්මි Thursday, 04 November 2021 08:02 AM

අව්රුදු හතක් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දීර්ඝ නිද්‍රාවකද හිටියෙ. 2014 ඉඳන් 2021 වෙනකන් කියන්නේ ආණ්ඩු තුනක්. ජනාධිපතිවරු තුන් දෙනෙක්. ඒ වෙලත් කිසි ප්‍රතිඵලයක් වෙලා නෑ. කවුරු කොහොම සුදු හුණු ගාන්න හැදුවත් අපේ රටේ රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරය අඩු වැඩි වශයෙන් දූෂිතයි. ඒකයි ආණ්ඩු කොච්චර මාරු උනත් රාජ්‍ය සේවය එන්න එන්න පිරිහෙන්නේ. අවංක සේවය කරන මිනිස්සු ඉන්නේ බොහොම ටිකයි. බහුතරය පින් පඩිකාරයො. අල්ලසට, දූෂණයට යට නොවිච්ච අය පවා බලන්නේ අලසව දවස ගත කරලා, වැඩ අනලා, වැඩ කල් දාල, වැඩ කර ගන්න එන මිනිස්සුව රස්තියාදු කරවලා, හවස 4.15 මාරු වෙන්න.

:       0       6

මසිරිපාල Thursday, 04 November 2021 10:07 AM

සමාගම් කාගෙද මේවාට ආදායම් දෙපාර්තමේන්තුව වගකිවයුතුය. ඒ සමග මේව වංචාවට ලොකු දේශපාලුවො සමසම්බන්ධව සිටීද බලා ඔවුන්ට දඩුවම් දියයුතුය. සමහරක් දේශපාලුවො බදු මුදලින් කොටසක් සාක්කුවට දාගෙන බදු අහෝසි කරවනවාලු. වැටයි නියරයි ගොයම් කා ඇති බව කිවහැකිය.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 167 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1398 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 495 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1489 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 164 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1008 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site