IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


සම්පන්දන්ගේ බංගලාව 17 රජයට

(සුජිත් හේවාජුලිගේ )

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන්  මහතා  ඔහු මිය යෑමට පෙර පාවිච්චි කළ   විපක්ෂ නායක රජයේ  බංගලාව ලබන මස 17 වැනිදා රජයට  බාරදෙන බව සම්පන්දන්  මහතාගේ දියණිය අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ  කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයට ලිපියකින් දැනුම්දී ඇත.

සම්පන්දන් මහතා 2015 වර්ෂයේදී විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසු ඔහුට මෙම නිල නිවස හිමිවිය.

2018 වර්ෂයේදී විපක්ෂ නායක ධුරය අහිමිවීමෙන් පසුවද සම්පන්දන් මහතාට මෙම නිල නිවසේ දිගටම ජීවත්වීමට අවස්ථාව ලැබිණ. ඒ යහපාලන ආණ්ඩු සමයේදී එවකට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක  මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙනි.

සම්පන්දන්  මහතා මියගිය පසුගිය ජුලි මස 1  වැනිදාය. මියගොස් මාස තුනකට කාලයක් ගතවී ඇතත් තවමත් එම නිල නිවස පවතින්නේ ඒ මහතාගේ පවුලේ සාමාජිකයන් බාරයේය.

මේ අතර මෙම නිල නිවස සම්පන්දන් මහතාට දිගටම පාවිච්චි කිරීමට අවසර ලැබුණු කැබිනට් පත්‍රිකාව වෙනස් කිරීමටද රජය කටයුතු කරමින් සිටී

මෙම නිල නිවසේ ජල බිල්පත් විදුලි බිල් පත්  දුරකතන බිල්පත් සහ නඩත්තු වියදම් රජය විසින් දරනු ලබන බවත්  නිවසේ නඩත්තු කටයුතු කරන සේවකයන්ට වැටුප් ලබා දෙන්නේද රජයෙන් බවත් දැනගන්නට ඇත.

 



අදහස් (0)

සම්පන්දන්ගේ බංගලාව 17 රජයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුරෝපා සංගම් තානාපතිවරු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 25 338 0

සංචාරකයන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ලංකා රජය සියලු පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno) මහතා ප්‍රමුඛ


ඉරාන තානාපති ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 25 336 0

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Dr. Alireza Delkhosh) මහතා අද (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


දේශපාලනය ගැන ජනතා විශ්වාසය අඩුවෙලා
2024 ඔක්තෝබර් මස 25 610 0

දේශපාලනය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳව ජනතා විශ්වාසය මේ වනවිට සියයටවිස්සක් දක්වා අඩුවී ඇතැයි අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය..


නවසීලන්ත සංචාරකයන් 50000ක් ගේන්න තානාපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 25 920 2

වසරකට නවසීලන්ත සංචාරකයන් පනස්දහසක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා සහාය ලබාදෙන බව නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා ජනාධිපති අනුර දිසානායක මහත


ආරක්ෂාව ගැන ගුවන් සේවා සමාගමෙන් නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 25 342 0

ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


බණ්ඩාරවෙල පාරට ගසක් කඩා වැටී ගමනාගමනයට බාධා
2024 ඔක්තෝබර් මස 25 212 0

පස්සර ඇල්ල හරහා බණ්ඩාරවෙල මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේදී මාර්ගයට විශාල ගසක් අද (25) පස්වරුවේ කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට බාධා සිදුව ත්‍රීරෝද රථයකටත් අලාභහා


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 896 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 570 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site