IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සුමන්තිරන් සජිත් අගමැති කරන්න යෝජනා කළත් ඔහු පළා ගියා

(අංජුල මහික වීරරත්න)

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ 2022 වසරේ මැයි මාසයේ අගමැතිධූරයෙන් ඉල්ලා අස් වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිධුරය භාර දෙන ලෙස එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටි නමුත් ඒ අවස්ථාවේදී ද සජිත් පලා ගිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. 

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයෙන් ඉවත් වූ අවස්ථාවේද තමන්ට ජනාධිපතිධූරය භාර නොගන්නා ලෙස සජිත් ප්‍රේමදාම පැවසුවත් ඔහුද ඒ සඳහා ඉදිරිපත් නොවූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා එදා තමන් රටේ වගකීම භාර ගෙන ආණ්ඩුව පිහිටුවීමට කටයුතු නොකළා නම් මේ රට තවත් බංග්ලාදේශයක් වන බවද අවධාරණය කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ  දොම්පේ බස් නැවතුම්පොළ අසළ පැවති “පුළුවන් ශ්‍රී ලංකා”  ජන රැලිය අමතමිනි.

මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය  කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

"ඔබ සියළු දෙනා මීට අවුරුදු දෙකට කලින් සිටියේ ඉන්ධන ,  ගෑස් , ඖෂධ ,  පෝලිම් වලයි .  එදා පෝලීමේ ඉඳලා එපා වුණා. ඇතැමුන්  පෝලීම් වල මියගියා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න සිදු වුණා. සම්ප්‍රදායේ හැටියට ඊළඟට  අගමැති විය යුත්තේ විපක්ෂ නායකතුමායි .  ඊට කලින් සතියේ අපි අතර සාකච්ඡාවක් තිබුණා .  එහිදී එම්. ඒ.  සුමන්තිරන් මන්ත්‍රීතුමා  කිව්වා අගමැති අයින් වුණොත් ඔබතුමන්ලා විපක්ෂ නායකතුමාට අගමැති වෙන්න  ඉඩ  දෙන්න ඕන කිව්වා .   අපට ප්‍රශ්නයක් නැහැ. මම කොහොමද ආණ්ඩුවක් හදන්නේ? ඒ කාළේ මට කවුරුත් හිටියේ නෑ .  මම විතරයි. සජබේ සමහර අය මා සමඟ කතා කරන්නත් බයයි.

ආණ්ඩුවේ අය එක්ක කතා කළා. අඟහරුවාදා වන විට මමත් හිතුවා සජිත් අගමැති ධූරය භාරගනියි, ඊට උදව් කරන්නම් කියලා. නමුත් එදින සවස් වෙනකොට විපක්ෂ නායකතුමා අගමැති ධූරය  භාර ගන්න බිය වී පලා ගිය බව දැනගන්න ලැබුණා .  ඊළඟ  දවසේ ෆීල්ඩ්  මාර්ෂල් සරත් ෆොන්සේකා අගමැති ධූරය භාරගන්න ගියාත්  එතුමාත් බැහැ කිව්වා. අනුර කුමාර කතා  කළේවත් නැහැ. 

ඒ අවස්ථාවේ මට දුරකථන ඇමතුමක් ලැබුණා අගමැති ධූරය භාරගන්න කියලා . මා  එක්ක යන්න මට අත්පොළසන් දෙන්නවත් කවුරුත් නෑ .  මම  තනියම ගිහින් දිවුරුම් දීලා ආවා. එතකොට තමයි මෙතුමන්ලා  සියලු දෙනා ආණ්ඩුවට  එකතු වුණේ. ආපසු ජුලි 09 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලා අස්වු‍ණා. මම ජනාපතිධූරයේ වැඩ බලන්න හිටියත්, සජිත් කිව්වා ඔබතුමා වැඩබලන ජනාධිපති ධූරය භාරගන්න  එපා කියලා. මම ඇහුවා ඔබතුමා ගන්නවා ද කියලා? නැහැ කිව්වා.  අනුරගෙන් ඇහුවා ඔබතුමා ගන්නවා ද කියලා. ඔහුත් ගන්නේ නැහැ කිව්වා.  කථානායකතුමාව යෝජනා කළා .  එතුමා කිව්වා මම ගන්නේ නැහැ, මට මේක කරන්න බැහැ කියලා . ඒ අය වාද කරන අතරේ පාර්ලිමේන්තුව වටලන්න ආවා . ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටි සියලු නායකයන්  පලා ගියා.  මම හමුදාපතිට කිව්වා මේක නවත්වන්න. මම එදා පාර්ලිමේන්තුව වටලන එක  නවැත්තුවේ නැත්නම් අද ලංකාවත් බංග්ලාදේශයක් වෙනවා .  එහෙනම් බංග්ලාදේශයේ වගේ මෙහෙත් පාර්ලිමේන්තුවක් නැහැ. එදා ඒ විදිහට ආණ්ඩුව අරගෙන තමයි අපි මේ රට දියුණු කළේ .  

අපට මේ වැඩ කටයුතු  ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි .  අපි ඇති කළ  ආර්ථික ස්ථාවරභාවය තහවුරු කරන්න අවශ්‍යයි. ජීවන බර තවත්  සැහැල්ලු කළ යුතුයි .  රුපියල ශක්තිමත් වන විට ගතවූ අවුරුදු දෙක තුළ බඩු මිළ අඩුවුණා. මම ඉන්නේ රුපියල තවත්  ශක්තිමත් කරන්නයි .  දළ දේශීය  නිෂ්පාදිතය වැඩි කළ යුතුයි.  බදු බර, ජීවන බර සැහැල්ලු කරන්න එම කටයුතු සිදුකල යුතුයි" යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.



අදහස් (8)

සුමන්තිරන් සජිත් අගමැති කරන්න යෝජනා කළත් ඔහු පළා ගියා

සෙනෙවිරත්න Monday, 02 September 2024 05:23 PM

තැන තැන එක එක දේවල් දොඩවනවා, හැබැයි ඕවාට අනුරගේ නම පටලවන්න එපා... ඉර බටහිරෙන් පායනවා. ගෝඨාභයලා, රාජපක්ෂලා අනුරට ඔය කියන තනතුරු දෙන්න තියා හිතන්නෙවත් හිතුවොත්වත්...!

:       0       0

nanda Monday, 02 September 2024 05:26 PM

ඔය වැල්වටාරම් ජනතාවට වැඩක් නැහැ... ජනතාවට දැනෙන විදිහට නිදහසේ ඡන්දය දුන්නාම 22 ප්‍රතිඵලය බලාගන්න.

:       0       0

පුරවැසියා Monday, 02 September 2024 05:54 PM

නාකි සීයා ගේ එකම කතන්දරය අහල අහලා දැන් ඇති වෙලා තියෙන්නේ...

:       0       0

සුරෛන් Monday, 02 September 2024 05:55 PM

ඔබතුමා ඔය බොරුව කියන්න. ඔබතුමාට ඡන්ද තවත් අහිමි වෙනවා...!

:       0       0

අරවින්ද මොනරවිල Monday, 02 September 2024 06:11 PM

තමන් දරන තනතුරේ ගෞරවයවත් රකින්න නොදන්නා කෙනෙක්, එක අතකින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වැරැදි කාරයෙක් වෙලා අනිත් අනිත් ප්‍රසිද්ධියේ බොරු කියනවා. ලැජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වැඩිය ලොකුයි...

:       0       0

Rata Perata Monday, 02 September 2024 07:06 PM

ඩොලර් මිලියන 96 ක් තිබුණු ණය බිලියන 100 කරලා ආර්ථිකය හැදුවාලු... සත 5 ක් ගත්ත ණය ගෙවන්නත් නෑ තාම...

:       0       0

Nishan Tuesday, 03 September 2024 04:05 AM

අරගලය වෙලාවේ අනුර කුමාර සුමන්තිරන්ව අගමැති කරන්න කිව්වා. සුමන්තිරන් සජිත්ව අගමැති කරන්න කිව්වා. පවු අනුර.

:       0       0

fairoos Tuesday, 03 September 2024 11:11 AM

දැන් ඉතින් මොනවා කියලාත් වැඩක් නෑ හොරුන්ට මේ සැරේ ඡන්දේ දෙන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 327 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5366 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 914 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4346 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3892 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2508 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16918 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site