IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘සමින් පුතා‘ 70ක් සමග මුහුද මැද අතරමං

මිරිස්ස ධිවර වරායෙන් පසුගිය 17 වැනිදා 70ක පිරිසක් සමග ඕස්ට්‍රේලියාවට බලා ගිය බව කියන ‘සමින් පුතා‘ යාත්‍රාව ලංකාවෙන් නාවික සැතපුම් 290ක් ඈත මුහුදේ පාවෙමින් තිබෙන බව මිරිස්ස ධිවර වරායට තොරතුරු ලැබී ඇත.

උතුරු නැගෙනහිර වැසියන් පිරිසක් එහි සිටි බවත්, යාත්‍රාවේ ඇන්ජිම අබලන් වී ඇතැයි රේඩාර් පණිවුඩ මගින් දැනගත් බවත් කියති.

නාවික හමුදාවට ද මේ ගැන දන්වා ඇත.



අදහස් (0)

‘සමින් පුතා‘ 70ක් සමග මුහුද මැද අතරමං

රත්නසිරි Wednesday, 24 July 2013 12:02 AM

කරන දෙයක් පරිස්සමින් කරන්න. නැත්නම් මානව හිමිකම් කැඩුවා කියයි. (නි)

:       0       0

අසේල Wednesday, 24 July 2013 12:19 AM

කියන දේ නොඅහා ගියා නම් ඔහොම පාවෙවී ඉන්න අරින්න. අපිට මොකෝ. (නි)

:       0       0

බන්දුල කටාර් Wednesday, 24 July 2013 11:23 AM

යන්න එප කියලා රජයෙන් මෙච්චර කියද්දී ඇයි හොරෙන් යන්නේ? බුද්ධිමතුන් නම් නීත්‍යානුකූලව යන්න තිබුනනේ.(නදී)

:       0       0

චානක. Wednesday, 24 July 2013 02:32 AM

මාළු අල්ලනවට වඩා හොද ආදායමක් ලබාගන්න පුළුවන් කියලා හිතුවද දන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රියා Wednesday, 24 July 2013 03:43 AM

අපිට මේ විස්තර වැදගත් (නි)

:       0       0

පෙරේරා Wednesday, 24 July 2013 05:45 AM

ඕස්ට්‍රේලියාවේ නව නීති අනුව බෝට්ටු වලින් වීසා නැතුව නීති විරෝධීව එන කිසිම කෙනෙකුට ඕස්ට්‍රේලියාවේ පදින්චිවෙන්න ඉඩක් නැහැ. දේශපාලන සරණාගත භාවයට සුදුසුකම් තියෙන අයව පමණක් පැපුවා නිව් ගිනි රටට පදිංචියට අරින්න ඒ රටත් එක්ක ඔස්ට්‍රේලියාව ගිවිසුම් අරන් කියල මෙහෙ ප්‍රවුර්ති වලට කියල තියෙනවා. ආර්ථික හේතු නිසා එන අයට දෙවියන්ගේම පිහිට තමයි.(නදී)

:       0       0

රසිකා Wednesday, 24 July 2013 05:59 AM

මේගොල්ලෝ ව්‍යාජ ආර්ථික සරණාගතයෝ. ඕස්ට්‍රේලියා රජය නීතිගත කළ සංක්‍රමණ නීතියෙන් අව්‍යාජ සරණාගතයින් පවා යොමු කරන්නේ ගෝත්‍රික රාජ්‍යයක් වෙච්ච පෙපුවා නෙව් ගිනියා වලට. අනිත් ඔක්කොම ආපහු එවනවා. ඔතන ඇත්තේ රටට වින කරපු කොටි. ඒ අය මෙහාට ඇවිත් ලංකාවට එරෙහිව තමා වැඩ කරන්නේ. මේ අය හින්දා අපිටත් මෙහෙ ඉන්න නැහැ.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 24 July 2013 06:00 AM

නාවික හමුදාව ඉක්මනින් මේ ගැන කටයුතු කරාවි කියල මම හිතනවා. ඔස්ට්‍රේලියාව කිට්ටුව මේක උනා නම් ඒ අය නාවික හමුදාව යවන අතරේ ළඟ පහත නැව් වලට කියනවා මේ අය ගැන බලන්න කියා. (නදී)

:       0       0

මෙරිල් Wednesday, 24 July 2013 06:01 AM

අනේ කොහොම හරි මේ අයව බේරගන්න.(නදී)

:       0       0

නිලූ Wednesday, 24 July 2013 06:12 AM

එයාල හිනතන තරම් ලේසි නැහැ ඕස්ට්‍රේලියාවේ ජීවිතේ. හොද රැකියාවක් ලබන්න නම් හොද අධ්‍යාපනයක් තිබීම අවශ්‍යයි (නි)

:       0       0

වසා Wednesday, 24 July 2013 06:31 AM

දකුණු ඇමෙරිකානු,අප්‍රිකානු රටවල්,අනෙක් දකුණු ආසියානු රටවල් සහ ලෝකේ හුඟාක් දුප්පත් රටවල්වල තියන තත්වය ඇත්තටම ලංකාවේ නැහැ.අපිට ප්‍රශ්න තියනවා. ඒත් මේ රට අපායක් නොවෙයි.මේ මිනිස්සු ඒක දන්නේ නැහැ. ඒකට දැනුවත්වීමක් නොමැතිකම.ඒ නිසා මේ අය හිතාගෙන ඉන්නෙ බෝට්ටු වලින් එහේ ගියාම පාවඩදාලා පිළිගනීවි කියලා. (නි)

:       0       0

සංජීව Wednesday, 24 July 2013 07:16 AM

මම නම් කියන්නේ මේ වැඩේට රාජ්‍ය අනුග්‍රහය දීල රටේ ඉන්න අයි.ආර්.සී කාරයෝ ටික රට පට වන්න ඕනේ .(නදී)

:       0       0

නිමල් Wednesday, 24 July 2013 07:34 AM

මේ රටේ හැමටම වගේ දැන් තියෙන්නේ ජීවත් වීමේ ,ගෙයක් දොරක් සාදා ගැනීමේ ප්‍රශ්නය. හොර තක්කඩියන්ගේ බසට රැවටී බොහෝ අය ඕස්ට්‍රේලියාවට යනවා.මේ මිනිසුන් 70 ත් එවැනි රැවටුණු අය වෙන්න ඇති.දැන් යුද්ධයකුත් නැහැ. තවම මේ ජාවාරම් කරන එක් අයෙකුට හෝ නියම දඬුවමක් නම් ලැබුන බවක් දැනගන්නට නැහැ. (නි)

:       0       0

ධම්ම Wednesday, 24 July 2013 12:20 PM

කැනඩා දිසා කියන කතාව හරී රූපවතී. එයාලා ඔහොම රට දාල ගියේ චුටි මි පැටියෙකුගේ තරම්වත් මොලයක් නැති හින්දනේ. (නි)

:       0       0

නන්ද Wednesday, 24 July 2013 07:52 AM

ප්‍රියා, ලංකාවේ බුද්ධිමතුන් රට දාලා යනවා තමයි. ඒත් නැව් වලින්?? (නි)

:       0       0

විමල් Wednesday, 24 July 2013 08:04 AM

මේ රටේ මෙච්චර කියන තරම් ආශ්චර්යක් තියෙනවා නම් මොකෝ මේ අය රට දාලා යන්නේ. (නි)

:       0       0

අනුර Wednesday, 24 July 2013 08:07 AM

එපා කියලත් හොරෙන් යනවා. කරදරයක් වුනාම තමයි ප්‍රශ්නේ. පවු. මොනවා හරි උදව්වක් කරන්න ඉක්මනට (නි)

:       0       0

කනිෂ්ක Wednesday, 24 July 2013 09:00 AM

වැරදුනහම තමා ලංකාව මතක් වෙන්නේ.යන්තම් හරි ඕස්ට්‍රේලියාවට ගොඩ වුනා නම්... (නි)

:       0       0

ජානක Wednesday, 24 July 2013 09:15 AM

මෙයාලා ලංකාවෙන් පිටවෙන්න හදන විශබීජ ගොඩක්. උතරු නැගෙනහිර අයට විතරනේ ප්‍රශ්න තියෙන්නේ. ලංකාවේ ඉන්න අනෙක් අය සේරම ඔටුවෝ. මෙයාලව ආපසු මෙහාට ගෙනල්ලා කන්න බොන්න දිදී හිරේ දාල තියාගන්න වියදම් කරන්න වෙන්නේ මේ රටේ ජීවත් වෙන්න කැමති මිනිසුන්ගේ මුදල්. බෝට්ටුවට අලුත් එන්ජිමක් සවිකරලා හරි මෙහෙන් පිටවෙලා යන්න උදවු කරන්න.(නදී)

:       0       0

ලලිත් Wednesday, 24 July 2013 09:22 AM

යනකොට ඕවා හරියට හොයලා බලලා යන්න එපැයි (නි)

:       0       0

උපුල් Wednesday, 24 July 2013 09:35 AM

දැන් ඒ අයට එක එක ඒවා කියලා වැඩක් නැහැ. කව්රුත් බලන්නේ ජීවිතේ ඉන්න තැනින් ටිකක් උඩට යන්න. දැන් කරන්න තියෙන්නේ එයාලව බේරගන්න එක. අපේ රටේ අය ගැන කතා කරන විදිහ හොද නැහැ. බලන්න බෝට්ටුවක් පෙරලෙන වෙලාවේ බේරගත්ත හැටි. ඕස්ට්‍රේලියාවේ අය හෙලිකොප්ටර් පවා ගෙනත් ඒ අය බේරා ගත්තේ මිනිස්සු නිසා නේද? ඒක නේද මනුස්සකම. සිංහලයෝ ඒක අමතක කරලා කතා කරන්න එපා.(නදී)

:       0       0

කුමාර Wednesday, 24 July 2013 09:54 AM

මේ ජිවිත ටික ඉක්මනින් බේරගන්න. හැබැයි මෙම ගමන සංවිදානය කරපු සියලුම ඉහල නිලදාරීන් ගැන හොයල දඩුවම් කල යුතුයි.(නදී)

:       0       0

කැනඩා දිසා Wednesday, 24 July 2013 10:39 AM

රුපවති , එයාලට පීන ගෙන එන්න කියන්න ඉස්සෙල්ල ,ඇයි එයාල රට දාල ගියේ කියල හිතන්න තරම්වත් චුටි මි පැටියෙකුගේ තරම් වත් මොලයක් නැද්ද .(අ)

:       0       0

රූපවතී Tuesday, 23 July 2013 11:01 PM

එයාලට පීනගෙනම එන්න කියන්න.මොකද අපේ රට එපා කියලනේ යන්න ගියේ. (නි)

:       0       0

ප්‍රියා Tuesday, 23 July 2013 11:20 PM

ලංකාවේ බුද්ධිමතුන් රට දාලා යනවා. ඒ අයගෙන් වැඩක් ගන්. අනේ රටකල ගිය කලක්! ලංකාවේ මිනිස්සු රට ගැන කලකිරිලා ඉන්නේ. උගත් මිනිහට තැනක් නැහැ (නි)

:       0       0

චන්දි Tuesday, 23 July 2013 11:22 PM

අනේ ඉතින් ඉක්මන් කරලා ගිහින් බලන්න බැරිද බේරාගෙන එන්න? ජිවිත 70ක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි. අපේ නාවික හමුදාවත්,ගුවන් හමුදාවත් මේ අයව බේරාගනියි කියා සිතනවා (නි)

:       0       0

ධම්ම Tuesday, 23 July 2013 11:29 PM

70ක පිරිසක් සමග මිරිස්ස ධිවර වරායෙන් පිටත්වුන 'සමින් පුතා' ඇන්ජිම අබලන්ව ඈත මුහුදේ පාවෙනතුරුම කිසිවෙක් දන්නේ නැහැ. පුදුමයි! (නි)

:       0       0

නිහාල් Tuesday, 23 July 2013 11:36 PM

අනේ කොහමහරි සමින් පුතාව ගොඩට ගෙනෙන්නකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1808 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1150 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2063 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 516 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2952 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site