IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සැමගේ නියෝජනයෙන් ස්ථිර කැබිනට්ටුවක්

(අජන්ත කුමාර අගලකඩ)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම,රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දුන්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය,රිෂාද් බදියුදින් මහතාගේ පක්ෂය ඇතුළු පක්ෂවල හා කණ්ඩායම්වල පිරිසක් ද මෙම නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වනු ඇතැයි දැන ගන්නට තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සදහා එම පක්ෂවලට හා කණ්ඩායම් වලට ද ඉදිරියේ දී ආරාධනා කරනු ඇතැයි දැනගන්නට ඇත.

නව කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් විස්සත් තිහත් අතර පිරිසකගෙන් සමන් වනු ඇති අතර,එවැනිම පිරිසක් රාජ්‍ය ඇමතිවරුන් ලෙසද පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දිනේෂ් ගුණවර්ධන මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමඟ,හිටපු කැබිනට් මණ්ඩලයම අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ සිකුරාදා (22)දිවුරුම් දුන් අතර,ස්ථිර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී,එම ඇමතිවරුන්ගේ විෂය පථයන් ද වෙනස් වනු ඇති බව පැවසේ.

 



අදහස් (37)

සැමගේ නියෝජනයෙන් ස්ථිර කැබිනට්ටුවක්

Deepal Nirosh Saturday, 23 July 2022 09:24 AM

තමුනට සහාය දුන් 134ක්ම පාර්ලිමේන්තුවෙ ඉඳිද් දි මොකටද සර්ව පාක්ෂික ආණ්ඩුවක්? බොරුවට ඇමතිකම් පැටව් ගහන්න ද? මොන ආණ්ඩු පිහිටවුවත් පාර්ලිමේන්තුවට විපක්ෂයක් නම් අත්‍යාවශ්‍යයි.

:       0       0

Radika Saturday, 23 July 2022 09:26 AM

එතකොට නාමල්ටත් ලැබෙයි නේද?

:       0       0

සිල්වා Saturday, 23 July 2022 09:32 AM

කුට්ටම කොපමණ ඇනුවත් පලක් නෑ. පවතින පාර්ලිමේන්තුව දැනට ඇති ජනමතයට අනුව පිහිටා නැත. මැතිවරණයක් පමණයි විසදුමකට මග.

:       0       0

දාස Saturday, 23 July 2022 09:35 AM

40 විතර එකක් හදල ගජ මිතුරෝ ටිකටත් තැන දීලා තමයි ඔය මිනිහ පස්ස බලන්නේ... හැබැයි රජෝ ඔහේට වැඩි කාලයක් නටන්න ලැබෙන්නේ නෑ...

:       0       0

Surendra Fernando Saturday, 23 July 2022 12:16 PM

දැන් පචවෙලා ඉවරයි. පොත් 2500ක් කියෙව්වට හොරා හොරාම තමයි.

:       0       0

Prabha Saturday, 23 July 2022 12:19 PM

දැන් පටන් ගනියි ඇමැතිකම් ගන්න බලු පොරේ...

:       0       0

Bamunuarachchi Saturday, 23 July 2022 12:45 PM

ජෙප්පන්ට කියන්න ඇමතිකමක් බාර අරගෙන වැඩ කිඩ පෙන්නන්න කියලා. රටට ඩොලර් අද්දලා පෙන්වන්න කියලා...

:       58       157

Kalana GSaturday, 23 July 2022 11:48 PM

රට ගොඩගැනීම කෙසේවෙතත් තමන් ගොඩගත් ඇත්තන්ට අතපය දිගුකොට බෙදා දෙන කාලයකි මේ උදා වන්නේ... තෙල් පෝලිමේ ඉන්න ඔබ නොකෙරන වෙදකමට පෙට්‍රල් කාලකුත් තවත් පොඩ්ඩක් රැගෙන ඊළඟ අමාරුම නොවෙනස් නොගෙවෙන සති දෙක බැගින් ගෙවා දමන්නට සැරසෙනු මැනවි...!

:       3       3

අයි ගුණසිංහ Sunday, 24 July 2022 05:48 AM

බමුණු කාලෙකින් හරි දෙයක් කිව්වා. ඒකටත් ඩිස්ලයික් දාලා තියෙන්නේ ජෙප්පොමද නැත්නම් කුරුට්ටෝද?

:       5       5

Nandasena grSunday, 24 July 2022 06:32 AM

ඔය හොරුත් එක්ක මොන ආණ්ඩුද බොල...? ඔබ නම් බමුණෙක්ම තමයි.

:       9       14

AkilaSunday, 24 July 2022 09:30 AM

එතකොට දැන් ජෙප්පොද රට ගොඩ දාන්න ඕනේ? මහබැංකු හොරුයි, සීනි බදු හොරුයි එකතුවෙලා රට බංකොලොත් කරාට පස්සේ අනිත් අයද රට ගොඩ දාන්න ඕනේ?

:       5       21

PereraSunday, 24 July 2022 03:01 PM

තිස්සමහාරාම ප්‍රාෙද්ශීය සභාව ජවිපය කරපු කාලේ ඔය තිස්සමහාරාම පැත්තේ ගිහින් නැහැ වගේ..

:       0       7

janahithaSunday, 24 July 2022 03:59 PM

ඔබගේ බැසිල් මහතා එය දැනටමත් කරලා හමාර නොවැ...

:       1       4

Dadoriya Saturday, 23 July 2022 02:13 PM

ජවිපය 3ම ගත යුතුයි.

:       63       30

sisilSaturday, 23 July 2022 07:04 PM

සර්ව පාක්ෂික ආණ්ඩුවක්, "සියලු ජාතීන් නියෝජනය" වන පරිදි පිහිටුවමින් පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි ස්ථිර කැබිනට් මණ්ඩලයක් අවශ්‍ය වේ..

:       6       22

WinnerSaturday, 23 July 2022 07:06 PM

ඔය අරගල කරුවන්ට පුදුම සහයෝගයක් දීලා මල්මාලා දාලා පිළිගත් අනුර, සජිත් වගේ අයටත් තැටියේ තියලා පිලිගන්වන්න ..!

:       23       40

samanaSaturday, 23 July 2022 10:10 PM

සහතික ඇත්ත... අනුරට දෙන්න මහාවැලියයි, කෘෂිකර්මයයි. නැතිනම් කංචනගේ බලශක්ති අමාත්‍යාංශය දෙන්න. රනිල් ප්‍රසිද්ධියේ අනුරගෙන් ඉල්ලීමක් කරන්න... පැනලා යන්න බැහැනේ... පෙරටුගාමී වුණත් ලිස්ට් එකෙන් හරි මන්ත්‍රීකමක් දීලා...

:       1       1

pakeer Saturday, 23 July 2022 02:42 PM

කැබිනට් නෙවෙයි.. ෂෝකේස් එකක් හැදුවත් මේ රට ආයෙත් ගොඩගන්නවා බොරු. දැන් මේක ඉවරයි. මේකේ ඉන්න ජනතාව හැමදාම කළේ තමන්ගේ කෙනාව ඔලුව උඩතියන් නටපු එක.. ඒ අයට ඕනෑ වුණේ එච්චරයි.

:       42       57

Hafeel Saturday, 23 July 2022 04:32 PM

එහෙම නම් මේ පත්වන ආණ්ඩුව සියලු වර්ගයේ හොරුන්ගෙන් ඇතුළත් වූ ආණ්ඩුවක්. දකින්නත් අපුරුයි. සුනාමි හොරුන්, මහ බැංකු හොරුන් ඇතුළු අංග සම්පූර්ණ හොරු රංචුවක්...

:       6       81

සලීම්Sunday, 24 July 2022 08:08 AM

දැන් මේ අලුත් ආණ්ඩුවක් කියලා පත් කරන්නේ පරණ පොහොට්ටු හොරු ටිකමයි.. අනික විහිලුම වැඩේ මේ සෙට් එක පාරක් දිවුරුම් දෙනවා කට්ටියක් ස්වාධීන වෙනවා.. ආණ්ඩුව ගෙදර යනවා.. ආයේ එනවා.. නැවතත් ඒ සෙට් එකම දිවුරුම් දෙනවා. සමස්ත රටේ ජනතාවම කන්න නැතුව හාමතේ කිරිපිටි, ගෑස්, තෙල්, අනෙක් දේවල් නැතුව ගව් ගණන් පෝලිම්වල හාමතේ දුක් විඳිනවා. මැරෙනවා. මොනතරම් අපරාධයක්ද?

:       3       9

sb Saturday, 23 July 2022 05:33 PM

කැබිනට් ඇමැතිලා 30, රාජ්‍ය ඇමැතිලා 30යි - කෙලවුණු රටකට මෙහෙම නඩත්තු, ඒ මදිවාට ඔයතරම් ඉස්සර ඉඳලත් මේ රට මෙච්චර වලපල්ලට ගෙනිච්චා නම් (ඒ ගෙනිච්ච සෙට් එකමනේ ඔය ආයෙත් එන්නේ), ආයේ ගොඩ එනවා බොරු.. ඉක්මණින්ම මේ රටිං යන එක තමා හොඳම...

:       7       58

Prabha Saturday, 23 July 2022 05:38 PM

දැන් ඉතින් බලු පොරය පටන් ගනියි ඇමැතිකම් බෙදාගන්න...!

:       3       63

ලුම්බිණි Saturday, 23 July 2022 05:50 PM

ඔක්කොම හොරු ආයෙත් එකතු වෙනවා.

:       5       52

එරා Saturday, 23 July 2022 06:00 PM

බිලිබා ගත් මන්ත්‍රීවරු ඇතුළත් කැබිනට්ටුවක් මිස පක්ෂ එකඟතාවයකින් සෑදූ කැබිනට්ටුවක් නොවේ.

:       12       48

ranjith Saturday, 23 July 2022 06:33 PM

දැන්වත් රට ගැන හිතලා තක්කඩි දේශපාලනය පිටුදකින්න. සියලුම පක්ෂ නායකයින්ගේ එකඟතාවයෙන් අන්තර්වාර ආණ්ඩුවක්, කැබිනට් එකක් පත්කරන්න පක්ෂවලින් බිලිබාගෙන නැවත අටවන කැබිනට්ටුවලින් දේශපාලනය තවත් අලුවෙයි...

:       3       35

L A D Dumidu Inoka Saturday, 23 July 2022 07:45 PM

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට ඒ ගැන දැනුමක් ඇති ඇමැති කෙනෙක් පත්කළ යුතුය. රමේෂ් පතිරණ ඉවත් කළයුතුයි...

:       0       0

ashok Saturday, 23 July 2022 08:25 PM

මේ රටේ දේශපාලනය යහමගට ගන්න නම් වංචාව, දූෂණය පිටුදකින කාර්යක්ෂම ක්‍රියාදාමයක් ඇති කරන්න. එවිට මේ දේශපාලනය කරන අය අතර සංයමයක් ඇති වෙනවා. මහජන නියෝජිතයින් පමණක් නොව නිලධාරීන්ටද වංචාව, දූෂණයට ඉඩතැබිය යුතුය. උසාවියෙන් වරදකරුවන් වී ඇති අයටත් පාර්ලිමේන්තුවේ තානාන්තර දෙනවා නම් මේවාගැන කතාකරලා වැඩකුත් නෑ. පාර්ලිමේන්තුවේ උත්තරීතරබව වැනසෙන්නේ ඒ වැඩ නිසා...

:       0       0

Saman Saturday, 23 July 2022 09:25 PM

සර්වපාක්ෂික ආණ්ඩුවක් කෙසේ වෙතත් සර්වපාක්ෂික විපක්ෂයක් නම් දැනටමත් හදලා තියෙනවා. හැමෝම බලයට පොරකනවා විතරයි.

:       0       0

Saman Saturday, 23 July 2022 09:33 PM

දැන් කාදිනල්තුමාට ගොඩක් සතුටු හිතෙයි. ඇයි රිෂාඩ් උන්නැහේත් ඉන්නවනේ...

:       0       0

Rata Perata Saturday, 23 July 2022 09:39 PM

ජනවරමක් නැති ජනපති කෙනෙක් එක්ක මොන ආණ්ඩුද? ඉක්මණින්ම මහමැතිවරණයක් තියලා හොරු අයින් කරන්න ඕනෑ...

:       0       0

kumara hemantha Saturday, 23 July 2022 10:42 PM

රනිල්, ඔයා ලෑස්ති වෙලා ඉන්න 09 වෙනිදාට කළින් ගෙදර යන්න...

:       40       8

Demuni Uduwara Sunday, 24 July 2022 06:13 AM

18ට වඩා වැඩිකරන්න එපා.

:       0       4

nandana Sunday, 24 July 2022 06:15 AM

ඇමැතිකම්වලට සුදුසුකම් බලන්නේ කොහොමද බලමු. කප්පම් සිද්ධියට උසාවියෙන් වරදකරුවකු වුණාම ඇමැතිකමට සුදුසුද බලමු...?

:       0       8

මේනකා Sunday, 24 July 2022 09:05 AM

අනේ රාජිතත් හිතේ අමාරුවෙන් ඉන්නේ, එයාව සෞඛ්‍ය ඇමැති කරන්න..

:       2       7

fairoos Sunday, 24 July 2022 01:01 PM

අඩුවට තියෙන්නේ ජොන්ස්ටන්, රෝහිත සහ මහින්දානන්ද විතරයි. ඒ 3ත් ආවොත් නියමයි.

:       0       7

amila Sunday, 24 July 2022 03:20 PM

අපරාදෙ මේ නාස්තිකරන කාලේ. හැමෝම එකඟ වෙලා ආණ්ඩුව විසුරුවලා සල්ලි ටිකක් අච්චුගහලා හරි ඡන්දයක් තිබ්බා නම් මේ වෙලාවේ වටිනවා.

:       1       4

විපරමා Sunday, 24 July 2022 04:33 PM

රනිල්ට ඡන්දෙ දීපු පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන්ට ඇමැතිකම් ෂුවර් එකටම දෙයි. මේ විදියට ඇමැතිවරු පත්කර, කර ගැසට් ගගහා කාලේ කකා ඉන්න රටක් ලෝකෙම නැතුව ඇති...

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1804 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 371 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 785 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4743 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 615 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3591 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 295 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1723 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site