(සුජිත් හේවාජුලිගේ)
ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත රාජ්‍ය සමාගමට ලබාදී ඇති ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ කන්කසන්තුරේ තෙල් ටැංකි දෙක සහ නළ පද්ධති සඳහා 2010 වර්ෂයේ සිට පසුගිය වර්ෂයේ (2021)දෙසැම්බර් 31 වෙනිදා දක්වා ලැබිය යුතු රුපියල් දහඅට කෝටි හතළිස් හය දහසකට වැඩි බදු කුලී ආදායමක් අයකරගැනීමට සංස්ථාව මේ දක්වා අපොහොසත්ව ඇතැයි ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වේ.
සංස්ථාවේ තෙල් ටැංකි දෙක සහ නළ පද්ධති ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට ලබාදී ඇත්තේ ලිඛිත ගිවිසුමකට එළඹීමෙන් තොරව බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම මුදල හැකි ඉක්මනින් අයකර ගැනීමට ක්‍රියා කළ යුතු බව විගණන අංශ නිර්දේශ කර ඇත.
ගැටළුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් රටේ පවතින තත්වය හේතුවෙන් මෙම මුදල ලබා ගැනීම මේ අවස්ථාවේදී ප්‍රායෝගිකව කළ නොහැකි තත්වයක් උදාවී ඇති බවත් සංස්ථාවේ කළමනාකාරීත්වය ජාතික විගණන කාර්යාලයට දන්වා ඇත.
මේ අතර ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පසුගිය වර්ෂයේදී රුපියල් හය කෝටි පනස් දෙලක්ෂයකට වැඩි ආදායමක් උපයා ගෙන ඇතත් සංස්ථාවට අනියුක්ත නිලධාරීන් 13 දෙනකු සඳහා වැටුප් හා දීමනා ඇතුළුව පරිපාලන වියදම් ලෙස රුපියල් දෙකෝටියකට ආසන්න වටිනා වියදමක් දරා ඇතැයිද එම කාර්යාලය සඳහන් කරයි.
එම වියදම මුළු බදු කුලී ආදායමෙන් සියයට 31ක් බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.
සංස්ථාව සිමෙන්ති හෝ සිමෙන්ති ආශ්රිත කිසිදු නිෂ්පාදනයක් මෙතෙක් සිදු නොකරන බවත් සංස්ථාව මේ දක්වා ලබන්නේ ආයතනය සතු අක්කර 5164ක්වූ අරුවක්කාලු හුණුගල් නිධිය බදු දීම, පලාවි පිහිටි අක්කර 12ක ඉඩම බදු දීම හා කොල්ලුපිටියේ පිහිටි පර්චස් 89ක ඉඩම රථගාලක් පවත්වාගෙන යෑමෙන් ලබන ආදායම පමණක් බවත් එම විගණන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන්වී ඇත්තේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ජාතික විගණන කාර්යාලයේ වාර්තාවේය.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිමෙන්ති සංස්ථාවට කෝටි 18ක පාඩුවක්
ravin Friday, 30 September 2022 02:18 PM
‘‘ඒකනේ අපි හෙමින් සීරුවේ සිමෙන්ති කම්හලක් ඇරඹුවේ.. සංස්ථාව බිම... අපි ගොඩ" සංස්ථාවට අනුයුක්ත නිලධාරීන් 13 දෙනකු සඳහා වැටුප් හා දීමනා ඇතුළුව පරිපාලන වියදම් ලෙස රුපියල් දෙකෝටියකට ආසන්න වටිනා වියදමක්"? මෙතන හෙංචයියලා කී දෙනෙක් ඇතුළත්ද?
de silva Friday, 30 September 2022 04:11 PM
පාලක නිලදාරින්ගෙන් මෙම මුදල් අයකරගන්න
True Saturday, 01 October 2022 10:39 AM
Everything in sri lanka lost. What about our well educated ministers... They have to show how to develop. Otherwise don't take any rolls without knowledge. Please go away. Its good for you and good for innocence people who live in sri lanka.. NAMO BUDHDHAYA