IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

 
(නිමල කොඩිතුවක්කු)

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා  පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව රටේ නීතිය අභිබවා යාමට කටයුතු කොට ඇති බවත් එම කොමිසන් සභාව රජයේ මුදල් අව භාවිතා කරනු ලබන බවත් පවසමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විසින් අද(6)අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

අල්ලස් හා දූෂණ පනතේ 70 වන වගන්ති යටතේ ඉන් වරදක් සිදු කර ඇති බැවින් මෙම කොමිෂන් සභාවට අල්ලස් පනතේ හැත්තෑ වන වගන්ති යටතේ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම මන්ත්‍රීවරුන් සිය පැමිණිල්ල මගින් ඉල්ලීමක් කරනු ලබයි.

සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරුන් දහ දෙනෙකුගේ අත්සන් සහිතව මෙම පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කළ බවද මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත මෙරට යුක්තිය පසදලීමේ ක්‍රියාවලියට හා මෙරට ස්වාධීන අධිකරණ පද්ධතියට එම කොමිෂන් සභාව මගින් අභියෝගයක් වනබවද මන්ත්‍රීවරුන් සිය පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කර ඇත.

දැනටමත් මහධිකරණයේ හා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා මත විභාග වන නඩු වලට අදාළව එම චෝදනාවන්ගේ හරය හා චෝදනා ගොනු කිරීමට අනුගමනය කරන කාර් ය පටිපාටිය අභියෝගයට ලක් කරමින් ව්‍යවස්ථාව මඟින් පිළිගෙන ඇති මෙරට යුක්තිය පසදලීමේ ක්‍රියාපටිපාටිය අභියෝගයට ලක් කරමින් කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය තුළින් සිදු වෙන බව ද මන්ත්‍රීවරුන් සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.

එමෙන්ම මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා ගොනු කිරීමට ව්‍යවස්ථාවෙන්ම වගකීම පවරා ඇති නීතිපතිවරයාට ඔහු දැනටමත් පවරා ඇති අපරාධ චෝදනා වල ඇති නිරවද්‍ය  භාවය පිළිබඳව අභියෝග කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ  සද්භාවය කොමිසම ඉදිරියේ පරීක්ෂණයට ලක් කිරීම පිළිබඳවද මන්ත්‍රීවරුන් සිය පැමිණිල්ලෙන් කරැණු දක්වා ඇත .

නීතිපතිවරයා විසින් නඩු පැවරීමට ගනු ලැබූ තීන්දු තීරණවලට පදනම් වන්නාවූ අපරාධ පරීක්ෂණයක් හරහා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ ඒකක මගින් සොයාගන්නා ලද කරුණු පිළිබඳව එම කරුණු සොයා ගන්නා ලද කාර්ය පටිපාටිය හා එම කරුණු ගොඩනගන්නා වූ සාක්ෂිවල හරයාත්මක භාවය පිළිබඳව අධිකරණයට සමාන්තර ක්‍රියාවලියක් මඟින් එම කරුණු විශ්වාසනීයත්වය අභියෝගයට ලක් කිරීම ගැටලුවක්  බවද පැමිණිල්ලේ සඳහන් වේ

 



අදහස් (3)

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Raveendra Friday, 06 November 2020 11:51 AM

රජයේ මුදල් යනු මහජනතාවගේ මුදල් බව මෙම ගොන්රැලට අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. මහජන මුදල් අවභාවිතා කරන්නේ බලයේ "ඉන්න එකාද, බලය නැතිව මහජන මුදල් අවභාවිතා කිරීමට නොහැකිව වේලි වේලි ඉන්න එකාද" අපට නම් අදාළ නැත. එවන්නන්ට උපරිම දඬුවම් ලැබේවා..!!!

:       1       0

දහනායක Friday, 06 November 2020 01:03 PM

මන්ත්‍රීලා පක්ෂ මාරුකිරීමේදීත් අල්ලස් ගන්නවා ඇතැයි සිතේ. ඒවාට පැමිණිලි කරන්න බැරිද? එලෙස පක්ෂ මාරුකර මඩිය තරකර ගන්නා මන්ත්‍රීලා ඡන්ද දායකයින්ගේ අයිතිවාසිකම්ද පැහැර ගන්නවා කියලා හිතෙනවා.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 07 November 2020 07:21 AM

ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණ පද්ධතියට පරිබාහිරව විශ්‍රාමලත් විනිසුරුවන් යොදාගෙන දේශපාලකයන් තමන්ගේ වාසියට කෙරෙන කටයුතු තිබේ නම්, එරටෙහි නීති පද්ධතියට එය ඉතාමත් හානිකර හා අවැඩදායක දෙයක් බව යම් කෙනෙකුගේ තම හෘදය සාක්ෂියට හා සිතීමේ නිදහසට අනුව හදවතට හැඟී යන්නට පුළුවන්. රටේ පිළිගත් අධිකරණ සම්ප්‍රදායට පටහැනිව විශ්‍රාමලත් විනිසුරෙකු හට රටේ පිළිගත් අධිකරණ සම්ප්‍රදායට ඉහළින් කටයුතු කිරීමට නොහැකි බව තමයි බොහෝවිට සිතීමට හැකිවන්නේ. රටේ බලලත් අධිකරණයට හා බලලත් විනිසුරුවරුන් හට ඉහළින් කටයුතු කිරීමට මොන ජගතාට හෝ නොහැකි විය යුතුයි නේද? එසේ කරන කවුරුන් හෝ රටේ පොදු නීතිය යටතේ දඬුවම් ලැබීමට සුදුසුකම් සපුරනවා නොවේද..?

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 99 0

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 300 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 198 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 646 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 1261 2

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2891 4

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site