IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘සමාජය සුවපත් කළහැකි හොඳම බෙහෙත ආදරයයි’

2015 නව වසරේ සඳැල්ල මුල්ම කවරයේ ඡායාරූපය සඳහා පෙනී සිටින ඇය ”මලක් වැනි සඳකි” මේ සුරූපිනියගේ නාමයෙහි තේරුම අරුත් ගැන් වෙන්නේ එලෙසිනි. එනම් ”පුෂ්පිකා සඳමාලි” යන්නෙහි තේරුම වන්නේ එයයි. මලක් වැනි ලස්සන, සඳක එළිය විහිදුවන මේ පුෂ්පිකා සඳමාලි කවුද?
2010 දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා රූ-රැජින වූ පුෂ්පිකා 2011 ශ්‍රී ලංකා රූ-රැුජින වී ලෝක රූ-රැජින තරගය නියෝජනය කළාය. ඒ 2011 ලන්ඩනයේදී පැවැති ලෝක රූ-රැුජින තරගාවලියේදීය. ඒහිදී බියුටි විත් ද පර්පස් අංශයේ අවසන් 30 දෙනාට ඇතුළත්ව 24 වැනි ස්ථානය ලබා ගත්තාය. ඒ 138ක් පමණ වූ ලෝක රූ-රැජිනියන් අතරිනි. ඉන්පසුව 2011 දී චීනයේ පැවැත්වූ ලෝක සංචාරක රූ-රැජිණ තරගයට ද ඇය ඉදිරිපත් වූවාය. එහිදී හොඳම ජාතික ඇඳුම සඳහා වූ අංශයෙන් ජයග‍්‍රහණය ලැබූ ඇය, අවසන් 20 දෙනා අතරට ඇතුළත්ව එහි 13 වැනි ස්ථානය ලබා ගත්තාය. එතැනින්ද නොනැවතුණ ඇය ඉන්පසුව ඊජිප්තුවේ පැවැත්වූ ලෝකයේ හොඳම නිරූපිකාව තරගය වෙනුවෙන්ද ශ්‍රී ලංකාව නියෝජනය කළාය. ඒ සුරූපී පුෂ්පිකා සඳමාලි අද මොනවද කරන්නෙ? හෙට මොනවගේ දෙයක් කිරීමටද සූදානම් වන්නේ? සුන්දර පුෂ්පිකා එක්ක අපි ටිකක් කතා කරමු.

 

g

 


button පුෂ්පිකා ඔබ ගැන කෙටි සඳහනක් කළොත්?


මගේ සම්පූර්ණ නම මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා. ගම පොළොන්නරුව. දැන් පදිංචිය කොළඹ. පවුලේ අම්මා, තාත්තා, අය්යා සහ අක්කලා දෙන්නයි. තාත්තා ව්‍යාපාර කටයුතුවල යෙදෙනවා. පවුලේ අනෙක් අයත් ඒ ව්‍යාපාරයට සම්බන්ධයි. මාත් ඒ ව්‍යාපාර කටයුතුවලට දායකත්වය ලබාදෙන අතරේ රූපවාහිනී නිවේදිකාවක ලෙසත් (හිරු - මංගලම්) කටයුතු කරනවා. ඊට අමතරව තෝරාගත් වෙළෙඳ නාම සඳහා නිරූපණ අංශයෙත් යෙදෙනවා.

  


button ලංකාවේ වැඩිම මුදලක් අය කරන නිරූපන ශිල්පිණිය වන්නෙත් ඔබද?


ඒක නම් මම දන්නේ නැහැ. ඒත් ඒක ඇත්ත වෙන්නත් පුළුවන්.

 


button ඇයි ඔච්චර ලස්සන වෙලත් රඟපාන්නේ නැත්තේ?


හැමදාම වගේ ඒ වෙනුවෙන් නම් ආරාධනා ලැබෙනවා. ඒත් මම හිතන්නේ රඟපෑම කියන දේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒ වෙනුවෙන් ගොඩාක් කැපවෙන්න  ඕනෑ. හරියට කරන්නත්  ඕනෑ, තවම ඒ ගැන හිතලා නැහැ.

dfh


button පුෂ්පිකාගේ ජීවිතයේ අරමුණ වුණේ මොකක්ද?


පොඩිකාලයේ ඉඳලාම කවදාහරි රූ-රැජිණ වීමේ සිහිනයක් තිබුණේ. එය යථාර්ථයක් වුණා. ඊට දායකවීම නිසා ජීවිතයේ මම ලැබූ අත්දැකීම් බොහෝමයි. දැන් මගේ අරමුණ සමාජයට ඒ අත්දැකීම් බෙදා හදා දීමට කටයුතු සැළැස්වීමයි.

 


button ඒ මොන විදියටද?


විශේෂයෙන්ම තාරුණ්‍යයේ හෙට ගමන සාර්ථක කර ගැනීම සඳහා ආත්ම විශ්වාසය, පෞර්ෂ වර්ධනය, ධනාත්මක චින්තනය ආදී බොහෝ දේ වැදගත්. ඒ වගේම මනෝවිද්‍යාව ගැනත් දැන සිටීම හරිම වැදගත්. මම ඒ ගැනත් හැදෑරුවා. ඒ සියලූ දේ වෙතින් පෞර්ෂත්ව වර්ධනය සඳහා වූ උපදේශනය ලබාදෙන පාසලක් ඇරඹීම මේ වසරේ මගේ බලාපොරොත්තුවයි. එයින් සමාජයට ලොකු මෙහෙවරක් කළ හැකි බව මගේ විශ්වාසයයි. කෙනෙකුට ජීවිතය ජය ගන්න නම් ආත්ම විශ්වාසය කියන දේ හරිම වැදගත්. මම විශ්වාස කරන විදියට මෙය විෂයක් ලෙස අපේ ජාතික අධ්‍යාපන ක‍්‍රමයට එක් කළ යුතුයි. අපි දියුණුව කරා යන ගමන සාර්ථක වන්නේ එවිටයි.


දැන් පදිංචිය කොළඹ වුණත් මම ආවේ ගමෙන්. අදටත් මගේ ජීවිතයේ බොහෝ දවස් ගෙවෙන්නේ පොළොන්නරුවේ සිටයි. අපි ඒ යථාර්ථය රැුකගෙන ලෝකයට ගිහින්, රටට යමක් කිරීම වැදගත්. ඊටත් අමතරව රූපලාවන්‍ය ක්ෂේත‍්‍රය සඳහා මගේම නිෂ්පාදනයක් හඳුන්වාදීමත් තවත් අරමුණක්.


button මේ සුන්දරිය ‘ආදරය’ දකින්නේ මොන විදියටද?


ආදරය කොච්චර සුන්දර දෙයක්ද? ඇත්තෙන්ම සුන්දරයි. මේ උදාවූ 2015 අපි වෛරය, බොරුව තුරන්කොට ආදරයෙන්ම සමාජය දෙස බැලීම වැදගත්. සමාජය සුවපත් කිරීමට හොඳම බෙහෙත තමයි ‘ආදරය’. ඒ නිසා 2015 සියලූ ශ්‍රී ලාංකිකයින්ට ආදරණීයම වසරක් වේවායි මම ආදරයෙන් ප‍්‍රාර්ථනා කරනවා.


විලාසිතා - මයිකල් විජේසූරිය.
හැඩ ගැන්වීම් - සැලෝන් කැපෙලෝ
මල් කළඹ - Kandianflora

 

sadun-gamage



අදහස් (0)

‘සමාජය සුවපත් කළහැකි හොඳම බෙහෙත ආදරයයි’

බණ්ඩාර Friday, 23 January 2015 08:50 AM

ලෝකය ලස්සන කරන්න පුළුවන් වෙන්නේ ආදරය කිරීමෙන් නොව ප්‍රේම කිරිමෙන්ය (බ)

:       0       0

සරත් පියසේන Monday, 19 January 2015 07:54 AM

ඔක්කොටම ආදරය කරන්න (නදී)

:       0       0

ගයාන් Wednesday, 07 January 2015 09:47 PM

ඔබට රූප රැජිණියක් වීමට සුදුසුම රූපයක් තිබෙනවා.රඟපාන්න නම් එන්න එපා. (නි)

:       0       0

රණේපුර Thursday, 15 January 2015 12:50 AM

ඔබ ඉතාම සුන්දරයි (නි)

:       0       0

රුක්මලී Saturday, 17 January 2015 07:29 AM

ඔයා හරිම ලස්සනයි. (අ)

:       0       0

දයා අලහකෝන් Tuesday, 06 January 2015 08:52 AM

ඔබ සුන්දරයි (බ)

:       0       0

දුමින්ද Monday, 09 February 2015 10:07 AM

ආදරයත්, වෛරයත් අතර වෙනස කෙස් ගහකට සමයි කියන්නේ... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1009 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4115 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1285 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 751 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1072 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 715 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site