(නිමන්ති රණසිංහ)
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කෙරුණු සී.ඩී.කළුආරච්චි මහතා සෙත්සිරිපායේ පිහිටි එම දෙපාර්තමේන්තුවේදී ඊයේ (2) පෙරවරුවේ වැඩ බාර ගත්තේය.
ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා වශයෙන්ද ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු වශයෙන්ද ග්‍රාම ශක්ති වැඩසටහනේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සමාජ සංවර්ධන) වශයෙන් හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරයකු වශයෙන්ද මෙයට පෙර කටයුතු කළ කළුආරච්චි මහතා පරිපාලන සේවයේ අත්දැකීම් රැසක් ඇති නිලධාරියෙකි.
ඔහු කළුබෝවිල මහා විද්‍යාලය, වත්තේගම මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලයන්හි ආදි ශිෂ්‍යයකු වන අතර කොළඹ සහ කැලණිය විශ්ව විද්‍යාලවලින් උසස් අධ්‍යාපනය හදාරා ඇත.
මෙම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් යමුනා පෙරේරා මහත්මිය ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වූහ.
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සමෘද්ධියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්