(පද්මා කුමාරී කන්කානම්ගේ)
කල්පිටිය සයුරේ පිහිටි වැළි පර සමුද්‍ර අභය භූමිය (බාර් පරය හෙවත් ගල් මල් උයන) තුළ ධීවර කටයුතුවල නිරතවූ යාත්‍රා දෙකක් සැක කරුවන් දස දෙනෙකු දැල් ආම්පන්න ද සමගින් අද (17) පස්වරුවේ වණ ජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. අත්අඩංගුවට පත් දැල මීටර 300 ක පමණ දිගින් යුතු රුපියල් ලක්ෂ 6 ක පමණ වටිනා දැලකි.
සමුද්‍ර අභය භූමියේ ධීවර කටයුතුවල නිරතවූ තවත් යාත්‍රා අටක් මෙහෙයුම අතර පලා ගොස් ඇතැයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ වණ ජීවී දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල කුමාර මොරතැන්න මහතා පවසයි. පලා ගිය යාත්‍රා හදුනා ගෙන ඇති අතර ඒවා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරණ බැව් ඒ මහතා පැවසුවේ ය.
සංචාරක ආකර්ශණය දිනා ගත් මෙම වැළි පර උයන හික්කඩුවේ ගල් මල් උයනට පමනක් දෙවෙනි විය. වණ ජීවී දෙපාර්තුමේන්තුව විසින් 1992 අප්‍රියෙල් 2 විශේස ගැසට් නිවේදනයක් මගින් මෙම වැළි පර උයන සමුද්‍ර අහය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
සත්තව වාසස්ථානවලට බරපතළ හානි සිදු වන නිසා, වණ ජීවී පනතට අනුව සමුද්‍ර අභය භූමිය තුළ ධීවර කටයුතුවල නිරත වීම සපුරා තහනම් ය..
ජේෂඨ අඩවි ආරක්ෂක මංජුල කුමාර මොරතැන්න මහතා මෙසේ ද පැවසුවේ ය.
"පසු ගිය කාලය තුළ එල්නිනෝ සංසිද්ධිය ඇතුලු සවභාවික හේතු නිසාත් මිනිස් ක්‍රියාකාරකම් නිසාත් මේ බාර් පරය මිය ගියා. ඒක සංචාරක කර්මාන්තයටත් මරු පහරක් වුනා. පසු ගිය වසරේ වණ ජීවී දෙපාර්තුමේන්තුව, නාවුක හමුදා සහායත් සමගින් බාර් පරයේ ගල් මල් යළි රෝපණයක් සිදු කළා. එම වැඩෙමින් තිබෙන ළදරු පරයන් මෙම ධීවර දැල් නිසා විනාශ වෙනවා"
මෙම මෙහෙයුම වණ ජීවී ජේෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල කුමාර මොරතැන්න මහතාගේ අධීක්ෂණයෙන් වන සත්ත්ව නියාමකවරුන් වන කේ කේතර නාදන්,ප්‍රසාද් කරුණාරත්න, ක්ෂෙස්ත්‍ර සහායකවරුන්වන නාරද කලු ආරච්චි, සුජිත් උපාලි යන නිළධාරීන්ගේ සහහාගීත්වයෙන් සිදු විය.
අත් අඩංගුවට ගත් දැල්, යාත්‍රා සහ සැක කරුවන් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරි පත් කිරීමට නියමිතය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමුද්‍ර අහය භූමියේ මාලු ඇල්ලු බෝට්ටු 2 ක් මාට්ටු - 8 ක් පලා යයි
Kule Thursday, 17 December 2020 08:23 PM
සියලුම ආම්පන්න රාජසන්තක කොට දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.
Raveendra Friday, 18 December 2020 01:15 AM
කුඩාකල පාසලේදී අපගේ ගුරුතුමිය විසින් ඉතාමත්ම ලයාන්විත ලෙස මෙන්ම එහි අර්ථය ඇගේ මුහුණෙන් පිළිබිඹු වන ලෙස අපගේ හද පතුලටම කාවදින ලෙස ගායනා කළ ඒ සරල කවිය මෙසේ නැවත ලිවීමට කැමැත්තෙමු. " මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ...පැහිලා ඉදිලා බිමට වැටිලා බරවෙලා අතු.... නංගිටයි, මටයි ගෙඩි දෙකක් ඇතේ.. වැඩිය කඩන නරක ළමයි එම නොවේ අපි...." මෙම ධීවරයන් බාගෙන කන වල ඉහගෙන කන බූරුවන් වී ඇත. පරිසරය විනාශ කරන මෙම තිරිසනුන්ට උපරිම දඬුවම් ලැබේවා...!!!
Bamunuarachchi Friday, 18 December 2020 02:04 AM
දැල් සහ බෝට්ටු රාජ සන්තක කරන්න. චූදිතයින් මහරට යවන්න.