(නිමල කොඩිතුවක්කු)
තීරණාත්මක මොහොතක පක්ෂය පාවා දී කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් නැවත පක්ෂයට එක් කර නොගැනීමට සහ නැවත නාමයෝජනා ලබා නොදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් සමගි වනිතා බලවේගය පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
රටේ පවතින ආර්ථික දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රාශියක් පක්ෂය විසින් ගෙන තිබියදී ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් අමාත්‍ය ධුර භාර ගෙන ආණ්ඩුවට එක් වීම තුළින් පැහැදිලි වන්නේ පක්ෂය අමු අමුවේ පාවා දී ඇති බවත් එම ලිපිය මගින් පෙන්වා දෙයි.
පක්ෂය හා නායකත්වය පිළිබඳව අසත්‍ය කරුණු ගණනාවක් සමාජගත කරමින් පක්ෂයේ ප්‍රතිරූපයට හා නායකයාගේ ප්‍රතිරූපයට හානි කිරීමට ඔවුන් උත්සාහ කරන බවත් සමගි වනිතා බලවේගය පක්ෂ මහලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ දැක්වේ.
එමෙන්ම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වැනි රටට උදාර සේවාවක් කළ රට පිළිගත් නායකයින් අවමානයට ලක් කිරීමෙන් ඔවුන් වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයක අතකොලු බවට පත්ව ඇති බවත් දේශපාලන ප්‍රතිපත්ති හිරිකිතයකින් තොරව මුදලට පාවා දී ඇති බවත් එම ලිපිය මගින් කරුණු දක්වා ඇත.
ඔවුන්ගේ හැසිරීම සමාජ මාධ්‍ය ජාලා ඇතුළු සමස්ත ජන ප්‍රජාවේම අප්‍රසාදයට හා පිළිකුලට හේතු වී ඇති බැවින් නැවත පක්ෂය සමග ගනුදෙනු කිරීමට මෙම පුද්ගලයන් දෙදෙනාට අවස්ථාව ලබානොදෙන ලෙස සමගි වනිතා බලවේගය යෝජනා සම්මතයකින් පසු මෙම ලිපිය යොමු කර ඇති බවත් එහි සඳහන් වෙයි.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමගි වනිතා බලවේගයෙන් සජබ මහලේකම්ට ලිපියක්
pj Tuesday, 31 May 2022 03:31 PM
තීරණාත්මක මොහොතක රටේ ආර්ථිකය ගොඩ ගැනීමට පසුගාමිව කටයුතු කළ ඉතිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ටික ඔබේ වනිතා සංගමයට වහාම බඳවා ගන්න.