සමෘද්ධි ප්‍රජා මුලික බැංකු මඟින් අඩු ආදායම් පවුල් වෙත ලබා දුන් රුපියල් ලක්ෂයක ණය සහනාධාරය නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා විසින් දේශපාලන හිතවතුන්ට පමණක් ලබා දෙන බව පවසමින් කළ පැමිණිල්ල වහා විමර්ශනය කරන ලෙසට මුල්‍ය වංචා විමර්ශන ඒකකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරින්ගේ සංගමය ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
දිවිනැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් එච්.සුමතිපාල, පොලිස්පති , මුල්‍ය වංචා විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ,අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ,අගමැති රනිල් වික්‍රමසිංහ , කැබිනට් අමාත්‍ය මණ්ඩලය හා නිතිපතිවරයා වගඋත්තරකරුවෝය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ මාතර වෙහරගම්පිට ප්‍රදේශයේ නිවසක සගවා තිබු විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් හ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
“ සමෘද්ධි ණය “ උසාවියට
පාලිත ලක්සිරි Friday, 29 May 2015 12:53 PM
මම ජීවත්වෙන්නේ හම්ඹන්තොට පළාතේ ඔය කතාව සම්පූර්ණ ඇත්ත.(හේ)
නිෂාන්ත Friday, 29 May 2015 01:07 PM
හැමෝටම 50,000- 100000 ගානේ දෙන්න මෙයාට සල්ලි කොහෙන්ද කියලා කවුරුත් බලන්නේ නැද්ද?(හේ)
ක්‍රිෂාන් විතාන Friday, 29 May 2015 01:28 PM
පාලිත ලක්සිරි මහත්තයෝ. කතාව ඇත්ත වෙන්නම ඕන තමයි. මොකද හම්බන්තොට ඉන්නේ දුප්පත් මිනිස්සු බහුතරයක්.(හේ)
විජයබාහු Friday, 29 May 2015 03:02 PM
ෂ්ෂ්ෂ්ෂ් සද්ද කරන්න එපා යහපලනයනේ (බ)
නිමල් Saturday, 30 May 2015 01:19 AM
බැසිල් දීපු හැටි අපි දැක්කනේ. දිවි නැගුමේ වැඩ කරන අය දන්නවා කොහොම හොර ගුහාවක්ද කියලා සමෘද්ධිය. ඔය ජගත් හිටිය විදියයි අද ඉන්න විදියයි දිහා බැලුවම ඕන එකෙක්ට තේරෙනවා කොහොමද සමෘද්ධිය ගසා කෑවේ කියලා (ම)
යෙනුර Saturday, 30 May 2015 03:18 AM
මේ කතාව සම්පුර්ණ ඇත්ත. මෙයා ගමක් ගමක් ගානේ ගිහිල්ලා පොඩි පොඩි දේශපාලන හමු තියාලා පාක්ෂිකයන්ට පමණක් මේ සල්ලි දෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕනෑම කෙනෙක් මේ බව දන්නවා. මෙයා කෑගහන්නේ හම්බන්තොට විතරනේ. (ස)
සමන්ති Saturday, 30 May 2015 03:43 PM
පසුගිය කාලයේ රජයේ මුදල් වලින් දේශපාලකයෝ ත්‍රි රෝද රථවලට මීටර් හයිකළා නේද ? (බ)
සත්‍යයා Saturday, 30 May 2015 03:48 AM
තාත්ත හම්බ කරපු සල්ලි ඇතිවෙන්න තියෙනවා "පින්" අතේ වැඩ කරන්න.(බ)
ප්‍රකාශ් Saturday, 30 May 2015 03:55 AM
කොහොමත් ප්‍රේමදාසලා කියන්නේ මේ රට බලය වෙනුවෙන් විනාශ කළ පිරිසක්.පොලිසියේ 700 ක් කොටින්ට බිලිදීම ගැනම හිතන්න. ඒ වගේම රනිල්ලා මේ රටට එදා ඉඳලා කළේ විනාශයයි.අත්තනෝමතික ලෙස කටයුතු කරන පිරිසක්.(බ)
නානායක්කාර Saturday, 30 May 2015 06:35 AM
යහපාලන අච්චාරුව ලංකාවේ ඡන්ද දායකයින්ගෙන් 62% ක් ගණිතය අසමත් (උදා;- කෙරවලපිටිය අධිවේගී මාර්ගය සහ මහ බැංකු බැදුම්කර වංචාව) (බ)
සුරන් Saturday, 30 May 2015 07:23 AM
වෙන ලොකු වැඩපු කෙනාට ඕකත් කජ්ජක්ද (බ)