(රෝෂන් තුෂාර )
මන්නාරම සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා උතුරට ගිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු පියතුමාට බැණ තර්ජනය කර එම සංවාදය ජනපතිවරයාගේ ප්‍රතිරූපය කෙලෙසන පරිදි සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කළේ යැයි කියන සමාජ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහට ලබන 25 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණු වෙල මහතා අද (11) නොතීසි නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙසේ නොතීසි නිකුත් කළේය.
පසුගිය ජුනි 16 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම සම්බන්ධයෙන් සැකකරු දුරකථනයෙන් බැන තර්ජනය කළේ යැයි පවසමින් මන්නාරම රදගුරුතුමා කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සැකකරු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තොරතුරු පළ කර ඇති බව සඳහන් කළ රහස් පොලිසිය පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සැකකරුට අද දින අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා තිබුනද ඔහු පැමිණ නොමැති බැවින් වරෙන්තු නිකුත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.
සැකකරුගේ මව අධිකරණයේ පෙනී සිටීම සම්බන්ධයෙන් කරුණු විමසා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට නොතීසී නිකුත් කරමින් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ
කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සමාජ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහට නොතීසි
Prabha Thursday, 11 July 2024 05:30 PM
මේ අර ෆුල් ෆේස් හෙල්මට් සංගමයේ සභාපති නේද?
Rasika Thursday, 11 July 2024 09:49 PM
මහ ලොකු සමාජ ක්‍රියාකාරියා, මිනිස්සුන්ට බනින්න, තර්ජනය කරන්න බය නැහැ. උසාවියට එන්න කිව්වාම බයේ හැංගිලා අසරණ අම්මාව එවනවා. වයසට ගියත් අම්මට සැනසීමක් නැහැ... මෙහෙම ළමයි හැදුවාම..!
Perera Friday, 12 July 2024 12:00 AM
කෙලෙසන්න තරම් ප්‍රතිරූපයක් ජනාධිපතිට ඉතුරුවෙලා තියෙනවද?