IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


සාමාන්‍ය පෙළ 10 වසරට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

11 ශ්‍රේණියේදී පවත්වන අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට සැලසුම්කර   ඇතැයි අධ්‍යාපන අමාත්‍ය  සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

දරුවන් අධ්‍යාපනයේ දී වයසට යෑම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා එවිට වයස පහළොවේදී  අපොස සාමාන්‍ය පෙළ ලිවිය හැකි බවද ප්‍රකාශ කළේය.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමෙන් උසස් පෙළ විභාගය සඳහා දරුවකුට අවුරුදු 17 දී  පෙනී සිටිය හැකි බවද ඔහු සඳහන් කළේය.

අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බවද  ඔහු කීවේය

මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවද අමාත්‍යවරයා කීවේය.

අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා මෙසේද පැවසීය.

අපි යෝජනා කරලා තියෙනවා ෆ්‍රී ප්‍රයිමරි  එක පටන් ගන්න. අවුරුදු 4 සම්පූර්ණ වෙන දරුවන් පෙර පාසල් ගත කරන්නම ඕන. ළමයි දෙසිය ට අඩු පාසල් හාරදාහක් තියෙනවා. ළමයි සීයට අඩු පාසල් 2900 තියෙනවා. ඉතාම පහසුවෙන් ග්‍රාමීය මට්ටමෙන් නොමිලේ ෆ්‍රී ප්‍රයිමරි  එක කරන්න අපිට ඉඩ දෙන්න පුළුවන්. ජාතික අධ්‍යාපන ආයතනය වැඩසටහන හදලා ඉවරයි. ඒ හඳුන්වාදීම එක්ක තමයි දැනට 11 තියෙන සාමාන්‍ය පෙළ දහයට ගේන්න හදන්නේ. එතකොට අවුරුදු 4ක ඉඳලා ගණනය කරගෙන යනකොට දරුවෙක් අවුරුදු පහළොවෙන් සාමාන්‍ය පෙළ ලියනවා. දාහතේදී උසස් පෙළ ලියනවා එතකොට වයස්ගත වීම අඩු වෙනවා.



අදහස් (8)

සාමාන්‍ය පෙළ 10 වසරට

pakeer Wednesday, 22 November 2023 12:28 PM

හරිම සරලයි ..එතකොට වයස්ගත වීම අඩු වෙනවා.හිනාත් යනවා ,කමක් නැහැ කමක් නැහැ .හැබැයි ඕක පටන් ගන්න .මොන්ටිසෝරි ලමයින්ගෙන්ම ඉඳලා .එකපාරට OL ළමයින්ගෙන් පටන් ගන්න එපා

:       4       12

ලුම්බිණි Wednesday, 22 November 2023 12:39 PM

අපොස සාමාන්‍ය පෙළ විභාගය නැතිකර දාන්න. උසස්පෙළ විතරක් තිබුණාම ඇති...!

:       12       4

suminda Wednesday, 22 November 2023 01:08 PM

අපේ රටේ ඕනෑතරම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇවිත් තියෙනවා. නමුත් වෙච්චි අමුතු සෙතක් නම් දකින්න නැහැ. එන්න එන්නම ළමුන්ගේ විනය, සහකම්පනය වැනි ගුණාංග පිරිහෙනවා. ඇත්තටම සාමාන්‍ය පෙළ කියලා විභාගයක් ඕනෑම නැහැ. ඕස්ට්‍රලියාවේ වගේ 11 සහ 12 වසර දෙකේදී විෂයයන් 6 ක් පමණ ඉගෙන ගැනීමට සලස්වා, අඛණ්ඩ ඇගැයීම් ක්‍රමය හා අවසන් විභාගය යන දෙකේදීම ලබාගන්නා ලකුණු අනුව සිසුන්ගේ සාමාර්ථය ගණනය කරන්නේ නම් ඉතාම වැදගත්... එවිට ටියුෂන් තරුවලට ළමයින්ගේ ඔළුගෙඩි නරක්කරන්න මෙන්ම දෙමව්පියන්ගේ මුදල් සූරාකන්න ලැබෙන්නේ නැහැ. නමුත් කැටතියලා කියන්න පුළුවනි.. මේ ජරා අධ්‍යාපන ක්‍රමය කවදාවත් වෙනස්වෙන්නේ නැහැ. තව අවුරුදු සීයකින් බැලුවත් අපේ ළමයි අද වගේම ටියුෂන් බුවල්ලාගේ ග්‍රහණයේ ඉඳීවි....

:       2       11

සාලිය​ Wednesday, 22 November 2023 01:42 PM

6 සිට 9 දක්වා විෂයන් 13 කි.. 11 වසර සා/පෙළ ලියා උසස් පෙළ පටන් ගන්නේ මාස 8 කට පසුවය​.. එදාට ළමයට උගැන් වූ මහාප්‍රාණ, විචාර​, ආදි මානවකයා අවුරුදු ලක්ෂයකට පෙර කාපු දෝතලු ඇට, නිදා ගත්ත තැන ආදී දේවල් මතකත් නැත​. වැඩකුත් නැත​. මේවා අවශ්‍ය විෂය ධාරා වලට උසස් පෙලට දාන්න​. සාමාන්‍ය පෙලින් උසස් පෙළට ළමයා මාරුවීම ක්‍රමවත්ව​, සුමටව මෙන්ම කාලය නාස්ති වීමක් නැතුව සිදු කරන්න​. අනවශ්‍ය බර ළමයින්ගෙන් ඉවත් කරන්න​. සා පෙළ 10 වසරට ගෙන එන්නේ නම් එය ඉතා අගය කළ යුතුයි​...

:       0       12

jaya Wednesday, 22 November 2023 01:46 PM

ඔය ඔක්කෝටම ඉස්සෙල්ලා OL, AL ලියලා ළමයි අවුරුදු 2ක් ගෙදර තියන එක නවත්වන්න. ප්‍රශ්න පත්‍ර සති දෙකෙන් බලනවා නම් ප්‍රතිඵල දෙන්න මාස 6ක් යන්නේ කොහොමද? එක මාසේ OL, AL තියන්න බැරි ප්‍රශ්නපත්‍ර ගබඩා කර ගන්න ඉඩ නැති හින්දාලු. අනේ මෙහෙම රටක්..!

:       1       13

බද්රානි Wednesday, 22 November 2023 03:39 PM

ඒක හොඳ තීරණයක්. ලංකාවේ ටියුෂන් කඩ වසා දමන්න ඇමති තුමා යෝජනා නොකරන්නේ ඇයි..? ටියුෂන් ගුරාලා නේ දැන් ලංකාවේ ලොකුම කෙරුමෝ වෙලා ඉන්නේ... ළමයින්ගේ ඔලුවලට විෂබීජ දාන මොවුන්ට සම්මානත් දෙනවා අපි දකිනවා... මේ ටියුෂන් කඩ නිසා පාසල් දරුවන්ගේ විනය පිරිහිලා කියලා මේ රටේ වැඩිහිටියන්ට තේරෙන්නේ නැද්ද..? අනික පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය තහනම් කල යුතුයි. එය කුඩා දරුවන්ට පීඩනයක් වැඩිහිටියන්ට උජාරුවක්...

:       0       1

FAIROOS Wednesday, 22 November 2023 06:21 PM

ගිය මැයිවල ලියපු සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තාම නැහැ... තවත් අලුත් දෙයක් කරන්නයි යන්නේ...

:       0       5

Prabha Wednesday, 22 November 2023 10:32 PM

ඔක්කෝටම කළින් පාර්ලිමේන්තුවේ ඉන්න මැටි මෝල්ලු ටික ඉස්කෝලෙ යවලා එන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 306 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 42 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1258 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 2857 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 127 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 2536 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39520 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25742 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1184 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site