තමා අයුක්ති සහගතව නීතියට පටහැනි අයුරින් සේවයෙන් නෙරැපීමට සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතිය ගත් තීරණය අයුක්ති සහගත මෙන්ම නීතියට පටහැනි බව අනුරාධපුර කම්කරු විනිශ්චය සභාවේ සභාපති සහ අතිරේක මහේස්ත‍්‍රාත් යූ. ධනංජය මධුජිත් මහතා නිගමනය කළේය.
ඒ අනුව පැමිණිලිකාර කළමනාකාරවරිය ඛන්ඩනය නොවන අයුරින් යලි සේවයේ පිහිටුවා උසස්වීම් සහ වැටුප් වර්ධකද ඇයට ලබා දෙන ලෙසට වගඋත්තරකාර අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතියට නියෝග කළ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා පැමිණිලිකාරියට රුපියල් දොලොස් ලක්ෂ අනූ හය දහසක වන්දියක් ගෙවන ලෙසටද තවදුරටත් නියෝග කළේය.
තලංගම කොස්වත්ත කලපලූවාව පාර අංක 15/ ඞී. ලිපිනයේ පදිංචි එචි.කේ.මොනිකා කන්ඩමිබි මහත්මිය ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් විජයරත්න මහතා මගින් අනුරාධපුර කමිකරු විනිශ්චය සභාවට ඉදිරිපත් කළපැමිණිල්ලක් සලකා බැලිමෙන් පසු අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.
ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සමුපකාර සමිතියේ වැරැද්ද අධිකරණය හරි ගස්සයි