IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


සමගි ජනබලවේගයේ සභාපති තනතුර සරත් ෆොන්සේකාට

(නිමල කොඩිතුවක්කු)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (25)  පත්කරනු ලැබීය.

මෙයට අමතරව සමගි ජන බලවේගය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනෙකු නම් කරනු ලැබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකිර් මාකර්, කුමාර වෙල්ගම සහ රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන් මේ සඳහා පත්කරනු ලැබීය.

ඉහත පත් කිරීම් කරනු ලැබුවේ ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂයේ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩලය  රැස් වූ අවස්ථාවේදීය.

අද පෙරවරු 10.00 ට පමණ රැස්වූ  කෘත්‍යාධිකාරී මණ්ඩලය පස්වරු 2.00 පමණ වන තෙක් පැවති අතර එහිදී පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය පත්කර ගැනීමට අමතරව පක්ෂය ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

 ඒ අනුව පක්ෂයේ මහලේකම් ලෙස තවදුරටත් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාත් ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක මහතාත් මෙහෙයුම් ප්‍රධානී ලෙස හරීන් ප්‍රනාන්දු මහතාත්  කටයුතු කරනු ඇත.

පක්ෂ භාණ්ඩාගාරික ලෙස හර්ෂ ද සිල්වා මහතාත් සංවර්ධන හා පරීක්ෂණ ලේකම් ලෙස ඉරාන් වික්‍රමරත්න මහතාත් පත් කරනු ලැබීය.

පක්ෂය උප සභාපතිවරුන් ලෙස තලතා අතුකෝරල,  ගයන්ත කරුණාතිලක,  හරින් ප්‍රනාන්දු , දිලිප් වෙදාරච්චි සහ සුජීව සේනසිංහ යන මහත්වරුන් පත්කරගනු ලැබීය.

සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පත් කරනු ලැබීය.

 



අදහස් (10)

සමගි ජනබලවේගයේ සභාපති තනතුර සරත් ෆොන්සේකාට

siri Monday, 25 January 2021 10:29 AM

වැඩක් වෙන්නේ නැහැ. සාදු කියලා විශ්වාස කරන මෝඩ මිනිස්සු ඉන්න රටක් බෙදිලා, වැඩකරලා බේරගන්න අමාරුයි. අද "ආයෝජන" බණ කතා කීවට " අපි ආවොත් විකුණපු ඒවා සේරම ජනතාව සතු කරනවා" කියලනේ එදා කිව්වේ. කෝ අර 69 ලක්ෂයෙන් කීදෙනෙක් එදා ඒ කියපු සුරංගනා කතා ගැන දැන් ප්‍රශ්න කරනවද?

:       3       1

Nuwan Monday, 25 January 2021 12:04 PM

පුතාණෝට මොලේ පොඩ්ඩක් තියෙනවා..!!! 

:       4       2

nanasda Monday, 25 January 2021 12:17 PM

සුජීව සේනසිංහ සිටින්නේ කුමක් සඳහාද?

:       0       5

බද්රානි Monday, 25 January 2021 02:33 PM

ඉතාමත්ම හොඳ තීරණයක්. සරත් ෆොන්සේකා මහතා මේ මුළු රටටම නායකත්වයක් දීමට සුදුසු පුද්ගලයෙක්. මේ කල්ලියෙන් අපේ රට මුදා ගැනීමට අවශ්‍ය නම් මෙතුමා වැනි කෙනෙක් මේ රටට නායකත්වය දිය යුතුයි. තක්කඩි මුස්ලිම් මන්ත්‍රිවරු පැත්තකට දමා උගත්, බුද්ධිමත් ද්‍රවිඩ මන්ත්‍රීවරු සමග හා සියලුම විපක්ෂ බලවේග මෙන්ම නාගානන්ද කොඩිතුවක්කු මහතාවද මේ අය එකතු කරගෙන මේ රට ගොඩ නොගත්තොත්, ආයේ ලංකාව කියා ශිෂ්ඨ සම්පන්න රටක් මෙලොව ඉතිරි නොවේවි. මේ යන විදිහට නම්, තව වසර කිහිපයකින් තවත් හයිටි රාජ්‍යයක් හෝ සිම්බාබ්වේ රටේ ආකෘතිය මේ භුමිය තුළ ඇතිවීම වළක්වා ගන්න සක්කරයාටවත් නොහැකි වේවි...!!!

:       9       5

BamunuarachchiWednesday, 27 January 2021 02:50 AM

මුස්ලිම් හාදයෝ ටික පැත්තකට දැම්මාම සමගි බලවේගයක් නැහැනේ... ෆොන්සේකාට නායකත්වය දුන්නාම සජිත් නැහැ.. එ්ක හොඳයි. එතකොට රාජිත, රණවක වැනි මෙකී නොකී හාදයෝත් ඉවත් කරනවද? එ් ටිකත් පැහැදිලි වුණොත් හොඳයි..

:       0       0

vikum Monday, 25 January 2021 04:57 PM

මම නම් කියන්නේ සජියට දෙකක් දීලා මේ වෙලාවේ සරත් ෆොන්සේකා එළියට එන්න ඕනෑ වෙලාවක්..

:       4       7

chandima Tuesday, 26 January 2021 12:42 AM

කට්ටිය අාපහු එකට එකතු වෙන්නේ කවද්ද? ඔය මොනවා කළත් එදාට කරඬුව ගෙනියන්නේ නම් එයාම තමයි.

:       5       4

sujith gunasekara Tuesday, 26 January 2021 01:20 AM

යුද්ධ කිරීමයි, දේශපාලනයයි විෂයයන් 2කි. පේනවනේ දැන් හමුදාවේ එක්කෙනෙක් රටේ පාලනය අරගෙන කරන වැඩේ. මෙයාලට ගත්තත් වෙනසක් නැහැ. රටේ මිනිස්සු ඒක හොඳින් අවබෝධ කරගෙන ඇති කියලා හිතනවා.

:       7       11

Bamunuarachchi Wednesday, 27 January 2021 03:05 AM

ෆොන්සේකා ඒ කාලේ සජිත් විරෝධී බව අපි දැක්කා. එයට හේතු තිබෙන බවත් අපි දැක්කා. දැන් ඒ ප්‍රතිපත්ති වෙනස් වුනේ කොහොමද? බලය ලැබුණොත් ඔය පෙන්වන අවංක භාවය කැලේ යයිද?

:       0       1

kamal Wednesday, 27 January 2021 05:56 AM

ඉතාම ඉක්මණට සමගි ජනබලවේගයට ‘‘අ‘‘ යන්න ඉස්සරහට එකතු කර ගන්න වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 313 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 182 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 291 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 537 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 430 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 943 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 418 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 565 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site